දකුණු පස ඇත්තේ රැජිනයි. විශාල, අඳුරු පැහැ සිරුරක් සහිත ඇය, මී මැසි ජනපදයේ වැඩ කරන මී මැස්සන්ට වඩා විශාල වන අතර කිහිප ගුණයකින් වැඩි කාලයක් ජීවත් වේ. Jens Kalaene/picture alliance via Getty Images

මී මැස්සන්ට රැජිනක් සිටින්නේ ඇයි සහ සමහර මී මැස්සන්ට රැජිනක් නැත්තේ ඇයි? ජීව විද්‍යාඥයින් දෙදෙනෙකු මෙම කෘමියාගේ සමාජ ව්‍යුහය පැහැදිලි කරයි 

මී මැස්සන්ට රැජිනක් සිටින්නේ ඇයි? –

ප්‍රශ්නය අහන්නේ: වොෂිංටන්, රොස්බර්ග් හී අට හැවිරිදි, රයිලි.

පිළිතුරු දෙන්නේ: Tufts විශ්වවිද්‍යාලයේ, ජීව විද්‍යා සහායක මහාචර්ය, Phil Starks සහ Framingham රාජ්‍ය විශ්වවිද්‍යාලයේ, ජීව විද්‍යා මහාචාර්ය Aviva Liebert

 “මීමැස්සන්” යයි කී පමණින් අප කාගේත් හිතට එන්නේ ලොව පුරා ජීවත් වන එක් කෘමි විශේෂයක්:  එනම් මී මෑස්සා(honey bee). මී මැස්සන්ට රැජිනක් සිටින අතර ඇය, මී මැසි ගණාවාසය සඳහා  සියලුම බිත්තර අවශ්‍යයෙන්ම දමන ගැහැණු සතෙකි.

එහෙම කිව්වාට, බොහෝ මීමැස්සන්ට රැජිනක් නැත. ලොව පුරා මී මැසි විශේෂ 20,000 ක් — ඒ කියන්නේ, මීමැස්සන් ට්‍රිලියන 2 ක් පමණ වේ — ඔවුන්ගෙන් බහුතරය කණ්ඩායම් වශයෙන් ජීවත් නොවෙති. ඔවුහු ද,  රැජිනක් හෝ ගණාවාස නැති වුණාට යහතින් ජීවිතය ගත කරති.

‍රැජිනක් වෙනුවට, තනි ගැහැණු සතෙක්, එක්කෝ ශාක කඳක් ඇතුළත හෝ භූගත උමඟක් වැනි සරල කැදැල්ලක බිත්තර දමයි, . ඇය සෑම බිත්තරයකටම මල් වලින් එකතු කරන ලද මල් පැණි සමඟ මිශ්‍ර පරාග බෝලයක් ලබා දෙන අතර,  පැටවුන් බිහි කිරීමට සහ තනිවම වර්ධනය වීමට මග සලසමින් බිත්තර නිදැල්ලේ තබයි. ඇයට, මෙම ක්‍රියාවලියට උදව් කිරීමට කිසිවෙකුත් නොමැත.

නැවතත් අපි පොදුවේ මී මැස්සන් වෙත යොමු වෙතොත්, මෙම මී මැසි විශේෂ, බොහෝ විට දර්ශනීය ලෙස විචිත්‍රයි. බොහෝ අය ඒවා ගැන නොදැන සිටියත්, ඔවුන්බොහෝ භෝග සහ ශාකවල වැදගත් පරාගකාරකයෝයි(pollinators).

බොහෝ මී මැස්සන් රැජිනක් නොමැතිව සාර්ථකව ජීවත් වන බැවින්, ‍රැජිනියන් සිටින මී මැසි විශේෂ සඳහා ඒ රැජිනියන් සපයන්නේ කුමක්ද? අපි දෙදෙනා සමාජ කෘමීන් අධ්යයනය කරන චර්යාත්මක පරිසරවේදීන් වන අතර මෙම ප්රශ්නය අපගේ පර්යේෂණයේ හරය වශයෙන් පවතී.

මී මැසි ගණාවාසයක තනි රැජිනට සහය වන දහස් ගණන් කම්කරුවන් සිටිය හැක. bo1982/iStock via Getty Images Plus

රැජිනක්, කම්කරුවන් සහ පිරිමි මැස්සන්

මී මැස්සන් සමඟ තවත් මී මැස්සන් වර්ග දෙකකටද රැජින ඇත: බඹර මී මැස්සන්, ඕස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සියලුම මහාද්වීපවල දක්නට ලැබේ; තවද, මීට අමතරව දළ රහිත මී මැස්සන්(stingless bees), ප්‍රධාන වශයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල දක්නට ලැබේ.

මී වදය ලෙසද හඳුන්වනු ලබන මී මැසි ගණාවාසයක මැස්සන් 50, 000කට වැඩියෙන් සිටිය හැකිය. එහෙත්, බඹර මැසි  ගණාවාසයක සාමන්‍යයෙන් ඇත්තේ මැස්සන් සිය ගණනක් පමණකි. දල රහිත ගණාවාස බොහෝ විට කුඩාය; එහෙත් සමහරක් විශාලතම මී මැසි වද තරම්ම විශාලය. බිත්තර දමන ‍රැජිනකට අමතරව, මෙම මීමැසි විශේෂ දෙකෙහි සමාජ ව්‍යුහයන් තවත් කාණ්ඩ දෙකකින් සමන්විතයි: ගණාවාසය සත්කාර කරන ගැහැණු සේවිකාවන් සහ ‘drones’ යනුවෙන් හඳුන්වනු ලබන පිරිමි මැස්සන්.

සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ “කම්කරු” කණ්ඩායමට පිරිමි සතුන් ඇතුළත් නොවන බවයි.  පිරිමි සත්තු, සාමාන්‍යයෙන් මල් පැණි හෝ පරාග එකතු කිරීමට, වද ආරක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට හෝ ළපටි කීටයන් රැකබලා ගැනීමට උදව් නොකරති. ඒ හැම කාර්යයක්ම කරන්නේ ගැහැණු සතුන්ය..

ඒ වෙනුවට, පිරිමින්ට ඇත්තේ එක් කාර්යයකි: අනාගත රැජිනක් විය හැකි  මැස්සියක සොයා ගැනීම සහ ඉන් අනතුරුව ලෛන්ගිකව එකතු වීමයි.. ඔවුන්ගේ ශක්තිය ගොඩනඟා ගැනීමෙන් පසු, පිරිමි සත්තු,  මී වදයෙන් පිට වී, සහකරුවන් සොයන නව රැජිනියන් එනතුරු බලා සිටින තවත් පිරිමි සතුන් දහස් ගණනක් හා එක්වෙති. පිරිමි සතෙකුට,මැස්සියක හා  ලෛන්ගිකව එකතු වීමට වාසනාව හිමි වී නම්,  එය වාසනාවක් නොව ඉක්මනින් ඔවුන්ගේ අවසානය වෙත ළඟා වන මගකි.. ඊට හාත්පසින්ම වෙනස්ව, ගැහැණු සතුන් බිත්තර දැමන රැජිනන් ලෙස තම ජීවිතය ආරම්භ කිරීමට පෙර විවිධ පිරිමි සතුන් සමඟ ලෛන්ගිකව එක්වෙති.

හැම වැඩක්ම පාහේ කරනු ලබන්නේ වැඩ කරන ගැහැණු සතුන් විසිනි.

හුදකලා රැජින

රැජිනක් යනු සියල්ල භාරව සිටින, අවට සිටින සියල්ලන්ටම අණ දෙමින් ඔවුන් එක් එක් කාර්යයන්වල යොදවමින් පාලනය කරන්නියක ලෙස සමහරවිට ඔබ සිතන්නට පුළුවන. එහෙත් එ,ය භාෂාව අපව  නොමඟ යවන අවස්ථාවක් පමණකි. සිය යටත් වැසියන් පාලනය කරමින් නායකත්වය දෙන මිනිස් රැජිනක් මෙන් නොව, මී මැසි රැජින මී වදයේ කම්කරුවන් පාලනය නොකරයි.

ඒ වෙනුවට, විශේෂයෙන් මී මැස්සන්(honey bees)  ගතහොත්, රැජින වදයේ සිදුවන දේ වලින් තරමක් හුදෙකලාව ජීවිතය ගත කරයි. මතක තබා ගන්න, ඇය දිනකට බිත්තර 2,000 දක්වා බිත්තර දමයි. ගණාවාසයි කටයුතු පාලනය කරන අතරතුර කම්කරුවෝ ඇයව වටකර ‍රැක බලා ගනීති. මී මැසි රැජිනක්, කාන්තා සේවක මී මැස්සන් සහ පිරිමි සතුන්ට වඩා බොහෝ කලක් දිවි ගෙවමින්  අවුරුදු කිහිපයක් ජීවත් වෙනවා විය හැකිය

අනෙකුත් සත්තු ද, ප්‍රජනනය කරන්නන් සහ ජනපදය නඩත්තු කරන්නන් අතර ශ්‍රම බෙදීමක් සහිත සමාජ කණ්ඩායම්වල ජීවත් වෙති. කුහුඹුවන්, වේයන්, සහ yellow jackets සහ hornets වැනි සමහර බඹරුන්  සමාන ආකාරයේ ගණාවාස ව්‍යුහයක් ඇත.  නිරුවත් වැලි මීයා ද එසේමය.

මෙම කණ්ඩායම්, රැජිනක් සිටින (කණ්ඩායම්) ලෙස පරිණාමය වූයේ ඇයි?

පවුල් බැඳීම්

ජීවියෙකුට ජාන සම්ප්‍රේෂණය කිරීමේ එක් ක්‍රමයක් නම් ජනිතයන් බිහි කිරීමයි.

තවත් ක්‍රමයක් නම්, ඔබේ  ජාන බොහොමයක් බෙදාහදා ගැනීමට ඉඩ ඇති සමීප ඥාතීන්ට ඔවුන් තනිවම ගතකරනවාට වඩා වැඩි දරුවන් බිහි කිරීමට උපකාර කිරීමයි.

මී මැසි බිත්තර සහ කීටයන් එක සෛලයකට වර්ධනය වේ. Megan Kobe/iStock via Getty Images Plus

මෙම විකල්පය බොහෝ දුරට මී මැසි ගණාවසයක සිදු වේ.  එහි දහස් ගණන් ගැහැණු කම්කරු මී මැස්සියන්ට තමන්ම ප්‍රජනනය කිරීමේ හැකියාවක් නැති නමුත් රැජින ඔවුන්ගේ මවයි. දිනක ඔවුන්ගේ සහෝදරියන් වන තවත් සහෝදර සහෝදරියන් පරම්පරාවක් බිහි කිරීමට ඔවුහු ඇයට උපකාර කරති. මේ ආකාරයෙන්, සෘජුව නොවෙතත්, ගැහැණු කම්කරු මී මැස්සියෝ ඔවුන්ගේ ජාන ඊළඟ පරම්පරාවට ලබා දෙති,

මෙන්න සලකා බැලිය යුතු තවත් දෙයක්: මී මැසි(honey bee) වදයක් යනු  පුදුමාකාර සංකීර්ණ ව්‍යුහයක්. මී පැණි ගබඩා කිරීම සහ පැටවුන් ඇති කිරීම සඳහා ඉදිකරන ලද ඉටි කුටීර තට්ටු යනු ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයක් වන අතර ඉදිකිරීම් කටයුතු, අඛණ්ඩ අලුත්වැඩියාවන් සහ අනවසරයෙන් ඇතුල්වන්නන් හෝ විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සඳහා විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වේ.

ඔන්න දැන් ඔබට ඇසිය හැකි ප්‍රශ්නයක් තිබේ: මුලින්ම පැමිණියේ කුමක්ද? වඩාත් විසිතුරු කැදැළි ව්‍යුහයන් අවශ්‍ය වන්නා වූ,  පැටවුන් විශාල සංඛ්‍යාවක් බිහි කරන රැජින සහ කම්කරුවන් සිටින සමාජ කණ්ඩායම් ද? එසේත් නැතිනම් රැජින සහ කම්කරුවන් අතර කාර්යයන් බෙදා හැරීම සඳහා පරිණාමය වූ කණ්ඩායම් සඳහා වැඩි සාර්ථකත්වයක් ගෙන දුන් සංකීර්ණ කැදැළි මුලින්ම ඇති වූවාද?

මේවා ජීව විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ ගවේෂණය කරන්නා වු සිත් ඇදගන්නා ප්‍රශ්න වේ;  එසේනමුත් මෙම සාධක දෙකම — ශ්රමය බෙදීම සහ සංකීර්ණ කාර්යබහුල ව්යුහයන් — රැජින සමඟ මී මැස්සන් සිටින්නේ මන්දැයි පැහැදිලි කිරීමට උපකාර කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending