ව්‍යාජ පුවත් බෙදා හැරීම අධෛර්යමත් කරන මැලේසියානු දැන්වීමක්. AP Photo/Vincent Thian

2024 දී වාර්තාගත මැතිවරණ සංඛ්‍යාවක් ලොවපුරා පැවැත්වෙන්නට නියමිතව තිබෙන පසුබිමක ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ පාලනයට නීතිසම්පාදනය කිරීම මගින් යහපතකට වඩා හානියක් සිදු කිරීමේ අවදානමක් ඇත.

අතථ්‍ය තොරතුරු වලට(misinformation) සහ වැරදි තොරතුරු වලට(disinformation) එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා රජයන් මෑත වසරවල සම්පාදනය කර ඇති “ව්‍යාජ පුවත්” විරෝධී නීති මගින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට එතරම් දෙයක් නොකරන අතර ඒ වෙනුවට, එමගින්  හානියක් සිදු කිරීමේ වැඩි අවදානමක් නිර්මාණය කළ හැකිය.

ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම අතථ්‍ය සහ වැරදි තොරතුරු සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ සලකා බැලූ හෝ සම්මත කරන ලද නීති  සමාලෝචනය කිරීම පිණිස මා උදවු කළ අධ්‍යනයක ප්‍රධාන සොයා ගැනීම එයයි. සමස්තයක් වශයෙන්, මා වැනි ප්‍රවෘත්ති වෘත්තිකයන් සහ විද්වතුන්ගෙන් සමන්විත ස්වාධීන, ගෝලීය ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Center for News, Technology and Innovation හෙවත් CNTI මගින් ඉතියෝපියාවේ සිට පිලිපීනය දක්වා රටවල් 31 ක පනවා ඇති නීති සමාලෝචණය කෙරිණ.

2020 සිට 2023 දක්වා සලකා බලන ලද හෝ සම්මත කරන ලද නීති හඳුනා ගැනීම සඳහා අපි Center for International Media Assistance, ළ්EඞOඨ්A සහ ළුපඹුන්ඩි වෙතින් පෙර වාර්තා සහ දත්ත ලබා ගත්තෙමු.

“ප්‍රවෘත්ති” සහ “මාධ්‍යවේදය”, “ව්‍යාජ පුවත්” සහ “මාධ්‍යවේදීන්” සහ මෙම නියමයන් අධීක්‍ෂණය කිරීම සඳහා වගකිව යුතු ඕනෑම බලධාරියෙකු සම්බන්ධ ප්‍රධාන කොන්දේසි ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව කේතනය කිරීමෙන් අපි නීති 32ක් විශ්ලේෂණය කළෙමු.

අණපණත් මගින් “ව්‍යාජ ප්‍රවෘත්ති” ලෙස හැඳින්වූ දේ ඉලක්ක කරගනු ලැබූ අතර, එම වාක්‍ය ඛණ්ඩය පැහැදිලිව අර්ථ දක්වා ඇත්තේ අප බැලූ නීති 32 න් හතක පමණි – ඒ කියන්නේ හතරෙන් එකකට වඩා අඩුය.

නීති 32න් 14ක් පැහැදිලිවම එම නිර්වචනය බේරුම් කිරීමේ බලය රජයට පවරා ඇති අතර 18 ඒ සම්බන්ධයෙන් පැහැදිලි භාෂා යෙදුමක් සපයන්නේ නැත – එමඟින් සිදුවන්නේ පෙරනිමියෙන්ම රජයේ පාලනයට ඉඩ සැලසීමයි.

“ව්‍යාජ ප්‍රවෘත්ති” නීතිවල පැහැදිලි භාවයක් නොමැතිකම විවිධ පාලන තන්ත්‍ර වර්ග හරහා සොයා ගත හැකි අතර, මෙම රටවල් 31න් 12ක් ප්‍රජාතන්ත්‍රවාදී  පාලන තන්ත්‍ර සහිත රටවල් ලෙස සැලකේ.

මේ අතර,  මාස කිහිපයක සිට සිම්බාබ්වේ හි මෙන් අවුරුදු 20 දක්වා සිරදඬුවම් ඇතුළුව, නීති උල්ලංඝනය කිරීම් සඳහා දඬුවම් දැඩි විය හැකිය.

අප විමර්ශනය කළ නීති  තුළ කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති හෝ මාධ්‍යවේදි ස්වාධීනත්වය සඳහා ආරක්‍ෂාව ඇත්තේ සුළු වශයෙන් බව අපට පෙනී ගියේය. “ව්‍යාජ ප්‍රවෘත්ති” සම්බන්ධ ලිහිල් ලෙස නිර්වචනය කරන ලද නීති, ස්වාධීන මාධ්‍යයක් මර්දනය කිරීමට රජයන්ට භාවිතා කළ හැකිය.

මේ සියල්ල වැදගත් වන්නේ ඇයි

2024 දී  ජාතික මට්ටමේ මැතිවරණ වාර්තාගත සංඛ්‍යාවක් පවත්වනු ලබන්නේ ප්‍රවෘත්ති බෙදාහරින ආයතනවල ස්වාධීනත්වය සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව යන දෙඅංශයෙන්ම විශ්වාසදායක, කරුණු පදනම් වූ ප්‍රවෘත්ති වෙත මහජනතාවගේ ප්‍රවේශය පිළිබඳ දක්වන මහත් සැළකිල්ල මධ්‍යයේ ය.

චේතනාන්විතව හෝ නැතත්, අප විසින් පරීක්ෂා කරන ලද නීති ඛ්ණ්ඩ මගින් ප්‍රතිවිරුද්ධ හඬවල්  හීන කිරීමට සහ මාධ්‍ය නිදහස සීමා කිරීමට විභව අවස්ථා නිර්මාණය වී ඇත. – මේ කාරණා දෙකම මැතිවරණ පවත්වන රටවල දී විශේෂයෙන් වැදගත් වේ.

මෙම නීති සම්පාදනයේ ප්‍රකාශිත අභිප්‍රාය — ඉන් 32 න් 13 ක්ම COVID-19 වසංගතයට සම්බන්ධ ඒවා විය — සාවද්‍ය තොරතුරු මැඩපැවැත්වීම වුවද, පැහැදිලි අර්ථ දැක්වීම් නොමැතිකම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමේ  මෙන්ම,  කරුණු මත පදනම් වූ පුවත් බහුවිධතාවයකට මහජනතාවගේ විවෘත ප්‍රවේශය සිමාකිරීමේ ද අවදානමක් ඇත. .

මාධ්‍යයට අදාළ නීති සම්පාදනයේදී භාෂාව නිර්වචනය කිරීම සඳහා ප්‍රවේශම් සහගත සහ සංචරණීය ප්‍රවේශයක වැදගත්කම අපගේ සොයාගැනීම් තවදුරටත් ඉස්මතු කරයි.

‘ව්‍යාජ පුවත්’ නීති වාර්තාවට ඇතුළත් රටවල්. Center for News, Technology and Innovation

තවමත් නොදන්නා දේ

මෙම නීති මාලාවේ දිගුකාලීන ඇඟවුම් අපි නොදනිමු. ඇති විය හැකි නීතිමය ප්‍රතිවිපාක වළක්වා ගැනීමේ අදහස ඇතිව,  මාධ්‍යවේදීන් සහ ප්‍රභවයන් ඇතැම් මාතෘකා ඔස්සේ සොයා යෑමේ ඉඩකඩ අඩු වන අන්දමින් මෙම ආකාරයේ නීති බිය දනවන බලපෑම් ඇති කරන බවට සාක්ෂි තිබේ.

CNTI, එහි අඛණ්ඩ පර්යේෂණ වැඩසටහනේ කොටසක් ලෙස මෙම වර්ධනයන් ඔස්සේ දිගටම සොයා බැලීම් සිදු කරනු ඇත.

ඊළඟට සිදුවන්නේ කුමක් ද?

අපගේ ඩිජිටල්, ගෝලීය සමාජය තුළ පුවත්පත් කලාව විස්තර විභාගකොට දැක්වීමේ(defining) අදහස මුල් කරගෙන, 2024 දී CNTI විසින් පවත්වනු ලබන පර්යේෂණ ව්‍යාපෘති මාලාවක පළමුවැන්න, ව්‍යාජ පුවත් නීති සම්පාදනය පිළිබඳ වාර්තාව විය.

අනාගතයෙ පවත්වනු ලබන පර්යේෂණ, ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත: ප්‍රතිපත්ති විශ්ලේෂණ, අද මිනිසුන්ට ප්‍රවෘත්ති යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ විවිධ රටවල මහජන සමීක්ෂණ සහ කෘතිම බුද්ධියේ නැගීම සහ රජයේ ඇඟිලි ගැසීම් වැඩි වීමේ හැකියාව හමුවේ, ඔවුන් තම ක්ෂේත්‍රය දෙස බලන ආකාරය තේරුම් ගැනීමට මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමීක්ෂණයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending