
‘එක්සත් ජනපදයේ සහ ලොව පුරා යෞවනයන් සැබවින්ම දැඩි අරගලයක යෙදෙමින් සිටිති’ යි එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවා ප්‍රධානී වන, සර්ජන් ජෙනරාල් වෛද්‍ය විවේක් මූර්ති ප්‍රකාශ කර සිටියි Composite: Guardian Design/Getty Images
යෞවනයන්, වැඩිහිටි පරම්පරාවට වඩා අඩු සතුටක් ලබන බව පර්යේෂණ පෙන්වා දෙයි
එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවා ප්‍රධානීයා වන සර්ජන් ජෙනරාල් වෛද්‍ය විවේක් මූර්ති ඇමරිකාවේ ඉහළම වෛද්‍යවරයා පවසන්නේ සමාජ මාධ්‍ය වඩා හොඳින් නියාමනය කිරීමට රජයන් අසමත් වීම ‘උමතුවක්’ බවයි.
ඇමරිකාවේ ඉහළම වෛද්‍යවරයා අනතුරු ඇඟවූ පරිදි “යෞවනයන් ජීවිතයේ මැදිවියේ අර්බුදයකට සමාන” දුක් විඳීම නිසා තරුණයින් වැඩිහිටි පරම්පරාවට වඩා අඩු සතුටක් ලබන බව සහ යෞවනයන් සැබවින්ම පී දැඩි අරගලයක යෙදෙමින් ජීවිතය ගත කරමින් සිටින” බව ගෝලීය පර්යේෂණවලින් හෙළි වී තිබේ.
“ළමුන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීමට ඉඩ දීම හරියට, ආරක්ෂිත බව ඔප්පු නොවූ ඖෂධ ඔවුනට දීම වැනිය” යි එක්සත් ජනපද සර්ජන් ජනරාල්වරයා කියා සිටියි, “මෑතක වසරවල රජයන් සමාජ මාධ්‍ය වඩා හොඳින් නියාමනයට අපොහොසත්වීම ‘උමතු’ ක්‍රියාවකි”. වෛද්‍ය විවේක් මූර්ති එක්සත් රාජධානියේ ‘ගාඩියන්’ පුවත්පතට මේ අදහස් දැක්වූයේ උතුරු ඇමරිකාව පුරා තරුණ ජනතාව ඔවුන්ගේ වැඩිහිටියන්ට වඩා අඩුවෙන් සතුට භුක්ති විඳින බවට බවට සහ මෙම ‘ඓතිහාසිකමය’ නැමියාව බටහිර යුරෝපය වෙත ද යොමුවෙන බවට නව දත්ත හෙළිකර ඇති පසුබිමකය.
වයස අවුරුදු 30 ට අඩු අය අතර යහපැවැත්ම පිරිහීම, එක්සත් ජනපදය සතුටින්ම සිටින රටවල් 20 ලැයිස්තුවෙන් ඉවතට තල්ලු කර ඇති බව 2024 ලෝක සතුට වාර්තාව අනාවරණය කරයි. වයස අවුරුදු 15 ත් 24 ත් අතර පුද්ගලයින් එක්සත් ජනපදයේ පැරණි පරම්පරාවන්ට වඩා සතුටින් සිටින බව වසර 12 කට පෙර මැනීමෙන් ලද ප්‍රවණතාවය, 2017 දී අනෙක් අතට පෙරළී ඇති බව පෙනේ. බටහිර යුරෝපයේ ද පරතරය අඩු වී ඇති අතර ඉදිරි වර්ෂයේදී ද එම වෙනසම සිදු විය හැකියයි කල්පනා කෙරේ.
වාර්තාවේ සොයාගැනීම් වෛද්‍ය මූර්ති විස්තර කළේ “එක්සත් ජනපදයේ සහ දැන් ලොව පුරා තරුණයන් සැබවින්ම පීඩාකාරීව ගත කරන බවට රතු එළියක්” ලෙසය. සමාජ මාධ්‍ය වේදිකා ළමයින්ට සහ නව යොවුන් දරුවන්ට ආරක්ෂිත බව සනාථ කරන දත්ත දැකීමට තමා තවමත් බලා සිටින බව පැවසූ ඔහු තරුණයින් අතරේ සැබෑ ජීවිතයේ සමාජ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගත යුතු යයි කියා සිටියි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ යහපැවැත්ම පර්යේෂණ මධ්‍යස්ථානය, ගැලප්(පුද්ගල නියැඳි ජනමත විමසුම්) සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් සම්බන්ධීකරණය කරන ලද ජාතීන් 140 ක වාර්ෂික යහපැවැත්ම පිළිබඳ වාර්තාවක් වන World Happiness Report, “විශේෂයෙන් උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ [තරුණ පිරිස් අතර] සන්තෝෂයේ අසහනකාරී පහත වැටීමක් පෙන්නුම් කරන්නේ යයි යහපැවැත්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ අධ්‍යයනයේ සංස්කාරක Jan-Emanuel De Neve පවසයි. “ලෝකයේ සමහර ප්‍රදේශවල දරුවන් දැනටමත් මධ්‍ය කාලීන ජීවිත අර්බුදයකට සමාන තත්වයක් අත්විඳිමින් සිටින බව කල්පනා කරන විට හැඟී යන්නේ, වහාම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි. ” ඔහු පෙන්වාදෙයි.
(ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් කණ්ඩායමක් තුළ) උතුරු ඇමරිකාව සම්බන්ධයෙන් යහපැවැත්ම ලකුණු පහත වැටීම “ ළමයින් ජීවිතය අරඹන්නේ වී නමුත් මැදවියට එළඹෙන විට [යහපැවැත්ම] තෝරා ගැනීමට පෙර U-හැඩැති සතුට වක්‍රය
(පුද්ගලයෙකුගේ වයස අවුරුදු 20 ගණන්වල සතුට ඉහළම බවත්, පසුව මැදියම් වයසේදී අඩු වන බවත්, මහලු වියේදී නැවත වැඩි වන බවත් දැක්වෙන න්‍යායක්) යන හොඳින් තහවුරු වූ අදහසකට පටහැනියි ” De Neve වැඩිදුරටත් පවසයි.

ගෝලීය වශයෙන් ජීවන තෘප්තිය
මෝල්ඩෝවා, කොසෝවෝ සහ ලොව ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති එල් සැල්වදෝරය පවා වැනි ජාතීන්ට පිටුපසින් අවුරුදු 30ට අඩු බ්‍රිතාන්‍ය ජාතිකයන්, ශ්‍රේණිගත කිරීම්වල දී 32 වැනි ස්ථානයට පත්ව ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, වයස අවුරුදු 60 ට වැඩි බ්‍රිතාන්‍යයන්, ලෝකයේ ප්‍රීතිමත්ම වැඩිහිටි පරම්පරාවෙන් ඉහළම 20 අතරට පත් විණ. මේ මස මුලදී බ්‍රිතාන්‍ය යෞවනයන්ගෙන් බහුතරයක් ජනමත සමීකෂකයින්ට කියා සිටියේ ඔවුන්ගේ ජීවිත තමන්ට පෙර පරම්පරාවට වඩා නරක වනු ඇතැයි ඔවුන් අදහස් කරන බවයි.
එක්සත් ජනපදය සමස්ත සන්තෝෂය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන අටක් පහත වැටී 23 වන ස්ථානයට පත් වූ නමුත්, වයස අවුරුදු 30 ට අඩු අයගෙන් පමණක් විමසූ විට ලෝකයේ ධනවත්ම රට 62 වන ස්ථානයට වැටී ග්වාතමාලාව, සෞදි අරාබිය සහ බල්ගේරියාවටත් වඩා පිටුපසින් සිටී. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ අදහස් පමණක් ගණනය කළහොත්, එක්සත් ජනපදය 10 වන ප්‍රීතිමත්ම ජාතිය වන්නට ඉඩ තිබුණි.
“එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සඳහා, සෑම වයස් කාණ්ඩයකම සන්තෝෂය අඩු වී ඇත, නමුත් විශේෂයෙන් තරුණයින් සඳහා, තරුණයින් දැන්, 2021-23 දී, අවම සන්තෝෂවත් වයස් කාණ්ඩය බවට පත්ව ඇත,” වාර්තාව සොයා ගත්තේය. 2010 දී තරුණ පිරිස මැද වයසේ අයට වඩා සතුටින් සිටියහ.
වාර්තාව වෙනස්කම්වලට හේතු හෙළි නොකරයි, නමුත් ඒවා හටගන්නේ ඉහළ යන සමාජ මාධ්‍ය භාවිතය, ආදායම් විෂමතා, නිවාස අර්බුදය සහ යුද්ධය සහ දේශගුණික විපර්යාස පිළිබඳ බිය යන කාරණා දරුවන්ගේ සහ තරුණයින්ගේ සතුට කෙරෙහි ඇති කරවන බලපෑම පිළිබඳ වැඩි සැලකිල්ලක් මධ්‍යයේ ය.
මූර්ති පැවසුවේ එක්සත් ජනපදයේ යෞවනයන් දිනකට පැය පහකට ආසන්න කාලයක් සමාජ මාධ්‍යවල ගත කරන බවත් තුනෙන් එකක් සතියේ දින වල මධ්‍යම රාත්‍රිය දක්වා ඔවුන්ගේ උපාංගවලට ඇළී සිටින බවත්ය. ‘like’ දමීමේ බොත්තම් සහ නිමක් නැති අනුචලනය(scrolling) වැනි විශේෂාංග සීමා කිරීම හෝ ඉවත් කිරීම ඇතුළුව සමාජ මාධ්‍යවලින් තරුණයින්ට සිදුවන හානිය අවම කිරීම සඳහා “මේ දැන්ම” නීති සම්පාදනය කළ යුතු යයි ඔහු ඉල්ලා සිටියි.
ලෝක සතුට වාර්තාව, ප්‍රතිචාර දැක්වූවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ධනාත්මක සහ නිෂේධාත්මක චිත්තවේගයන් පිළිබඳ ඔවුන්ගේම තක්සේරු කිරීම් භාවිතා කරමින් පුද්ගල නිශ්‍රිත යහපැවැත්ම නිරීක්ෂණය කරයි. නැවත වතාවක් ෆින්ලන්තය, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය ලොව ප්‍රීතිමත්ම රටවල් තුනයි.
ලන්ඩනයේ ෆින්ලන්ත තානාපති Jukka Siukosaari පවසන්නේ “ආරක්ෂිත සහ බියෙන් තොර පරිසරයක්”, සංස්කෘතිකමය වශයෙන් ප්‍රකාශනයට පත් කිරීමට මිනිසුන්ට දැරිය හැකි අවස්ථා සහ සාපේක්ෂව සමාන ආදායමක් ඇතුළුව “සතුටේ යටිතල පහසුකම්” නිර්මාණය කිරීමට තම ජාතිය සමත් වී ඇති බවයි. “ඒ සියල්ල ආරම්භ වන්නේ පුරවැසියන් සහ අපගේ ආයතන අතර ඉහළ මට්ටමේ විශ්වාසයක් තිබීමෙන්” යයි ඔහු පැහැදිලි කරයි.
කොස්ටාරිකාව සහ කුවේට් පළමු 20 දෙනා අතරට අලුතින් ඇතුළත් විය. ජර්මනිය 16 වැනි ස්ථානයේ සිට 24 වැනි ස්ථානය දක්වා පහත වැටුණි. ඇෆ්ගනිස්තානය සහ ලෙබනනය අඩුම සන්තෝෂවත් රටවල් දෙක ලෙස පැවතුනි. බොහෝ අප්‍රිකානු ජාතීන්, කාම්බෝජය, රුසියාව සහ චීනය වැඩි වැඩියෙන් සතුට භුක්ති විඳි රටවල් අතරට එක් විය. සතුටේ ලොකුම වැඩිවීම වාර්තා කළේ සර්බියාවයි.
ළමා වියේ යහපැවැත්ම සහ චිත්තවේගීය සෞඛ්‍යය, වැඩිහිටි ජීවිත තෘප්තිය සඳහා හොඳම අභිධානමය සාධකය විය හැකි බව වාර්තාව සොයාගෙන ඇත. ඉහළ ජීවන තෘප්තිය වාර්තා කරන නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්, අධ්‍යාපනය, බුද්ධිය, ශාරීරික සෞඛ්‍යය සහ ආත්ම අභිමානය වැනි වෙනස්කම් පවා සැලකිල්ලට ගත්තත් ජීවිතයේ පසුකාලීනව ඉහළ ආදායම් මට්ටමක් උපයා ගන්නා අයවළුන් බව කලින් සිදු කෙරුණු පර්යේෂණ මගින් නිගමනය කරනු ලැබ ඇත.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂ සමපදස්ථ සාමිවරයා සහ වාර්තාවේ සම කර්තෘ Layard සාමිවරය පැවසුවේ මේ වසරේ පැවැත්වීමට අපේක්ෂිත මහ මැතිවරණයේදී ළමා යහපැවැත්ම වැදගත ප්‍රශ්නයක් විය යුතු බවයි. “මානසික සෞඛ්‍ය ආධාරක කණ්ඩායම් වැඩිදියුණු කිරීමට සහ ඒවා රට පුරා එක සමානව කිරීමට අපට ප්‍රතිඥා අවශ්‍යයි. ඒ වගේම හැම පාසලකම ජීවන කුසලතා ඉගැන්විය යුතුයි,” ඔහු කියා සිටියි.
The Guardian(20th March, 2024) පුවත් පතෙහි Young people becoming less happy than older generations, research shows යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න