සාමාන්‍යය ගතහොත්, කාන්තාවන්ට වඩ පිරිමින් වේගයෙන් දුවන්නේ මන්දැයි සෙවීමේ දී Testosterone  ප්‍රධාන කාර්ය භාරයක් ඉ‍ටු කරයි Image credit: Dima Sidelnikov/Shutterstock)

පිරිමින් කාන්තාවන්ට වඩා වේගයෙන් දුවන්නේ ඇයි?

දිවීම යනු කිලෝමීටර 5ක දුර හෝ මැරතන් ධාවන තරඟයකදී වේඉවා,  ධාවන පථයක වේගවත්ව යමින් කණ්ඩායමක් වෙනුවෙන් හෝ ඔවුන්ගේ රට වෙනුවෙන් තරඟ කළත්, පිරිමි සහ ගැහැණු යන දෙඅංශයම ප්‍රිය කරන ක්‍රීඩාවකි. එනමුත් තරඟය් හො තරඟ ස්ථානය කුමක් වුවත්, පිරිමින් කාන්තාවන්ට වඩා වේගවත් වේලාවන් වාර්තාකිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම එක හා සමානව වෙහෙස මහන්සි වී පුහුණු වන විට, පිරිමින් සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා වේගවත් ධාවකයන් වන්නේ ඇයි?

ලොව වේගවත්ම පිරිමියා මීටර් 100 ධාවන ඉසව්වේදී ලොව වේගවත්ම කාන්තාවට පවා වඩා තත්පයක් පමණ වේගය වැඩිය. උසෙන් බෝල්ට් මීටර් 100 ධාවන ඉසව්ව තත්ත්පර 9.58 කින් නිම කරන ලද අතර, මේ ඉසව්වේ (පරලො සැපත්) ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්ගේ හොඳම කාලය තත්පර 10.49කි.

මෙම ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පල්හිලාවට පිළිතුර බහුවිධ නමුත් එය හෝමෝන සහ ශරීර ප්‍රමාණය සමඟ බොහෝ සම්බන්ධකම් ඇති බව වෛද්‍යවරු Live Science wetha පැවසීය. ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් වැඩිවිය පැමිණීමට පෙර, (ඔවුන්ගේ) ශරීරය තරමක් සමාන ය. කෙසේ වෙතත්, වැඩිවිය පැමිණීමේදී, පිරිමි ළමයින්ගේ ටෙස්ටොස්ටෙරෝන්(testosterone) එකවර වැඩිවීමක් ඇති වේ. HealthLine දක්වන අන්දමට, වැඩිහිටි වියේදී, සමහර පිරිමින්ට කාන්තාවන්ට වඩා 20 ගුණයක් ටෙස්ටොස්ටෙරෝන් ඇත.

ටෙස්ටොස්ටෙරෝන් භූමිකාවන් කිහිපයක් ඉටු කරයි, නව රුධිර සෛල සෑදීමට ශරීරයට දැන්වීම, අස්ථි සහ මාංශ පේශි ශක්තිමත්ව තබා ගැනීම සහ වර්ධන වේගය වේගවත් කිරීම ටෙස්ටොස්ටෙරෝන් භූමිකාවන් අතර වෙතැයි Society of Endocrinology දක්වයි.

“[කාන්තාවන්]  ටෙස්ටොස්ටෙරෝන් අඩුවෙන් නිපදවන නිසා, මාංශ පේශි සම්බන්ධයෙන් (කාන්තාවන් වන) අපට අවාසියක් ඇත,” කැලිෆෝනියාවේ Stanford Health Care හි සේවය කරන  ක්‍රීඩාවන්ට සම්බන්ධ ප්‍රාථමික සත්කාර සේවා වෛද්‍යවරියක් වන වෛද්‍ය Emily Kraus පෙන්වා දෙයි, “පිරිමින්ගේ මාංශ පේශි වැඩි ප්‍රමාණයක් ඇත.”

