
Bettany Hughes ඇගේ Treasures of the World කතා මාලාව සඳහා අසර්බයිජානයේ පුරාවිද්‍යාත්මක අඩවියක (Photograph: SandStone Global Productions Ltd)
පුරාකථා පිටුපස ඇති සත්‍යය’: ග්‍රීක පුරාවෘත්තයේ ඇමසන් රණශූර කාන්තාවන් ඇත්ත වශයෙන්ම සිටියා විය හැකිය
ලෝකඩ යුගයේ සොහොන් කැණීම්වලින් යුධවලදි ඇතිවූ කැළැල් සහිත දුනුවායන් හමු වූ බව ඉතිහාසඥ Bettany Hughes පවසයි
ග්‍රීක ජනප්‍රවාදවලට අනුව ඇමසන්වරු (එකල) දන්නා ලෝකයේ මායිමේ ජීවත් වූ බියකරු සහ බලවත් රණකාමී ස්ත්‍රීහු වූහ. හර්කියුලිස්ට ඔහුගේ ප්‍රයත්න 12 න් එකක දී, ඇමසෝනියානු රැජින Hippolyteගේ මැජික් මේඛලාව ලබා ගැනීමට සිදු වූ අතර, Achilles තවත් රැජිනක් වන Penthesilea මරා දැමූ අතර, ඇයගේ හිස්වැස්මෙන් ඇගේ සුන්දර මුහුණ මතු වූ විට ඇය සමඟ ආදරයෙන් වෙළුනේය.
සටන් වලදී පුරුෂයින් හා සමානව දස්කම් දක්වමින් සටන් කළ එමෙන්ම, දඩයම් කළ මෙම අශ්වාරෝහක, දුනු අතැති සංචාරලෝලීන්(නොමැඩ්වරුන්) පිළිබඳ විස්තර දිගු කලක් පුරාකථා අතරේ වැළලී ගොස් තිබුණි. එහෙත් ඔවුන් සැබවින්ම ජීවත් සිටි පිරිසක් බවට වැඩි වැඩියෙන් සාක්ෂි පුරාවිද්‍යාඥයෝ සොයා ගනිමින් සිටිති.
=========================================================
දන්නා ලෝකයෙන් එහා….
ග්‍රීක පුරාවෘත්තවල, Hyperborea යනු දන්නා ලෝකයේ උතුරු දෙසින් පිහිටි භූමිය වන අතර එය ඉතා දුරස්ථ බැවින් එය පිහිටියේ, උතුරු සුළඟින් ඔබ්බට පවා සලකනු ලැබීය. එහි Hyperboreans නමින් හැඳින්වෙන, සූර්ය දෙවි ඇපලෝට වන්දනාමාන කළ ජනප්රවාදගත ජාතියක් ජීවත් විය.
Hyperborea – World History Encyclopedia (March 11, 2021)
=========================================================
අසර්බයිජානයේ, Nakhchivanහි ලෝකඩ යුගයේ විශාල සොහොන් බිමක් තුළ සොහොන් කැණීම්වලින් අනාවරණය වී ඇත්තේ, දැලිපිහියක තරම් තියුණු ඊතල, ලෝකඩ කිනිස්සක් සහ ගදායුධයක් වැනි ආයුධ මෙන්ම ස්වර්ණාභරණ සමඟ කාන්තාවන් වළදමා තිබූ බවයි.
පුරාවිද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ ඔවුන් මීට වසර 4000කට පෙර ජීවත් වූ ඇමසන් කාන්තාවන් විය හැකි බවයි. මෙම බියකරු කාන්තාවෝ, පිරිමි-නොසිටි ඔවුන්ගේ සමාජය සහ යුධ පිටියේදී, විශේෂයෙන් දුන්න සහ ඊතලය සමඟ දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූහ.
“පෞරාණික ග්‍රීසියේ පුරාකතා සහ ජනප්‍රවාද පිටුපස සත්‍යයක් ඇති බව එයින් පෙන්නුම් කෙරේ.”ඉතිහාසඥ Bettany Hughes, The Observer පුවත් පතට අදහස් දක්වමින් කියා සිටියි:
පෙර සොයාගැනීම් සමඟ සම්බන්ධ වූ විට මෙම සාක්ෂි වඩාත් වැදගත් බව ඇය පවසයි. 2019 දී, ඊතල සහ හෙල්ල සමඟ වළදමණු ලැබූ රණශූරියන් සිව් දෙනෙකුගේ නෂ්ටාවශේෂ රුසියාවෙන් සොයා ගන්නා ලද අතර, ආර්මේනියානු පුරාවිද්‍යාඥයන් විසින් යුධ සටන්වලදී ලත් තුවාල හේතුවෙන් මියගිය බව පෙණී යන කාන්තාවකගේ අවශේෂ 2017 දී සොයා ගන්නා ලදී, ඊතලයක් ඇගේ කකුලේ ඇණී තිබුණි. කිනිස්සක් සමග වළලනු ලැබූ කාන්තාවකගේ නෂ්ටාවශේෂ කසකස්තාන දේශ සීමාව අසල තිබී 1990 දශකයේ මුල සොයා ගන්නා ලදී.
Hughes මෙසේ පවසයි: “ශිෂ්ඨාචාරයක් සෑදී ඇත්තේ තනි සොහොනක් මතින් නොවේ. අපි කතා කරන්නේ කළු මුහුද සහ කස්පියන් මුහුද අතර කොකේසියාවේ කඳු පේළිය සහ ගිණිකොණ යුරෝපයේ ස්ටෙප් තැනිතලා භූමි හරහා යන සංස්කෘතියක් ගැන නම්, එය පැරැන්නන් පැවසූ පරිදි, පැහැදිලිවම ඔබට වෙනත් අවශේෂ අවශ්‍ය වේ.
“සමහර ඇටසැකිලි වලින් හෙළි වන්නේ කාන්තාවන් දුනු සහ ඊතල බහුලව භාවිතා කර ඇති බවයි,” හියුස් නිරීක්ෂණය කරයි, “ බොහෝ සෙයින් ඊතල භාවිතා කරන නිසා ඔවුන්ගේ ඇඟිලි විකෘති වී ඇත. ඇඟිලි සන්ධිවල වෙනස්කම් දඩයම් කිරීමෙන් පමණක් සිදු නොවේ. එය එක දිගට කෙරෙන, දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. ඉතා සිත්ගන්නා කරුණ නම්, බොහෝ අස්ථි සාක්ෂි ද (අශ්වයන් පිට ගමන් කිරීමට අව්ශ්‍ය) සෑදලයේ බොහෝ කාලයක් ගත කිරීම පිළිබඳ පැහැදිලි සාක්ෂි පෙන්නුම් කිරීමයි. මෙම කාන්තාවන්ගේ ද්‍රෝණිය(pelvis) මූලික වශයෙන් විවෘත වන්නේ ඔවුන් අශ්වයන් පිට නිතර ගමන් කිරීම නිසාය. [ඔවුන්ගේ] ඇටකටු ඔවුන්ගේ ජීවන රටාව අනුව හැඩගැසී ඇත.

ඇමසන් රැජිනක් වන Penthesilea සහ ඇචිලීස් මරණය දක්වා සටන් කරයි. Photograph: Ivy Close Images/Alamy
ස්වර්ණාභරණවලට carnelian මාල ඇතුළත් බව Hughes සඳහන් කළාය: “carnelian යනු අඩු වටිනාකමක් ඇති මැණික් ගලකි. උත්තම පූජකවරියන් හෝ දේවතාවියන් වැනි උසස් තනතුරු දරන්නන් අතරේ එය නිතර දැකිය හැකිය. එබැවින් ගදායුධය මෙන් තරාතිරම් සහිත කාන්තාවන්ගේ සලකුණකි.”
මෙම සොයාගැනීම් Bettany Hughes ගේ Treasures of the World නම් චැනල් 4 නාලිකාවේ විකාශනය වන නව කතා මාලාවකින් හෙළිදරව් වනු ඇත. “Silk Roads and the Caucasus”(සේද මාර්ග සහ කොකේසස්) යනු එහි එක් කථාංගයකි. සියවස් ගණනාවක් පුරා සංස්කෘතීන් සහ ශිෂ්ටාචාරවල නැගීම් සහ පහළ යාම් දුටු එමෙන්ම ආසියාවේ සහ යුරෝපයේ මහාද්වීපවලට වෙළඳ මාර්ග එක් කළා වූ ලෝකයේ කොටසක් කෙරෙහි අවධානය යොමු කරයි.
ඇමේසන් සොයාගැනීම් ගැන වාර්තා චිත්‍රපටයේ දී ඇය මෙසේ කියයි: “භූමියෙන් එළියට එන මේ අතිවිශිෂ්ට සාක්ෂි ඔබට ටිකෙන් ටික ලැබෙනවා. ඇත්තෙන්ම බොහෝ විට හොඳම ආඛ්‍යාන එළියට එන මාර්ගය ඒ ආකාර තමයි. ”
යුරෝපයේ ජනයා පදිංචි ඉහළම ස්ථානය වූ මහා කොකේසස් හී Khinalig කඳුකර ගම්මානයට Hughes පැමිණේ ,. එය කොතරම් දුරස්ථද යත්, එය “කාලයත් සමඟ නැතිවී ගිය තැනක් මෙන් දැනේ”, එහි දේශීය භාෂාව වෙනත් තැනක කතා නොකරන බව ඇය පවසයි.

ලෝකඩ යුගයේ සිට එහි ජනාවාසයක් පැවති අතර, එහි දැන් සිටින 2,000ක් පමන පදිංචිකරුවන්ගෙන් සමහරක් ඇයට කියා සිටින්නේ, පුරාණ කාලයේ, ඔවුන්ගේ කාන්තාවන් ස්කාෆ් සහිත පිරිමින් ලෙස වෙස්වලාගෙන සිටි බවයි. මේවා ඔවුන්ගේ පරම්පරාගතව පැවත එන කථායි.
ඇය ඔවුන් සමඟ සුහද කතා බහක යෙදී සිටියදී ඇමසන්වරු පිළිබඳ පුරාණ කථාවන් වෙත සෙමින් යොමු වූවාය: “ඔවුන් කිව්වා, ‘අපේ ආච්චිලා හැමෝම සටන් වැදුණා. පිරිමින් සියල්ලෝම සිටියේ ගව පට්ටි සමඟ බැහැරයි. සටන් වැදීමට පෙර ගැහැනුන් නිතරම තම මුහුණු වසා ගැනීමට පුරුදුව සිටියා.’ පුරාණ මූලාශ්‍රවල සඳහන් වන්නේ හරියටම එයයි, මේ නිසාවෙන් මේ සටන කරන්නේ කාන්තාවන් ද පිරිමින් ද යන්න ජනතාවට දැන ගැනීමට නොහැකි වුණා.”
The Guardian පුවත් පතේ පළවන Truth behind the myths’: Amazon warrior women of Greek legend may really have existed යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න