IRAS 23385 ලෙස හැඳින්වෙන මූල තාරකාව(protostar තරුවක ළදරු අවස්ථාව) අසල කලාපයක මෙම අනුරූපය, නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි MIRI (the Mid-Infrared Instrument මධ්‍ය-අධෝරක්ත උපකරණය) මගින් ගන්නා ලදී.  (Image credit: NASA, ESA, CSA, Leah Hustak (STScI))

තවමත් නූපන්, සෑදීගෙන එන තාරකා දෙකක් වටා කැරකෙන සංකීර්ණ කාබනික අණු, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope  – JWST) භාවිත කරමින් තාරකා විද්යාඥයින් විසින් සොයා ගනු ලැබ ඇත. වාසයෝග්‍ය හෙවත් වාසයට සුදුසු ග්‍රහලෝකවල තැනුම් ඒකක ආරම්භ වන්නේ කොයිබින්ද යන්න ගැන ඒවායින් ඉඟි කෙරේ.

මෙම නිරීක්ෂණ සිදු කළ කණ්ඩායමට නායකත්වය දුන් නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ, Will Rocha පෙන්වා දෙන අන්දමට  සංකීර්ණ කාබනික අණු ජීවයට අත්‍යවශ්‍ය වන නමුත් අභ්‍යවකාශයේ ඒවායේ සම්භවය අභිරහසක් වී ඇත.  ඝන ද්‍රව්‍ය වායුවීමෙන් අයිස් ඌර්ධිවපාතනය(sublimation) වීමේදී මෙම සංකීර්ණ අණු මතුවන බව නව පර්යේෂණය පෙන්වා දෙයි.

“මෙම සොයා ගැනීම තාරකා රසායන විද්‍යාවේ දිගුකාලීන ප්‍රශ්නවලින් එකකට දායක වේ” යනුවෙන් Rocha ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියි. “අභ්‍යවකාශයේ ඇති සංකීර්ණ කාබනික අණු හෙවත් Complex Organic Molecules – COM වල මූලාරම්භය කුමක්ද? ඒවා සෑදී ඇත්තේ වායු අවධියේ දී ද නැතිනම් අයිස්වලද? අයිස්වල ඇති COM හඳුනාගැනීමෙන් ඇඟවෙන්නේ සීතල දූවිලි ධාන්‍යවල මතුපිට ඝන-අදියර රසායනික ප්‍රතික්‍රියා සංකීර්ණ අණු වර්ග ගොඩනැගිය හැකි බවයි.”

Iර්‍AS 2A සහ Iර්‍AS 23385 නම් මූල තාරකා දෙකක් වටා ඇති ද්‍රව්‍ය දෙස බැලීමට Rocha  සහ ඔහුගේ කණ්ඩායම භාවිතා කළේ  JWST  මධ්‍ය-අධෝරක්ත උපකරණයි.  Iර්‍AS 2A, කණ්ඩායමට විශේෂයෙන් සිත්ගන්නා සුළු විය, මන්ද එය අපගේම සෞරග්රහ මණ්ඩලයේ මුල් අවධියේ පළමු තරු වලට බොහෝ සෙයින් සමාන විය හැකි බැවිනි යි පර්යේෂකයෝ පවසති.

මෙම මුල් අවධියේ තරු වටා ඇති සීතල දූවිලි වල, එතනෝල්, ඇසිටික් අම්ලය, ෆෝමික් අම්ලය, මීතේන්, ෆෝමල්ඩිහයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් අඩංගු අයිස් සංයෝග සොයා ගන්නා ලදී.

මෙම රූප සටහන, මූල තරකා දෙකෙන් එකක් වන IRAS 2A හි වර්ණාවලිය පෙන්වයි. ඝන අවධියේදී ඇසිටැල්ඩිහයිඩ්, එතනෝල්, මෙතිල්ෆෝමේට් සහ ඇසිටික් අම්ලයේ ඇඟිලි සලකුණු එයට ඇතුළත් වේ.((Image credit: NASA, ESA, CSA, Leah Hustak (STScI)

අයිස්වල ඇති සමහර සංකීර්ණ කාබනික ද්‍රව්‍ය,  බිහිවෙමින් පවතින තරු  අවට උණුසුම් වායුවල තිබී මීට පෙර සොයාගෙන ඇත.  පර්යේෂකයන්ට අනුව,  Astronomy & Astrophysics සඟරාවේ  සිය පර්යේෂන ප්‍රතිඵල ප්රකාශයට පත් කරනු ඇත. ඔවුන් පවසන අන්දමට, මෙම සොයා ගැනීම යෝජනා කරන්නේ සංයෝග ද්‍රව අවධියක් හරහා නොගොස් සෘජුවම වායුවක් බවට පත්වීම ඝන සංක්‍රාන්තියක ප්‍රතිඵලයක් බවයි. එම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ඌර්ධිවපාතනය යනුවෙනි.

අයිස් වල සංකීර්ණ කාබනික අණු සොයා ගැනීම, මෙම අණු කලින් විශ්වාස කළාට වඩා පහසුවෙන් මන්දාකිණි වටා ගමන් කළ හැකි බවට ඉඟි කරයි. අයිස් සහිත අණුවක් පහසුවෙන්ම ධූම කේතුවක් හෝ ග්රහකයක් සෑදීමට මුල් වී  දිගු දුර ගමන් කර, පසුව බිහිවෙමින් පවතින ග්‍රහලෝක සමඟ ගැටෙන්නේ, සමහර විට ජීවය සඳහා තැනුම් ඒකක, ඒවා  මුල් බැස ගත හැකි ස්ථානයකට ලබා දෙමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending