පර්යේෂකයන් පවසන්නේ, ඇති විය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැඩි කිරීමෙන්, පුද්ගලයින්, ඔවුන් රූපවාහිනිය ඉදිරියේ ගතකරන කාලය ගැන වඩාත් සැලකිලිමත් වීමට මිනිසුන් දිරිමත් කළ හැකි බවයි. Photograph: REB Images/Getty Images/Tetra Images

අධික ලෙස රූපවාහිනී නර්ඹන්නන්ට රාත්‍රී කාලයේ  කිහිප වාරයක්ම මුත්‍රා කරන්නට අවශ්‍ය වීමට ඉඩ ඇත – අධ්‍යයනයක්

දිනකට අවම වශයෙන් පැය පහක් රූපවාහිනිය නැරඹීම, නොක්ටුරියා හෙවත් රාත්‍රී කාලයේ අධික ලෙස මුත්‍රා පහවීමේ රෝගයේ අතර, හෝ රාත්‍රියකට දෙවරක් හෝ වැඩි ගණනක් නැඟිට මුත්‍රා කිරීමට අවශ්‍ය වීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇත.

තමන් කැමති රූපවාහිනී නාට්‍යයක නවතම කොටස සැප පහසුවට හිඳගෙන නැරඹීම දවසේ වෙහෙස සන්සිඳුවා ගනිමින් විවේක ගැනීමට සුදුසුම ක්‍රමයක් ලෙස බොහෝ අයට පෙනෙනු ඇත; එහෙත් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ‘මැජික්’ පෙට්ටිය ඉදිරිපිට දිගු වේලාවක් ගත කරන පුද්ගලයින්ට රාත්‍රියට කිහිප වතාවක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීමට ඉඩ ඇති බවයි.

 Neurourology and Urodynamics සඟරාවට ලිපියයක් සපයන චීනයේ පර්යේෂකයෝ, 2011 සිට 2016 දක්වා එකතු කරන ලද ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණය කළ ආකාරය වාර්තා කරති.

සහභාගී වූවන් 13,294න් වයස අවුරුදු 20 සහ ඊට වැඩි අයගෙන් 32%ක් රාත්‍රියට දෙවරක් හෝ වැඩි වාර ගණනක් අවදි වී මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන බව කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර ස්කන්ධ දර්ශකය(body mass index), ජනවාර්ගිකත්වය, අධ්‍යාපන මට්ටම සහ පුද්ගලයන්ට දියවැඩියාව තිබේද නැද්ද යන්න ඇතුළු සාධක සැලකිල්ලට ගැනීමෙන් පසු, පර්යේෂකයන් විසින් රාත්‍රී අධිකව මුත්‍රා පහවීමේ ආබාධාය(nocturia) අත්විඳීමේ අවදානම  දිනකට රූපවාහිනිය හෝ වීඩියෝ නැරඹීම සඳහා පැය පහක් හෝ ඊට වැඩි කාලයක් ගත කළ අයගේ, පැයකට අඩුවෙන් නරඹන අයට වඩා 48% වැඩි බව සොයා ගන්නා ලදී.

“අපගේ අවබෝධයට අනුව, මෙම අධ්යයනය රූපවාහිනිය සහ/හෝ වීඩියෝ නැරඹීමේ කාලය සහ nocturia අතර සහසම්බන්ධතාවයේ පළමු ගවේෂණය නියෝජනය කරයි” යනුවෙන් පර්යේෂකයෝ සඳහන් කරති.

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ දිගු වේලාවක් රූපවාහිනිය නැරඹීම ‘nocturia’ අවදානම වැඩි කරන්නා වූ යාන්ත්‍රණය දුර්වල ලෙස වටහාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ දෙක අතර සම්බන්ධය ගැන කළ හැකි පැහැදිලි කිරීම් ගණනාවක්  ඔවුහු පෙන්වා දෙති.  දිගු වේලා රූපවාහිනී නැරඹීමේ සැසි,  2 වර්ගයේ දියවැඩියාව(type 2 diabetes) වර්ධනය වීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇතුවා සේම එය රාත්‍රියේ අධිකව මුත්‍රා පහවීමේ අවදානම් සාධකයක් වන අතර එකතැන වාඩි වී සිටින හැසිරීම කකුල් වල තරල රඳවා තබා ගැනීම සමඟ සම්බන්ධ වේ.  එය ද  දායක විය හැක.

“එපමනක් නොව, රූපවාහිනිය නැරඹීම සාමාන්‍යයෙන් බීම පරිභෝජනය සමඟ සමපාත වන අතර එය ඉහළ තරල පරිභෝජනයකට මඟ පාදයි,” පර්යේෂකයෝ ලියති. තවද ඔවුන් සඳහන් කරන්නේ ඇති විය හැකි වෙනත් අහිතකර බලපෑම් අතර දිගු වේලාවක් රූපවාහිනිය නැරඹීම මුත්රාශයේ අක්‍රියතාවයට(bladder dysfunction) හේතු විය හැකි ස්නායු ආබාධවලට තුඩු දිය හැකි බවත් රූපවාහිනිය නැරඹීම නිදියා ගන්නා  කාලසීමාවට මෙන්ම නිඳේ ගුණාත්මක  බවට බලපෑ හැකි බව ද ඇතුලත් බවයි.. .

“නිද්‍රාවේ ගුණාත්මක භාවය අඩුවීම ‘nocturia’ අත්විඳීමට සමීපව බැඳී ඇත,” ඔවුහු පෙන්වා දෙති.

හේතුව සහ බලපෑම ඔප්පු කළ නොහැකි වීම,  රූපවාහිනිය නැරඹීමේ පුරුදු සම්බන්ධ්යෙන් ඇතුළුව ස්වයං වාර්තා දත්ත මත රඳා පැවතීම ඇතුළුවඅධ්‍යයනයට සීමා ඇති බව පර්යේෂක කණ්ඩායම පිළිගනිති. 

එසේ තිබියේ වී නමුත් කණ්ඩායම පවසන්නේ සෞඛ්‍ය සත්කාරක සේවා වෘත්තිකයන් සබැඳිය(එකදිගට රූපවාහිනී නැරඹීම සහ රාත්‍රී අධික මුත්‍රා කිරීම අතර සම්බන්ධය)  ගැන රෝගීන්ට පැවසිය යුතු බවයි. “මෙම ඇති විය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීම පුද්ගලයන්ට ඔවුන්ගේ රූපවාහිනිය සහ/හෝ වීඩියෝ නරඹමින් ගත කරන කාලය ගැන වඩාත් සැලකිලිමත් වීමට දිරිගන්වයි,” ඔවුහු වාර්තාකරති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending