දර්ශනය නම් ක්ෂේත්‍රය – The Field of Philosophy

හැදින්වීම

දර්ශනය වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට වඩා බෙහෙවින් වෙනස් ය. එය, එහි ක්‍රමවේදයන් සහ එහි විෂය කරුණුවල ස්වභාවය මෙන්ම එහි පුළුල් බව යන දෙකින්ම සුවිශේශී වේ. දර්ශනය, මිනිස් ජීවිතයේ සෑම මානයකම ප්‍රශ්න හඹා යන අතර එහි ශිල්පීය ක්‍රම ඕනෑම අධ්‍යයන ක්ෂේත්‍රයක හෝ ප්‍රයත්නයක හෙවත් වෑයමක ගැටලු සඳහා අදාළ වේ.  දර්ශනයේ පොහොසත්කම සහ විවිධත්වය කිසිදු කෙටි නිර්වචනයකින් ප්‍රකාශ කළ නොහේ. අනෙක් අතට, එය බොහෝ ආකාරවලින් විස්තර කළ හැකිය. එය මූලික සත්‍යයන් හේතුවාදීව හඹා යාමකි, අවබෝධය සඳහා ගවේෂණයකි, හැසිරීමේ මූලධර්ම අධ්‍යයනය කිරීමකි.  සාක්ෂිවල ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට එය උත්සාහ කරයි; ගැටුම් නිරාකරණය කිරීමේ තාර්කික ක්‍රම සපයයි;  අදහස් සහ තර්ක ඇගයීම සඳහා ශිල්පීය ක්‍රම නිර්මාණය කරයි. දර්ශනය, වෙනත් පුද්ගලයන්ගේ සහ වෙනත් සංස්කෘතීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය දැකීමේ හැකියාව වර්ධනය කරයි; එය විවිධ අධ්‍යයන ක්ෂේත්‍ර අතර සබඳතා අවබෝධ කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි; තවද එය මිනිස් අත්දැකීම්වල අර්ථය සහ විවිධත්වය පිළිබඳ කෙනෙකුගේ හැඟීම ගැඹුරු කරයි.

දර්ශනය පිළිබඳ මෙම කෙටි විස්තරය දිගහැර, විශාල වශයෙන් පුළුල් කළ හැකි නමුත්, ඒ වෙනුවට අපි කරුණු කිහිපයක් නිදර්ශනය කරමු. අදහස් සහ ගැටළු ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම ලෙස, දර්ශනය විද්‍යාව, කලාව, ආගම, දේශපාලනය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකින් උකහා ගත් සංකල්ප සහ අදහස් පරීක්ෂා කළ හැකිය. අදහස් සහ ගැටළු පිළිබඳ දාර්ශනික තක්සේරුව බොහෝ ආකාර ගන්නා නමුත් දාර්ශනික අධ්‍යයනයන් බොහෝ විට අවධානය යොමු කරන්නේ අදහසක අර්ථය සහ එහි පදනම, සංස සහ වෙනත් අදහස් සමඟ ඇති සම්බන්ධතා මත ය.

උදාහරණයක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය සලකා බලන්න. එය කුමක් ද? ආණ්ඩු ක්‍රමයක් ලෙස එය සාධාරණීකරණය කරන්නේ කුමකින් ද? ප්‍රජාතන්ත්‍රවාදයට ජනතාවට තමන්ගේම අයිතීන් අහිමි කිරීමට ඉඩ දිය හැකිද? තවද, එය දේශපාලන නිදහස හා සම්බන්ධ වන්නේ කෙසේද?

මානව දැනුම(human knowledge) සලකා බලන්න. එහි ස්වභාවය සහ ප්‍රමාණය කුමක්ද? දැනගැනීම සඳහා අපට සැමවිටම සාක්ෂි තිබිය යුතුම ද? අන් අයගේ සිතුවිලි සහ හැඟීම් ගැන හෝ අනාගතය ගැන අපට දැනගත හැක්කේ කුමක්ද? මූලික දැනුම කිය දෙයක් ඇත් නම්, මූලික වන්නේ කුමන ආකාරයේ දැනුමක්  ද? කලාව, සදාචාරය, ආගම, විද්‍යාව සහ මානව ක්‍රියාකාරකම්වල එක් එක් ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, මේ සමාන ප්‍රශ්න පැන නගී. දර්ශනය ඒ සියල්ල ගවේෂණය කරයි. එය ඒවා අන්වීක්ෂීයව හෙවත් ඉතා සූක්ෂමව ද සහ මානව පැවැත්මේ වඩාත් වැදගත් සලකා බැලීම් පිළිබඳ පුළුල් දෘෂ්ටිකෝණයකින් ද දකී.

දර්ශනයේ උප ක්ෂේත්‍ර

දර්ශනවාදයේ පුළුල්ම උප ක්ෂේත්‍ර ලෙස පොදුවේ සළකනු  ලබන්නේ තර්කය, ආචාර ධර්ම, පාරභෞතික විද්‍යාව, ඥාන විද්‍යාව සහ දර්ශනයේ ඉතිහාසයයි. ඒවා එක් එක් පිළිබඳ කෙටි සටහනකි මේ.

තර්ක ශාස්ත්රය – Logic

තර්කය සැලකිලිමත් වන්නේ නරක තර්කනයෙන් යහපත වෙන්කර හඳුනා ගැනීම සඳහා කදිම ක්‍රම සැපයීමයි. අපගේ පූර්වායවයන්(premises) අපගේ නිගමනවලට කොතරම් හොඳින් සහාය දෙනවාද යන්න තක්සේරු කිරීමට, අප මතයකට එළඹෙන විට අප පිළිගැනීමට  කැපවී සිටින්නේ කුමක්ද යන්න බැලීමට, සහ ප්‍රමාණවත් හේතු නොමැති විශ්වාසයන් අනුගමනය කිරීමෙන් වැළකී සිටීමට එය අපට උපකාර කරයි. තර්ක ශාස්ත්‍රය අපට හුදු ලිහිල්ව සම්බන්ධ ප්‍රකාශ සමූහයක් පමණක් ලෙස දැකිය හැකිව තිබූ විටක තර්ක සෙවීමට, අප විසින් සිදු කරනු ලබන බව අප නොදැන සිටි උපකල්පන සොයා ගැනීමට, සහ අපගේ කාරණය අප ඔප්පු කිරීමට (හෝ උද්ගාමීව සහය දැක්වීමට) නම් අප විසින් ස්ථාපිත කළ යුතු අවම හිමිකම්කීම් සැකසීමට උපකාරී වේ.

ආචාර ධර්ම – Ethics

ආචාර ධර්ම අපගේ සදාචාරාත්මක සංකල්පවල — ඒ කියන්නේ, නිවැරදි ක්‍රියාව, බැඳීම සහ යුක්තිය වැනි — සදාචාරාත්මක සංකල්පවල අර්ථ පිළිගගන්නා අතර පුද්ගලික හෝ පොදු ජීවිතයේදී සදාචාරාත්මක තීරණවලට මඟ පෙන්වීම සඳහා මූලධර්ම සකස් කරයි. අන් අය කෙරෙහි අපගේ සදාචාරාත්මක බැඳීම් මොනවාද? සදාචාරාත්මක එකඟ නොවීම් තාර්කිකව විසඳාගත හැක්කේ කෙසේද? සාධාරණ සමාජයක් තම පුරවැසියන්ට ලබාදිය යුතු අයිතිවාසිකම් මොනවාද? වැරදි කිරීම සඳහා වලංගු නිදහසට කරුණක් වන්නේ කුමක්ද?

පාරභෞතික විද්‍යාව – Metaphysics

පාරභෞතික විද්‍යාව සැබෑ දේවල් මොනවාද යන්න තීරණය කිරීම සඳහා මූලික නිර්ණායක සොයයි. නිදසුනක් වශයෙන්, අත්තටම ඇත්තේ, මානසික, භෞතික, සහ (සංඛ්‍යා වැනි)  වියුක්ත දේවල් ද?, නැතහොත් භෞතික හා අධ්‍යාත්මික හෝ හුදෙක් පදාර්ථය සහ ශක්තිය පමණක් ද? පුද්ගලයන් යනු ඉතා සංකීර්ණ භෞතික පද්ධති ද, නැතහොත් භෞතික කිසිවකට අඩු කළ නොහැකි ගුණ ඔවුන්ට තිබේ ද?

ඥාන විභාගය – Epistemology

ඥාන විභාගය දැනුමේ ස්වභාවය සහ විෂය පථය ගැන සැලකිලිමත් වේ. (සත්‍යය) දැන ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද සහ සත්‍යයේ ස්වභාවය කුමක්ද? කුමන ආකාරයේ දේවල් දැනගත හැකිද? සහ අන් අයගේ අභ්‍යන්තර ජීවිතය හෝ ඈත අතීතයේ සිදුවීම් වැනි අපගේ ඉන්ද්‍රියයන්ගේ සාක්ෂි ඉක්මවා යන දේ පිළිබඳ අපගේ විශ්වාසයන් තුළ අපට සාධාරණීකරණය කළ හැකිද? විද්‍යාවෙන් ඔබ්බට ගිය දැනුමක් තිබේද? ස්වයං දැනුමේ සීමාවන් මොනවාද?

NEXT: දර්ශනයේ ඉතිහාසය සහ දර්ශනයේ තවත් උප ක්ෂේත්‍ර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending