
ස්පාඤ්ඤ පුරවැසියන් පිරිසක් 2023 ජූලි මාසයේදී මැඩ්රිඩ් හි ඡන්ද මධ්‍යස්ථානයක සිය මහ මැතිවරණ ඡන්ද ප්‍රකාශ කරති. (Juan Carlos Rojas/Anadolu Agency via Getty Images)
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ජනප්‍රිය නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය ගැන ලොව පුරා විවේචන
කාන්තාවන්, දිළිඳු පසුබිමක අය සහ තරුණ වැඩිහිටියන් වැඩි පිරිසක් තේරී පත්වී නිලතල දරන්නේ නම් තම රට යහපත් වනු ඇතැයි බොහෝ දෙනා පවසති
පර්යේෂණය සිදු කළ ආකාරය
මෙම Pew Research Center විශ්ලේෂණය උතුරු ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, ආසියා-පැසිෆික් කලාපය, උප-සහාරා අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ රටවල් 24 ක ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන නියෝජනය පිළිබඳ මහජන මතය කෙරෙහි අවධානය යොමු කරයි. දීර්ඝ කාලීන ප්‍රවණතා දත්ත සන්දර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තෘප්තිය විමර්ශනය කෙරේ. වාර්තාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩු ක්‍රම පිළිබඳ අදහස් ද ගවේෂණය කරයි. 2019 වසරෙන් පසු ගෝලීය ආකල්ප සමීක්ෂණයට කිරීටක වෛරසය පැතිරීම හේතුවෙන් ඇතුළත් නොකෙරුණු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල් ඇතුළත් කළ පළමු වසර මෙයයි.
එක්සත් ජනපද නොවන දත්ත වෙනුවෙන්, 2023 පෙබරවාරි 20 සිට මැයි 22 දක්වා සිදු කරන ලද වැඩිහිටියන් 27,285 දෙනෙකුගේ ජාතික නියෝජිත සමීක්ෂණ මත මෙම වාර්තාව පදනම්ව ඇත. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, ජපානය, යන රටවල සියලුම සමීක්ෂණ ඒවායේ වැඩිහිටියන් සමඟ දුරකථනය මාර්ගයෙන් පවත්වන ලදී. නෙදර්ලන්තය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය. හංගේරියාව, පෝලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, කෙන්යාව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවල අභිමුඛ(මුහුණට මුහුණ ලා) සමීක්ෂණ සිදු කරන ලදී. ඕස්ට්‍රේලියාව සඳහා, අපි මිශ්‍ර මාදිලියේ සම්භාවිතා පදනම් වූ සබැඳි(මාර්ගගත) පැනලයක්(mixed-mode probability-based online panel) භාවිතා කළෙමු.
එක්සත් ජනපදයේ, අපි 2023 මාර්තු 20 සිට 26 දක්වා එ.ජ. වැඩිහිටියන් 3,576ක් ගැන සමීක්ෂණය කළෙමු. මෙම සමීක්ෂණයට සහභාගී වූ සෑම කෙනෙක්ම PEW මධ්‍යස්ථානයේ, ඇමරිකානු ප්‍රවණතා පැනලයේ (American Trends Panel – ATP) සාමාජිකයෝ වෙති. පැනලය, ජාතික, නේවාසික ලිපිනයන් අහඹු නියැදීමක් හරහා බඳවා ගන්නා සබැඳි(ඹාර්ග ගත) සමීක්ෂණ මණ්ඩලයක් වේ. මේ ආකාරයෙන් සියලුම එක්සත් ජනපද වැඩිහිටියන්ට පාහේ තෝරා ගැනීමේ අවස්ථාවක් හිමිවේඉ. මෙම සමීක්ෂණය ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, වාර්ගිකත්වය, පක්ෂග්‍රාහී අනුබද්ධය, අධ්‍යාපනය සහ අනෙකුත් කාණ්ඩ අනුව එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනය නියෝජනය කෙරෙන අයුරු බර කර ඇත.
ඊශ්‍රායලයේ 2023 මාර්තු 15 සිට අප්‍රේල් 24 දක්වා සමීක්ෂණය සිදු කරන ලදී. ඒ, 2023 ඔක්. 7 වැනි දින ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය එල්ල කිරීමටත්, ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වීමටත් පෙරයි.
මෙම දත්ත එකතු කිරීමෙන් පසු රටවල් කිහිපයක ජාතික මැතිවරණ පවත්වා ඇත. ඉතා මෑතක දී, ඉන්දුනීසියාව 2024 පෙබරවාරි මාසයේ මහ මැතිවරණයක් පැවැත්වීය. ග්‍රීසිය සහ පෝලන්තය යන රටවල් දෙකම පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ අතර, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය 2023 දී මහ මැතිවරණ පැවැත්විණි. නයිජීරියාවේ, ක්ෂේත්‍ර වැඩ ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා මැතිවරණ පැවැත්විණි.
වාර්තාව පුරාම, අපි ප්‍රතිචාරකයන්ගේ ආදායම සහ අධ්‍යාපනය අනුව ආකල්ප විශ්ලේෂණය කරමු. ආදායම සඳහා, අපි මෙම තොරතුරු ලබා දුන් ප්‍රතිචාරකයන්(respondents) එක් එක් රට තුළ දළ වශයෙන් සමාන කණ්ඩායම් තුනකට බෙදා අඩු, මධ්‍යම සහ ඉහළ ආදායම් කාණ්ඩ වශයෙන් කණ්ඩායම් වර්ග නිර්මාණය කළෙමු.
රටවල් අතර අධ්‍යාපන කණ්ඩායම් සංසන්දනය කිරීම සඳහා, අපි අධ්‍යාපන මට්ටම් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රමිති වර්ගීකරණය (I International Standard Classification of Education – ISCED) මත පදනම්ව ප්‍රමිතිකරණය කරමු.
• ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල පහළ අධ්‍යාපන කාණ්ඩය යනු ද්විතීයික අධ්‍යාපනයට වඩා පහළ අය වන අතර ඉහළ කාණ්ඩය ද්විතීයික අධ්‍යාපනය හෝ ඊට ඉහළ වේ.
• පහළ අධ්‍යාපන කාණ්ඩය ද්විතීයික අධ්‍යාපනය හෝ ඊට පහළින් වන අතර උසස් කාණ්ඩය කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය, ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝව යන රටවල පශ්චාත් ද්විතීයික . හෝ ඊට වැඩි වේ.
• එක්සත් ජනපදයේ, පහළ අධ්‍යාපන ප්‍රවර්ගය යම් college මට්ටමේ හෝ ඊට පහළින් වන අතර ඉහළ කාණ්ඩය යනු college උපාධියක් හෝ ඊට වැඩි වේ.
වාර්තාව සඳහා භාවිතා කරන ලද ප්‍රශ්න, ප්‍රතිචාර සමඟින්, සහ සමීක්ෂණ ක්‍රමවේදය මෙතැhttps://www.pewresearch.org/global/wp-content/uploads/sites/2/2024/02/gap_2024.02.28_democracy-closed-end_topline.pdfන ක්ලික්කර ලබාගන්න්න.
පසුගිය වසර කිහිපය තුළ බොහෝ ජාතීන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය ලොව පුරා පුරවැසියන් අතර තව දුරටත් ජනප්‍රියව පවතී.
2023 දී Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සමීක්‍ෂණය කරන ලද එක් එක් රටවල් 24 න් පැහදිලි බහුතරයක්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් පුරවැසියන් විසින් තේරී පත් වූ නියෝජිතයන් විසින් නීති බවට පත්විය යුත්තේ කුමක් දැයි තීරණය කරණු ලබන, තම රට පාලනය කිරීමට තරමක් හොඳ හෝ ඉතා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස විස්තර කරයි.
කෙසේ වෙතත්, 2017 සිට බොහෝ ජාතීන් අතරේ, මෙම ආකාරයේ ආන්ඩු සඳහා වන උද්යෝගය ගිලිහී ගොස් ඇති අතර තවද, අධ්‍යයනයට ඇතුළත් රටවල් පුරා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සැලකිය යුතු විවේචන ඉස්මතු කරයි. :
• 59% ක මධ්‍යස්ථ පිරිසක්(A median) තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන සෑහීමකට පත් නොවෙති.
• 74% ක් සිතන්නේ තේරී පත් වූ නියෝජිතයන් තමන් වැනි මිනිසුන්(ඡන්දදායකයන්) සිතන දේ ගණන් නොගන්නා බවයි.
• 42% ක් පවසන්නේ තම රටේ කිසිදු දේශපාලන පක්ෂයක් තම මතය නියෝජනය නොකරන බවයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට මග සලස්වන්නේ කුමකින් ද? නැතිනම් කවුරුන්ද?
බොහෝ දෙනා පවසන්නේ කාන්තාවන්, දිළිඳු පසුබිමක අය සහ තරුණ වැඩිහිටියන් වැඩිපුර තේරී පත් වන නියෝජිතයන් නම් නිලධාරීන් නම් තම රටේ ප්‍රතිපත්ති දියුණු වනු ඇති බවයි.
වැඩිපුර කාන්තාවන් තෝරා ගැනීම කාන්තාවන් අතර විශේෂයෙන් ජනප්‍රිය වන අතර, වයස අවුරුදු 40 ට අඩු අය අතර වැඩිපුර තරුණයින් තෝරා පත්කරගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂයෙන් යොමු වේ.
වැඩි ව්‍යාපාරිකයින් සහ කම්කරු සංගම් සාමාජිකයින් තෝරා ගැනීමේ බලපෑම මත අදහස් වඩාත් මිශ්‍ර වේ.
සමස්තයක් වශයෙන්, ලෝක බැංකුව නිර්වචනය කර ඇති පරිදි මධ්‍යම ආදායම් ලබන රටවල් කිහිපයක (ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, මෙක්සිකෝව, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව), මෙම අදහස සාපේක්ෂ වශයෙන් ජනප්‍රිය වුවද, ආගමික වශයෙන් තේරී පත් වූ නියෝජිතයන් වැඩි සංඛ්‍යාවක් සිටීම කෙරෙහි ඇති උනන්දුව අඩුය..
මෙම වාර්තාව සඳහා, අපි 2023 පෙබරවාරි 20 සිට මැයි 22 දක්වා රටවල් 24ක පුද්ගලයන් 30,861ක් සමීක්ෂණය කළෙමු. මෙම සම්ස්ථ දැක්මට අමතරව, වාර්තාවට පරිච්ඡේ ද ඇතුළත් වේ:
• විවිධ වර්ගයේ ආණ්ඩුක්‍රම කෙරෙහි ආකල්ප
• දේශපාලන නියෝජනය පිළිබඳ අදහස්
• විවිධ පසුබිම්වලින් වැඩියෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ බලපෑම
• ප්‍රජාතන්ත්‍රවාදය සහ නිශ්චිත නායකයින් සහ පක්ෂ ශ්‍රේණිගත කිරීම් පිළිබඳව තෘප්තිමත් වීම
වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක් පහතින් දැක්වේ.
ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රවේශයන්ට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් ගොඩනැගෙන්නේ කෙසේද?
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, රටක් පාලනය කිරීම සඳහා හොඳ ක්‍රමයක් බව බොහෝ දෙනා විශ්වාස කළ ද, බොහෝ අය වෙනත් ආකාරයේ ආණ්ඩු සම්බන්ධයෙන් ද විවෘත මනසකින් සිටිති.
සෘජු ප්‍රජාතන්ත්‍රවාදය – ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් නොව, පුරවැසියන් ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් සෘජුවම ඡන්දය දෙන ක්‍රමයක් සමීක්ෂණය පැවැත් වූ සෑම රටකම පාහේ බහුතරයක් විසින් හිතකර ලෙස සලකනු ලැබේ.
වැදගත් තීරණ ගැනීමේ අයිතිය, තේරී පත්වන නියෝජිතයන් වෙත නොව ප්‍රවීණයන් වෙත පැවරෙන විශේෂඥ පාලනය(expert rule) ද බොහෝ රටවල ජනප්‍රිය විකල්පයකි.
තවද වඩාත් අධිකාරී ආන්ඩු ආකෘතීන්(authoritarian models of government) සඳහා ද, කැපී පෙනෙන සහයෝගයක් ඇත.
රටවල් 13 ක, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් හතරෙන් එකක් හෝ වැඩි ගණනක් සිතන්නේ ශක්තිමත් නායකයෙකුට පාර්ලිමේන්තුවේ හෝ අධිකරණයේ මැදිහත් වීමකින් තොරව තීරණ ගත හැකි ක්‍රමයක්, හොඳ පාලන ක්‍රමයක් බවයි. අධ්‍යයනයේ මධ්‍යම ආදායම් ලබන රටවල් අටෙන් හතරක ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩක්වත් මෙම අදහස ප්‍රකාශ කරති.
මධ්‍යම ආදායම් ලබන රටවල් අටේම මහජනතාවගෙන් තුනෙන් එකක් හෝ වැඩි ගණනක් ඇතුළුව මිලිටරි පාලනයට පවා සහයෝගය දක්වති. ග්‍රීසියේ, ජපානයේ සහ එක්සත් රාජධානියේ මිලිටරි පාලනය හොඳ ක්‍රමයක් විය හැකි බව 17% ක් ප්‍රකාශ කළත්, එක්සත් ජනපදයේ 15% ක් වශයෙන් මෙම මතය දරන නමුත් ඉහළ ආදායම් ලබන රටවල මෙම අදහසට සහයෝගය අඩුයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස්
අප අවසන් වරට 2017 දී ප්‍රතිචාරකයින්ගෙන් ප්‍රශ්නය ඇසීමෙන් අන්තුරුව, බොහෝ ජාතීන් තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ප්‍රබල සහයෝගය අඩු වී ගොස් ඇත.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කිරීමට ඉතා හොඳ ක්‍රමයක් ලෙස විස්තර කරන මහජනතාවගේ කොටස, 2017 වර්ෂයේ දත්ත ලබා ගත හැකි(ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ ප්‍රවණතා නොමැත) රටවල් 22 න් 11 ක සැලකිය යුතු ලෙස අඩු වී ඇත .

නිදසුනක් වශයෙන්, ස්වීඩන ජාතිකයින්ගෙන් 54% ක් 2017 දී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳ ප්‍රවේශයක් බව පැවසූ අතර අද මෙම මතය දරන්නේ 41% ක් පමණි.
ඊට වෙනස්ව, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශක්තිමත් සහයෝගයක් ජාතීන් තුනක (බ්‍රසීලය, මෙක්සිකෝව සහ පෝලන්තය) සැලකිය යුතු ලෙස ගොඩ නැගී ඇත.
ඒකාධිපති නායකත්වය පිළිබඳ අදහස්
ප්‍රබල නායකයෙකුට අධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව තීරණ ගත හැකි රජයක් සඳහා වන සහයෝගය 2017 වසරේ සිට රටවල් 22 න් 8 ක වැඩි වී තිබේ.
එය ඡන්දය ප්‍රකාශ කරන ලද ලතින් ඇමරිකානු රටවල් තුනේම මෙන්ම කෙන්යාව, ඉන්දියාව, දකුණු කොරියාව, ජර්මනිය සහ පෝලන්තයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ශක්තිමත් නායක ආකෘතියක් සඳහා වන සහයෝගය, අඩු අධ්‍යාපනයක් ඇති පුද්ගලයින් සහිත රටවල් සහ අඩු ආදායම් ලබන අය අතර විශේෂයෙන් බහුලව දක්නට ලැබේ.
වාමවාදී අයට වඩා, මතවාදී වශයෙන් දක්ෂිනාංශික අදහස් දරන මිනිසුන්, බොහෝ විට ශක්තිමත් නායකයෙකුගේ පාලනයට සහය දැක්වීම වැඩිය.
ප්‍රවීණයන්ගේ පාලනය(expert rule) පිළිබඳ අදහස්
බොහෝ රටවල, ප්‍රවීණයන් ප්‍රධාන තීරණ ගන්නා ක්‍රමයක් සඳහා වන සහයෝගය 2017 සිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙම ආණ්ඩු ක්‍රමය පිළිබඳ වර්තමාන අදහස් අවම ලෙස අර්ධ වශයෙන හෝ COVID-19 වසංගතය සමඟ සම්බන්ධ විය හැකිය. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ, මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් කොරෝනා වෛරසය පැතිරීමට ප්‍රතිචාර දැක්වීමේ දී හොඳ කාර්ය භාරයක් ඉටුකර ඇති බව විශ්වාස කරන අයගෙන් 59% ක් ප්‍රවීනයන්ගේ පාලනය හොඳ පද්ධතියක් යැයි සිතන අතර, ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත්නොවන අය හා සංසන්දනයේ දී එය 35% ක් පමණි.

තේරී පත් වූ නියෝජිතයන්, ඡන්දදායකයා හා පවත්වන සම්බන්ධය හීන බවට පුළුල් විශ්වාසයක් පැවතීම ඇතුළු තවත් සොයාගැනීම් ඊළඟ සතියේ.
PEW Research Centre වෙබ් අඩවියහි පෙබරවාරී 28 දා පළ වී ඇති Representative Democracy Remains a Popular Ideal, but People Around the World Are Critical of How It’s Working වාර්තාව ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න