මෙම වසරේ, මාර්තු විෂුවය(equinox) මාර්තු 20 වන දින GMT 03:06 ට සිදු වේ. ඡායාරූපය: Thomas Dobner 2009/Alamy

  • සූර්යයා ආකාශ සමකය තරණය කරන විට මාර්තු විෂුවය අප වෙත පැමිණ තිබේ
  • ගිම්හාන දින ළං වන විට දිවා රාත්‍රියේ දිග දළ වශයෙන් සමාන වේ

දිවා දිග – රෑ දිග සමාන්‍යයෙන්  සමවන මාර්තු විෂූවය 20 දා

මෙම සතියේ සූර්යයා ආකාශ සමකය තරණය කරයි, ඉන් කියැවෙන්නේ මාර්තු විෂුවය අප වෙත පැමිණ ඇති බවයි.

ආකාශ සමකය යනු පෘථිවි සමකය අහසට ප්‍රක්ෂේපණය කිරීමයි. පෘථිවිය සෑම විටම එකම දිශාවකට යොමු වන ආනත අක්ෂයක් මත භ්‍රමණය වන නිසා, සූර්යයා වෙත අපගේ දිශානතිය වසර පුරා වෙනස් වේ. අප සූර්යයා දෙසට නැඹුරු වූ අර්ධගෝලයේ සිටින විට, අපගේ මව් තාරකාව වන සූර්යයා ආකාශ සමකයට වඩා ඉහළ අහසේ දිස්වන අතර දිගු දින සහිත ගිම්හානය අපි අත්විඳිමු. එසේම, පෘථිවි අක්ෂය ඉවතට යොමු වූ විට, සූර්යයා කිසි විටෙකත් ආකාශ සමකය තරම් ඉහළට නොපැමිණෙන අතර අපට කෙටි දින සහිත ශීත කාලය අත්විඳිය හැකිය.

දීර්ඝතම දිනය ගිම්හාන සූර්ය නිවෘත්තිය ලෙස හඳුන්වන අතර කෙටිම දිනය ශීත සෘතු  සූර්ය නිවෘත්තිය වේ. දවසේ දිග ක්‍රමයෙන් එකින් එක වෙනස් වන විට, සූර්යයා ආකාශ සමකය මත සිටින නිසා දිවා දිග දළ වශයෙන් රාත්‍රී දිගට සමාන වන ලක්ෂ්‍යයක් පැමිණේ. සෑම වසරකම මෙවන් දෙකක් ඇත, එකක් මාර්තු සහ අනෙක සැප්තැම්බර් මසයි. මෙම වසරේ, මාර්තු විෂුවය සිදුවන්නේ මාර්තු 20 වන දින, එනම් ඊයේ GMT 03:06 සිදුවිය. මෙයින් අදහස් කරන්නේ ඇතැම් බටහිර දෙස ඇති කාල කලාපවල, විෂුවය ඇත්ත වශයෙන්ම දේශීය වේලාවෙන් මාර්තු 19 වන දින සිදුවනුඇති බවයි.

සෘතු, විෂුවය සහ සූර්ය නිවෘත්තිය

විෂුවය (වසන්ත(Vernal) සහ සරත්(Autumnal))

පෘථිවි අක්ෂය සූර්යයා දෙසට හෝ ඉන් ඉවතට නැඹුරු නොවන වර්ෂයේ අවස්ථා දෙකක් පමණක් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියලු අක්ෂාංශවල දී දිවා ආලෝකය සහ අඳුර “ආසන්න වශයෙන්” සමාන ප්‍රමාණයක් ඇතිවේ. මෙම සිදුවීම් විෂුවය(Equinox) ලෙස හැඳින්වේ. Equinox යන වචනය ලතින් වචන දෙකකින් ව්‍යුත්පන්න වී ඇත.  aequus (සමාන) සහ nox (රෑ). සමකයේදී, මෙම විෂුව දෙකෙහි මධ්‍යහ්නයේ දී සූර්යයා කෙලින්ම හිසට ඉහළින් සිටී. දිවා රාත්‍රියේ “ආසන්න වශයෙන්” පැය සමාන වන්නේ  සූර්යයාගේ සැබෑ පිහිටීම ක්ෂිතිජයට පහළින් ඇති නමුත් සූර්යයා ක්ෂිතිජයට ඉහළින් දිස්වන ආකාඅරයට සූර්යාලෝකයේ වර්තනය හෝ  ආලෝක කිරණ නැමීම හේතුවෙනි. මීට අමතරව, ඉහළ අක්ෂාංශවල (සමකයට දුරින් සිටින ඒවායේ) දින ටිකක් දිගු වේ, මන්ද සූර්ය උදාවට සහ බැස යාමට වැඩි කාලයක් ගත වේ. එබැවින්, විෂුවයේ දී සහ විෂුවයට පෙර සහ පසු දින කිහිපයක්, දවසේ දිග සමකයේ දී පැය 12 යි මිනිත්තු හයහමාරක් පමණ සිට, අංශක 30 අක්ෂාංශයේ දී පැය 12 යි විනාඩි 8 දක්වා,  සහ අක්ෂාංශයක අංශක 60 ක දී  පැය 12 දක්වා විනාඩි 16 පරාසයක් ලෙස පවතී.

සූර්ය නිවෘත්තිය (ගිම්හානය සහ ශීත)

ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය(Solstice) ඇති වන්නේ  සූර්යයා දෙසට / සූර්යයා සිට පෘථිවියේ ආනතිය උපරිම වන මොහොතේය. එමනිසා, ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය දිනයේදී, ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය පෙර සහ පසු දින කිහිපයක් ඉතා සුළු වශයෙන් වෙනස් වන මධ්‍යහ්න ඉරියව්වකින් සූර්යයා එහි ඉහළම උන්නතාංශයේ දිස් වේ. ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය ඇති වන්නේ සූර්යයා 23.5° අක්ෂාංශ උතුරු දෙසින් පිහිටා ඇති සහ මෙක්සිකෝව, බහමාස්, ඊජිප්තුව, සෞදි අරාබිය, ඉන්දියාව සහ දකුණු චීනය හරහා දිවෙන කර්කටක නිවර්තන කලාපයට සෘජුවම ඉහළින් සිටින විටය. කර්කටක නිවර්තන කලාපයට උතුරින් ඇති සෑම ස්ථානයක් සඳහාම, සූර්යයා අහසේ ඉහළම ස්ථානයේ සිටින අතර මෙය වසරේ දිගම දිනය වේ.

ශීත සූර්ය නිවෘත්තිය වසරේ කෙටිම දිවා සහ දීර්ඝතම රාත්‍රිය සනිටුහන් කරයි. උතුරු අර්ධගෝලයේ, එය සිදු වන්නේ සමකයට දකුණින් 23.5°ක පිහිටා ඇති සහ ඕස්ට්‍රේලියාව, චිලී, දකුණු බ්‍රසීලය සහ උතුරු දකුණු අප්‍රිකාව හරහා දිවෙන මකර නිවර්තන කලාපයට සූර්යයා සෘජුවම ඉහළින් සිටින විටය.

සෘතු(Seasons)

පෘථිවිය, සෑම දින 365 කට වරක් ඉලිප්සාකාර කක්ෂයක් ඔස්සේ ගමන්  කරමින් සූර්යයා වටා සම්පූර්ණ පරිභ්‍රමනයක් සිදු කරන බව අපි කවුරුත් දනිමු. මෙයින් අදහස් කරන්නේ පෘථිවිය සහ සූර්යයා අතර සාමාන්‍යයෙන් සැතපුම් මිලියන 93 ක් වන දුර වසර පුරා වෙනස් වන බවයි. මේ සාමාන්‍යට වඩා ජනවාරි පළමු සතිය තුළ පෘථිවිය සූර්යයාට සැතපුම් මිලියන 1.6 ක් පමණ සමීප වේ. මෙය සූර්ය සමීපකය(perihelion) ලෙස හැඳින්වේ.  සූර්ය දූරකය (aphelion) හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට (සාමාන්‍යට වඩා) සැතපුම් මිලියන 1.6ක් පමණ දුරින් පිහිටි ලක්ෂ්‍යය ජූලි මුල් සතියේ හට ගනී. මෙම කරුණ, උතුරු අර්ධගෝලයේ සෘතු ගැන අප දන්නා දෙයට විරුද්ධ බවක් පෙණී යා හැක. එනමුත් ඇත්ත වශයෙන්ම, දේශගුණය අනුව වෙනස සැලකිය යුතු නොවන අතර අපට සෘතු ඇති වීමට හේතුව එය නොවේ.  සෘතු ඇති වන්නේ පෘථිවිය සිය අක්ෂය මත 23.5°කින් ඇලවීම හේතුවෙනි. අවකාශයට සම්බන්ධකර හෙවත් සාපේක්ෂව බැලුවොත,  නැඹුරුවේ දිශානතිය වසර තුළ වෙනස් නොවේ;  මේ අනුව, උතුරු අර්ධගෝලය ජූනි මාසයේ දී සූර්යයා දෙසට නැඹුරු වන අතර දෙසැම්බර් මාසයේ දී සූර්යයාගෙන් ඈත් වේ,  මෙය, පහත රූපසටහනේ දැක්වේ.

දවසේ දිග සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය (එක්සත් ජනපදය ආශ්‍රිත විග්‍රහයකි)

 බොහෝ මධ්‍ය සහ ඉහළ අක්ෂාංශ ස්ථාන සඳහා  උණුසුම්ම සාමාන්‍ය උෂ්ණත්වය ශහ වසරේ දීර්ඝතම දිනය අතර විලම්බයක්(a lag) හෙවත් පරක්කුවක් පවතී.

උතුරු ඔහය්යෝ හී/වයඹදිග පෙනිසිල්වේනියාවේ, උපරිම දෛනික උෂ්ණත්වය හටගන්නේ සති 3 කට පමණ පසුව ජූලි මැදදීය. සාමාන්‍යයෙන් දවසේ උණුසුම්ම කොටස සිදුවන්නේ මධ්‍යහ්නයෙන් පසු පැය කිහිපයකට පසුව, සූර්යයා අහසේ ඉහළම ඇති විටය; එලෙසම,  ගිම්හානයේ උණුසුම්ම කොටස ගිම්හාන සූර්ය නිවෘට්තියට පමාවෙයි.. මෙම ප්‍රමාදය සිදුවන්නේ භූමිය සහ ජලය රත් වීමට ගතවන කාලයයි. සූර්යයා අහසේ පහළට ගමන් කරන තෙක් සාමාන්ය උෂ්ණත්වය ඉහළ යයි. දෛනික උෂ්ණත්ව සැලැස්ම තුළ බලපෑම පැහැදිලිව පෙනෙන අතර, මාසික සාමාන්ය උෂ්ණත්වයේ වෙනස්කම් දෙස බැලීමෙන් එය වඩාත් පහසුවෙන් පෙනේ. ක්ලීව්ලන්ඩ් හි ජූලි සාමාන්‍යයෙන් ජුනි මාසයට වඩා අංශක 3.3°F ඉහළ අගයක් ගනී, අගෝස්තු මාසයේ දින වල දිග ජූනි මාසයේ දින ගණනට වඩා සැලකිය යුතු තරම් අඩු වුවද, ජුනි මාසයට වඩා 2.8°F කින් උණුසුම් වේ.

Starwatch(18th March, 2024) වෙබ් අඩවිය සහ National Weather Service, National Oceanic and Atmoshpheric Administration වෙබ් අඩවිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending