Wes Mountain/The Conversation, CC BY-ND

තල්මසුන්ට ගුද වායු යනවා ද? කිවිසුම් යනවාද?

ප්‍රශ්නය අසන්නේ: සිඩ්නි නුවර අට හැවිරිදි Guy

පිළිතුරු දෙන්නේ: Macquarie විශ්ව විද්‍යාලයේ, වනජීවී විද්යාඥ Vanessa Pirotta

මම මේ වගේ ප්රශ්නයක් අහනකන් බොහොම කාලයක් බලා සිටියා! මම සාමාන්‍යයෙන් මගේ පර්යේෂණවල දී බොහෝ වෙලාවට, තල්මසුන්ගෙ සො‍ටු ගැන කතා කරනවා (ඔව්, තල්මසුන්ටත් සො‍ටු තියනවා). ඉතින් Guy අහන ප්‍රශ්නය ගෑනත් සොයා බල්ලන්න විශේෂ උනන්දුවක් දක්වනවා.

අපි මුලින්ම පි‍ටුපස පැත්තෙන් පටන්ගමු: ගුද වායු.ඔව්, තල්මසුන්ට ඇත්තටම ගුද වායු යනවා තමයි.  ලෝකයේ විශාලතම සත්වයා වන නිල් තල්මසාගෙන් පිටවන ගුදවාතයක ප්‍රමාණය, එතකොට ගුදවාතය හේතුවෙන්  නැගෙන බුබුලු කොයි ආකාර විය හැකිදැයි ඔබට සිතාගන්න පුළුවන් නේ ද?

මට නම් තවමත් මෙය අත්විඳින්න ලැබිලා නැහැ. ඒ වුනත් මොල්ලි තල්මසෙකු (humpback whale) ගුදවායුවක් යවනු දුටු සමහර වාසනාවන්ත විද්‍යාඥයින් ගැන මම දන්නවා. ඔවුන් මට කියා සිටියේ එය, වලිගය අසලින් උගේ සිරුරට යටින් බුබුලු පිටවන ස්වරූපයක් ලෙස දු‍ටු බවයි. තල්මසුන්ගෙ කටී ප්‍රදේශය– වා සිදුර,  ඇත්තේ එතැනයි. 

තල්මසුන්, අපි වගේම ක්ෂීරපායී සතුන්ය. මෙයින් අදහස් කරන්නේ ඔවුන් වාතය ආශ්වාස කිරීම, පැට්යෙකු හැටියට ජීවියෙකු බිහි කිරීම, ඔවුන්ගේ පැටවුන්ට කිරි ලබා දීම සහ  සාමාන්යයෙන් ඔවුන්ගේ මුඛය වටා   රැවුල් ගස් ලෙස කෙස් තිබීමයි.  ඔවුන්ගේ ආහාර බිඳ දැමීමට උපකාර වන ආහාර දිරවීමේ ක්‍රියාවලීන් ද ඇත.

අප මෙන් නොව, තල්මසුන් ඔවුන්ගේ ආහාර හපන්නේ නැත; ඒ වෙනුවට, එය සම්පූර්ණයෙන්ම ගිල දමති. උදාහරණයක් ලෙස, දත් නැති තල්මසුන් ලෙසද දැක්වෙන බැලීන් තල්මසුන්(Baleen or toothless whales),  කූනිවැනි(shrimp-like) කවචයන් වන ක්‍රිල් සහ මාළු ආහාරයට ගැනීම සඳහා දිගු කෙස් වැනි ව්යුහයන් භාවිතා කරති. ඔවුන්ගේ ආහාර පසුව ආමාශ කුටීර හතරක් හරහා  බිඳී යයි.

ඔවුන්ගේ සිරුරු මෙම ආහාරය (ආමාශ අම්ලය හරහා) බිඳ දමන විට, එය වායූන් නිපදවන අතර, ඒවා   ගුද වාත ලෙස සහ අවසානයේ මලපහ ලෙස පිට කරයි.

ඇත්ත වශයෙන්ම, තල්මසුන්ගේ මල යනු සත්ව රාජධානියේ වඩාත්ම චමත්කාර ලෙස පෙනෙන  එකකි. නිල් තල්මසුන් මල දීප්තිමත් තැඹිලි පැහැ විය හැක!

අපි ආපසු ඉදිරිපසට හැරෙමු: තල්මසුන්ට කිවිසුම් යනවාද?

කෙටි පිළිතුර, නැත යන්නයි.

අප මෙන් නොව, තල්මසුන්ට හිතූ හිතූ වෙලාවට හුස්ම ගැනීමට නොහැකියි. ඔවුන්ට හුස්ම ගැනීමට අවශ්ය වූ විට, ඔවුන් ජලයමතුපිටට පිහිනා ඒමට අවශ්ය වේ.  එසේ නොකළහොත් ඔවුන් දියේ ගිලී මිය යා හැකිය.

මෙයින් අදහස් කරන්නේ තල්මසුන් නිදාගන්නේ ද අපට වෙනස් ආකාරයකට යන්නයි. ඔවුන්ට වරකට ඔවුන්ගේ මොළයේ විවිධ කොටස් විවේක ගත හැකි අතර, හුස්ම ගැනීමට මතුපිටට පීනා ඒමට පෙර කෙටි වේලාවක් නිදා ගත හැකිය.
අප මෙන් නොව, ඔවුන්ට ඔවුන්ගේ මුඛයෙන් හුස්ම ගත නොහැකි අතර ඔවුහු, ඒ වෙනුවට හුස්ම ගැනීම සඳහා ඔවුන්ගේ වා සිදුර හෝ නාසය භාවිතා කරති. මේක හරියට උන්ගේ ඔළුව උඩ පිහිටා ඇත (කිමිදුම්කරුවනට වාතය සපයන) ස්නෝකලයක්(snorkel) එකක් තියෙනවා වගේ.
මෙය ඔවුන්ට පිහිනීම, හුස්ම ගැනීම සහ ආහාර ගැනීම යන සියල්ල එකවරම කිරීම පහසු කරයි. තවද ඔවුන් ගන්නා ආහාරය ඔවුන්ගේ වා මග සහ පෙනහළු මාර්ග වෙන් කර ඇති බැවින්, ආහාර වැරදි මාර්ගයට යාම ගැන කරදර විය යුතු නැත.
යමක් අපගේ නාසය කිති කැවූ විට අපි ස්වයංක්‍රීයව සහ ඉබේටම කිවිසුම් යවන්නමු. තල්මසුන්ගේ නාසයට යමක් හසු වුවහොත්, ඔවුන්ගේ නාසය තුළින් පිඹීම වැනි විශාල හුස්මක් පිටකිරීමෙන් එය ඉවත් කළ හැකිය. මෙය අපගේ කිවිසුම් යාමේ කාර්යයට සමාන කාර්යයක් ඉටු කරනු ඇත.

A humpback whale takes a breath in Antarctica. Dr Vanessa Pirotta

නමුත්, තල්මසෙකු කිවිසුම් ගියහොත් …

එය විශාල වනු ඇත! සංසන්දනය කිරීම සඳහා, වැඩිහිටි මිනිසෙකුගේ පෙණහලුවලට වාතය ලීටර් හයක් පමණ රඳවා ගත හැකිය. නමුත් හම්ප්බැක් තල්මසෙකුට ලීටර් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රඳවා ගත හැකිය – එය බුබුලු ගොඩක්!

ඇත්ත වශයෙන්ම ඔබට තල්මසුන්ගේ හුස්මක් දැකිය හැකිය: එය පෙනහළු බැක්ටීරියා, හෝමෝන, ප්රෝටීන සහ ලිපිඩ මිශ්රණයකි. එය නිල වශයෙන් “තල්මසුන් පෙනහළු ක්ෂුද්ර ජීවී” – හෝ තල්මසු සොටු – ලෙස හඳුන්වන අතර එය ජල බිඳිති මෙන් පෙනේ.

තල්මසුන්ගේ සෞඛ්‍යය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා තල්මසු සොටු නියැදීමට විද්‍යාඥයෙකු ලෙස මම ඩ්‍රෝන යාත්‍රා භාවිතා කරමි

මෙම ක්‍රමය යොදා ගේන අප තල්මසුන්ගේ සො‍ටු එකතු කරන වගක් සිඩ්නි නගරයට ඔබ්බෙන් වූ තල්මසුන් දැන නොසිටි බව අපට පෙනී ගියේය. මෙම ක්‍රමය තල්මසුන්ට සහ පර්යේෂකයන් ලෙස අප දෙපාර්ශවයට වඩාත් ආරක්ෂිත වන්නේ අප එකිනෙකාට සමීප වීමට අවශ්‍ය නොවන බැවිනි.

හොඳයි, දැන් ඔබට එය පහදිලි ඇති. අපි තල්මසෙකුගේ කෙළවර දෙකම ආවරණය කර ඇත්තෙමු. ඔවුන් අතිවිශාල ගුද වාත පිටකරන පුදුමාකාර ජීවීන් – ප්‍රශ්නය ඇසුවාට ස්තූතියි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending