ගෝලීය නස්පත්තිය හඟවන හෝරා යන්ත්‍රයේ වේලාව අවසන් තත්පර 90ට ළඟාවෙයි
දේශගුණික විපර්යාස, යුද්ධ සහ කෘතිම බුද්ධියේ(AI) වර්ධනයන් මධ්‍යයේ, ගෝලීය නස්පත්තිය හඟවන හෝරා යන්ත්‍රයේ වේලාව මධ්‍යම රාත්‍රියට තත්පර 90ක්ව තිබියදී නතර වෙයි. අපගේ සම්පූර්ණ විනාශය සංඥා කරන ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට තත්පර 90ක්වට පැමිණියේ පිට පිට දෙවන වසරටයි.

බුලටිනය හෙවත් ප්‍රකාශනය 1947 සිට විනාශයේ ඔරලෝසුව සකසන්නේ මිනිසුන් විසින් නිර්මාණය් කරන ලද තාක්‍ෂණයන්ගෙන් මාන්ව වර්ගයා මුහුණ දෙන තර්ජන විශ්ලේෂණය කිරීම මත ය. Anna Moneymaker / Getty Images
පරමාණුක විද්‍යාඥයින්ගේ ලෝක නස්පත්තිය හඟවන ඔරලෝසුවේ බුලටින් එක පිට පිටම දෙවන වසරටත් මධ්‍යම රාත්‍රියට තත්පර 90 ලෙස දක්වා සකසා ඇත.
ඔරලෝසුව යනු න්‍යෂ්ටික අවි, දේශගුණික විපර්යාස සහ වෙනත් ක්‍රම හරහා ලෝකය විනාශ කිරීමට මානව වර්ගයා කෙතරම් සමීපද යන්න පිළිබඳ රූපකාත්මක(metaphorical) නිරූපණයකි. තත්පර අනූව යනු ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට ආසන්නම වූ කාලයයි.
ඔරලෝසුව සකසන බුලටීනයේ විද්‍යා සහ ආරක්ංඅක මණ්ඩලයේ(Science and Security Board) පසුගිය වසරේ මධ්‍යම රාත්‍රියට පෙර ඔරලෝසුව තත්පර 90 දක්වා ගෙනයාමට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වා දුන්නේ “රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ න්‍යෂ්ටික තර්ජනය උත්සන්න වීමේ අවදානම වැඩි වීම” යන සාධකයි. මේ වසරේ ද, ඔරලෝසුව එතැනම, එනම් මධ්‍යම රාත්‍රියට තත්පර 90ම පැවතීමට, යුක්රේනයේ යුද්ධය, න්‍යෂ්ටික අවි මත යැපීම වර්ධනය වීම, දේශගුණය ආශ්‍රිත ව්‍යසන සහ කෘතිම බුද්ධියේ වර්ධනයන් ඇතුළු සාධක හේතු වශයෙන් දක්වා ඇත.
“ප්‍රවණතා දිගටම අශුභ ලෙස ඇස් යොමු කරන්නේ ගෝලීය ව්‍යසනය දෙසටයි” බුලටින ව්යාපෘතියෙහි හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Rachel Bronson, අඟහරුවාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය, “යුක්රේනයේ යුද්ධය න්‍යෂ්ටික උත්සන්න වීමේ නිරන්තර අවදානමක් මතු කරයි. ඔක්තෝබර් 7 ඊශ්‍රායලයේ ප්‍රහාරය සහ ගාසා තීරයේ යුද්ධය, න්‍යෂ්ටික උත්සන්න වීමකින් තොරව වුවද, නූතන යුද්ධයේ බිහිසුණු බව පිලිබඳ වැඩිදුර නිදර්ශන සපයයි.

බුලටීනයේ විද්‍යා සහ ආර්කෂක මණ්ඩලය(Science and Security Board) සමන්විත වන්නේ න්‍යෂ්ටික අවදානම, දේශගුණික විපර්යාස සහ විනාශකරී තාක්ෂණයන් පිළිබඳ විශේෂඥයින්ගෙනනි. ඔවුහු වෙනත් විශේෂඥයින්ගේ සහ නොබෙල් ත්‍යාගලාභීන් නව දෙනෙකු ඇතුළත් බුලටිනයේ අනුග්‍රාහක මණ්ඩලයේ ද අදහස් විමසති.
අද ලෝකය මුහුනපා සිටින න්‍යෂ්ටික තර්ජන බවට පත්විය හැකි අවස්ථා ගණනාවක් ගැන බුලටිනය සඳහන් කර ඇත. එකක් නම්, රුසියාවට යුක්රේනයට එරෙහි යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ ඉඩ කඩයි. බුලටිනයට අනුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙබරවාරි මාසයේදී නව උපායමාර්ගික ආයුධ(New Strategic Arms Reduction Treaty) අඩු කිරීමේ ගිවිසුම අත්හිටුවා මාර්තු මාසයේදී බෙලරුස් හි උපායශීලී න්‍යෂ්ටික අවි(tactical nuclear weapons) යෙදවීමට සූදානමක් ඇත.
එක්සත් ජනපද සෙනෙට් සභාව ද විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම අනුමත කිරීම ගැන විවාදයකට එළඹ නැති අතර, බුලටීනයෙන් දැක්වෙන්නේ රුසියාව සහ චීනය ඔවුන්ගේ න්‍යෂ්ටික හැකියාවන් පුළුල් කරමින් සිටින බවයි. ලොව පුරා න්‍යෂ්ටික බෝම්බ සවිකල අවි 13,000ක් පමණ ඇති අතර ඉන් සියයට 90ක්ම රුසියාවට හෝ එක්සත් ජනපදයට අයත් වේ යයි බීබීසී පුවත්’සේවයේ Jane Corbin සඳහන් කරයි.
“එක්සත් රාජධානිය ද ඇතුළු සෑම ප්‍රධාන රටක්ම ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩාව තර කිරීම සඳහා ආයෝජන සිදුකරන්නේ න්‍යෂ්ටික අවි ඉතා දිගු කාලයක් භාවිත කළ හැකිය යන සිතුවිල්ලකින් වැනිය” බ්‍රොන්සන් බීබීසී පුවත් සේවයට පවසයි, “මෙය ඉතා භයානක කාලයකි … නායකයෝ වගකීමෙන් ක්‍රියා නොකරති.”
මධ්‍යම රාත්‍රියට එපමණ ආසන්නව ඔරලෝසුව සැකසීමට හේතුවක් ලෙස දේශගුණික විපර්යාස මගින් ඉදිරිපත් කරන අවදානම් ද බුලටිනය ලැයිස්තුගත කරයි. 2023, සැලකිය යුතු සීමාවකින් වාර්තාගත ඉතිහාසයේ උණුසුම්ම වසර විය. පොසිල ඉන්ධන වලින් සිදුකෙරෙන ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ඉහල මට්ටම් කරා පැමිණියේය. තවද ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, 2027 වන විට, පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 කින් වැඩි විය හැක දේශගුණික සීමාවක් සැකසීම වළක්වා ගැනීම 2015 පැරිස් දේශගුණ ගිවිසුම අනුව සෙල්සියස් අංශක 1.5ක සීමාව, නොඉක්මවිය යුතු එළිපත්ත ලෙස දැක්විණ.
වැඩිදියුණු කරන ලද ජාන ඉංජිනේරු තාක්ෂණයන් මෙන්ම මිලිටරි කටයුතු සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම ඇතුළුව AI තාක්ෂණයේ වර්ධනයන් ද නස්පැත්තියේ ඔරලෝසුවේ වත්මන් සැකසුම සඳහා හේතු ලෙස බුලටීනය ලැයිස්තුගත කරයි.
The Bulletin of the Atomic Scientists වැඩසටහන, 1945 දී ඇල්බට් අයින්ස්ටයින් සහ රොබට් ඔපන්හයිමර් ඇතුළු විද්‍යාඥයන් විසින් ආරම්භ කරන ලදී. 1947 දී විපැත්තියේ ඔරලෝසුව සාදන ලද අතර මධ්‍යම රාත්‍රියට මිනිත්තු හත වන සේ සකස් කරන ලදී. 1949 දී සෝවියට් සංගමය පරමාණු බෝම්බයක් සාර්ථකව අත්හදා බැලීමෙන් පසු ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට මිනිත්තු තුනක් වශයෙන් වෙනස් විය.
එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂණ 1953 දී ඔරලෝසුව 11:58 දක්වා තල්ලු කෙරිණ. කෙසේවෙතත් ගැටුම් වළක්වා ගැනීම පිළිබඳ සහයෝගීතා සාකච්ඡා සහ ගිවිසුම් කිහිපයක් 1960 ගණන්වල දී ඔර්ලෝසුව, මධ්‍යම රාත්‍රියෙන් තවත් ඈතට ගෙන යාමට හේතු විය. එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් සහ සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචෙව් උපායමාර්ගික ආයුධ අඩු කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව, 1991 දී, ඔරලෝසුව 11:43 ට සකසා ඇති අතර, එය මධ්‍යම රාත්‍රියේ සිට ඈතටම ගිය අවස්ථවයි.
2007 දී ඔරලෝසුව සැකසීමේදී බුලටිනය, ප්‍රථම වරට දේශගුණික විපර්යාස සලකා බැලීය. ඔරලෝසුව 2010 දී 11:54 ට පැවති නමුත් වැඩිවන න්‍යෂ්ටික තර්ජන, දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවීම සහ දේශපාලන නායකත්වයේ අසාර්ථකත්වය හේතුවෙන් ක්‍රමයෙන් මධ්‍යම රාත්‍රියට ආසන්න විය. ඔරලෝසුව 2015 දී මධ්‍යම රාත්‍රිය දක්වා මිනිත්තු තුනක්, 2017 දී විනාඩි 2.5 ක්, 2018 දී විනාඩි දෙකක් සහ 2020 දී තත්පර 100 ක් වශයෙන් එන්ට එන්ටම මහා නස්පැත්තිය හඟවන හෝරාව වෙත ළංවීය.
Smart News Smithsonian Magazine හී පළ වූ Doomsday Clock Stays at 90 Seconds to Midnight Amid Climate Change, War and A.I යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න