සාමාන්‍යයෙන් වයස අවුරුදු 3 ට පෙර සිට කිසිවක්  මිනිසුන්ට මතක නැති අතර දරුවන්ගේ මතක හැකියාවන් වයස අවුරුදු 7 පමණ වන තුරු සම්පූර්ණයෙන් පරිණත නොවේ. Basel විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ Flavio Donato  විශ්වාස කරන්නේ  මුළු ජීවිත කාලය පුරාම නැවත නොපෙන්වන තරම් අනුපාතයකින් මොළය උගෙනනීම කරන කාලය තුළ මතකයන් මොළයේ රැඳී ඇති බවක් පෙණි යන්නෙය යනුවෙනි. වසර ගණනාවක් තිස්සේ පර්යේෂකයන් උපකල්පනය කළේ ළදරුවන්ගේ මොළය සදාකාලික මතකයන් සෑදීමට තරම් පරිණත නොවන බවයි. මෙය ජීව විද්‍යාත්මක පරිණත භාවයක් ද නැතහොත් තනි පුද්ගලයෙකු ලෙස තමා පිළිබඳ හැඟීමක් නොමැතිකම හෝ භාෂාව භාවිතා කිරීමේ හැකියාව වැනි වඩා මනෝවිද්‍යාත්මක දෙයක් ද යන්න පිළිබඳ න්‍යායන් අපමනය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විශ්වාස කළේ ළදරුවන් මතකයන් ඇති කරන  නමුත් මොළය ඒවා යටපත් කරන නිසා උපතේ මනෝලිංගික අත්දැකීම අපට අමතක වන අතර එය. “බිළිඳු විස්මෘතිය”(“infantile amnesia”) ලෙස හැඳින්වේ

නව පර්යේෂණ යෝජනා කිරීමට පටන් ගෙන ඇත්තේ මොළයට වයස අවුරුදු 3 ට පෙර මතකයන් නිර්මාණය කළ හැකි බවත්, එය, වැඩිහිටි මතකයන්ට වඩා වෙනස් ආකාරයකින් විය හැකි බවත්, එම මතකයන් වැඩිහිටි විය දක්වා පැවතිය හැකි බවත්ය. බිළිඳු විස්මෘතිය පවතින්නේ මන්දැයි කිසිවෙකුත් හරි හැට් දන්නේ නැත; නමුත් අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ වෙනත් බොහෝ ක්ෂීරපායින් ද එය අත්විඳින බවයි, එයින් අදහස් කරන්නේ එය යම් පරිණාමීය අරමුණක් ඉටු ඉ‍ටුකරනවා විය හැකි බවයි.

මොළයේ වර්ධනයේ ස්වාභාවික ක්‍රියාවලියක් වන ළදරු මතකය ජීවිතයේ සත්‍යයක් ලෙස පුළුල් ලෙස පිළිගෙන ඇත. මුල් මතකයන් අමතක වන්නේ කෙසේද, ඒවා අපගේ පසුකාලීන ජීවිතය හැඩගස්වා ගන්නේ කෙසේද, ආසාදන සහ ආතතිය වැනි සාධක ජීවිත කාලය පුරාවට මතක ශක්තියට බලපාන්නේ කෙසේද සහ ප්‍රවේශ විය නොහැකි මතකයන් නැවත සක්‍රිය කළ හැකිද යන්න තේරුම් ගැනීමට පර්යේෂකයෝ දැන් පරීක්ෂණ පවත්වති. ඔවුහු, කෘන්තකයන්ගේ මතකයන් හැසිරවීමට (නියුරෝන සහ අනෙකුත් සෛල වර්ග වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා ආලෝකය භාවිතා කරන ජීව විද්‍යාත්මක තාක්ෂණයක් වන) “දෘෂ්‍යජානවිදයාව”(“optogenetics”) වැනි නවීන මෙවලම් භාවිතා කරති. මුල් මතකයන් අමතක වන ආකාරය, එම මුල් මතකයන් අපගේ පසුකාලීන ජීවිතය හැඩගස්වන ආකාරය සහ ප්‍රවේශ විය නොහැකි මතකයන් නැවත සක්‍රිය කළ හැකිද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද බලාපොරොත්තු වේ.

මාස 18-24 අතර ළමුන් කෙරෙහි අවධානය යොමු කරමින් මානව සංවර්ධනය සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ප්‍රලෝකන අධ්‍යයනයක් සිදු කෙරේ. කලින් සිදු කල අධ්‍යයනයන් මිනිසුන්ට ඔවුන්ගේ මුල් මතකයන් සිහිපත් කරන ආකාරය සොයා බැලූ බැවින්, කාලයත් සමඟ තොරතුරු මතක තබා ගැනීමේ දී දරුවන්ගේ හැකියාව වර්ධනය වන ආකාරය මෙමඅධ්‍යයනයෙන් මනිනු ඇත. අධ්‍යයනයෙන් ළමුන් 360කු,  මාස 6ක් තිස්සේ නිරීක්ෂණය ඇති අතර, ඔවුන්ගේ මතක ශක්තිය ළමා කාලය තුළ වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට සහ විද්‍යුත් බාහික රේඛය (electroencephalography  – EEG) මගින් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය මැන බැලීමට සිදු වේ. ළදරු පාසලේ වර්ගය, භාෂා හැකියාවන් සහ ගර්භණී සමයේදී දරුවාගේ මවට COVID -19 වැළඳී තිබේද යන්න වැනි මොළයේ වර්ධනයට බලපෑම් කළ හැකි සාධක පිළිබඳ ප්‍රශ්නාවලිය දෙමාපියන් විසින් පුරවනු ඇත.

මානව සංවර්ධනය සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ Sarah Power  විසින් කරන ලද අධ්‍යයනයේ අරමුණ වන්නේ වර්ධනය වන මොළය ප්‍රවේශ විය හැකි දිගු කාලීන මතකයන් සෑදීමේ හැකියාව ක්‍රියාත්මක කරන්නේ කොයි වකවානුවේ ද යන්න තීරණය කිරීමයි. මුල් දත්ත පෙන්නුම් කරන්නේ මෙය මාස 20 කින් පමණ සිදු වන බවයි. ඒ ඒ කාමරයේ නිශ්චිත ස්ථානයක්,  සෙල්ලම් බඩුවක් සමඟ සම්බන්ධ කිරීමට ඉගෙන ගන්නා දරුවන්ට මාස 6 ක් දක්වා එම තොරතුරු මතක තබා ගත හැකි අතර ඊට වඩා වයසින් අඩු දරුවන්ට එය මාස 1 ක් පමණ මතක තබා ගත හැකිය. මෙම අධ්‍යයනය කෘදන්තකයන් තුළ මතකය පරීක්ෂා කිරීමට භාවිතා කරන රසායනාගාර පරීක්ෂණවල, වඩාත් ළමා හිතකාමී අනුවාදයකි

බිළිඳු විශ්මෘතිය බලපාන්නේ යම් යම් ආකාරයේ මතකයන්, විශේෂයෙන් සන්දර්භීය මතකයන් සඳහා පමණි, , සන්දර්භීය මතකයන්ට,  සිදුවන සිදුවීම් සමඟ පරිසරයේ පිරිසැලසුම වැනි ඉඟි සම්බන්ධ කිරීම ඇතුළත් වේ. මිනිසුන් තුළ, අමතක වූ මතකයන් උපාඛ්‍යාන රූපී මතකයන්, නිශ්චිත සිදුවීමක් සිදු වූ ස්ථානය සහ කවදාද යන්න පිළිබඳ සවිඥානක මතකයන් ඇතුළත් වේ. ගැටවර මොළයට ශබ්දාර්ථ මතකයන් සහ කුසලතා පිළිබඳ චාලක මතකයන් ඇතුළුව වෙනත් ආකාරයේ මතකයන් සිහිපත් කළ හැකිය.

මතක පද්ධතියේ විවිධ කොටස්වල වර්ධනයට පාදකව පවතින ස්නායුක කාලසටහනක් තිබිය හැකිය. සරලම පැහැදිලි කිරීම වූයේ, මොළයේ ප්‍රධාන සැකසුම් මෙන්ම එපිසෝඩික් සහ සන්දර්භීය මතකයන් ගබඩා කරන ස්ථානය වන හිපොකැම්පසයට, එක්කෝ මෙම මතකයන් ගබඩා කළ නොහැක නැතහොත් මුලින්ම ඒවා සෑදීමේ හැකියාවක් නැත.

අපට සවිඥානිකව ඒවාට ප්‍රවේශ විය නොහැකි වුවද, කලින් මතකයන් (නොනැසී) රැඳී තිබිය හැකි බවට මනෝවිද්‍යාඥයින් සාක්ෂි සොයාගෙන ඇත. නිදසුනක් වශයෙන්, මාස 2 ක් වයසැති ළදරුවන්ට මතක තබා ගත හැක්කේ ඔවුන්ගේ පාදවලට පයින් ගසමින් ජංගම චලනයක් කිරීම පමණි; නමුත් පර්යේෂකයන් නිසි ඉඟියක් පෙන්වුවහොත් ඔවුන්ගේ පාදවලින් ගැසීමට මාස 3- සහ 6 ළදරුවන්ට මතක ඇත.  තවත් අධ්‍යයනයක දී පෙණීගියේ, විවිධ සතුන්ගේ රූප සමූහයක් දුටු අවුරුදු 3 ක ළමයින්ට,  මාස 3 කට පසු ඒවා පැහැදිලිව මතක තබා ගත නොහැකි වූ නමුත් බොඳ වී තිබෙන් ආකාරයෙන පටනගෙන සෙමෙන් අවධානයට යොමු වූ විට, ළමයින්, මාස කිහිපයකට පෙර ඔවුන් දුටු රූපවල සත්වයා හඳුනා ගැනීම වේගයෙන් කළ හැකි විය. .

 තරුණ මීයන්(rats) සහ කොස් අට මීයන්(mice) සම්බන්ධ කරගෙන කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ ඔවුන්ට සුළු උදව්වක් දීමෙන්,  යටපත් වූ මතකයන් වෙත ප්‍රවේශ විය හැකි බවයි. මීට අදාලව 2016 අධ්‍යයනයකදී, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥවරියක් වන Cristina Alberini මීයන් යොදා සිදු කළ විධිමත් පර්යේෂණයකින් සාක්ෂි සපයයි.

 කොස් ඇට මීයන්ට බාලක වියේ දි හට ගත්තාවූ මතකයන් වෙත ප්‍රවෙශ විය නොහැක. බිලිඳු මතකයන් අහිමි  වී  ගොස් නැත; නමුත් හුදෙක් අමතක වී ගොසින් පමණකි. අනුරේඛයක්(an engram) ලෙස හඳින්වෙන, මතකය සංකේතනය කළ නියුරෝන කෘතිමව සක්‍රීය කිරීම තුළින් මතකය නැවත ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත්, 2023 නොවැම්බරයේ Science Advances හි ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක් වාර්තා කළේ පෙට්ටියක ඇති, ගැලවී යාමේ සිදුරක් සොයා ගැනීමට බාලක වියේ දී  පුහුණු කරන ලද කොස් ඇට මීයන් ද දෘශ්‍ය ජාන විද්‍යාව හරහා නැවත අවදි කළ හැකි කල්පවත්නා engram සාදනු ඇති බවයි. ළමුන් සහ කෘෆ්හන්තයන් සමාන ප්‍රහේලිකා විසඳා ගන්නා ආකාරයන් දැන ගැනීමට පර්යේෂකයන් දැන් EEG යොදාගනිමින් මොළයේ ක්‍රියාකාරිත්වය මැනීමට සහයෝගීව ක්‍රියා කරන අතර, EEG රටා, engram සෑදීම සහ සිහිපත් කිරීම සමඟ සහසම්බන්ධ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම පිණිස කෘන්තකයන්ගේ මොළය වඩාත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට සැලසුම් කරයි. පර්යේෂකයන්ට සිදුර සොයන විට සතුන්ගේ engram නිරීක්ෂණය කළ හැකි නම්, මුල් මතකයන් මිනිසුන් තුළ ඇති වන ආකාරය, යටපත් වී ගොස්, සහ නැවත සක්‍රීය වන ආකාරය ආපසු හැරවීමට ඔවුන්ට හැකි වනු ඇත.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ Tracy Riggins සහ ඇයගේ කණ්ඩායම විසින් කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 4 සහ 8 අතර ළමුන් ඔවුන්ගේ දිගුකාලීන මතකයන් තුළ සමාන රටා වෙන් කිරීමට වෙහෙසක් ගතයුතු බවයි. එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ මතකයන් එකට ක්‍රියාත්මක විය හැක යන්නකි. ඔවුන් වයසින් වැඩෙත්ම, ඔවුන්ගේ හිපොකැම්පසවල සමහර කොටස් කුඩා වන අතර, වැඩි කාර්යක්ෂමතාවයක් යෝජනා කරයි. සාරා පවර්, විද්‍යාගාර මීයන් සඳහා වූ වංකගිරි(mazes) යොදා ගනිමින් කරන ලද අත්හදා බැලීම්වලින් අනුප්‍රාණය ලැබූ සාරා පවර්,  ළදරු මොළය දිගුකාලීන මතකයන් රඳවා ගැනීමට පටන් ගන්නේ කවදාද සහ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටී. ටෙම්පල් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥවරියක් වන Nora Newcombe විශ්වාස කරන්නේ ලෝකය ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට උත්සාහ කරන විට මොළයේ වර්ධනය සඳහා තනි පුද්ගල කථාංග මතකයන් අතර සියුම් වෙනස්කම් ඇති කිරීමට ඇති හැකියාව ඉහළ ප්‍රමුඛතාවයක් නොවන බවයි.

බිලිඳු විස්මෘතිය සඳහා තවත් විභව පැහැදිලි කිරීමක් නම්, සැඟවුණු මතකයන් අනාගත අත්දැකීම් සංසන්දනය කිරීමට තාවකාලික ආකෘතියක් සැපයිය හැකි බවයි. දරුවෙකුට නිවැරදිව වර්ගීකරණය කිරීමට අත්දැකීමක් නොමැති විට, භයානක දෙයක් පිළිබඳ සැඟවුණු මතකයක් තිබීම, වහා බිය ඇති කර නොගෙන, ඒ හා සමාන අත්දැකීම් භයානක ලෙස සංකේතනය කිරීමට ඇති පර්යන්තය(threshold) අඩු කළ හැකිය.
පර්යේෂකයන් බිලිඬු විස්මෘතිය යටින් පවතින යාන්ත්‍රණ පිළිබඳ ඉඟි ද සොයමින් සිටිති.  ඩබ්ලින් හී ට්‍රිනිටි කොලීජියේ ස්නායුකවිද්‍යාඥ(neuroscientist) Tomás Ryan  සහ රෝගී ළමුන් වෙනුවෙන් වූ රෝහලේ(Hospital for Sick Children), Paul Frankland යෝජනා කරන්නේ ළදරුවන් තුළ ස්නාසාජනනය(neurogenesis) ලෙස හැඳින්වෙන නව නියුරෝනවල වේගවත් උපත මතකයන් උපරි ලිවීමක් කරනවා විය හැකි බවත් ස්නායු උත්පාදනය මන්දගාමී වූ පසු බිලිඬු විස්මෘතිය නැති වී යන බවත්ය. පවතින සම්බන්ධතා බිඳ දැමීමකින් තොරව පැරණි අනුරේඛන නව, වඩා වැදගත් ඒවා මගින් සරලව පූර්වාපේක්ෂිත කරන්නේ නම්, මොළයට කිසි විටෙකත් කිසිවක් අමතක නොවනු ඇත.

අමතක වූ මතකයන් කොස් ඇට මීයන් තුළ අර්ථවත් ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාව පර්යේෂකයන් විසින් විමර්ශනය කරනු ලැබේ.  Newcombe විශ්වාස කරන්නේ මෙම අත්හදා බැලීම අතිශයින් කෘත්‍රිම වන අතර එය සැබෑ ජීවිතයේ දී අත් විඳිය නොහැකි බවයි. Frankland  පෙන්වා දෙන්නේ පරිණත හිපොකැම්පසවලට නව නියුරෝන සෑදිය හැකිද යන්න පිළිබඳව පර්යේෂකයන් අතර  තවමත් එකඟතාවක් නොමැති බැවින්, ස්නායු උත්පාදනය වැඩිහිටියන්ට අමතක වීම සඳහා පිළිගත නොහැකි යාන්ත්‍රණයක් බවට පත් කරන බවත්ය.

 මීයන් තුළ, දින 4ක කාලසීමාවක් තුළ මතක නැති වීමේ සිට කල්පවත්නා මතකයන් ගොඩනැගීමට මාරුවීම තියුණු වේ. මෙම සංක්‍රාන්තිය තුළ සිදුවන වෙනස්කම් අවබෝධ කර ගැනීම සඳහා පර්යේෂකයන් දැනට කැටයම් තුළ නිශ්චිත නියුරෝන අනුගමනය කරමින් සිටී. ඇල්බරිනි විශ්වාස කරන්නේ මතක හැකියාව වෙනස්වීම සාමාන්‍ය මොළයේ වර්ධනයේ කොටසක් වන අතර එය “විවේචනාත්මක කාල පරිච්ඡේදයක්” වසා දැමීම හා අනුරූප වන අතර එය වර්ධනය වන මොළයක් විශේෂයෙන් සුමට වන කාල කවුළුවකි.
කොස් ඇට මීයන් ගත් විට, දින 4ක කාලසීමාවක් තුළ විස්මෘතියේ සිට කල්පවත්නා මතකයන් ගොඩනැගීම ලෙස මාරුවීම තියුණු ලෙස සිදුවේ. මෙම සංක්‍රාන්තිය තුළ සිදුවන වෙනස්කම් අවබෝධ කර ගැනීම සඳහා පර්යේෂකයෝ, දැනට engrams තුළ නිශ්චිත නියුරෝන ක්‍රියාකාරිත්වය ගැන සෙවිල්ලෙන් සිටිති. නිව් යෝක් විශ්ව විදයාලයේ,

ස්නායුකවිද්‍යාඥ ඡ්රිස්ටින Aල්බෙරිනි විශ්වාස කරන්නේ මතක හැකියාව වෙනස්වීම සාමාන්‍ය මොළයේ වර්ධනයේ කොටසක් වන අතර එය “තීරණාත්මක කාල පරිච්ඡේදයක්” අහවර කර දැමීම හා අනුරූප වන බවයි. මේ තීරණාත්මක කාල පරිච්ඡේදය වනාහී වර්ධනය වන මොළයක් විශේෂයෙන් අනුරූ වන කාල කවුළුවකි.

Aල්බෙරිනි ගේ කණ්ඩායම සොයා ගත්තේ බාලක වියේ මීයන් දිගු කාලීන මතකයන් ඇති කිරීමට පටන් ගත් විට, ඔවුන්ගේ හිප්පොචම්පස විවිධ අණුක සහ සෛලීය යාන්ත්‍රණ භාවිතා කිරීමට මාරු වන බවයි. ජීවිත අත්දැකීම් සමුච්චය හිප්පොචම්පුස පරිණත කරවන අතර මෙම ස්විචය බලගන්වයි. විවිධ අත්දැකීම්වලට නිරාවරණය වූ විට, හිපොකැම්පස් හි සෛල වැඩිහිටි අණුක ලක්ෂණ ලබා ගත් අතර, එම අත්දැකීමට අදාළ කාර්යයන් ඉටු කිරීමේ දී සතුන් වඩා දක්ෂ විය.  මෙයින් ඇඟවෙන්නේ සෑම අත්දැකීමක්ම පසුකාලීන මතකය ගොඩනැගීම සඳහා පලංචියක් තැනීමට බිළිඳු හිපොකැම්පස් උත්තේජනය කරන බවයි.

ආතති හෝමෝන, මී පැටවුන් ඔවුන්ගේ මව්වරුන්ගෙන් වෙන් කිරීම, සහ ජීවිතයේ මුල් අවධියේදී ඇති වන අහිතකර අත්දැකීම් ඇතුළු විවිධ සාධක නිසා ළදරු මතක ආබාධයක් වන බිළිඳු විස්මෘතිය හට ගත හැක. මී පැටවුන් ඔවුන්ගේ මව්වරුන්ගෙන් වෙන් කිරීම හෝ ආතති හෝමෝනවලට නිරාවරණය කිරීම හේතුවෙන් හිපොකැම්පස් වල පරිණතභාවය වේගවත් කළ නමුත් ඒ එක්කම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම කාංසාව වැඩි කිරීමට ද හේතු විය. අධ්‍යයනයක දී, Ryan සහ Power  ගර්භනී මීයන්ට වෛරස් ආසාදනයක් අනුකරණය කරන රසායනික ද්‍රව්‍යයක් සමඟ ප්‍රතිකාර කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔටිසම් වැනි රෝග ලක්ෂණ ඇති වූ නමුත් බිළිඳ් විස්මෘතිය නොමැත. කොස් ඇට මීයන්, ප්‍රතිකාර ලබා දුන්  අයට වඩා එපිසෝඩික් මතකයන් සිහිපත් කිරීමට සහ වංකගිරියේ සැරිසැරීමට වඩා දක්ෂ විය.

 Ryan ගේ විද්‍යාගාරයෙන් ප්‍රකාශයට පත් නොකළ පර්යේෂණවලින් පෙනී යන්නේ ළදරු කොස් ඇට මීයන් තුළ ක්ෂුද්‍ර ආධාරක(glia) අවහිර කිරීම බිළිඳු විස්මෘතිය තුරන් කරන බවක් පෙනෙන්නට ඇති බවයි.  ජීවිතයේ මුල් කාලයේ ආතතිය හෝ ආසාදනය වැරදි වේලාවක හෝ වැරදි ආකාරයෙන් ක්ෂුද්‍ර ආධාරක සක්‍රීය කළ හැකි අතර, මීයන්ට උපාගම අතිරික්තයක් සහ අවිධික ලෙස තියුණු මතකයක් ඇති කළ හැකිය. බිළිඳු විස්මෘතිය නොමැති පුද්ගලයින් සිටිය හැකි බැවින් මෙය මිනිසුන් තුළ ද සිදුවිය හැකිය.

තරුණ මොලය, වැඩිහිටි මොළයේ වඩාත් සුමට අනුහුරු ලෙස පර්යේෂකයන් සිතන බැවින්, පුද්ගලත්වාරෝපණ විස්මෘතිය(Individualize amnesia ) සාමාන්‍යයෙන් මිනිස් මතකය පිළිබඳ නව අවබෝධයක් හෙළි කළ හැකිය. බිළිඳු මොළය වැඩිහිටි මොළයට වඩා වෙනස් නීති අනුව ක්‍රියා කළ හැකි හෙයින් වඩාත් මූලික වෙනස්කම් හඟවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending