
ඔබ සවන් දෙන සංගීතය, ඔබේ පෞරුෂ ලක්ෂණ පිළිබිඹු කළ හැකිය. Getty Images හරහා Smile/Stone
මිනිසුන් සංගීතය සම්බන්ධයෙන් විවිධ රුචි අරුචිකම් දක්වන්නේ ඇයි? සංගීත අධ්‍යාපන විශේෂඥයෙක් සමහර ගීත ලෝකය පුරා රසිකයන් දිනා ගන්නා අතර අනෙක් ඒවා එසේ පිළිගැනීමට ලක් නොවන්නේ මන්දැයි පැහැදිලි කරයි
ප්‍රශ්නය අසන්නේ: 11 හැවිරිදි, ශිර්යා ආර්.,
පිළිතුරු දෙන්නේ: Auburn විශ්වවිද්‍යාලයේ සංගීත අධ්‍යාපනය පිළිබඳ සහකාර මහාචාර්ය, Jane Kuehne
සංගීතයේ අනෙක් අයට වඩා වෙනස් රසයක් අපට ඇති වන්නේ ඇයි?
ඔබ රේඩියෝව ක්‍රියාත්මක කරන විට, ඔබ කැමති ගීත ඔබ මඟ හැර යන වෙනත් ගීත ද ඔබට ඇසෙනු ඇත. එහෙත්, ඔබ මගහැර්ස් යන අකමැති ගීතවලට පවා ආශා කරන රසික පිරිසක් සාමාන්‍යයෙන් ඉන්නවා. සමහර විට ඔබ පැරණි සංගීතයට කැමති නැති වුනත් ඔබේ දෙමාපියන් හෝ ආච්චිලා සීයලා එයට කැමති විය හැකියි. මන්ද, ඔවුන් හැදී වැඩුණේ ඒ ආකාරයේ සංගීතය සමඟයි. ඔවුන්ට එය හුරුපුරුදුයි,සවන්දීමට මිහිරියි. ඔබ වයසින් මුහුකුරා ගිය විට, ඒ ආකාරයෙන්ම ඔබ අද ආදරය කරන සංගීතයට නැවත නැඹුරුවෙනු ඇත.
සංගීත අධ්යාපන මනෝවිද්‍යාව උගන්වන මහාචාර්යවරයෙකු හැටියට, මම සංගීත මනාපයන් සහ සංගීතය මිනිසුන්ගේ මොළය වෙත ගමන් කරන ආකාරය ගැන හදාරමින් බොහෝ කාලයක් ගත කර ඇත්තෙමි.
සමහර නිර්මාපකයෝ, පරම්පරාවෙන් පරම්පරාවේ හද බැඳගන්න සංගීතය සම්පාදනය කරති. කලාකරුවන් නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කරන ලද “True Colors” ගීතය දෙස බලන්න. එය මුලින් නිකුත් කරන ලද්දේ 1986 දී විසිනි සින්ඩි ලෝපර් විසිනි.
වසර දහයකට පසුව, Disney World’s Epcot එය, පූර්ව දර්ශන වීඩියෝවක කොටසක් ලෙස භාවිතා කළේය . ඉන් වසර දහයකට පසු එය නැවතත් ‘Trolls’ චිත්‍රපටයේ කොටසක් ලෙස අපගේ සවනට වැකුණි. දැන්, ඔබ අන්තර්ජාලයේ සැරිසැරුවොත්, ඔබට මෙම ගීතයේ ‘cover’ ගීත රාශියක් හමුවනු ඇත.
මෙලෙස, මේ එක ගීතයක් ඒ ඒ කාලවල දී විවිධ මිනිසුන්ගේ සිත් ඇදගන්නට ත්, අනෙක් ගීත එසේ නොවන්නට ත් හේතු කවරේ ද? සමහර ගීතවලට විවිධ පසුබිම් සහ පරම්පරා වල මිනිසුන් එක් කළ හැකි වුවද, සමහර මිනිසුන්ට සංගීතයේ විවිධ රුචි අරුචිකම් ඇත්තේ ඇයි?

Justin Timberlake සහ Anna Kendrick රංගනයෙන් දායක වූ ‘Trolls’ චිත්‍රපටයේ ‘True Colors’.(මෙතැනින් නරඹන්න)
මොළය තුළ සංගීතය ක්‍රියා කරන ආකාරය ගැන පර්යේෂකයන් සොයා බලා ඇත. අනපේක්ෂිත පෙරළී සහ හැරවිලි සහිත සංගීතයට පුද්ගලයින් කැමති බව ඔවුහු යෝජනා කරති. මෙය, සමහර විට ශාරීරිකව ප්‍රසන්න ප්‍රතික්‍රියා හෝ මිහිරි භාවයන් ඇති කරයි . මෙම සොයාගැනීමෙන් පෙනී යන්නේ මිනිසුන් කාලයත් සමඟ සංගීතය නිර්මාණය කර ඒවාට සවන් දී ඇත්තේ එය ප්‍රසන්න නිසාවෙනි; නැතහොත් විපාක දෙන බැවිනි .
ඔබ සංගීතයට සවන් දෙන විට, ඔබ කිළිපොලා යා හැක. ඔබට මිහිරි අත්දැකීමක් අත්විඳිය හැක.
හැඟීම් සහ පෞරුෂය
සමහර පර්යේෂකයන් යෝජනා කරන්නේ පුද්ගලයින්ට සංගීතය හරහා හැඟීම් අත්විඳීන බවයි; එසේ නැතහොත්, ඔවුන්ට විඳීමට අවශ්‍ය දේ මත පදනම්ව සංගීතය තෝරා ගන්නා බවයි. 2011 අධ්‍යයනයකින් පෙනී යන්නේ සංගීතයේ ශෛලිය කුමක් වුවත්, සංගීතයට සවන් දෙන විට මිනිසුන්ට දැනෙන හැඟීම්, සංගීතමය මනාපයන් හෙවත් වර්ණයන් පිළිබිඹු කළ හැකි බවයි.
සමහර අය මෘදු සහ විවේකීශීලී, ඉහිල් සංගීතයට ප්රතිචාර දක්වති. අන් අයගේ හැඟීම්, සම්භාව්‍ය ශෛලියේ සංගීතය මගින් අවුලුවාලනු ලැබේ. තවත් සමහරු ගැමි, ජන සහ සමහරක් පොප් සංගීතය වැනි ගායක-ගීත රචක සංගීතයට චිත්තවේගීව ප්‍රතිචාර දක්වති. ඇතැම් වර්ගවල හෝ සංගීත ශෛලීන් සඳහා මනාපයන්, ඒවා මුලින්ම ඇසුණු වේලාවෙන් සහ ස්ථානයෙන් හේතුවෙන් හට ගත හැකිය; එසේ නැතහොත් අවට සිදුවන දේවල් නොසලකා එක් එක් පුද්ගලයාට විශේෂිත විය හැකිය.
මිනිසුන් තම ජීවිතයේ එක් අවස්ථාවක යම් යම් සංගීතයන්ට කැමති විය හැකි වුවද, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් මත පදනම්ව ඔවුන්ගේ සංගීත මනාපයන් කාලයත් සමඟ වෙනස් වේ. ජීවිතය සමග පොරබදමින්, ඔබ අසීරු කාලයක් ගත කරමින් සිටින විට, ඔබ තෝරා ගැනීමට ඉඩ ඇත්තේ, සිදුවනු ඇතැයි ඔබ බලාපොරොත්තු ඇතිව බලා සිටින දේ පිළිබිඹු කරන ප්‍රීතිමත් ගීත විය හැක . අනෙක් අතට, සමහර විට මිනිසුන් දුක්බර ගීත වෙත ආකර්ෂණය වේ . මිනිසුන්ට ශෝකය පසුකර ගමන් කිරීමට අවශ්‍යයි, එබැවින් ඔවුන්, ඔවුන්ගේ හැඟීම්වලින් යම් අර්ථයක් උකහා ගැනීමට උපකාර වන ගීත සෙවිය හැකිය.
කෙසේ වෙතත්, මිනිසුන්ගේ තේරීම් තුළින්ම සමස්ත චිත්‍රය පිළිබඳ වටහා ගැනීමක් කළ නොහැකියි. සංගීත රුචිකත්වය, සංගීත වර්ගයට හෝ ප්‍රභේදයට වඩා ගැඹුරට ගමන් කරයි . පොප් හෝ රොක් සංගීතයට කැමති අය සියල්ලන්ම, එකම පොප් හෝ රොක් සංගීතයට කැමති වන්නේ නැත.
පෞරුෂය සහ සමාජ මාධ්‍ය අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යයනයන් යෝජනා කරන්නේ ඔබේ සංගීත රුචි අරුචිකම්වලට ඔබට ඇත්තේ කුමන ආකාරයේ පෞරුෂයක්ද යන්න අන් අයට පැවසිය හැකි බවයි. ඔබ කැමති කුමන ආකාරයේ සංගීතයකටදැයි යමෙකු දන්නේ නම්, එය ඔබේ පෞරුෂය ගැන යමක් එම අයට පවසන්නට සමත විය හැකිය.
වෙනත් පර්යේෂණ යෝජනා කරන්නේ ඔබේ සංගීත මනාපයන් ඔබේ අද්විතීය පෞරුෂය පිළිබිඹු කරන බවයි. එබැවින්, ඔබ ගැන දැනටමත් දන්නා පුද්ගලයින්ට ඔබ ඇසීමට කැමති සංගීතය ගැන ඇඟැවීමක් කිරීමට හැකි වනු ඇත.
නිදසුනක් වශයෙන්, වඩාත් විවෘත මනසකින් සිටින අය Billie Eilish ගේ “What Was I Made For?” වැනි මෘදු, විදග්ධ සංගීතයට හෝ magine Dragons’ ගේ “Natural” වැනි තීව්‍ර සංගීතයට මනාප විය හැක.
බහිර්වර්තික පුද්ගලයන්(extroverts) සමකාලීන සංගීතයට නැඹුරු විය හැකි බව පර්යේෂණවලින් සොයාගෙන ඇත . ගැරට් කැටෝ සහ එලිනාගේ ” ණෙවෙර් Aලොනෙ ” වැනි, එකඟ විය හැකි අය අව්‍යාජ සංගීතයට කැමැත්තක් දක්වයි. හෘද සාක්ෂියට එකඟ අය Marshmello’s “ (Power) ” වැනි සරල සංගීතයට හෝ තීව්‍ර සංගීතයට නැඹුරු වෙති . වඩාත් චිත්තාපරව සිටින අය විවිධ වර්ගයේ සංගීතයට කැමති විය හැකිය.
මිනිසුන් සංගීතය හඬ නගන ආකාරය නැතිනම් සංගීත ප්‍රවර්ගය වෙනුවට ඔවුන් කැමති කලාකරුවන් අනුව සංගීතයට කැමති විය හැකිය. සමහරු, විශේෂයෙන් සමාජ මාධ්‍යවල ඔවුන්ගේ පැතිකඩ බැලීමට හැකි විට, තමන්ට සමාන කමක් දක්වන්නා වූ කලාකරුවන්ගේ සංගීතයට කැමැත්තක් දක්වති.
අන් අය කැමති සංගීතය කුමක්දැයි දැන ගැනීම වැදගත් වන්නේ ඇයි? විවිධ පුද්ගලයන්ගේ සංගීත රුචි අරුචිකම් සහ පෞරුෂයන් ගැන දැන ගැනීමෙන් විවිධ පෞරුෂයන් සහ අනන්‍යතා ඇති පුද්ගලයන් අතර ඇති හිඩැස් පිරවිය කළ හැකිය .

අන්තර්ජාලය හරහා පුද්ගලයින් සවන් දෙන සංගීතය
ලොව පුරා පුද්ගලයින් විසින් සවන් දෙන ලද ගීත මිලියන 765 ක් අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් සංගීතයට සවන් දීමට හේතු කිහිපයක් අනාවරණය විය. මිනිසුන්ගේ මනාපයන් දවසේ වේලාව, ඔවුන්ගේ වයස සහ විශේෂිත සංගීත ශෛලීන් මත පදනම්ව වෙනස් වීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි විය. බොහෝ අය රාත්‍රියේදී වඩාත් සන්සුන් සංගීතයට සවන් දුන් නමුත් දිවා කාලයේදී වඩාත් තීව්‍ර සංගීතයට සවන් දුන්හ.
ලතින් ඇමරිකාවේ විකාශය වූ සංගීතය බොහෝ විට වේගවත් ශාරීරික හා චිත්තවේගීය ප්‍රතික්‍රියා ඇති කළේය. ආසියාවේ විකාශනය වූ සංගීතය සාමාන්‍යයෙන් විවේකී විය. රාත්‍රියේදී අවදියෙන් සිටින අය අඩු තීව්‍ර සංගීතයට සවන් දුන්හ. (අධ්‍යයනයට) සහභාගිවන්නන් ජීවත් වන ස්ථානය අනුව, ඔවුන්ගේ සංගීතයට සවන් දීමේ පුරුදු සඳහා දවසේ දිග ද දායක විය. කෙටියෙන් කිවහොත්, මිනිසුන්ගේ පරිසරය සහ ඔවුන්ගේ පුද්ගල මනෝභාවයන් ඔවුන්ගේ මනාපයන් හැඩගස්වා ඇත.
මොළයේ සුසංවාදය: සංගීතයේ ස්නායු විද්‍යාව තේරුම් බේරුම් කර ගැනීම.
එසේ නම්, අපට සංගීතයේ විවිධ රුචි අරුචිකම් ඇත්තේ ඇයි? පුද්ගලයින්ට ඇත්තේ සංකීර්ණ පෞරුෂයන්ය; ඔවුන් කැමති සංගීතය ඊට සම්බන්ධ විය හැකිය. සංගීතය සැකසීමේදී මිනිසුන්ගේ මොළය අද්විතීය ආකාරයකින් ක්‍රියා කරයි. සමහරුන්ට ඇතැම් සංගීතයට භෞතික ප්‍රතික්‍රියාවක් තිබිය හැකි අතර තවත් සමහරුන්ට එසේ නොවිය හැකිය. සංගීතඥයෙකුගේ අදහස් ඔවුන්ගේම අදහස් යයි කල්පනා කරන වීට පුද්ගලයින් එම සංගීතයට කැමති විය හැකිය. එසේ පැවසුවේ වී නමුත්, සමහර ගීත විවිධාකාර ශ්‍රාවකයින් මවිතයට පත් කරමි, කුතුහලය දනවනවමින් විවිධාකාර රසිකයින් විශාල පරාසයකට විනෝදාස්වාදය ලබා දෙන අතර එමඟින් ඒවා විශ්වීය වශයෙන් ජනප්‍රියබොට්ටොම් වේ.
එහෙම නම් වැදගත්ම කාරණාව? එක් එක් පුද්ගලයා විවිධ ආකාරවලින් අද්විතීය වන අතර ඔවුන්ගේ සංගීත රුචිකත්වයන් එම සුවිශේෂත්වය පිළිබිඹු කරයි.
Curious Kids(The Conversation) හී 2024 ජනවාරි 22දා පළ වී ඇති Why do people have different tastes in music? A music education expert explains why some songs are universally liked, while others aren’t යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න