
පර්යේෂණවලින් පෙනී යන්නේ අවධානය අඩු අධි ක්‍රියාකාරීත්වයේ ආබාධයට (ADHD) ගති ලක්ෂණ අපගේ මුතුන් මිත්තන්ට ආහාර සොයා ගැනීමට උපකාර වන්නට ඇති බවයි. Photograph: Sarah Lee/The Guardian
අවධානය අඩු අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) පරිණාමීය වාසියක් වන්නට ඇතැයි පර්යේෂණ දක්වයි. ස්නායු සංවර්ධන ආබාධය හා සම්බන්ධ ගති ලක්ෂණ මුල් මානවයන්ට ආහාර සෙවීමේදී උපකාර වන්නට ඇත.
අවධානය වෙනතකට යොමු කිරීමේ හෝ ආවේගශීලීත්වය වැනි අවධානය අඩු අධි ක්‍රියාකාරීත්වයේ ආබාධයට (Attention Deficit Hyperactivity Disorder – ADHD) පොදු ගතිලක්ෂණ, ආහාර සොයා ගැනීමේදී ඔවුන්ගේ උපක්‍රම වැඩිදියුණු කිරීමෙන් අපගේ මුතුන් මිත්තන්ට පරිණාමීය වාසියක් වන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.
ADHD යනු ආවේගශීලී බව, අසංවිධානාත්මක බව සහ අවධානය යොමු කිරීමේ අපහසුතාව ඇතුළු රෝග ලක්ෂණ සහිත ස්නායු සංවර්ධන ආබාධයකි. ආබාධයේ ව්‍යාප්තිය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වන්නට ඇතත්, එක්සත් රාජධානිය ඇතුළුව බොහෝ රටවල රෝග විනිශ්චය වැඩි වෙමින් පවතී.
දැන්, පර්යේෂකයන් කියා සිටින්නේ මෙම ගතිලක්ෂණ සමහරක් නිෂේධාත්මකව බැලීමට නැඹුරු වන නමුත් ඒවා, ආහාර සෙවීම සඳහා නව බිම් කඩ සොයා යෑමට ආදී මානවයන්ට උපකාර වන්නට ඇති බවයි.
පර්යේෂණයේ ප්‍රථම කතුවරයා වූ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් බැරැක් පවසන්නේ, අහඹු ජාන විකෘති වලින් පමණක් බලාපොරොත්තු වූවාට වඩා ADHD බහුලව ව්‍යාප්තව පවතින්නේ ඇයිද යන්න සහ – වඩාත් පුළුල් ලෙස ගතහොත්- අවධානය වෙනතකට යොමු කිරීම හෝ ආවේගශීලීත්වය වැනි ගතිලක්ෂණ බහුලත්වය සඳහා විභව පැහැදිලි කිරීමක් මෙම අධ්‍යයනයෙන් ලබා දෙන බවයි.
“[මෙම ගතිලක්ෂණ] ඇත්තෙන්ම සෘණාත්මක නම්, පරිණාමීය කාලයත් සමඟම, ඒවා වරණීයව ප්‍රතික්ෂේප වනු ඇතැයි ඔබ සිතනු ඇත,” ඔහු පවසයි, “අපගේ සොයාගැනීම් මූලික දත්ත ලක්ෂ්‍යයක් වන අතර ඒවායින්, ඇතැම් තේරීම් සන්දර්භ තුළ වාසි හැඟවෙයි.”
Proceedings of the Royal Society B: Biological Sciences සඟරාවට් පර්යේෂණ වාර්තාව සපයන බැරැක් සහ සගයෝ, විනාඩි අටක් ඇතුළත හැකිතාක් බෙරි එකතු කළ යුතු ආහාර සෙවීමේ මාර්ගගත ක්‍රීඩාවක් (online foraging game) නිමා කළ වැඩිහිටියන් 457 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කළ ආකාරය වාර්තා කළහ.

එක් එක් පඳුරෙන් ලබාගත් බෙරි සංඛ්යාව සහභාගිවන්නන් ආහාර සපයා ගන්නා වාර ගණන සමඟ අඩු විය.
කාර්යය අතරතුර, සහභාගිවන්නන්ට මුල් ස්ථානයේ පිහිටි පඳුරු වලින් බෙරි එකතු කිරීම දිගටම කරගෙන යාමට හෝ නව බිම් කඩකට යාමට හැකිය — කෙසේවෙතත් නව බිම් කඩකට යාමට ඔවුන්ට කාලය වැය වේ.
තමන් සිදුකරන්නේ රෝග විනිශ්චයක් නොවන බව සහභාගිවන්නන්ට අවධාරණයකොට, පර්යේෂක කණ්ඩායම ADHD වැනි රෝග ලක්ෂණ (සහභාගීවන්නන්ට) ඇත්දැයි සොයා බැලීම සඳහා ඔවුන් පරීක්ෂාවට ලක් කළහ. – සහභාගී වූවන් 206 දෙනෙකු අතරේ ධනාත්මක ප්‍රතිඵල සොයා ගැනීමට ඔවුනට හැකිවී ඇත.
පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ADHD පරිමාණයෙහි ඉහළ ලකුණු ලබා ගත් සහභාගිවන්නන් අඩු ලකුණු ඇති අයට වඩා එක් එක් පඳුරු වල කෙටි කාලයක් ගත කළ බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් ඔවුන්ගේ වර්තමාන බිම් කඩ අතහැර අලුත් බිම් කඩක් සොයා යාමට වැඩි ඉඩක් ඇත. තීරනාත්මක ලෙස, එවැනි සහභාගිවන්නන් ADHD පරිමාණයෙහි අඩු ලකුණු ලබා ගත් අයට වඩා වැඩි ලකුණු ලබා ගත් බව කණ්ඩායම සොයා ගත්හ.
පර්යේෂකයන් පැවසුවේ ගවේෂණයන්ගෙන් යම් වාසි නැතිනම් ප්‍රතිලාභ ලබන එඬේර නැතිනම් සරන ජීවන රටාවන් සහිත ජනකොට්ඨාශ ADHD හා සම්බන්ධ ජාන ඇති බව යෝජනා කරන වෙනත් පර්යේෂන සමඟ ඔවුන්ගේ ප්‍රතිඵල සමපාත වන බවයි.

කෙසේ වෙතත්, ADHD වැනි රෝග ලක්ෂණ පිළිබඳව ස්වයං-වාර්තා මත පදනම් වී ඇති බව යන්න ඇතුළුව අධ්‍යයනයට සීමාවන් ඇති බව ඔවුහු පැවසූහ.
Barack පැවසුවේ සැබෑ ලෝකයේ ආහාර සෙවීමේ කාර්යයන් සම්බන්ධව සිටින්නන් සහ ADHD ඇතැයි රෝග විනිශ්චය කර සිටින පුද්ගලයින් සම්බන්ධ අත්හදා බැලීම් සිදු කිරීම අවශ්‍ය බවයි. මන්ද අවම වශයෙන් මාර්ග ගත ක්‍රීඩාවකට වඩා, සැබෑ ලෝකයේ ආහාර සෙවීමේ කාර්යයේ දී බිම්කඩ අතර ගමන් කිරීමට වැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇති බැවිනි.
මෙම කාර්යයට සම්බන්ධ නොවූ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි විද්‍යා අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය මයිකල් ජේ රෙයිස්(Michael J Reiss) පවසන්නේ ADHD, බරපතල ඍණාත්මක ප්‍රතිවිපාකවලට සම්බන්ධ වී ඇති බව පෙනෙන්නට තිබුණත්, ඔහු සහ ඔහුගේ සගයන් තර්ක කරන්නේ, ශාරීරික ක්‍රියාකාරකම් සහ වේගවත් තීරණ ගැනීම ඉතා වැදගත් වන අවස්ථා වලදී එය උපකාර විය හැකි යනුවෙනි.
“ADHD සඳහා ඉහළ ලකුණු ලබා ගන්නා සහභාගිවන්නන් ඔවුන්ගේ ආහාර සෙවීමේ ක්‍රියාකාරකම් ආවේගශීලී ලෙස සංලක්ෂිත කළ හැකි ආකාරවලට හරවා ගැනීමට වැඩි ඉඩක් ඇති බවට ඩේවිඩ් බැරැක් සහ සගයන් ඉදිරිපත් කරන පර්යේෂණාත්මක සාක්ෂි දකින්නට ලැබීම සතුටක්. අපගේ පරිණාමීය අතීතයේ එවැනි හැසිරීම් සමහර විට ඉතා වාසිදායක වන්නට ඇති”ඔහු පෙන්වාදෙයි, “ADHD බරපතල ගැටළුවක් විය හැකි නමුත් වර්තමාන පරිසරයන් නිසා එය විශාල වශයෙන් ගැටලුවක් බවට පත්වෙලා.”
The Guardian(21st February, 2024) පුවත් පතෙහි පළවන ADHD may have been an evolutionary advantage, research suggests යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න