පිරිමියෙකුගේ පාදයේ මාංශ පේශී සියයට 80ක් පමණ වන අතර කාන්තාවකගේ පාදයේ ඇත්තේ මාංශ පේශී සියයට 60ක් පමණ වන බව Kraus පවසයි. එම අමතර මාංශ පේශි පිරිමින්ට වේගයෙන් ධාවනය කිරීමට උපකාර කළ හැකි බව ඇගේ අදහසයි. එසේම, පිරිමින්ගේ මාංශ පේශිවල වඩාත් විශාල, වේගයෙන් ඇඹරෙන මාංශ පේශි තන්තු ඇති අතර කාන්තාවන්ට වඩා වේගයෙන් ඇදී යාමට එය උපකාරී වන බව Kraus කියා සිටියි.

මීට අමතරව, පිරිමින්ට වඩා කාන්තාවන්ට එස්ටජන් වැඩි වන අතර එය පිරිමින්ට වඩා ශරීරයේ මේද ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීමට මග පාදයි. “එය ධාවන කාර්ය සාධනයේ දී [පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට] සුළු අවාසියකට තුඩු දිය හැකිය,” Kraus පෙන්වාදෙයි.

ශරීරයේ ප්ර්මානය හෙවත් විශාලත්වය තවත් සාධකයකි. සාමාන්‍යය ගත හොත්,  කාන්තාවන්ට පිරිමින්ට වඩා කුඩා පෙණහලු ඇත, එනම් ඔවුන්ගේ උපරිම ඔක්සිජන් පරිභෝජනය (VO2 max) අඩුය. වාඩි වී සිටින කාන්තාවක් සඳහා VO2 උපරිමය ශරීර ස්කන්ධයෙන් විනාඩියකට කිලෝග්‍රෑමයකට ඔක්සිජන් මිලිලීටර 33 ක්(33 ml/kg/min) පමණ වන අතර වාඩි වී සිටින තරුණ පිරිමියෙකුගේ විනාඩියකට කිලෝග්‍රෑමයකට ඔක්සිජන් මිලිලීටර 42(42 ml/kg/min) පමණ වන බව වේ,  Medicine and Science in Sports and Exercise සඟරාවෙහි 1998 දි පළ වූ අධ්‍යයනයක දැක්වේ.

ප්‍රභූ ධාවකයන් තුළ, VO2 උපරිමය ඉහළ නමුත් පිරිමින්  එහිදීත් කාන්තාවන් අභිබවා සිටී. මූලික වශයෙන්, “උපරිම වෙහෙස මහන්සි වී නිපදවන ඔක්සිජන් ප්රමාණය වුව කාන්තාවන්ට වඩා පිරිමින් තුළ වැඩි වේ,” Kraus කියයි. මෙයින් අදහස් කරන්නේ කාන්තාවන්ට තම මාංශ පේශිවලට ඔවුන්ට ලබා දිය හැකි ඔක්සිජන්  ප්‍රමාණය සැපයීම පිණිස වඩා වෙහෙස මහන්සි වී වැඩි යෙන් ඔක්සිජන් ආස්වාශ කළ යුතු බවයි.

කාන්තාවන්ගේ හදවත් ද පිරිමින්ට (පිරිමින්ගේ හදවත් වලට) වඩා කුඩා වේ, එයින් අදහස් කරන්නේ ඔවුන්ට තිබෙන්නේ වඩාත් කුඩා ආඝාත පරිමාවක් යන්න හෝ වම් කෝෂිකාවේ එක් පන්දනයක දී පොම්ප කරන ඔක්සිජන් සහිත රුධිර ප්‍රමාණය අඩු බවයි.

“[කාන්තාවන්ගේ] හෘද ස්පන්දන වේගය වැඩි වුවද, [කාන්තාවන්ට] ඇති අඩු ආඝාත පරිමාව සමතුලිත කිරීමට එය ප්‍රමාණවත් නොවේ,” Kraus  පවසයි. “හෘදය, රුධිරය පොම්ප කරන සෑම අවස්ථාවකදීම, එම රුධිර ප්‍රමාණය පිරිමියෙකුට වඩා ගැහැණියෙකු තුළ අඩු වේ.” ඒ කියන්නේ කාන්තාවන්ගේ මාංශ පේශීවලට අඩු රුධිර ප්‍රමාණයක් සහ ඔක්සිජන් අඩුවෙන් ලැබෙන බව යයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊටත් අමතරව ඇය  පවසන්නේ, රතු රුධිර සෛලවල ඇති ප්‍රෝටීන් මාංශ පේශි ඇතුළු ශරීරයේ පටක වලට ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් ද කාන්තාවන්ට අඩු වෙන් පිහිටා ඇති බවයි.

ජෛව යාන්ත්‍ර විද්යාව සහ ධාවනය

ජෛව යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල, සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා දිගු කකුල් පිරිමින්ට ඇත; එනම් ඔවුන්ට මාංශ පේශි සඳහා වැඩි ඉඩක් මෙන්ම දිගු පියවර ඇති බවඣොහ්න්ස් Hඔප්කින්ස් ඹෙඩිචිනෙ හි විකලාංග සැත්කම් පිළිබඳ සහකාර මහාචාර්ය සහ කාන්තා ක්‍රීඩා වෛද්‍ය වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය  Miho Tanaka පවසයි.

එපමණක්ද නොව, කාන්තාවන්ගේ උකුල් පුළුල් වීම නිසා ඔවුන්ගේ ධාවන ඉරියව්ව පිරිමියෙකුගේ තරම් කාර්යක්ෂම නොවන බව පෙන්වා දෙන Tanaka  “සෑම දෙයක්ම එක පෙළට ඇති විට මාංශ පේශි කාර්යක්ෂමව ක්රියා කරයි; ඔබේ උකුල් පිරිමියෙකුගේ මෙන් ඉතා පටු නම්, ඔබේ ඔබේ කලවා මාංශ පේශී(quads) ඔබේ ඉණෙන් කෙළින්ම, ඔබේ දණහිස පසුකර දිවෙයි. එය සරල රේඛාවක පිහිටා ඇත, එබැවින් එය ඔබ දුවන දිශාවටම ක්රියා කරයි.”

කෙසේ වෙතත්, පුළුල් උකුල් සහිත ධාවකයෙකුට “මාංශපේශී බොහෝ දුරක් හැරවිය යුතු වන හෙයින් එය මාංශ පේශි සඳහා ප්‍රශස්ත ක්‍රියාකාරිත්වයයි කිව නොවේ.”

පළල් උකුල් ඇති කාන්තාවන්ට දිවීමට නොහැකි බව මින් අදහස් නොවන නමුත් සාමාන්‍යයෙන් කාන්තාවන් දිවීමේ දී පිරිමින් තරම් වේගවත් නොවන්නේ මන්දැයි පැහැදිලි කරන බොහෝ සාධකවලින් එකක් එය බව Tanaka  පෙන්වා දෙයි.

කරුණු සාරාංශගත කර දක්වතොත්, කාන්තාවන්ගේ පෙනහළු සහ හදවත් පිළිවෙලින් ඔක්සිජන් ආශ්වාස කිරීමට සහ ඔක්සිජන් සහිත රුධිරය පොම්ප කිරීමට අඩු ධාරිතාවක් ඇති අතර, එම ඔක්සිජන් රැගෙන යාමට ඔවුන්ගේ රුධිරයේ අඩු හිමොග්ලොබින් ඇත. එපමනක් නොව, කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු කෘශ මාංශ පේශී සහ කෙටි පාද මෙන්ම පළල් උකුල් ඇති බැවින් ධාවනය,  කාර්යක්ෂම බවින් අඩු වේ.

“එය ඉතා ආකර්ෂණීයයි; මූලික වශයෙන් මෙම අවාසි තිබියදීත්, සමහර කාන්තාවන් තවමත් පිරිමින් සමඟ සසඳන විට තරමක් තරඟකාරී වේ,” Kraus කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending