විශාල බහාලුම් නෞකාවක් බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙන් වැදගත් තොටුපළක් “සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක් බැල්ටිමෝර් පාලම කඩා වැටුනේ මන්දැයි පැහැදිලි කරයි.
බැල්ටිමෝර් පාලම, බහාලුම් නෞකාවක් ගැටීමෙන් පසු කඩා වැටුණේ ඇයි?
අතිවිශාල බහාලුම් නෞකාවක් මේරිලන්ඩ් හි බැල්ටිමෝරයේ Helen Delich Bentley වරායේ වෙතින් මාර්තු 26 අඟහරුවාදා අලුයම 1:30 ට පෙර පිටත්ව යද්දී , එය ෆ්‍රැන්සිස් ස්කොට් පාලමෙහි ආධාරක වන කුළුණක ගැටුණි. විනාඩියකටත් අඩු කාලයකදී සැතපුම් 1.6ක් දිග කාප්ප පාලමේ(truss bridge) මැද කොටස පහතින් ඇති ගඟට ඇද වැටුණි. මෙම ඝට්ටනය හිතාමතා සිදු වූවක් බවට කිසිවකින්වත් අඟවන්නේ නැතැයි බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී James Wallace මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. සිංගප්පූරුවේ ධජය සහිත භාණ්ඩ නැව වරාය ඇල මාර්ගය හරහා පිටව යද්දී එහි ප්‍රචාලනය අහිමි වී, ඒ නිසාවෙන් කාර්ය මණ්ඩලයේ පාලනය නැතිවී ඇති බව පෙනේ.. ඇසෝසියේටඩ් ප්‍රෙස් දක්වන අන්දමට, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ මේරිලන්ඩ් ආණ්ඩුකාර Wes Moore පැවසුවේ, නෞකාවේ කාර්ය මණ්ඩලය ව්යසනයට පෙර පාලම් ගමනාගමනය නතර කිරීමට ප්රමාණවත් තරම් කාලයක් සහිතව විපතට පත්වූ විට නිකුත් කරන සංඥාවක් නිකුත් කළ බවයි.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති නමුත් පාලම කඩා වැටෙන විට ඉදිකිරීම් කම්කරුවන් අට දෙනෙකු පාලම මත සිට ඇත. මේරිලන්ඩ් හී ප්‍රවාහන ලේකම් Paul Wiedefeld පැවසුවේ එයින් සේවකයින් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි. CNN ප්‍රවෘත්ති සේවයට අනුව, සහ මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වනවිටත් හය දෙනෙකු තවමත් අතුරුදහන්ව ඇත.

“එය විශාල ඛේදවාචකයක්” Johns Hopkins විශ්වවිද්‍යාලයේ සිවිල් සහ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Benjamin Schafer පවසයි. කඩා වැටීම, බැල්ටිමෝර්හි “විශාල හිඩැසක්” ඇති කර තිබෙතැයි හෙතෙම පෙන්වාදෙයි. මේරිලන්ඩ් ප්‍රවාහන අධිකාරියට අනුව සෑම වසරකම අන්තර් රාජ්‍ය 695 ඔස්සේ ධාවනය වන වාහන මිලියන 11කට වැඩි ප්‍රමාණයක් මෙම පාලම හරහා පැටප්ස්කෝ ගඟ(Patapsco River ) හරහා ගමන් කරයි. සමහරක් වාහන ගඟට පහළින් දිවෙන මංතීරු හතරේ උමග ඔස්සේ ගමනාගමනය සඳහා යොමු කළ හැකි නමුත් ඒ වාහන සියල්ලම නොවේ: අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනඊට උදාහරණයි. අඩි 50ක් ගැඹුරු ඇළ මාර්ගයෙන් පාලමේ සුන්බුන් ඉවත් කළ හැකි වන තුරු, මෙම ප්‍රධාන මධ්‍ය අත්ලාන්තික් මධ්‍යස්ථානයෙන් භාණ්ඩ ප්‍රවාහනය වෙනතකට යොමු කිරීම හේතුවෙන් නැව්ගත කිරීමේ ප්‍රමාදයක් ඇති කළ හැකිය.
බැල්ටිමෝර් හී ” අලංකාර පාලම” විනාශ වීම ගැන Benjamin Schafer, Scientific American සඟරාව සමග සම්මුඛ සාක්ච්ඡාවක යෙදුනේය.
[සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කරන ලද පිටපතක් පහත දැක්වේ.]
මේ ආකාරයේ ඝට්ටනයකින්, ඕනෑම පාලමක් නොනැසී පවතිනු ඇත්ද?
මම එහෙම හිතන්නේ නැහැ. එවැනි ස්ථාන දෙකකින් ආධාරක වන ඕනෑම පාලමක් සහ එක් ආධාරකයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීමේ ඊළඟ පියවර ලෙස (එය) ජලය මත පතිත වනු ඇත.
පාලම සාදන ලද්දේ කුමකින් ද?
ප්‍රධාන පාරායණය(span), එනම්, [වීඩියෝ දර්ශනවල] කඩා වැටෙනවා පෙනෙන කොටස වානේ උපරිව්‍යුහය වේ. ඔබ දකින සෑම මූලද්‍රව්‍යයක්ම කොන්ක්‍රීට් පාලම් කණුව මත වානේ ආධාරක වන අතර එය ජලයට සම්බන්ධ කෙරෙන්නේ එමගිනි.
මෙම පාලමේ ඉදිකිරීම් 1972 දී ආරම්භ වූ අතර එය වසර පහකට පසුව විවෘත විය.
අද අපි මේ පාලම හදනවා නම්, අපි මීට වඩා වෙනස් ආකාරයක් කරනවා නම් ඒ කුමක්ද?
මෙවන් පාරායණයක පාලම්වල අර්ථශාස්ත්‍රය 20 වැනි සියවසේ මැද භාගයේ සිට වෙනස් වී ඇත, [එසේම] එවැනි අනන්‍යතා මුද්‍රාවක් සහිත පාලමක් තැනීමේදී නාගරික අධිකාරීන් සොයන සෞන්දර්යමය වටිනාකම බොහෝ දුරට නිසැකයි, එය අද ඉදිකරන ලද්දේ නම්, එය වෙනත් ආකාරයකින් සිදු කරනු ඇති බවද ඒ හා සමානවම නිසැකය — පසුගිය වසර 20 කට වැඩි කාලයක් තුළ අප ගොඩනඟා ඇති දේ දෙස බැලුවහොත් සමහරවිට එය කේබල්-රැඳවුම් පාලමක් විය හැකියි [සංස්කාරක සටහන: කාප්ප පාලමක පෙට්ටි ආකාර ලෝහ ඉදිකිරීමට ප්‍රතිවිරුද්ධව කේබල් රැඳවුම් පාලමක, කේබල් ඉහළ කුළුණු සිට මාර්ගය දක්වා ඇදෙයි]
කෙසේවෙතත්, එය පිළිබිඹු කරන්නේ වෙනස් වන ශ්රම හා ද්රව්ය පිරිවැයයි. ලෝහ කාප්ප පාලමක් සෑදීමට කුඩා කැබලි රාශියක් තිබේ.
කලක් ගත වූ යටිතල පහසුකම් මෙම කඩාවැටීමට කිසියම් ආකාරයකින් දායක වී තිබේද?
මෙම විශේෂිත ව්‍යුහයට කාලය ගතවීමෙන් ඇතිවන තීරණාත්මක ගැටලුවක් ඇති බවට හෝ එවැනි ගැටළුවක් මෙය අසාර්ථක විය හැකි ආකාරය පිළිබඳ තීරණාත්මක සාධකයක් බව අඟවන කිසිවක් මා අසා නැත. මම අද උදෑසනම වීඩියෝව මුලින්ම දුටු විට, මට සිතුනේ, “ඔහ්, හොඳයි, සමහර විට ‘අරක හෝ මේක’ [පාලම කඩාවැටීමට දායක විය].” ඒත් පසුව මා විවේකීව රාමුවෙන් රාමුව බලද්දී කුළුණ අහිමි වී ගියාට පසු, පාලම සිරස් අතට පහළට වැටේ. එතකොට මට හිතුණේ, ‘අනේ, වසර ගණනාවක් පුරා සොදා යාමෙන් තොටුපළ දුර්වල කර හෝ ඒ වගේ දෙයක් වෙන්න ඇති’ යනුවෙන්.[කර්තෘගේ සටහන: තොටුපළේ අත්තිවාරම වටා ඇති අවසාදිතය ජලයෙන් ඛාදනය වන විට පාලම් සොදා යාම ප්‍රතිඵලය.] කෙසේවෙතත් එවැනි ඕනෑම දෙයක් දිවීතීයිකයි. ප්‍රමුඛ වන්නේ මෙම දැවැන්ත බහාලුම් නෞකාවෙන් තොටුපළේ කෙළවරට වැදුණු ප්‍රබල පහරයි.

කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම ස්ථානයේ ගැටුණා නම් තොටුපළ විනාශ කරයිද?
කියන්න අමාරුයි. අටලුව, සම්පූර්ණයෙන්ම විනශව ගොස් ඇති බව පෙනේ. එය(අටලුව) ඇලවූ, නැමුණු හෝ වෙනත් ආපදාවක් නැතුව එය නිකම්ම නැති වී ගියේය. ඔබත් මමත් කුඩා රුවල් බෝට්ටුවක නැගී ගමන් කරද්දී පාලම් තොටුපළ හ ගැටුනොත්, පාලම් කණුව (අපේ යාත්‍රාවට) වඩා ශක්තිමත් ය. එහෙත් මෙම අවස්ථාවේදී [එක්කෝ පාලම් තීරුවට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොතිබූ නිසා හෝ නැව ඒවා හරහා යාමට තරම් විශාලත්වයෙන් වැඩි වූ නිසා], මුළු තොටුපලම විනාශ මුඛයට පත්විය.
පාලමක් යනු හොඳින් සිතා මතා සකස් කරන දෙයකි. එක් ප්‍රධාන උපකල්පනයක් නම්, ආධාරක ලකුණු තබන තැනට, සහාය දිය යුතුය යන්නය. එය ඉවත් කළහොත්, පාලමට කෙසේ හෝ පාරායණයට ඉඩ දෙන නිර්මාණයක් නොමැත.
වචනානුසාරයෙන් ගත් විට සියල්ල විනාසව ගොස් තිබෙණු දැකිය හැකිය; පසුව පාලම දෘඩ වස්තුවක් ලෙස සිරස් අතට පහළට ගමන් කරයි…. ඊට හේතුව ගුරුත්වාකර්ෂණයයි. එහි ආධාරක ඉවත් කර ඇත. එය විකල වී අවසානයේ ජලයට වැටෙනු දකින ස්ථාන, ආධාරක නැතිවීම සමඟ කෙලින්ම සම්බන්ධ වේ. එය යම් ප්‍රචාරණයක් නොවේ: මුළු පාලමම, සෑම වානේ කැබැල්ලක්ම, සිරස් අතට පහළට යයි. එහි හැරීමක් හෝ නැමීමක් හෝ එවැනි දෙයක් නැත. සහාය නැති වී යයි; එවිට එය පහළට යයි.
මෙම ව්‍යසනයෙන් උගෙන ගත හැකි ඉංජිනේරු පාඩම් තිබේද?
ඉතින් සමහර විට අපි එය පාලම් ගැටලුවකට වඩා සම්පූර්ණ යටිතල පහසුකම් ගැටලුවක් ලෙස සලකමු, හරිද? අපට බැල්ටිමෝර් වරාය අවශ්‍යයි. එය සමස්ත ඊසානදිග කොරිඩෝව සඳහා ඇති ප්‍රධාන නැව් වරායකි. එහි සැලකිය යුතු නැව් ගමනාගමනයක් ඇත. පාලම ඉදිකළ 1970 ගණන්වල සිට අද දක්වා නැව්වල ප්රමාණය බැලුවොත් එය රැඩිකල් ලෙස වෙනස් වී ඇත. වීඩියෝවෙන් දැක ගත හැකි විකල වීම දෙස බලන විට, කන්ටේනර් නෞකාව පාලමේ උස තරම් පළල වේ. එය ඇත්තටම කොතරම් විශාලද යන්න අපට මනසින් එකවර සිතා ගැනීම අපහසුය! එම පාලම ක්‍රියාත්මක වන පරිසරය සහ අප කළ යුතු දේ බොහෝ සේවෙනස් වී ඇත.
නැව් ගමනාගමනයෙන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් කල, අපගේ පාලම් ආධාරක ව්‍යුහයන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉගෙන ගැනීමට ඇති පාඩම් තිබේ…. මම මෙ කරන්නේ හුදු අනුමානයක්. මන්ද, අනතුරට තුඩු දුන් සියලුම ක්‍රියාදාමයන් එලෙසම නවතත් සිදුවනු ඇතැයි මට සිතාගත නොහැකිය. සමාන වීමට ඉඩ දෙන්න. එබැවින් වරායට පැමිණීම හෝ වරායෙන් පිටවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රෙගුලාසි සහ ක්‍රියාවලීන් ඇති වනු ඇත.
පුද්ගලික, චිත්තවේගීය මට්ටමින් ගත් විට, පාලම් මතින් රිය පැදවීම ජනතාවට යම් තිගැස්මක් ඇති කළ හැකි බව අපි දනිමු. මෙම ව්‍යුහයන් සම්බන්ධයෙන් වැඩ කරන ව්‍යුහාත්මක ඉංජිනේරු ප්‍රජාව එය ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ල යොමු කරන අතර ඉතා පාලම් සැලසුම් කිරීම සහ රැකබලා ගැනීම ඉතා බැරෑරුම් ලෙස සිදු කරයි. සැබෑ ව්‍යුහය ගැන ඉගෙන ගත යුතු පාඩම් තිබේ නම්, එම පාඩම් ඉගෙන ගනු ඇත.
Scientific American(MARCH 26, 2024) හී පළවූ Why Baltimore’s Francis Scott Key Bridge Collapsed after Strike by Container Ship යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න