
සීනි එකතු කරන ලද බීම මෙන්ම, පැණිරස නොකළ තනිකර යුෂ ගැන ද අධ්‍යයනය මගින් සොයා බලනු ලැබීය. Photograph: Getty Images/iStockphoto
කෘතිමව පැණිරසකළ බීම, අක්‍රමවත් හෘද ස්පන්දන අවදානමට සම්බන්ධ බව අධ්‍යයනයකින් හෙළි වේ
චීන පර්යේෂකයන් පවසන්නේ බුබුළු නගන ඩයට් බීම පරිභෝජනයෙන් ධමනීය චිත්‍රාසන(atrial fibrillation) අවදානම 20% කින් තරම් ඉහල අගයකින් වැඩි කළ හැකි බවයි.
සතියකට ඩයට් සෝඩා ලීටර් දෙකකට වඩා හෝ වෙනත් කෘත්‍රිම පැණිරස බීම වර්ග පානය කිරීම, ඒ කිසිවක් නොබොන පුද්ගලයන් හා සසඳන විට භයානක අක්‍රමවත් හෘද ස්පන්දන අවදානම 20% කින් වැඩි කළ හැකි බව චීනයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්යයනයක දැක්වේ.
ෂැංහයි හි සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ එවැනි බීම වර්ග පානය කරන පුද්ගලයින්, ධමනීය චිත්‍රාසන (atrial fibrillation) ලෙස හැඳින්වෙන තත්වයකට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.
නිව් ජර්සි හි රොබට් වුඩ් ජොන්සන් විශ්ව විද්‍යාල රෝහලේ හෘද වාහිනී රෝග සහ හෘද රිද්මය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සහ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන තියඩෝර් මැග්ලියෝන් ගාඩියන් පුවත්පතට මෙසේ පැවසීය: “ධමනීය චිත්‍රාසන” යනු හදවතේ ඉහළ කුටීරවල අවුල් සහගත වෙව්ලීමකි. සාමාන්‍යයෙන් ඒවා ස්පන්දනය වන්නේ සංවිධානාත්මක ආකාරයටයි.”
Atrial fibrillation හෝ “A-fib” රෝග ලක්ෂණ, “තෙහෙට්ටුව, හුස්ම හිරවීම, [සහ] අභිස්පන්දනය(palpitations)” ඇතුළත් වේ, Maglione පවසයි.
A-fib බොහෝ විට ජානමය විය හැකි බව පෙන්වාදෙන Maglione වැදුරටත් පවසන්නේ, කෙසේනමුත් සමහර වෙනස් කළ හැකි අවදානම් සාධක ද ඇති බවයි.
“ඔබට පාලනය කළ නොහැකි සමහර දේවල් නම් ඔබේ ජාන සහ ඔබේ වයසයි — එපමණක් නොව, එය විශාල අවදානම් සාධකයක් ද වේ. ඔබට පාලනය කළ හැකි සමහර දේවල් අතර දුම්පානය, අධික රුධිර පීඩනය, දැක්වෙන අතර පාලනය කළ නොහැකි දේ අතර නින්දේ දී හුස්ම හිරවීම(sleep apnea), තරබාරුකම සහ පෝෂණය ඇතුළත් වේ, ”හෙතෙම කියයි.
A-fib මෙන්ම “හෘද-සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්” සම්බන්ධයෙන් රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමක පවතින බවට වග බලා ගැනීම වැදගත් බව Maglione ගේ අදහසයි.
“ආහාර සහ ව්‍යායාම මගින් අපි යම් යම් ක්‍රියා පටිපාටි සමඟ ප්‍රතිකාර කිරීමෙන් පසු ධමනීය චිත්‍රාසන (atrial fibrillation) පුනරාවර්තන අනුපාතය අඩු කරන බව පෙන්වා දී ඇත,” ඔහු පැවසීය.
“කෘත්‍රිම රසකාරක සහිත අඩු කැලරි හෝ ශුන්‍ය කැලරි හෙවත් කැලරි ඇත්තේම නැති සෝඩා, සාම්ප්‍රදායික කැලරි සහිත වන සෝඩාවලට වඩා සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව තවමත් හරි තීරණයක් නොමැත.”
A-fib සහ පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, කොලෙස්ටරෝල් සහ මේදය අධික ආහාර ගැනීමෙන් වැළකී සිටීම සහ නිතිපතා ව්‍යායාම කිරීම ප්‍රධාන බව Maglione කියයි.
“ප්‍රතිකාරයෙන් පසු ධමනීය චිත්‍රාසන (atrial fibrillation) හි පුනරාවර්තන හෙවත් නැවත හට ගැනීමේ අනුපාතය බෙහෙවින් අඩු වීම සමඟ, සුළු වශයෙන් බර අඩු වීම පවා සම්බන්ධ යයි,” ඔහු කියා සිටියි.
A-fib, රුධිර කැටි ගැසීම්, ආඝාත සහ අනෙකුත් හෘද ආශ්‍රිත සංකූලතා වලට ද හේතු විය හැක.
ආඝාතය යනු “බරපතල දිගු කාලීන ආබාධිත තත්ත්වයට ප්‍රධාන හේතුවකි” යි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – CDCs) පවසයි. එක්සත් ජනපදයේ ආඝාතය සඳහා ප්රධාන හේතුව වන්නේ ධමනීය චිත්‍රාසන(atrial fibrillation) වේ.

වයස අවුරුදු 65 ට වැඩි අයට A-fib සහ ආඝාතය වැනි හෘද රෝග සඳහා වැඩි අවදානමක් ඇති අතර, මෙම කණ්ඩායම, සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සහ කෘතිමව පැණිරස බීමවලින් වැළකී සිටීම වඩාත් වැදගත් වේ.
Maglione පවසන්නේ ධමනීය චිත්‍රාසන (atrial fibrillation) ජීවිතයේ පසුකාලීනව ඩිමෙන්ශියාව හෙවත් චිත්ත වික්ෂේපයේ මුල් අවස්ථාවට සම්බන්ධ විය හැකි බවට ද සමහර සාක්ෂි ඇති බවයි.
සීනි එකතු කරන ලද බීම වර්ග සහ දොඩම් යුෂ වැනි පැණිරස නොකළ තනිකර යුෂ ගැන ද අධ්‍යයනයෙන් සොයා බලන ලදී. සීනි එකතු කරන ලද පාන වර්ග A-fib අවදානම 10% කින් ඉහළ නංවන බව සොයා ගන්නා ලද අතර, පැණිරස නොකළ තනිකර යුෂ අවුන්ස හතරක් පමණ පානය කිරීමෙන් අවදානම 8% කින් අඩු විය.
Penn රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යා මහාචාර්ය Penny Kris-Etherton, CNN වෙත පවසන්නේ “A-fib අවදානම වැඩිවීම හා, කැලරි නැති සහ අඩු කැලරි රසකාරක සහ සීනි අඩංගු පාන වර්ග අතර සම්බන්ධයක් වාර්තා කරන පළමු අධ්‍යයනය මෙයයි” යනුවෙනි.
සෝඩා බීම උවදුර ඇතත් හෝ නැතත්, මැග්ලියෝන් කියා සිටින්නේ හදවතේ වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් බවයි.
“අක්‍රමවත් හෘද ස්පන්දනය හෝ අභිස්පන්දනය වැනි රෝග ලක්ෂණ ඔබට දැනේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න,” ඔහු දැනුම් දෙයි, “සාමාන්‍යයෙන් කල් ඇතිව මැදිහත් වීමෙන්, අපට ප්‍රතිකාර කිරීමේදී වඩාත් සාර්ථක විය හැකි නිසාවෙන් ආඝාතය වැනි ඕනෑම දෙයක් සිදුවීම වළක්වා ගත හැකිය.”
The Guardian (Tue 5 Mar 2024 19.20. Last modified on Wed 6 Mar 2024 ) හී පළ වන Artificially sweetened drinks linked to risk of irregular heartbeat, study finds යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න