
සම මත ඇති බැක්ටීරියා ගන්ධයන් නිපදවන අතර එය මදුරුවන් පලවා හැරීමට හෝ ආකර්ෂණය කර ගැනීමට ඉවහල් විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වේ. (Image credit: Joao Paulo Burini via Getty Images)
සමේ ක්ෂුද්‍රජෛවදර්ශය, මදුරු විකර්ෂක ලෙස භාවිතා කළ හැකි බවට අධ්‍යයනයකින් ඉඟි කෙරේ
සමේ ක්ෂුද්‍රජෛවදර්ශයෙහි සංයුතිය සියුම් ලෙස වෙනස් කිරීම, මදුරුවන් පලවා හැරීමට උපකාර කළ හැකි බව විද්‍යාගාර අධ්‍යයනයක දී විද්‍යාඥයෝ න්‍යායාත්මකව පෙන්වා දෙති.
අපගේ සමෙහි ගැවසෙන ක්ෂුද්‍ර ජීවීන් සියුම්ව වෙනස් කිරීම, මදුරුවන් අපට දෂ්ට කිරීමෙන් වලක්වා ගැනීමටත් එමඟින් මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීම වැළැක්වීමටත් ඵලදායී උපාය මාර්ගයක් විය හැකි බව නව අධ්‍යයනයක් ඉඟි කරයි.
මදුරුවන් මිනිසුන්ට දෂ්ට කිරීමට පෙර සමේ ඇති තෙල් සහ දහඩිය ග්‍රන්ථි මගින් නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඇතුළුව අපගේ අද්විතීය සුවඳ වෙත ඇදී එන බව විද්‍යාඥයෝ කලින් සිටම දැන සිටියහ. දහඩිය ග්‍රන්ථි ද විවිධ අණු මුදාහරින අතර සමේ ක්ෂුද්‍ර ජීවීහු පෝෂ්‍ය පදාර්ථ ලෙස භාවිතා කිරීමට ඒවා බිඳ දමයති. මෙම පෝෂ්‍ය පදාර්ථවල පරිවෘත්තිය විශේෂිත ගන්ධයන් සහිත කුඩා අණු මුදා හරින අතර ඒවාට මදුරුවන් ආකර්ෂණය කර ගත හැකිය .
මදුරුවන් පලවා හැරිය හැකි සමේ ක්ෂුද්‍ර ජීවියා විසින් ජනනය කරන රසායනික අධ්‍යයනයකින් දැන් නිවැරදිව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම, මෙම ස්වභාවික සුවඳ විලවුන්, චිකුන්ගුන්යා, ඩෙංගු, කහ උණ සහ සිකා වැනි රෝග බෝ කරන Aedes aegypti ලෙස හඳුන්වන විශේෂය පලවා හරියි.
ජර්නලයේ ජනවාරි 18 ප්රකාශයට පත් Scientific Reports හී පලවන, නව සොයාගැනීම් හඟවන්නේ ඇතැම් සුවඳ නිකුත් කිරීම සඳහා සමේ ක්ෂුද්‍රජෛවදර්ශය වෙනස් කිරීම මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් විය හැකි බවයි. න්‍යායාත්මකව ගත් විට, මෙම ප්‍රවේශය කෘතිම මදුරු විකර්ෂක භාවිතා කිරීමට වඩා ආරක්ෂිත විය හැකි බව පර්යේෂකයෝ පවසති. උදාහරණයක් ලෙස, රෝගබීජ පළවා හැරීමට ඉසින ද්‍රව්‍ය පැය කිහිපයකට පසු පහව ගොස් සමේ උත්කෝපයක් ඇති කළ හැකිය.
මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා නව මෙවලම් සොයා ගැනීමට පර්යේෂකයන් පෙලඹී ඇතයි අධ්‍යයනයේ පළමු කතුවරයා Iliano Vieira Coutinho-Abreu විද්‍යුත් තැපෑලෙන් Live Science වෙත පැවසීය. හෙතෙම, සැන් දියාගෝ හී, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකි. අපට නව මෙවලම් අවශ්‍ය වන්නේ සමහර මදුරු ගහන අතරේ කෘමිනාශකවලට ප්‍රතිරෝධය වර්ධනය වන නිසාත් පළිබෝධ රැගෙන යන පරපෝෂිතයන් ඖෂධ ප්‍රතිරෝධය වර්ධනය කරන නිසාත් යයි Coutinho-Abreu පෙන්වා දෙයි.. උදාහරණයක් වශයෙන් මැලේරියාව හටගන්වන පරපෝෂිතයන් දැක්විය හැකිය.
Coutinho-Abreu සහ සගයන් මිනිස් සමේ ක්ෂුද්රජෛවදර්ශය වෙත යොමු වූයේ එබැවිනි. “මිනිස් සමේ ක්ෂුද්‍ර ජීවියා වන මදුරුවන් වෙත මානව ආකර්ශනීය ඉඟිවන මිනිස් සමේ ජෛවදර්ශයේ ප්‍රභවය ඉලක්ක කර ගැනීම, මදුරුවන් දෂ්ට කිරීම් සහ රෝග සම්ප්‍රේෂණයෙන් ආරක්ෂා වීමට හේතු විය හැක,” ඔහු කියා සිටියි.

මිනිස් සම මත බහුලව දක්නට ලැබෙන ක්ෂුද්ර ජීවීන්ගේ පුළුල් කණ්ඩායම් දෙකක් වන Staphylococcus සහ Corynebacterium ගණයන්ට අයත් බැක්ටීරියා මාදිලි කිහිපයක් පර්යේෂක කණ්ඩායම විසින් වර්ධනය කරන ලදී. ඔවුන් සමේ ඇති තත්වයන්ට සමාන තත්වයන් තුළ බැක්ටීරියා වර්ධනය කර පසුව ක්ෂුද්ර ජීවීන් විසින් මුදා හරිනු ලබන “වාෂ්පශීලී” — බොහෝ විට ඉක්මනින් වාෂ්ප වන දුගඳ සහිත රසායනික ද්රව්ය — ඔවුහු ආකෘති ගත කලහ. තවද, A. aegypti මදුරුවන්ගේ හැසිරීම මත මෙම වාෂ්පශීලී ද්‍රව්‍යවල බලපෑම ඔවුහු පරීක්ෂා කළහ.
ඒ සඳහා කණ්ඩායම ඝෝෂාකාරී පළිබෝධකයන් සඳහා කුටියක් පිහිටුවීමට පියවර ගත්හ. කුටියේ එක් කෙළවරක දුගඳ හමන වාෂ්පශීලී සංයෝගයකින් ආලේප කරන ලද ප්ලාස්ටික් දැලක් තිබූ අතර අනෙක් කෙළවරේ සංසන්දනයකට ඉඩ සැලසෙන පරිදි ජලය වැනි ගන්ධය රහිත සංයෝගයක් සහිත ප්ලාස්ටික් දැලක් තිබුණි. ඉන්පසුව, ඔවුහු ගන්ධ රහිත සංයෝගයට සාපේක්ෂව එක් එක් සම් වාෂ්පශීල ද්‍රව්‍ය අසල මදුරුවන් ගත කරන කාලය මන්නහ.

A. aegypti
ඔවුන් මදුරුවන් පලවා හරින සමේ වාෂ්පශීලී ද්‍රව්‍ය තුනක් හඳුනාගෙන ඇත: 2-methyl butyric acid, 3-methyl butyric acid සහ geraniol. පළමු සුවඳ දෙක සාමාන්‍යයෙන් ඇපල් වැනි පලතුරු වල දක්නට ලැබෙන අතර පැඟිරි සහ රෝස තෙල්වල ප්‍රධාන සංඝටකය වන්නේ geraniol ය.
ලැක්ටික් අම්ලයට මදුරුවන් දැඩි ලෙස ඇදී යන බව ද පර්යේෂකයෝ තහවුරු කළහ. බැක්ටීරියාව මගින් නිපදවනු ලබන , දන්නා මදුරු ආකර්ශකයකි. සිත්ගන්නා කරුණ නම්, ඔක්ටනෝල් සහ ඇසිටික් අම්ලය වැනි සමේ වාෂ්පශීල සමහරක් ඒවා ලැක්ටික් අම්ලය සමඟ ඒකාබද්ධ කර ඇත්නම් මිස මදුරුවන් ඇද නොගැනීමයි. මෙයින් ඇඟවෙන්නේ සමෙහි ඇති අනෙකුත් රසායනික ද්‍රව්‍ය මදුරුවන් ආකර්ෂණය කරන ආකාරය කෙරෙහි ලැක්ටික් අම්ලය බලපාන බවයි.
මෙම ප්‍රතිපල මත පදනම්ව, කතුවරුන් යෝජනා කරන්නේ සමේ ක්ෂුද්‍රජෛවසමූදාය(microbiota) ආකර්ශනීය රසායනික ද්‍රව්‍ය සෑදීම නැවැත්වීමට හෝ විකර්ෂක රසායනික ද්‍රව්‍ය නිපදවීමට පුළුවන් වන සේ වෙනස් කළ හැකි බවයි. කෙසේ හෝ ලැක්ටික් අම්ලය අඩුවෙන් නිපදවීම සඳහා සමේ ක්ෂුද්‍රජෛවීදර්ශය වෙනස් කිරීම මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමට සහ එහි ප්‍රතිඵලයක් ලෙස මදුරුවන් මගින් බෝවන රෝග පැතිරීම වැළැක්වීමට උපකාරී වන බව ඔවුහු යෝජනා කරති.
Scientific Reports හී පළ වූ පත්‍රිකාව නිකුත් කිරීමෙන් පසු කණ්ඩායම, මෙම උපකල්පනයට සහය දක්වන නව ප්රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. කෙසේවෙතත් ඒවා තවමත් සමයුරු(peer)-සමාලෝචනයට ලක් කර නොමැත.
එම නව අධ්‍යයනයේ දී, “[අපි] මදුරුවන් සඳහා ප්‍රධාන ආකර්ශකයක් ලෙස ලැක්ටික් අම්ලයේ වැදගත්කම ඔප්පු කිරීම සඳහා මිනිස් සමේ පදිංචි බැක්ටීරියා දෙකක ලැක්ටික් අම්ල සංස්ලේෂණ මාර්ගයට අයත් ජානයක් ඉවත් කළෙමු,” Coutinho-Abreu පවසයි. මෙම ජානමය වශයෙන් නිර්මාණය කරන ලද බැක්ටීරියා රසායනාගාර මීයන්ගේ සමට යෙදීමෙන් දින ගණනාවක් මීයන් වෙත ආ මදුරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු විය.
“මෙම ප්‍රතිපල වලින් ගම්‍ය වන්නේ එවැනි සම බැක්ටීරියා වලින් ආවරණය කර ඇති පුද්ගලයින් වෙත ආහාර පතා මදුරුවන් පැමිනීමේ ප්‍රවණතාවය අඩු වන අතර, මදුරුවන් දෂ්ට කිරීම් සහ රෝග කාරක සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩු කරන බවයි,” Coutinho-Abreu කියා සිටින්නේ.
මීළඟ පියවරයන්ට මෙම ඉංජිනේරුමයවශයෙන් නිර්මිත බැක්ටීරියාව මීයාගේ සමට යෙදීමේ ආරක්ෂක් බව පරීක්ෂා කිරීම සහ මෙය A. aegypti හැර වෙනත් ඕනෑම මදුරු විශේෂයක් පලවා හරින්නේ දැයි පරීක්ෂා කිරීම ඇතුළත් වේ. ඉන් පසුව, Coutinho-Abreu කියා සිටියේ ඔවුන් අවසානයේ සමාන ප්‍රතිකාරයක් සඳහා මානව අත්හදා බැලීම් කරා යාමට බලාපොරොත්තු වන බවයි.

මෙම ලිපියෙහි අඩංගු තොරතුරු හුදෙක් දැනුවත් වීමේ අරමුණු සඳහා පමණක් වන අතර ඉන්, වෛද්ය උපදෙස් ලබා දීමට අදහස් නොකෙරේ.
Live Science(22nd February, 2024) හී පළවන The skin microbiome could be harnessed as mosquito repellent, study hints යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න