ආක්ටික් කලාපයේ පළමු අයිස් රහිත දිනය පෙර ප්‍රක්ෂේපණවලට වඩා වසර 10 කට පෙර ළඟා විය හැකි බව අධ්‍යයනයෙන් හෙළි වේ.  Photograph: Anadolu Agency/Getty Images

ඉදිරි දශකය තුළ ආක්ටික් ප්‍රදේශයේ අයිස්වලින් තොර ගිම්හාන කාලයක් උදාවිය හැකි බව විද්‍යාඥයෝ පවසති

පොසිල ඉන්ධන විමෝචනය හේතුවෙන් 2035 තරම් මෑත භාගයකදී හිම වලසුන්, සීල් මසුන් සහ වල්රස්ගේ නිවහන (ආක්ටික් ප්‍රදේශය) වැඩිකොටම  ජලය පමනක් විය හැකිය.

2024 මාර්තු 5 16.00 ඝ්ඹ්ඨ්අවසන් ලෙස වෙනස් කරන ලද්දේ 2024 මාර්තු 6 වෙනිදා 02.31 ඝ්ඹ්ඨ්

ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් සිදුවන විමෝචනය හේතුවෙන් ඉදිරි දශකය තුළ   ආක්ටික් හී සම්පූර්නයෙන්ම පාහේ මුහුදු අයිස් නොමැතිව ගිම්හාන දින පැවතිය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙ හේතුව නිසාවෙන් හිම වලසුන්, සීල් මත්ස්‍යයින් සහ වල්රස්ගේ නිවහන වන අද්විතීය වාසස්ථානය, ග්‍රීෂ්ම මාසවලදී  “සුදු ආක්ටික්” සිට “නිල් ආක්ටික්” දක්වා  පරිවර්තනය කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. “අයිස් රහිත” සඳහා භාවිතා කරන ගණනය කිරීම වර්ග කි.මී. 1 ට වඩා අඩු වන අතර, එසේ වූ විට ආක්ටික් ප්‍රදේශය බොහෝ දුරට ජලයම වනු ඇත.

Nature Reviews Earth & Environment සඟරාවෙහි නව සොයාගැනීම් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඉන් යෝජනා කෙරෙන්නේ ආක්ටික් ප්‍රදේශයේ පළමු අයිස් රහිත දිනය පෙර ප්‍රක්ෂේපණවලට වඩා වසර 10 කට පෙර සිදු විය හැකි බවයි.

අප්‍රතිහත ධෛර්ය: ආක්ටික් මුහුදු අයිස් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ලන්දේසි ආරම්භක සමාගම් සැලසුමක සාර්ථක වේවිද?

අධ්‍යනයේ කතුවරුන් පවසන්නේ 2035 සිට 2067 දක්වා අඛණ්ඩව අයිස්වලින් තොර සැප්තැම්බර් මාසවල් අපේක්ෂා කළ හැකි බවයි. එම කාල සීමාව තුළ (අභාග්‍යය සිදුවන) නිශ්චිත වර්ෂය රඳා පවතින්නේ ලෝකය දහනය කරනු ලබන පොසිල ඉන්ධන ප්‍රමාණය කෙතරම් ඉක්මනින් අඩු කරයිද යන්න මතය.

ශතවර්ෂයේ අවසානය වන විට, ඉහළ විමෝචන තත්වයක් යටතේ මැයි සහ ජනවාරි අතර සහ අඩු විමෝචන තත්වයක් යටතේ අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා අයිස් රහිත තත්වයන් පැවතීම සඳහා විභවයක් පවතී.

Colorado Boulder  විශ්ව විද්‍යාලයේ වායුගෝලීය සහ සාගර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක් සහ පර්යේෂණයේ ප්‍රධාන කතුවරියක් වන Alexandra Jahn මෙසේ පවසයි: “මෙය ආක්ටික් ප්‍රදේශය සුදු ගිම්හාන ආක්ටික් සිට නිල් ආක්ටික් දක්වා සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක් බවට පරිවර්තනය කරනු ඇත. එබැවින් අයිස්වලින් තොර තත්ත්වයන් නොවැළැක්විය හැකි වුවද, දිගුකාලීන අයිස් රහිත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අපගේ විමෝචනය හැකි තරම් අඩු මට්ටමක තබා ගත යුතුය.

කෙසේ වෙතත්, මෙම ගැටළුව විසඳීමට හැකියාවක් පවතින බව ඇය කියා සිටියි.

“ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවක් සෑදීමට වසර දහස් ගණනක් ගත වූ බව ඇත්තයි, එහෙත්, වායුගෝලය උණුසුම් වීම ආපස්සට හරවන්නට හැකිවන අයුරින් අනාගතයේ දී  කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ආපසු ඇද ගැනීමේ ක්‍රමයක් අපට කල්පනා කිරීමට හැකිනම්,  අප  ආක්ටික් මුහුදේ සියලු අයිස් දිය කළත්, මුහුදු අයිස් දශකයක් ඇතුළත නැවත පැමිණෙනු ඇතැයි”, Jahn පෙන්වා දෙයි.

සිය වාසස්ථාන දිය වී යන විට දුක් විඳින්නේ ආක්ටික් වන සතුන් පමණක් නොවේ; වෙරළබඩ ජීවත් වන ජනතාවට ද එය බරපතල තර්ජනයක් වනු ඇත. මුහුදු අයිස් වෙරළ තීරයේ සාගර තරංගවල බලපෑම අඩු කරයි, එයින් අදහස් වන්නේ එය නැති වුවහොත් රළ වඩාත් ශක්තිමත් හා විශාල වන අතර තව තවත් ඛාදනය ඇති කරවන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending