අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සාගර චන්ද්‍රයන් වාසයෝග්‍ය වන්නට පුළුවන් අතර ඒවායේ අයිස් සහිත කවචවල ඊට සාක්ෂි තිබිය හැකිය
විද්‍යාඥයන් කල්පනා කරන්නේ ඇන්ටාක්ටික් අයිස් තටකවල දී(ice shelf) නිරීක්ෂණය කරන ලද ක්‍රියාවලියක් බ්‍රහසපතිගේ චන්ද්‍රයෙකු වන යුරෝපා සහ සෙනසුරුගේ චන්ද්‍රයා වන එන්සෙලාඩස් හි ද ක්‍රියාත්මක විය යුතු බවයි.

කැසිනි මෙහෙයුම විසින් ගන්නා ලද සෙනසුරුගේ චන්ද්‍රයා වන එන්සෙලාඩස්ගේ ඡායාරූප පෙළක්. ((Image credit: NASA/JPL-Caltech/Space Science Institute)
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සාගර සහිත චන්ද්‍රයන් ආවරණය කරන අයිස් කවචවල ඝනකම මෙම ගුප්ත වස්තු, ජීවය රඳවා ගත හැකිද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි බව නව අධ්‍යයනයක් යෝජනා කරයි.
කෝනෙල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනය ඇන්ටාක්ටිකාවේ අයිස් තටක හෙවත් තට්‍ටු මිනුම් වලින් අනුප්‍රාණය ලද්දේය. දිය යට දී රොබෝවරුන් විසින් සිදු කරන ලද මෙම මිනුම් මගින් අයිස්වල ඝනකමේ වෙනස්කම් සහ අයිස් යට ඇති ජලයේ උෂ්ණත්වය අතර සම්බන්ධය විශ්ලේෂණය කිරීමට මග පෑදීය. ඉතින්, මෙම නිරීක්ෂණ සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන් සම්බන්දයෙන් යෙදිය හැකි නම් කල හැකි දේවල් ගැන පර්යේෂක කණ්ඩායම කල්පනා කරන්නට විය.
එවැනි මිනුම් පෘථිවි කක්ෂයේ සිට සිදු කළ හැකි නම්, සමහර විට ඒවා අපගේ ග්‍රහලෝකයෙන් ඔබ්බට ඇති සාගර ලෝකවල අයිස් කබොල සහ එහි ඇතුළත යටින් පවතින සාගර අතර සම්බන්ධය පිළිබඳ අවබෝධයක් ලබා දිය හැකිය. එය අනෙක් අතට, මෙම ලෝකවල විභව(තිබිය හැකි) වාසභූමි පිළිබඳ යම් ඉඟි ලබා දිය හැකිය.


“අපට මෙම අයිස් කවච හරහා ඇති ඝනකමේ විචලනය(වෙනස) මැනිය හැකි නම්, අපට සාගරවල උෂ්ණත්ව සීමාවන් ලබා ගත හැකිය, ඒවා තුළට විදීමකින් තොරව මේ සඳහා තවමත් වෙනත් ක්‍රමයක් නොමැත,” ඡොර්නෙල්ල් විශ්ව විද්‍යාලයේ, තාරකා විද්‍යාව සහ පෘථිවිය සහ වායුගෝලීය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Britney Schmidt සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. “මෙය අපට මෙම සාගර ක්‍රියා කරන ආකාරය සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා තවත් මෙවලමක් ලබා දෙයි. කෙසේවැතත්, මතුවන ප්‍රධාන ප්‍රශ්නය නම්, එහි දැනටමත් ජීවීහු සිටිත් ද, එසේත් නැතිනම්ජීවයට පැවතිය හැකි ද?”
ආශ්‍රිත කාරණා: සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහයාගේ අයිස් සහිත චන්ද්‍රයන් මත ‘cryobots’ යෙදවීමට නාසා ආයතනය සැලසුම් කරයි. සෙනනසුරුගේ එන්සෙලාඩස් හෝ බ්‍රහස්පතිගේ යුරෝපාඅ සහ ගැනිමීඩ් වැනි අයිස්වලින් වැසී ගිය චන්ද්‍රය, ඒවායේ අයිස් මිදුණු පෘෂ්ඨයන් යටතේ දැවැන්ත සාගර පවතින බව විශ්වාස කෙරේ.
මෙම සාගරවලින් සමහරක් ජීවීන්ගේ මතුවීම පිණිස හිතකර කොන්දේසි තිබිය හැක. මෙම ලෝක, සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවියට ඔබ්බෙන් යම් ආකාරයක ජීවයක් සඳහා සත්කාරකත්වය සැපයීමට ඇති ඉඩකඩ සහිත වස්තූන් කිහිපයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, එය එසේ වුවද, එක් එක් කබොල සැතපුම් 10 (කිලෝමීටර් 16) ට වඩා ඝනකම විය හැකි අයිස් කබොල යට එවැනි ජීවිය හඳුනා ගැනීම සංකීර්ණ තාක්ෂණික අභියෝගයක් මතු කරයි.
අපේ පෘථිවි ග්‍රහලෝකයට බොහෝ ඈතින් පිහිටා ඇති මෙතරම් ඝනකම කවචයක් යට ජීවය ඇත්දැයි විද්‍යාඥයන් එබිකම් කර බලන්නේ කෙසේද?
මෙම වසර අගදී දියත් කිරීමට නියමිත NASA හි Europa Clipper වැනි මෙම අයිස් සහිත ලෝක වෙත ගමන් කරන අභ්‍යවකාශ යානා, ඒවායේ නවීනතම උපකරණ භාවිතාකොට ප්‍රස්තූත කාරනාව පිළිබඳ පිළිතුරු සැපයීමට හැකි වනු ඇතැයි සැලකේ. එහෙත්, ඔවුන් විශේෂයෙන් සොයා බැලීමට අවශ්ය විය හැක්කේ කුමක් ද?
කණ්ඩායමේ ඇන්ටාක්ටික් නිරීක්ෂණ මගින් පෙන්නුම් කළේ සාගරයට ඉහළින් ඇති අයිස් කබොල සහ යටින් පවතින ජල ස්කන්ධය අයිස් පොම්ප කිරීම ලෙස නම් කරන ලද ක්‍රියාවලියක් හරහා අන්තර්ක්‍රියා කරන බවයි. පර්යේෂකයන් පවසන පරිදි අයිස් ඝනකමේ වෙනස්කම්, ද්රව ජලය විවිධ පීඩනයන්ට ලක් වන අතර එය ජලයේ ද්රවාංකය(melting point) සහ හිමාංකයට( freezing point) බලපායි. ඉහළින් ඝන අයිස් තට්ටුවක් සමඟ, පීඩනය වැඩි වන අතර හිමාංකය අඩු වේ, එයින් අදහස් කරන්නේ ජලයෙන් යටව ඇති අයිස් සමහර විට දිය විය හැකි බවයි. අයිස්වලින් මුදා හරින ජලය එහි වටපිටාවට වඩා උණුසුම් වනු ඇත, එයින් අදහස් වන්නේ එය ඉහළට ගලා ගොස් අයිස් කවචයේ මතුපිටට සමීපයේ දී යළි මිදෙන බවයි. ඒ තමයි අයිස් පොම්ප කිරීම.

අයිස්මය සඳට ඉහලින් Europa Clipper පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිදර්ශනයක්. (Image credit: NASA/JPL-Caltech)
පර්යේෂකයන් පවසන්නේ, මෙම යාන්ත්‍රණය “අද්විතීය අයිස් සංයුති සහ වයනය ඇති කරන අතර පෘථිවියේ උප-අයිස් වාසස්ථාන ව්‍යාප්තිය කෙරෙහි බලපෑම් ඇති කරන්නෙය” යනුවෙනි
ඔවුන් විශ්වාස කරන්නේ එම අයිස් පොම්ප කිරීමේ ක්‍රියාවලිය යුරෝපා, එන්සෙලාඩස් සහ ගනිමීඩ් මත – සමහර විට සෙනසුරුගේ චන්ද්‍රයා වන ටයිටන් මත පවා ක්‍රියාත්මක විය හැකි බවයි.
“අයිස් කවචයේ හැඩය සහ සාගරයේ උෂ්ණත්වය අතර සම්බන්ධයක් තිබේ,” Schmidt පෙන්වාදෙයි, “මෙය යුරෝපා සහ අනෙකුත් අයිස්මය ලෝකවලින් සොයා ගැනීමට අප බලාපොරොත්තු වන අයිස් කවච මිනුම් වලින් වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන නව ක්‍රමයකි.”
2004 සහ 2017 අතර සෙනසුරු සහ එහි චන්ද්‍රයන් වටා පරිභ්‍රමණය වූ නාසා හි කැසිනි ගවේෂණ යන්ත්‍රය මගින් සිදු කරන ලද එන්සෙලාඩස් අයිස් කවචයේ මිනුම්වලින් පෙනී යන්නේ එම සඳ මතුපිටට යටින් ඇති සාගරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 30 ත් 29.7 ත් අතර (සෙල්සියස් අංශක සෘණ 1.095 සහ සෘණ අංශක 1.272ක් අතර) විය හැකි බවයි. සඳ වටා උෂ්ණත්වය වෙනස් වන ආකාරය අවබෝධ කර ගැනීම සාගරයේ සංසරණය සිතියම්ගත කිරීමට උපකාරී වන අතර එමඟින් එහි වාසයෝග්‍යතාව පිළිබඳව අවබෝධයක් ලබා දිය හැකි බව පර්යේෂකයෝ පවසති.
එන්සෙලාඩස් යුරෝපා චන්ද්‍රයාට වඩා කුඩා බැවින් එහි ඇත්තේ දුර්වල අයිස් පොම්ප කිරීමේ බලපෑමක් වීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ කල්පනා කරති
අධ්‍යනය, Journal of Geophysical Research(භූ භෞතික පර්යේෂණ සඟරාවේ) පෙබරවාරි කලාපයේ පළ විය.

මේ අතර, නාසා ජූනෝ අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ අයිස් චන්ද්‍රයා වන යුරෝපා මත ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟි ලබා ගැනීමට සමත් වී යයි මේ වසරේ ජනවාරි අග වාර්තාවිය.
1995 සිට 2003 දක්වා බ්‍රහස්පති අධ්‍යයනය කළ නාසා මීට පෙර අභ්‍යාශ ගත කල ගැලීලියෝ අභ්‍යවකාශ යානයෙන් ලබාගත සමාන විභේදනයකින් යුතු පින්තූර සමඟ සැසඳීම් “ප්ලැටිපස්” ප්‍රදේශයේ දකුණු කොටසෙහි වෙනස්කම් යෝජනා කරයි. ගැලීලියෝ ඡායාරූප ගත් දා සිට යුරෝපා මතුපිට වෙනස්කම් සිදුවන්නට ඇතැයි මෙය ඉඟි කරයි.
කෙසේ වෙතත්, නාසා හි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ (Jet Propulsion Laboratory – JPL) Heidi N. Becker ගේ නායකත්වයෙන් යුත් කතුවරුන් කණ්ඩායම ප්‍රකාශ කරන්නේ අනුරූපවල ගුණාත්මක භාවය සහ තත්ත්‍වයේ වෙනස්කම් හේතුවෙන් සාක්ෂි නිසැක නොවන බවයි. නිසැක නොවන නමුත්, යුරෝපා චන්ද්‍රයා වර්තමාන මතුපිට ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සහ තහවුරු කිරීම සඳහා වන NASA හි Europa Clipper මෙන්ම යුරෝපයේ JUICE වැනි අනාගත මෙහෙයුම් සඳහා Platypus බලගතු ඉලක්කයක් තබයි.
JUICE, 2023 අප්‍රේල් මාසයේදී දියත් කරන ලද අතර 2031 දෙසැම්බර් මාසයේදී බ්‍රහස්පති වෙත පැමිණෙනු ඇත. Europa Clipper මේ වසරේ ඔක්තෝබර් 6 වන දින Falcon Heavy රොකට්ටුවකින් දියත් කිරීමට නියමිතය.
Space.com වෙබ් අඩවියේ 2024 මාර්තු 5 දා පළ වූ Our solar system’s ocean moons may be habitable — and their icy shells could hold proof සහ එම වෙබ් අඩවියේම NASA Juno spacecraft picks up hints of activity on Jupiter’s icy moon Europa යන ලිපි ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න