පාර්ශ්වික චින්තනය — නව්‍ය අදහස්වලට හා නිර්මාණශීලිත්වයට තුඩු දෙන චින්තන ක්‍රමය
පැවසීමෙන් පසුව මිස, ඔබ යමක් පැවසීම පිණිස හේතුවක් නොතිබෙන්නට පුළුවන. එම ප්‍රකාශය තාර්කිකයන්ගේ ලෝකයේ දී අර්ථයක් නොගනී. තාර්කිකයන්ගේ ලෝකයේ දී, සෑම පියවරක්ම පෙර පියවර මත මනාව රැඳී සිටිය යුතුය: හේතුව පැමිණිය යුත්තේ නිගමනයකට පෙර මිස ඉන් පසුව නොවේ. එහෙත් පෙර සඳහන් කළ ප්‍රකාශය, පාර්ශ්වීය චින්තන ලෝකයේ දී, සංජානනය ලෝකයේ දී, රටා පද්ධති ලෝකයේ දී, කාව්‍ය සහ කල්පිත ලෝකයේ දී පරිපූර්ණ ප්‍රකාශයක් ලෙස අර්ථ ගනීයි. දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් සැමවිටම මැසිවිලි නගන්නේ අපට උපකල්පන ජනනය කිරීමේ තාර්කික ක්‍රමයක් නොමැති බවයි. අපට එවැනි ක්‍රමයක් ඇත, නමුත් එය තාර්කික විය නොහැක, මන්ද තර්කනයට අප දන්නා දේ විශ්ලේෂණය කිරීම ඇතුළත් වේ. විශ්ලේෂණය වෙනුවට අපට අවශ්ය වන්නේ ප්රකෝපකරනය වන අතර, පාර්ශ්වීය චින්තනය(lateral thinking) යනු එයයි.
අපි සිගරට් නිෂ්පාදනයක් සඳහා නව අදහසක් සොයනවා යැයි සිතමු. අපි වඩාත් ප්‍රකෝපකාරී පාර්ශ්වීය චින්තන ශිල්පීය ක්‍රමයක් භාවිතා කරන අතර අපි කුපිත කිරීම යනුවෙන් අහඹු වචනයක් ගෙන එන්නෙමු. කිසිදු අවිඥානික තේරීමක් සිදු නොවන පරිදි වචනය, අහඹු අංක වගුවක් සහිත ශබ්දකෝෂයකින් වචනය තෝරා ගත හැකිය. මෙයින් අදහස් කරන්නේ ඕනෑම වචනයක් කුපිත කිරීමක් ලෙස ඕනෑම ගැටලුවක් සමඟ භාවිතා කළ හැකි බව ද? ඇත්තටම එය එසේ කරයි. අහඹු වචනය සහ ගැටලුව අතර කිසිඳු සම්බන්ධයක් නැත. වචනය ‘සබන්’ යන්න වන අතර, මෙයින් නැවුම් බව සහ වසන්තය පිළිබඳ අදහස පැමිණේ; එමෙන්ම, සිගරට්ට්වේ බී ඉතිරිවන කොටසට මල් ඇට දැමීම නිසා සිගරැට් කොට ඉවතලන විට ඒ සෑම එකකින්ම මලක් වර්ධනය වී අවට පරිසරය දූෂණය කරනු වෙනුවට එය අලංකාර කරයි. සිගරට්ටුවක් හුදෙක් විශ්ලේෂණය කිරීමෙන් එවැනි අදහසක් පැමිණෙන්නේ නැතිනම් හටගන්නේ කෙසේදැයි දැකීම ඉතා අපහසුය, මන්ද යත් එවැන්නක් හඟවන කොටසක් එහි නොමැති බැවිනි.

අදහස වර්ගය.
තවත් විටෙක අදහස් කුපිත කිරීමට යොදා ගන්නා වචනය ‘වාහන සංඥා එළි’ යන්නෙන් හට ගනී. සිගරට්‍ටුවේ බට් කෙලවරේ සිට සෙන්ටිමීටර දෙකක් පමණ දුරින් රතු පටියක් තබා අනතුරුදායක කලාපයක් දැක්වීමට අදහසක් සහ දුම් පානය කරන්නා උපහාසායට ලක් කරන ලක්ෂ්‍යයක් ලබා දීමට එම වචනය පිහිට වෙයියි. දැන් මෙම අදහස අපර දර්ශනයේ දී(ආපසු හැරී බැලීමේ දී) ඉතා තාර්කික වන අතර සමහර විට විශ්ලේෂණය හරහා පැමිණිය හැකිය. ආංශික චින්තනයේ පරමාර්ථය ආපසු හැරී බැලීමේදී තාර්කික අදහස් ඇති කිරීම නිසාවෙන්, අදහස ඇත්ත වශයෙන්ම හට ගත්තේ කෙසේදැයි පැවසීම බොහෝ විට දුෂ්කරය.
සිතීමේ පළමු අදියර වන්නේ සංජානන අවධියයි: අප ලෝකය දෙස බලන ආකාරය; අප විසින් සාදන ලද සංකල්ප සහ සංජානනයි. සිතීමේ දෙවන අදියර වන්නේ සැකසුම් අදියරයි: පළමු අදියරේ දී ඇති කරගත් සංජානනයන් සම්බන්ධයෙන් අප ක්‍රියා කරන ආකාරය. තර්කය භාවිතා කළ හැක්කේ දෙවන අදියරේදී පමණි; මන්ද, වැඩ කිරීමට සංකල්ප සහ සංජානන අවශ්‍ය බැවිනි. ඉතින් පළමු අවධිය හෙවත් සංජානන අවධිය සම්බන්ධයෙන් අපට කුමක් කළ හැකිද? අපගේ සංජානන වෙනස් කිරීම සඳහා අපට අහඹු අවස්ථාවක්, සුදුසු තත්වයන්, අත්හදා බැලීම් හෝ වැරදි මත විශ්වාසය තැබිය හැකිය; නැතහොත්, අපට වඩා හිතාමතා යමක් කිරීමට උත්සාහ කළ හැකිය. පාර්ශ්වික චින්තනය වැදගත්වන්නේ මෙතැන දී ය.
සංජානනය යනු ලෝකයේ යම් කොටසක් දෙස බැලීමේ විශේෂිත ආකාරයකි. එය, සමහර ලක්ෂණ එකට එකතු කිරීම හෝ යම් සම්බන්ධතාවයක් හුදකලා කිරීම වේ. සංජානන යනු සෘජුවම හෝ තවත් පාර්ශවයක් හරහා ලෝකයට නිරාවරණය වූ පසු අපගේ මනසෙහි ඇති වන රටා ය. මෙම රටා, හට ගන්නට හැකියාව ඇති බොහෝ රටා අතරින් කිහිපයක් පමණි. එපමණක්ද නොව, රටා හටගන්න පද්ධතිවල ස්වභාවය අනුව, අපට එක් සංජානනයක් භාවිතා කිරීමට නොහැකි වනු ඇත, මන්ද අපව තවත් සංජානනයක් ඔස්සේ වෙනස් මගක ගෙන යනු ලබන හැයිනි. එබැවින්, සිතීමේ පළමු අදියරේදී අපට කිරීමට අවශ්ය සැකසුම් වර්ගය සංජානනය වෙනස් කිරීම ගැන සැලකිලිමත් වේ. එය නව සංජානන ගොඩනැගීම මෙන්ම අප සතුව ඇති නමුත් භාවිතා කිරීමට නොහැකි සංජානන අනාවරණය කර ගැනීම ගැන සැලකිලිමත් වේ.
මනස යනු, අවම වශයෙන් සංජානන අවධියේදී හෝ රටා සෑදීමේ සහ රටා භාවිතා කිරීමේ පද්ධතියක් බව අප පිළිගන්නේ නම් (එය එසේ බව සියලුම සාක්ෂි හඟවයි), එවිට අපට අවශ්ය වන්නේ ස්ථාපිත රටාවන්ගෙන් මිදී නව රටා විවෘත කිරීම පිණිස, කූද්දීමේ හෙවත් කුපිත කිරීමේ සමහර පුරුදු හිතාමතා වර්ධනය කිරීම අවශ්‍යවෙයි. අපගේ සාමාන්‍ය චින්තන ක්‍රමය, ඉතා නිවැරදිව, විනිශ්චය මත පදනම් වේ. එහෙත්, විනිශ්චය සේවය කරන්නේ පවතින රටා ශක්තිමත් කිරීමට මිස ඒවා වෙනස් කිරීමට නොවේ. විනිශ්චය වෙනුවට අපට තවත් ප්‍රකෝපකාරී දෙයක් අවශ්‍ය වේ. විනිශ්චය වෙනුවට අපට චලනය අවශ්‍ය වන අතර පාර්ශ්වීය චින්තනය යනු එයයි.

පාර්ශ්වීය චින්තනයේ ගුප්ත හෝ මායාකාරී කිසිවක් නොමැත. සංජානනය පදනම් වී ඇත්තේ (නගරයක වීදි වැනි) රටා මත බව අප පිළිගත් විගසම අපට හුරුපුරුදු රටා වලින් මිදීමට යම් ක්‍රමයක් අවශ්‍ය වේ. අපගේ අදහස් අප දැනටමත් දන්නා දේවල සාරාංශයක් පමණක් නම්, අපි නව අදහස් ලබා ගන්නේ කෙසේද? නිසැකවම, අප දන්නා දේවල ඇඟවුම් වඩාත් සම්පූර්ණයෙන් විශ්ලේෂණය කිරීමෙන් අපට සමහරක් ලබා ගත හැකිය, නමුත් ඇත්ත වශයෙන්ම නව අදහස් රඳා පවතීන්නේ නව උපකල්පන මත, නව සංකල්පීය පිමි මතඉ . රටා පද්ධතියක දී තාර්කික නොවන බව සම්පූර්ණයෙන්ම තාර්කික ය. කලින් දුන් උදාහරණයේ සිගරට් සහ සබන් අතර සම්බන්ධයක් නැත; එනමුත් අපට ඇති බොහෝ ආශ්‍රිත මාර්ග වලින් එකකින් එකක් ඉක්මනින් සෑදෙන්නේය. සිගරට් පිළිබඳ අපගේ අදහස් දැන් මෙම ධාවන පථය දිගේ ගමන් කිරීමට පටන් ගත හැකිය – එය ඔවුන් වෙනස් සැටියකට ගමන් කරන්නට ඉඩ තිබූ මාර්ගයට වඩා වෙනස් මාර්ගයකි.
ඒ නිසා සිගරට් සහ සබන් සන්නිධානය කිරීමට හේතුව පෙනෙන්නේ එම සන්නිධනය, සිදු කර එහි ප්‍රයෝජනවත් බව ඔප්පු වූවාටත් පසුවයි.
අපි සුපුරුදු විනිශ්චය ක්‍රමයේ ක්‍රියාත්මක නොවන බව පෙන්වීමට නම්, අපට යම් දර්ශකයක් අවශ්‍ය වේ. එහෙම නැතුව ‘ඔරලෝසුවක කටුව ආ පස්සට යා යුතුයි’ වැනි ප්‍රකාශයක් කළොත්, සිහි විකල් වූවෙකු ලෙස අපිව විනිශ්චය කරනු ඇත. ඉතින් අප නව අදහස් විවෘත කිරීම සඳහා යම් අදහසක් ප්‍රකෝපකාරී ආකාරයෙන් භාවිතා කරන බව හඟවන පොදු අක්ෂර කවියෙ, කල්පිතය, සහ හැඟවීම යන වචන ආශ්‍රයෙන් උපුටා ගෙන ‘ඔරලෝසුවක පිටු පිටුපසට ගමන් කළ යුතුයි’, යයි අප දැන් කීවොත්, එය ආරම්භක පියවරක් ලෙස භාවිතා කරමින්, අපගේ ඔරලෝසුව දෙස බැලීමෙන් පැය දොළහ සිට එක දක්වා දිවෙන පැය ගණන් කිරීමේ අදහස සලකා බැලිය හැකිය. දවස (පැය කීයක්) ගෙවිලා ගියාට වඩා පැය කීයක් ඉතුරුද කියලා අපිට කියන්න පුළුවන්.
අහඹු සන්නිධාන සහ කූද්දනසුලු ආරම්භක පියවර භාවිතා කිරීම පාර්ශ්වීය චින්තනයේ ක්‍රියාවලියේ කොටසක් පමණි, තවත් බොහෝ ශිල්පීය ක්‍රම ඇත, ඒවායින් සමහරක් ප්‍රකෝපකාරී ඒවාට වඩා විශ්ලේෂණාත්මක ය. සියලුම ශිල්පීය ක්‍රම කුමක් වුවත් ඒ සියල්ලෙහි අරමුන නොවෙනස්ව පවතී: එනම් සංකල්ප සහ සංජානන වෙනස් කිරීමයි. වෙනස් වූ සංජානනය ඉඳහිට විසඳුමක් හෝ වටිනා නව අදහසක් ලබා දෙයි. බොහෝ විට පාර්ශ්වීය චින්තනය, නව ආරම්භක ලක්ෂ්‍යයක් පමණක් ලබා දෙයි; අනතුරුව සුපුරුදු තාර්කික ආකාරයෙන් එය ඉදිරියට ගෙන යා යුතුය. නිදසුනක් වශයෙන්, එක්තරා මාළු සැකසුම් කම්හලක මස් වලින් ඇටකටු ඉවත් කිරීමේ සාමාන්‍ය ක්‍රමය වෙනුවට ඇටකටු වලින් මස් ඉවතට ගැනීම වඩා අර්ථවත් කිරීම නව ක්‍රියාවලියකට ආරම්භක ලක්ෂ්‍ය මගින් මග පාදන ලැබූ අතර එමඟින් විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකි විය.
පොදුවේ ගත් කල, විනිශ්චය සහ සැකසීම මෙන්ම විශ්ලේෂණය සඳහා අපගේ මානසික මෙවලම් ඉතා යහපත්ය. එසේනමුත් පද්ධතිය රටා සැකසීමේදී ප්‍රකෝපකාරී ක්‍රම අවශ්‍ය බව අවබෝධ කර ගැනීමට අප අපොහොසත් වීම නිසා නව අදහස් සහ උපකල්පන ජනනය කිරීමේදී අප ඉතා දුර්වල වී ඇත. එහෙයින්,”පාර්ශ්වික චින්තනය” යන යෙදුම නිර්මාණය කිරීම අපට අවශ්ය විය. මක්නිසාද යත්, නිර්මාණශීලිත්වය යනු අවිශද හෙවත් ඉතා නොපැහැදිලි වචනයක් වන අතර, ඉන් සරලව දැක්වෙන්නේ අලුතෙන් යමක් නිෂ්පාදනය යන්නයි. එහෙත්, පාර්ශ්වික චින්තනය සංකල්ප සහ සංජානන වෙනස් කිරීම ගැන සැලකිලිමත් වෙයි.

කලාත්මක නිර්මාණශීලීත්වයෙහි සමහරක් කොටස් පාර්ශ්වීය චින්තනයට අදාල විය හැකි නමුත් බොහෝ කොටස් එසේ නොවේ. ‘අපසාරී චින්තනය'(‘divergent thinking’) යන යෙදුම ආවරණය කරන්නේ පාර්ශ්වීය චින්තනයේ කුඩා කොටසක් පමණකි: එනම් සංජානන වෙනස් කිරීමේ ක්‍රමයක් ලෙස විකල්ප ජනනය කිරීමයි. ඇත්ත වශයෙන්ම, සමහර පාර්ශ්වීය චින්තන ක්රියාවලීන් කොහෙත්ම අපසාරී නොවේ. පාර්ශ්වික චින්තනය සැලකිලිමත් වන්නේ, ප්‍රකෝපකාරී සහ වෙනත් ක්‍රම මගින් සංකල්ප සහ සංජානන වෙනස් කිරීම ගැනයි.
දණ ගා යන කුඩා දරුවෙකු වූල් බෝලය සමග සෙල්ලම් කරමින් ආච්චිගේ ගෙතුම අවුල් කරයි. මෙහිදී, එක් යෝජනාවක් වන්නේ දරුවා ඔහුගේ සෙල්ලම් කොටුවට(playpen) දැමීමයි. තවත් යෝජනාවකින් දැක්වෙන්නේ දරුවා එළියේ රඳවා තබා ආච්චි සෙල්ලම් කොටුවට දැමීමයි!
The Oxford Companion to the Mind (Edited by Richard L. Gregory) හී Lateral Thinking යන කොටස ආශ්රයෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න