දර්ශනවාදයේ සාමාන්‍ය භාවිතයන්

දර්ශනවාදයෙහි උගත් බොහෝ දේ සැබවින්ම වාගේ ඕනෑම ප්‍රයත්නයක් උදෙසා යොදා ගත හැකිය. මෙයට හේතුව දර්ශනවාද්ය බොහෝ විෂයයන් කෙරෙහි සැලකිලිමත වන නිසාත්, විශේෂයෙන් එහි බොහෝ ක්‍රම ඕනෑම ක්ෂේත්‍රයක භාවිත කළ හැකි නිසාත් ය.

පොදු ගැටළු විසඳීම

දර්ශනවාදය අධ්‍යයනය කිරීම, වෙනත් කිසිදු ක්‍රියාකාරකමකින් නොකෙරෙන ආකාරයට, කෙනෙකුගේ ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කරයි. සංකල්ප, නිර්වචන, තර්ක සහ ගැටළු විශ්ලේෂණය කිරීමට එය සිසුන්ට උපකාර කරයි. එය සිසුන්ගේ අදහස් සහ ගැටළු සංවිධානය කිරීමටත්, වටිනාකම් පිළිබඳ ප්‍රශ්න සමඟ කටයුතු කිරීමටත් මෙන්ම තොරතුරු ස්කන්ධයකින්(ගොඩකින්) අත්‍යවශ්‍ය දේ උකහා ගැනීමටත් දායක වේ. එය සිසුන්ට අදහස් අතර සියුම් වෙනස්කම් හඳුනා ගැනීමට සහ ප්‍රතිවිරුද්ධ ස්ථාන අතර පොදු පදනම සොයා ගැනීමට උපකාරී වේ. තවද එය  විවිධ අදහස් හෝ ඉදිරිදර්ශන ඒකාබද්ධ සමස්තයක් ලෙස සංස්ලේෂණය කිරීමට සිසුන්ට උපකාරී වේ.

සන්නිවේදන කුසලතා

ප්‍රකාශන සහ සන්නිවේදන ශක්තීන් වර්ධනය කිරීමට ද දර්ශනවාදය සුවිශේෂී දායකත්වයක් සපයයි. එය, අනෙකුත් ක්ෂේත්‍ර භාවිතා නොකරන හෝ අඩු වශයෙන් භාවිතා කරයන, ස්වයං-ප්‍රකාශනයේ මූලික මෙවලම් කිහිපයක් — උදාහරණයක් ලෙස, හොඳින් ගොඩනඟන ලද, ක්‍රමානුකූල තර්ක හරහා අදහස් ඉදිරිපත් කිරීමේ කුසලතා — ආදී මෙවලම් කිහිපයක් සපයයි. එය සිසුන්ට ඔවුන්ගේ අදහස්වල විශේෂණීය දේ ප්‍රකාශ කිරීමට උපකාරී වෙයි; දුෂ්කර කොටස් පැහැදිලි කිරීමට අවශ්‍ය ඔවුන්ගේ හැකියාව වැඩි දියුණු කරයි; සහ සිසුන්ගේ ලිවීමේ සහ කථනයේ සංදිග්ද්තා(ambiguities)  සහ අවිශදතාව(vagueness) බව ඉවත් කිරීමට උපකාරී වේ.

ඒත්තු ගැන්වීමේ(අනුනයී) බලය

දර්ශනවාදය පැහැදිලි සූත්රගත කිරීම්, යහ තර්ක සහ උචිත උදාහරණ ගොඩනැගීමේ පුහුණුව සපයයි. එමගින් කෙනෙකුට ඒත්තු ගැන්වීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උපකාරී වේ. සිසුහු, තමන්ගේම අදහස් ගොඩනගා ගැනීමට සහ ‍රැක ගැනීමට,  තරඟකාරී ආස්ථාන අගය කිරීමට, සහ විකල්පවලට වඩා තම අදහස් වඩාත් සුදුසු යැයි සලකන්නේ මන්දැයි ප්‍රභලව දක්වන්නට ඉගෙන ගනිති. මෙම හැකියාවන් දර්ශනවාදයේ කියැවීම්වලින් සහ ලියැවීම්වලින් පමණක් නොව, පරිපූර්ණ දාර්ශනික අධ්‍යාපනයක ප්‍රමුඛ කොටසක් වන, පන්ති කාමරය තුළ සහ ඉන් පිටත දාර්ශනික සංවාදය තුළින් ද වර්ධනය කර ගත හැකිය.

ලිවීමේ කුසලතා

බොහෝ දර්ශනවාදී පාඨමාලා වලදී ලිවීම සූක්ෂම ලෙස උගන්වනු ලබන අතර, නිතිපතා පැවරෙන බොහෝ දාර්ශනික පඨිථ, සාහිත්‍ය රචනා ලෙස අසමසම වේ. දර්ශනවාදය එහි අභියෝගාත්මක ග්‍රන්ථ පරීක්ෂා කිරීම හරහා අර්ථකථන ලිවීම , විකල්ප ආස්ථාන සඳහා සාධාරණත්වය අවධාරණය කිරීම හරහා සංසන්දනාත්මක ලිවීම, සිසුන්ට තමන්ගේම අදහස් තහවුරු කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීම තුළින් තර්කශීලී ලිවීම සහ සංයුක්ත උදාහරණ සවිස්තරාත්මක නිරූපණයක් හරහා විස්තරාත්මක ලිවීම උගන්වයි.  ව්‍යුහය සහ තාක්‍ෂණය එවිට, දාර්ශනික ලිවීමේදී අවධාරණය කෙරේ. ප්‍රතිභාව ද දිරිගන්වනු ලබන අතර,  සිසුන්ට ඔවුන්ගේ පරිකල්පනය භාවිතා කිරීමට සහ ඔවුන්ගේම අදහස් වර්ධනය කිරීමට සාමාන්‍යයෙන් උනන්දු කරනු ලැබේ.

අධ්‍යාපනික කටයුතුවලදී දර්ශනවාදයේ භාවිතයන්

දැන් විස්තර කෙරුණු දර්ශනවාදයේ සාමාන්‍ය භාවිතයන් පැහැදිලිවම විශාල ශාස්ත්‍රීය වටිනාකමක් ඇත. වැදගත්, අභියෝගාත්මක ගැටළු අවබෝධ කර ගැනීම සඳහා අසීමිත ගවේෂණයක් ලෙස දර්ශනවාදය පිළිබඳ අධ්‍යයනයට ආවේණික ප්‍රතිවිපාක ඇති බව පැහැදිලි විය යුතුය. එහෙත්,  විද්‍යාලය තුළ සහ උපාධිය ලැබීමෙන් පසු වෘත්තීයමය සහ පෞද්ගලික බොහෝ ක්‍රියාකාරකම් වලදී යම් අධ්‍යාපනයක් ගැඹුරු කිරීම වෙනුවෙන් දර්ශනවාදය තවදුරටත් භාවිතා වෙයි.

වෙනත් විෂයයන් අවබෝධ කර ගැනීම

මේ සඳහා දර්ශනවාදය නැතුවම බැරිය. විනයක් පිළිබඳ බොහෝ වැදගත් ප්‍රශ්න, එනම් එහි සංකල්පවල ස්වභාවය සහ වෙනත් විෂයයන් සමඟ ඇති සම්බන්ධය, එම විනයට අයත් නොවන්නාසේම සාමාන්‍යයෙන් එය එහි දී අනුසරණය නොකරන අතර  ස්වභාවයෙන් දාර්ශනිකය. නිදසුනක් වශයෙන්, විද්‍යාව පිළිබඳ දර්ශනවාදය, විද්‍යාත්මක ක්‍රියාකාරකම් වලින්ම ව්‍යුත්පන්න වූ ස්වභාවික හා සමාජ විද්‍යාවන් පිළිබඳ අවබෝධය සඳහා අතිරේකව අවශ්‍ය වේ. මානව ශාස්ත්‍ර අවබෝධ කර ගැනීමේදී සාහිත්‍ය දර්ශනවාදය සහ ඉතිහාස දර්ශනවාදය සමාන වටිනාකමකින් යුක්ත වන අතර කලාව පිළිබඳ අවබෝධය සඳහා කලා දර්ශනවාදය වැදගත් වේ. එපමනක් නොව, වෙනත් විෂයයන් විසින් භාවිතා කරනු ලබන සාක්ෂිවල විවිධ ප්‍රමිතීන් තක්සේරු කිරීමේදී දර්ශනවාදය අත්‍යවශ්‍ය වේ. දැනුමේ සියලුම ක්ෂේත්‍ර තර්කනය භාවිතා කරන අතර සාක්ෂි ප්‍රමිතීන් සැකසිය යුතු බැවින්, තර්ක ශාස්ත්‍රය සහ ඥානවිභාගාය මෙම සියලු ක්ෂේත්‍රයන් කෙරෙහි පොදු බලපෑමක් ඇත.  

පර්යේෂණ සහ විශ්ලේෂණවල යහපත් ක්‍රම වැඩි දියුණු කිරීම

අධ්‍යාපනයේ දර්ශනවාදයේ තවත් වටිනාකමක් වන්නේ උපකල්පන සැකසීමට, පර්යේෂණ කිරීමට සහ ගැටලු කළමනාකරණය කළ හැකි ස්වරූපයට පත් කිරීමට කෙනෙකුගේ හැකියාව කෙරෙහි එහි දායකත්වයයි. දාර්ශනික චින්තනය,  අදහස් සහ ගැටළු පැහැදිලිව සැකසීම, අදාළ දත්ත තෝරා ගැනීම සහ අදහස් සහ යෝජනා තක්සේරු කිරීම සඳහා වෛෂයික ක්රම දැඩි ලෙස අවධාරණය කරන්නේය.. පර්යේෂනය කිරීමේදී කෙනෙකුට හමුවන උපකල්පන සහ ප්‍රශ්න මගින් යෝජනා කරන ලද නව දිශාවන් පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීම ද එය අවධාරණය කරයි. දාර්ශනිකයන් ඔවුන්ගේ පූර්වගාමීන්ගේ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් මත නිතිපතා ගොඩනඟයි. දාර්ශනික පුහුණුවක් ඇති පුද්ගලයෙකුට ඕනෑම ක්ෂේත්‍රයක එලෙස එය කිරීමට පහසුවෙන් ඉගෙන ගත හැකිය.

NEXT: The Uses of Philosophy in Various Careers

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending