චර්යා ජාන විද්‍යාව(genetics of behaviour) යනු හැසිරීම් වල ජානමය පදනම මෙන්ම, බුද්ධිය, චිත්ත ස්වභාවය හෙවත් මනස්ප්‍රකෘටිය, ඉගෙනීම සහ සංජානනය වැනි මනෝවිද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කිරීමයි. චර්යා ජාන විද්‍යාව, විද්‍යාවක් ලෙස මතුවීමට බොහෝ කලකට පෙර මිනිසා චර්යාත්මක චරිත ගති ලක්ෂන සඳහා වරණීය අභිජනනය ප්‍රගුණ කළේය.  තෝරාගත් අභිජනනය හරහා සතුන්ගේ ජානමය පිහිටීම (ප්‍රවේණික ආකෘතිය) හසුරුවාලීමෙන් විවිධ පැතිවලින් ඔවුන්ගේ හැසිරීම වෙනස් කිරීම සතුන් හීලෑ කිරීමට ඇතුළත් විය. විවිධ වර්ගයේ සුනඛයන් සිත්ගන්නා උදාහරණයක් සපයයි, බොහෝ වර්ග චර්යාත්මක ලක්ෂණ සඳහා බිහිකරන ලදී – උදාහරණයක් ලෙස,  ස්පැනියල්  වැනි දඩයම් බල්ලන්,  සහ බැටළු බල්ලා වැනි වැඩට යොදා ගන්නා බල්ලන්.

පුරාණ ලෝකය ද පරම්පරාගතත්වය සහ හැසිරීම අතර සම්බන්ධය ගැන සැලකිලිමත් විය. ග්‍රීකයන් සුජනක විද්‍යාවෙන් අපේක්ෂා කළේ යුද්ධයේ හෝ වෙනත් සමාජීය වශයෙන් වටිනා ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන තරුණයන් ප්‍රජනනය කිරීමට දිරිමත් කළ යුතු බවත්, දුෂ්ට පුද්ගලයන් එසේ නොකළ යුතු බවත් යන ඔවුන්ගේ විශ්වාසය සමඟිනි. 

චර්යාවේ පාරම්පරික නැතිනම් ආවේනික සංරචකවල වැදගත්කම විසිවන සියවසේ මුල් භාගයේදී මනෝවිද්‍යාවේ බොහෝ මතආරවුල්වලට සහ න්‍යායකරණයන්ට ලක් වූ නමුත් ප්‍රත්‍යක්‍ෂ ආනුභවික කාර්යය එතරම් සිදු නොවීය. තර්කයන් ස්වභාවය සහ පෝෂණයකිරීම පිළිබඳ මතභේදය(the nature vs. nurture controversy) වටා කේන්ද්‍රගත විය; නැතහොත් වෙනත් වචනවලින් කිවහොත් පුද්ගලයෙකු විසින් පෙන්නුම් කරන ලද චර්යා රටාවන් උපතින් පසු උගත් ඒවා ද හෝ සහජයෙන් ලදඉඑවද යන්නය. ප්‍රකට ජාන විද්‍යාඥ William Bateson සමග එක්වෙමින් ඇතැමුන් විශ්වාස කළේ ස්වභාවික ජානමය වෙනස්කම් මගින් මිනිසුන්ව කලාකරුවන්, නළුවන්, ගොවීන්, සංගීතඥයන්, කවියන්, විද්‍යාඥයන්, සේවකයන් ආදී වශයෙන් වර්ගවලට වෙන් කරනු ලබන බවයි. අනෙක් අන්තයේදී, චර්යාවාදයේ(behaviourism) නිර්මාතෘ J. B.Watson සාඩම්බර ලීලාවෙන් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය සම්පන්න ළදරුවන් දුසිමක් ලබා දුන හොත් සහ ඒ වාගේම ඔවුන්ගේ වටපිටාව හැඩගස්වාලීමේ නිදහස ලබා දුන හොත්  වෛද්‍යවරයෙකු, නීතිඥයෙකු, වෙළෙන්දෙකු, කලාකරුවෙකු යනාදී වශයෙන්  ඕනෑම ආකාරයක විශේෂඥයෙකු වීමට ඕනෑම කෙනෙකුට පුහුණු කළ හැකි බවයි. මෙම එකිනෙකට තියුනු ලෙස ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිකෝණයන් නිසාවෙන් සිදුවූයේ චර්යාත්මක හා මනෝවිද්යාත්මක චරිත නිර්ණය කිරීමේදී ප්‍රවේණික සහ පාරිසරික සාධක අතරේ අත්‍යවශ්‍ය අන්තර් රඳා පැවැත්ම පිළිබඳ නිසි ඇගයීමක් සිදුකිරීම ප්‍රමාද වීමයි.  සාධක  දෙකම අත්‍යවශ්‍ය වන නමුත් එක් එක් සාධකයේ දායකත්වයේ තරම රඳා පවතින්නේ අදාළ චරිතය මත ය.

ජීවියා වර්ධනය වන සහ ජීවත් වන පරිසරයේ වෙනස්කම් සමඟ ජානවල බලපෑම් වෙනස් වේ. ප්‍රණීත භොජනය හා සම්බන්ධ සාදෘශ්‍යයකින් මෙය ඇගැයීමට ලක් කල හැකිය. කේක් එකක ඇති අමුද්‍රව්‍ය  සහ පිසින ආකාරය වෙනස් කිරීම යන දෙකින්ම කේක් එකක රසය, වයනය සහ ගුණය වෙනස් කළ හැකි නමුත් වෙනස් කරන ලද්දේ කුමක් දැයි කේක් ආහාරයට ගැනීමෙන්  පැවසීම සැමවිටම පහසු නොවේ. කේක් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සහ ඉවුම් පිහුම් යන දෙකම අත්‍යවශ්‍ය වේ, මන්ද දෙකම නොමැති වුවහොත් කේක් එකක් නොමැති නිසාය.  හැසිරීම් නැතිනම් චර්යා ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මෑත කාලීන පර්යේෂණ මගින් හැසිරීම් වල වෙනස්කම් ඇතිවීමට හේතු නිර්ණය කිරීම සහ චර්යා වර්ධනයේ යාන්ත්‍රණයන් ගවේෂණය කිරීම සඳහා ජානමය සහ පාරිසරික සාධකවල දායකත්වය හඳුනා ගැනීමට උත්සාහ කර ඇත.

උනන්දුවක් දනවන පුළුල් ක්ෂේත්ර දෙකක් තිබේ. පළමුවැන්න නම් ජෙනෝමය, (ක්‍රෝමසෝම හෙවත් වර්ණදේහ කට්ටලයක්) හැසිරීම් සමඟ සම්බන්ධ කරන මාර්ග සොයා ගැනීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජාන, ස්නායු පද්ධතියේ ගුණාංග සහ ක්‍රියාකාරීත්වය විශේෂිත්ව සඳහන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටළු ගැන සැලකිලිමත් වේ. දෙවැන්න පුද්ගලයා සහ ජනගහනය තුළ හැසිරීම් වලම ජානමය සංවිධානය, සහ හැසිරීම් වල ජානමය වශයෙන් පාලිත වෙනස්කම් ජනගහන වෙනස්කම් වලට සහ අවසානයේ පරිණාමීය වෙනස්කම් වලට තුඩු දෙන්නේ කෙසේද යන්නයි. 

ජීවියෙකුගේ ප්‍රවේණික හැඩගැස්ම, එහි ප්‍රවේණි දර්ශය (genotype) ලෙස හැඳින්වෙන අතර, ජීවියාගේ සංජානනය (හෝ උස, පෞරුෂත්වය හෝ බුද්ධිය වැනි මැනිය යුතු චරිතංගය) එහි රූපනුදර්ශය(phenotype) ලෙස හැඳින්වේ. ප්‍රවේණි විද්‍යාව බොහෝ දුරට උත්සුක වන්නේ ප්‍රවේණි දර්ශය සහ රූපනුදර්ශය අතර සම්බන්ධය පරීක්ෂා කිරීමටය. ප්‍රධාන ජාන රූපනුදර්ශයක් මත මැනිය හැකි බලපෑමක් ඇති තනි ජානයක්), සහ  (රූපනුදර්ශය  බලපෑම් ඇති කිරීමට බොහෝ ජාන අන්තර්ක්‍රියා කරන) බහුජාන අතර වෙනසක් දක්වනු ලැබේ. හැසිරීම් කෙරෙහි ජානමය බලපෑම් බොහොමයක් බහුජාන නිසා ඇතිවේ: බුද්ධිය හෝ චිත්තවේගීය බව වැනි අඛණ්ඩ විචල්‍ය චරිත ප්‍රතිඵලය වන්නේ තනි තනිව ඇත්තේ කුඩා බලපෑම්  නමුත් සමුච්චිත වන බහු ජානවල බලපෑම් මගිනි. 

ජනගහනයන් තුළ බහුජානයන්ගේ බලපෑම් අධ්‍යයනය කිරීම සම්බන්ධව ප්‍රමාණාත්මක හෝ ජෛවමිතික ප්‍රවේණි විද්‍යාව සැලකිලිමත් වේ. යම් නිශ්චිත රූපානුදර්ශයක් සම්බන්ධයෙන්, ජානමය සාධක හේතුවෙන් ජනගහනයක් විචල්‍යතා ප්‍රමාණය ආවේණිකතාව (හ්2) ලෙස හඳුන්වනු ලබන අතර, V /V සමීකරණය මගින් දක්වනු ලැබේ, එහිදී V යනු රූපානුදර්ශ විචල්‍යයේ එකතුව සහ V ජාන විචලනයේ එකතුව.යි. බහු ජානවල ලක්ෂණයක් වන්නේ ඒවායේ රූපානුදර්ශ ප්‍රකාශනය  —  උදාහරණයක් ලෙස, මනින ලද බුද්ධිය — පාරිසරික වෙනස් කිරීම් වලට යටත් වීමයි. සංවර්ධනයේ දී ජානමය සහ පාරිසරික සාධකවල අන්තර්ක්‍රියාව, ජනගහන තුළ දක්නට ලැබෙන දැවැන්ත විචල්‍යතාවයට මග පාදයි. තනි ජානයක හැසිරීම් වලට බලපාන උදාහරණ කිහිපයක් මිනිසා තුළ විස්තර කරනු ලැබ ඇත. ජනගහනයෙන් සියයට 30 කට පමණ ඉතා අඩු සාන්ද්‍රණයකින් ෆීනයිල්තියොකාබමයිඩ්(phenylthiocarbamide) නම් ද්‍රව්‍යයේ රස බැලීමට නොහැකිය.

දැන් මෙම ද්‍රව්‍යය රස විඳීමේ හැකියාව, සමජාතීය වර්ණදේහ මත ගෙන යන, TT යනුවෙන්  නම් කරන ලද ජාන යුගලයක ක්‍රියාකාරිත්වය නිසා ඇති බව දන්නා කරුණකි . සංයෝගය රස විඳිය නොහැකි පුද්ගලයින් තුළ, ජාන වෙනත් ආකාරයකින්, එනම් tt ලෙස පවතී.  Tt ප්‍රවේණි ව්‍යවස්ථාව සහිත විෂමයුග්මකයක්(heterozygote)  අදාළ පථයේදී (Locus = වර්ණදේහයක ජානයක ලිපිනය), සංයෝගය රස විඳිය හැක. මේ අනුව මෙම අවස්ථාවෙහිදී තනි T ජානයක බලපෑම, නිලීන t  අභිබවන බව කියනු ලැබේ. 

හැසිරීම් වල ජාන විද්යාව අධ්යයනය කිරීම සඳහා විවිධ ක්රම භාවිතා කර ඇත. පුළුල් ලෙස කථා කරන විට, ඒවා රූපානුදර්ශය සහ ප්‍රවේණිදර්ශය ලෙස බෙදිය හැකිය. රූපානුදර්ශීය ප්‍රවේශය සම්බන්ධයෙන් විමර්ශකයා චර්යාත්මක චරිතයකින් ආරම්භ කරන අතර එය සහ ජාන විචලනය අතර සම්බන්ධතාවයක් සොයා ගැනීමට උත්සාහ කරයි. ප්‍රවේණිදර්ශීය ප්‍රවේශයේදී විමර්ශකයා සම්මත ප්‍රවේණි වර්ගයකින් ආරම්භ කරන අතර ප්‍රවේණිදර්ශයේ සංරචක වෙනස් කිරීමෙන් හැසිරීම් වලට ඇති බලපෑම් පරීක්ෂා කරයි. ඊට උපයෝගීකරගන්නා ප්රධාන ක්රම ගැන ඊළඟ ලිපියෙන් සොයා බලමු.

NEXT: The principal methods used to study the genetics of behaviour

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending