විද්‍යාව පැහැදිලි කිරීම සහ අවබෝධකර ගැනීම අරමුණු කරයි
සාමූහික ආයතනයක් ලෙස විද්යාව, ස්වභාවික ලෝකය ක්‍රියා කරන්නේ කෙසේ ද, එහි සංරචක මොනවාද, සහ ලෝකය දැන් පවතින ආකාරයට හැඩගැසුනේ කෙසේද යන්න පිළිබඳ වඩ වඩාත් නිවැරදිව ස්වාභාවික පැහැදිලි කිරීම් නිෂ්පාදනය කිරීම අරමුණු කරයි. සම්භාව්‍ය වශයෙන් ගත් විට, විද්යාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එහි විභව යෙදුම් නොතකා දැනුම සහ අවබෝධය ගොඩනැගීමයි — නිදසුනක් ලෙස, කාබනික සංයෝගයක ව්‍යුහය ගැන ඉගෙන ගැනීම සඳහා එය භාජනය වන රසායනික ප්‍රතික්‍රියා විමර්ශනය කිරීම දැක්විය හැක.
කෙසේ වෙතත්, වැඩි වැඩියෙන්, විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ලබන්නේ ගැටලුවක් විසඳීම හෝ තාක්ෂණයක් වැඩිදියිණු කිරීමේ පැහැදිලි අරමුණෙනි . එම අරමුණ කරා යන මාවත ඔස්සේ නව දැනුම හා පැහැදිලි කිරීම් ගොඩනැගේ. නිදසුනක් වශයෙන්, රසායනඥයෙකුට මැලේරියා නාශක ඖෂධයක් කෘතිමව නිපදවීමට උත්සාහ කරන අතර, එම ක්‍රියාවලියේදී, වෙනත් රසායනික ද්‍රව්‍ය සෑදීම සඳහා යෙදිය හැකි බන්ධන සෑදීමේ නව ක්‍රම සොයා ගත හැක. කොයි ආකාරයකින් වේවා (ඊනියා “ශුද්ධ” හෝ “ව්‍යවහාරික” පර්යේෂණ), විද්‍යාව ස්වභාවික ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය වැඩි කිරීම අරමුණු කරයි.

විද්‍යාව විසින් ගොඩනගනු ලබන දැනුම සෑම විටම ප්‍රශ්න කිරීමට සහ සංශෝධනයට විවෘතය. කිසිඳු විද්‍යාත්මක අදහසක් කිසිවිටෙකත් සදහටම “ඔප්පු වී” නැත. ඇයි නැත්තේ? හොඳයි අපි පහදා ගමු. විද්‍යාව නිරන්තරයෙන් අපගේ වර්තමාන අවබෝධය පිළිබඳ ගැටලු හෙළි කළ හැකි වන අලුත් සාක්ෂි සොයයි. අප අද සම්පූර්ණයෙන්ම පිළිගන්න අදහස්, හෙට සොයා ගන්නා නව සාක්ෂි අනුව ප්‍රතික්ෂේප කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩ ඇත. නිදසුනක් වශයෙන් දක්වතොත්, 1938 වන තෙක්, පුරාතත්විද්‍යාඥයින්(paleontologists) විසින් සීලකැත්තයා (coelacanths පුරාණ මත්ස්‍යයෙකු) නම් මත්ස්‍ය විශේෂය (ඔවුන්) අවසන් වරට ෆොසිල වාර්තාවේ දැක්වෙන අවස්ථාවේදී, එනම් වසර මිලියන 80 කට පමණ පෙර වඳ වී ගොස් ඇති බවට පැවති අදහස පිළිගත්තේ වී නමුත් එම වසරේ(1938) දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් ජීවත්වන සීලකැත්ත වර්ගයක් සොයා ගන්නා ලද අතර, විද්‍යාඥයින්ට ඔවුන්ගේ අදහස් සංශෝධනය කිරීමට සහ ගැඹුරු මුහුදේ මෙම සත්වයා ජීවත් වන්නේ කෙසේදැයි සොයා බැලීමට එය මග පෑදීය.

A coelacanth. Photo credit: Mark V. Erdmann.
සත්‍යයේ බහු අර්ථ
විද්යාව අපට “නිවැරදි” සහ “විශ්වසනීය” පැහැදිලි කිරීම් සපයන්නේ යයි මෙම ලිපියේ අප සඳහන් කරන බව ඔබ දැක තිබෙන්නට ඇති. විද්‍යාව බොහෝ විට එලෙස විස්තර කෙරුනද, අපි එය සත්‍ය සෙවීමක් ලෙස විස්තර නොකරමු. ඇයි ඉතින් එසේ නොකරන්නේ? ඇත්තවශයෙන්ම්, විද්‍යාඥයන් උත්සාහ කරන්නේ ලෝකය සැබවින්ම ක්‍රියා කරන ආකාරයට අනුරූප වන සේ ස්වාභාවික ලෝකය පිළිබඳ දැනුම ගොඩනගා ගැනීමටය. එයින් අදහස් කරන්නේ ඔවුන් සත්‍යය සොයන බව නොවේද?
විද්යාව, ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ සැබෑ දැනුම ගොඩනඟා ගැනීමට ඇත්තටමඋත්සාහ කරයි; නමුත් මිනිසුන් විසින් “සත්‍යය” ලෙස හඳුන්වනු ලබන් වෙනත් ආකාරවල දැනුම ද තිබේ. නිදසුනක් වශයෙන්, බොහෝ දෙනෙකුට අධ්‍යාත්මික සත්‍යයන් කෙරෙහි විශ්වාසයක් ඇත; එනමුත් විද්‍යාවට මෙම සත්‍යය කිසිසේත් විමර්ශනය කළ නොහැක – නැතහොත් එවන් සත්‍යයක් තිබේදැයි අපට පැවසීමට පවා නොහැකිය.
තවත් සමහරු, යම් සංස්කෘතියක පොදු විශ්වාසයන් සහ සාරධර්ම පිළිබිඹු කරන සංස්කෘතික සත්‍යයන් ගැන උනන්දු වෙති. විද්‍යාව එය ගොඩනැගීමට ඉලක්ක කරන්නේ නැත. කරුණු තව දුරටත් සංකීර්ණ කරමින්, සමහර වසම් තුළ, සත්‍යය සාපේක්ෂ හෝ ආත්මීය විය හැකි නමුත්, විද්‍යාව ගොඩ නැගීමට අරමුණු කරන සත්‍යයන්, කෙනෙකුගේ දෘෂ්ටිකෝණය නොසලකා, ස්වභාවික ලෝකය සැබවින්ම ක්‍රියා කරන ආකාරය පිළිබිඹු කරන ඒවා වේ. මෙම ලිපියෙන් “නිවැරදි” හෝ “විශ්වාසදායක” දැනුමක් ගොඩනගා ගැනීමක් ලෙස විද්‍යාව විස්තර කරන්නේ විද්‍යාවට සොයාගත හැකි සත්‍ය අදහස් පිළිබඳ ව්‍යාකූලත්වය වළක්වා ගැනීම සඳහාය.

වතිකානු උසස් තාක්ෂණ දුරේක්ෂය (Vatican Advanced Technology Telescope VATT) මගින් ගන්නා ලද Crab නිහාරිකාවෙහි අනුරූපයකි. Photo credit: VATT image by Richard Boyle.
අප විද්‍යාව ගැන කතා කුමන ආකාරයෙන් කතා කිරීමට තෝරා ගත්තද, විද්‍යාත්මක සත්‍යය ගැන උනන්දුවක් දැක්වීම නිසාවෙන් කෙනෙකුට වෙනත් අර්ථයේ වෙනත් ප්‍රභවයන් ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන බව මතක තබා ගැනීම වැදගත්ය. බොහෝ විද්‍යාඥයින්, අධ්‍යාත්මික නායකයින් මෙන්ම සාමාන්්‍ය ජීවිත ගතකරන මිනිස්සු එක හා සමානව ඔවුන්ගේ අධ්‍යාත්මික සහ විද්‍යාත්මක විශ්වාසයන් දෙකෙහිම ගැඹුරු අර්ථයක් දකිති. නිදසුනක් වශයෙන්, ප්‍රකට ජීව විද්‍යාඥයෙකු සහ ජාතික මානව ජෙනෝම පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන Francis Collins, අධ්‍යාත්මික කාරණා සම්බන්ධයෙන් ඔහුගේ ඇදහිල්ලේ ගැළපුම සහ ස්වභාවික ලෝකය පිළිබඳ ඔහුගේ විද්‍යාත්මක දැක්ම පිළිබඳව විවෘතව අදහස් ප්‍රකාශ කර ඇත. එලෙසම, තාරකා විද්යාඥයින් සඳහා විද්යාත්මක සම්මන්ත්රණවලට සත්කාරකත්වය සපයන, එමෙන්ම තමන්ගේම නිරීක්ෂණාගාරයක් පවා පවත්වාගෙන යන වතිකානුව වැනි සමහර ආගමික සංවිධාන, විද්යාව හා ආගම අතර ගැටුමක් නොමැතිකම අවධාරණය කර ඇත. විද්‍යාව සහ අධ්‍යාත්මික කාරණා සාමකාමීව සහ ඵලදායීව සහජීවනයෙන් පැවතිය හැක.
අවසාන වශයෙන්, විද්‍යාත්මක අදහස් පරීක්ෂ්‍ය(පරීක්ෂා කළ හැකි) යුතුවා පමණක් නොව, ඒවා ඇත්ත වශයෙන්ම පරීක්ෂණයට ලක් විය යුතුය. වඩාත් යෝග්‍ය එමපරීක්ෂණ වඩාත් විවිධ සාක්ෂි මං ඔස්සේ, විවිධ පුද්ගලයන් විසින් සිදු කරණු ලැබීමයි. මෙම ගතිලක්ෂණය, විද්යාවේ සෑම අංශයකම හරය වශයෙන් ඇත. විද්යාඥයෝ, ඔවුන්ගේ අදහස් පරීක්ෂා කිරීම පිණිස ක්රියාශීලීව සොයති — පරීක්ෂණය කොපමණ දුෂ්කර වුවත්, එසේ කරති: උදාහරණයක් ලෙස, වසර ගණනාවක්ම, එකම සම්පරීක්ෂණය් වෙනුවෙන් වැය කිරීම, අයිස් හරයක කාබන් ඩයොක්සයිඩ් මට්ටම මැනීමට තකහනියක් ඇන්ටාක්ටිකාවට ගමන් කිරීම හෝ ලොව පුරා සිටින දහස් ගණන් ස්වේච්ඡා සේවකයන්ගෙන් DNA සාම්පල එකතු කිරීම. දැක්විය හැකියි. විද්‍යාවේදී එවැනි පරීක්ෂණ සිදු කිරීම විද්‍යාවට ඉතා වැදගත් වන්නේය: මන්ද කීවොත්, විද්‍යාත්මක අදහසක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම රඳා පවතින්නේ එයට අදාළ සාක්ෂි මත මිස ප්‍රවාදය, ජනප්‍රිය මතය හෝ සම්ප්‍රදාය මත නොවේ. විද්‍යාවේදී, සාක්ෂි මගින් තහවුරුවක් නොදක්වන අදහස් අවසානයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ. එමෙන්ම පරීක්‍ෂාවට භාජනය වීමෙන් ආරක්‍ෂා කර ඇති හෝ ප්‍රතිඵලය පිළිබඳ උනන්දුවක් දක්වන එක් කණ්ඩායමකට පමණක් පරීක්‍ෂා කිරීමට අවසර දෙන අදහස් යහපත් විද්‍යාවේ කොටසක් වන්නේ නැත.
UC(University of California) Museum of Paleontology Understanding Science වෙබ් අඩවියෙහි Science aims to explain and understand සහ The many meanings of truth යන කොටස් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න