කලාව නූතන මිනිසාට පහලවීමට පෙර පැවතියේද? නව සාක්ෂි සොයාගැනීම් මීට අදාලව ප්‍රබල ප්‍රශ්න මතු කරයි.

නියැන්ඩර්තාල් වැනි අපගේ පෞරාණික මානව ඥාතීන්ගේ සංජානන හැකියාවන් පිළිබඳව අප දන්නා දේ නැවත හැඩගස්වන පුරාවිද්‍යා වාර්තාවෙන් කලාත්මක ප්‍රකාශනය පිළිබඳ නිරන්තරයෙන් අළුත්වන නිදසුන් විද්‍යාඥයෝ සොයා ගනිමින් සිටිති.

නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පෙනී යන්නේ නියැන්ඩර්තාල් මානවයන් වැනි වඳ වී ගිය අපගේ මානව ඥාතීන් ප්‍රාථමික කලා ආකෘති නිර්මාණය කර ඇති බවයි. එයින්, ඔවුන් ගැන  කියැවෙන්නේ කුමක්ද?

 (Image credit: Victoria K. Ellis for Live Science)

සියවස් ගණනාවක් පුරා, මධ්යම ජර්මනියේ  “Einhornhöhle” හෙවත් “යුනිකෝන් ගුහාව”  එහි ඇති අස්ථි දහස් ගණනක් සඳහා ප්රසිද්ධය.  මධ්‍යතන යුගයේ මිනිසුන් සිතුවේ මෙම ඇථි කඟවෙනුන්ගේ ඒවා බවයි.

කෙසේවෙතත්, මීට වසර කිහිපයකට පෙර, පුරාවිද්‍යාඥයින් විසින් මෙම ගුහාව කැණීමේදී අසාමාන්‍ය වස්තුවක් සොයා ගන්නා ලදී: යෝධ මුවෙකුගේ ගාත් අඟිලි අස්ථියක්. මෙම වස්තුවම සැලකිය දෙයක් විය: යෝධ මුවන් වරක් යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික දඩයම්කරුවන්ගේ ගොදුරක් වුවද, (එම) සතුන් සාමාන්‍යයෙන් උතුරට බොහෝ ඈතින් සැරිසැරූ අතර, එයින් පෙන්නුම් කරන්නේ මෙම අස්ථිය දුර බැහර සිට ගෙන එන ලද බවයි.

තවද,  එය පැහැදිලිවම  ගුහාවේ අනෙක් ඒවායින් වෙනස් විය: විශාල කට්ට කිහිපයක් කෝණාකාරව අස්ථියේ ඉහළ මතුපිටට  කැටයම් කර ඇති අතර එමඟින් හමුදා වල අය පළඳින ‘V’ හැඩැති කැපී පෙනෙන නිල පටි වැනි රටාවක් නිර්මාණය විය.

ඊටත් වඩා අසාමාන්‍ය අංගය වූයේ එහි වයසයි: අස්ථිවල විකිරණ කාබන් කාල නිර්ණය(Radiocarbon dating ) මගින් පෙන්නුම් කළේ “Einhornhöhle”  වඳ වී ගිය අපේ මිනිස් ඥාතීන්.වන නියැන්ඩර්තාල්වරු, මීට වසර 51,000 කට පමණ පෙර  ගුහාව අල්ලාගෙන සිටින විට  මුවන් ජීවත් වන්නට ඇති බවයි.

” ‘ Einhornhöhle’ හි කැටයම් කරන ලද අස්ථිය අවම වශයෙන් වසර 50,000 ක් පැරණි වන අතර ඒ අනුව පැරණිතම සංකේතාත්මක වස්තූන් පරාසයක්  අතරට එය වැටේ” මෙකී වස්තුව පිළිබඳ පර්යේෂණ ප්‍රකාශයට පත් කළ පහළ සැක්සොනි ප්‍රාන්ත රජය සමඟ වැඩ කරන  පුරාවිද්‍යාඥයෙකු වන Dirk Leder පවසයි. සංකේතවාදයේ අර්ථය කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති නමුත් එය “අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින්, පිටස්තරයින්, භූත ආත්මයන් හෝ ඒ හා සමාන අය සමඟ සන්නිවේදනය කිරීමට අදහස් කරන උපකරණයක් වන්නට පුළුවන — අපි ඇත්තටම නොදනිමු,” ඔහු කියයි.

අස්ථිය යනු “ලෝකයේ පැරණිතම කලාව” යන බොහෝ මතභේදයන්ට තුඩු දී ඇති මාතෘකාවට මුල් වීම උදෙසා තරඟ වදින වස්තූන් කිහිපය අතර එකකි. මෙය,  අහම්බෙන්, කුකුලන් පහුරු ගෑමක් වැනි රටාවක් සහ විශ්මයජනක ලෙස යථාර්ථවාදීවූ නිරූපාත්මක අනුරූප ඇතුළත් වන පුළුල් සහ ඉඩ කඩක් නොමැති ක්ෂේත්‍රයකි.

පසුගිය දශකය තුළ, වැඩි වෙමින් පවතින සාක්ෂි මගින් යෝජනා කරනු ලබන්නේ  මානව පරිණාමය තුළ කලාත්මක ප්‍රකාශනය විද්‍යාඥයන් එක් කලෙක සිතුවාට වඩා බොහෝ කලකට පෙර මතු වූ බවත්, එය නියැන්ඩර්තාල් සහ මුල් කාලයේ හොමිනින් වැනි පෞරාණික මානවයන්ගේ සංජානන හැකියාවන් පිළිබඳ අපගේ අවබෝධය නැවත සකස් කරන බවත්ය. නිදසුනක් වශයෙන්, නූතන මානවයාගේ(Homo sapiens) යුරෝපා ආගමනයට බොහෝ කලකට පෙර, නියැන්ඩර්තාල්වරු  ගුහා බිත්ති මත අමූර්ත කලා  නිර්මාණ කරන්නට සහ සමහර විට, වසර 130,000 කට පෙර දක්වා තරම් ඈත කාලයක රාජාලි නියෙන්  පෙන්ඩන්ට් තනන්නට්ය ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ.

“සංජානනමය වශයෙන් ගත් කල, නියැන්ඩර්තාල්වරු අපේම විශේෂය වන H. Sapiens මෙන් කලාකරුවන් බවට පත්වීමට සමත් වූ බව පෙණී යන්නේය”යි Leder පවසයි.

වඳ වී ගිය අපගේ ඥාතීන් ගැන නැවත සිතා බැලීම

මෙම සොයාගැනීම් පුරාවිද්‍යාඥයින්ට බලකරන්නේ, අපගේ පැරණි මානව ඥාතීන්ගේ සංජානනය පිළිබඳ සිය අවබෝධය ගැන නැවත සිතා බලන ලෙසයි. දීර්ඝ කාලයක් තිස්සේ,  පුරාවිද්‍යාඥයන් සිතුවේ,  කලාව නිර්මානය කිරීමට,  කලාවභාවිතා කිරීමට සහ කලාව අගය කිරීමට තරම් බුද්ධිමය වශයෙන් දියුණු වී සිටියේ මෙන්ම සංකේතවාදය කෙරෙහි නැඹුරු ව සිටියේ ද නූතන මානවයා පමණක් බවත්ය.  මෙම හැකියාව, ප්‍රංශයේ Chauvet ගුහාවේ බිත්ති මත සරසා ඇති සියගණනක් සිත් ඇදගන්නා සුළු සතුන් මාර්ගයෙන් නිරූපණය කෙරේ. බොහෝ අවස්ථාවල දී,  ප්‍රාග් ඓතිහාසික සිස්ටයින් දේවස්ථානයක බිතු සිතුවම් වලට සමාන කර ඇති මෙම ලොම් සහිත රයිනෝසිරස්, මැමත්, බයිසන් සහ  වලසුන්ගේ චිත්‍ර, මීට වසර 35,000කට පෙර විස්මිත කලාත්මක හැකියාවක් ඇති මිනිසුන් විසින් අඳින ලද ඒවාය.

Chauvet ගුහාවේ  රයිනෝ චිත්‍ර. (Image credit: Wikimedia Commons)

කෙසේවෙතත්, Leder සහ අනෙකුත් අය කල්පනා කරන අන්දමට, බහුවිධ පුරාවිද්යා ස්ථානවල ඇති (ප්‍රාග්-ඓථිහාසික) මානවකෘති,  නියැන්ඩර්තාල් වැනි හොමිනින්වරුන්ට ප්‍රාථමික කලාත්මක හැඟීමක් තිබූ බවට සාක්ෂි වේ.  තවද, දැනට ඉතිරිව ඇත්තේ මෙම මානවකෘති වලින්  කිහිපයක් පමණකි.  එම කිහිපය, නියැන්ඩර්තාල්වරු අතරේ සිටි  ‘ මයිකල්  ඈන්ජලෝස්ලා ‘ (සුවිශේෂී කලාකරුවන්) විසින් කරන ලද වඩාත් ආකර්ෂණීය කෘතීන් විය හැකි අතර, ඒවා පසුව නැති වී ගොසිනි.

එයට හේතුව බොහෝ නියැන්ඩර්තාල් කලා වස්තූන් ලී හෝ සත්ව සම වැනි දිරාපත් වන ද්‍රව්‍ය වලින් සාදා තිබීම යයි. ඔහෛයෝහි Kenyon විද්‍යාලයේ පුරා මානව විද්‍යාඥ Bruce Hardy, Sapiens වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කරයි.

“සාක්ෂි නොමැතිකම, නොමැතිකම පිළිබඳ සාක්ෂියක් නොවේ,” යයි Hardy සඳහන් කරයි. එබැවින්, නියැන්ඩර්තාල්වරුන්ගේ කලාත්මක හැකියාවේ පරාසය නිවැරදිව නිරූපණය කිරීම වෙනුවට,  පුරාවිද්‍යාත්මක වාර්තාවල  ඇත්තේ  ඉතිරිව ඇති දේ පමණක් විය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending