මැංගනීස් බහුල වැලිගල් වලින් පෙනී යන්නේ ගේල් ආවාටයේ කලක් වාසයට සුදුසු තත්වයන් පැවති බවයි

සාරාංශය:

නාසා  හි කියුරියෝසිටි(Curiosity) රෝවර් යානයේ ඇති ChemCam නම් උපකරණය භාවිතා කරන පර්යේෂණ කණ්ඩායමක් අඟහරු ග්‍රහයා මත ගේල් ආවාටය තුළ වැව් පාෂාණවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැංගනීස් ප්‍රමාණයක් සොයා ගත් අතර, එයින් පෙන්නුම් කරන්නේ අවසාදිතයන් ගංගාවක, ඩෙල්ටාවේ හෝ පුරාණ විලක වෙරළ තීරයේ පිහිටුවා ඇති බවයි.

නාසා හි කියුරියෝසිටි රෝවර් යානයේ ඇති ChemCam උපකරණය භාවිතා කරන පර්යේෂණ කණ්ඩායමක් අඟහරු ග්‍රහයා මත ගේල් ආවාටය තුළ වැව් පාෂාණවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැංගනීස් ප්‍රමාණයක් සොයා ගත් අතර, එයින් පෙන්නුම් කරන්නේ අවසාදිතයන් ගංගාවක, ඩෙල්ටාවේ හෝ පුරාණ විලක වෙරළ තීරයේ පිහිටන්නට ඇති බවයි. . ප්‍රතිඵල මැයි 1දා ප්‍රකාශයට පත් කරන ලද Journal of Geophysical Research: Planetsසඟරාවෙහි පළවේ.

“අඟහරු ග්‍රහයා මතුපිට මැංගනීස් ඔක්සයිඩ් සෑදීම අපහසුයි, එබැවින් වෙරළ තීරයේ නිධියක එය(මැංගනීස් ඔක්සයිඩ්), මෙතරම් ඉහළ සාන්ද්‍රණයකින් සොයා ගැනීමට අපි බලාපොරොත්තු නොවුනෙමු” යනුවෙන් ලොස් ඇලමෝස් ජාතික පර්යේෂණාගාරයේ(Los Alamos National Laboratory) අභ්‍යවකාශ විද්‍යා සහ යෙදුම් සමූහයේ සහ අධ්යයනයේ ප්‍රධාන කර්තෘවන Patrick Gasda පවසයි. “පෘථිවිය මත, ප්‍රභාසංස්ලේෂක ජීවය මගින් නිපදවන සහ එම මැංගනීස් ඔක්සිකරණ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමට උපකාරී වන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නිපදවන  අපගේ වායුගෝලයේ ඇති අධික ඔක්සිජන් නිසා පෘථිවියේ මෙවැනි තැන්පතු නිතරම සිදුවේ.”

“අඟහරු ග්‍රහයා මත ජීවය පවතින බවට අපට සාක්ෂි නොමැති අතර අඟහරු ග්‍රහයා මත පුරාණ වායුගෝලයේ ඔක්සිජන් නිපදවීමේ යාන්ත්‍රණය අපැහැදිලි බැවින් මැංගනීස් ඔක්සයිඩ් සෑදී මෙහි සාන්ද්‍රණය වූයේ කෙසේද යන්න සැබවින්ම ප්‍රහේලිකාවකි. මෙම සොයාගැනීම් අඟහරු ග්‍රහයා තුළ සිදුවන විශාල ක්‍රියාවලීන් වෙත යොමු කරයි. වායුගෝලය හෝ මතුපිට ජලය සහ අඟහරු මත ඔක්සිකරණය තේරුම් ගැනීමට වැඩි වැඩ කොටසක් කළ යුතු බව පෙන්නුම් කරයි,” යනුවෙන් Gasda වැඩිදුරටත් පවසයි.

ලොස් ඇලමෝස්(Los Alamos)  සහ  (ප්‍රංශ අභ්‍යවකාශ ඒජන්සිය වන) CNES හි සංවර්ධනය කරන ලද ChemCam, පාෂාණ මතුපිට ප්ලාස්මා සෑදීමට ලේසර් භාවිතා කරන අතර පාෂාණවල මූලද්‍රව්‍ය සංයුතිය ප්‍රමාණ කිරීම සඳහා එම ආලෝකය රැස් කරයි. රෝවර් යානය මගින් ගවේෂණය කරන ලද අවසාදිත පාෂාණ යනු වැලි, රොන්මඩ සහ මඩ මිශ්‍රණයකි. වැලි සහිත පාෂාණ වඩාත් සවිවර හෙවත් සිදුරු සහිත වන අතර, ගේල් ආවාටයේ බොහෝ විල් පත්ල පාෂාණ සෑදී ඇති මඩ හා සසඳන විට භූගත ජලය පහසුවෙන් වැලි හරහා ගමන් කළ හැකිය.  මෙම වැලි වල මැංගනීස් සුපෝෂිත වූයේ කෙසේද —  නිදසුනක් ලෙස, වැවක වෙරළේ හෝ ඩෙල්ටාවේ මුඛයේ ඇති වැලි හරහා භූගත ජලය වෑස්සීමෙන්(percolation of groundwater) සුපෝෂිත වූයේ කෙසේද සහ පාෂානවල මැංගනීස් වර්ෂාණය සඳහා වගකිව යුතු ඔක්සිකාරකය කුමක්ද? පර්යේෂක කණ්ඩායම සොයා බැලීය.

පෘථිවියේ, වායුගෝලයේ ඔක්සිජන් නිසා මැංගනීස් සුපෝෂිත වන අතර, මෙම ක්රියාවලිය බොහෝ විට ක්ෂුද්ර ජීවීන්ගෙ පැවතීම  මගින් වේගවත් වේ. පෘථිවියේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ට පරිවෘත්තීය සඳහා ශක්තිය ලෙස මැංගනීස් බොහෝ ඔක්සිකරණ තත්වයන් භාවිතා කළ හැකිය; පුරාණ අඟහරු ග්‍රහයා මත ජීවය පැවතියේ නම්, වැව් වෙරළේ පිහිටි මෙම පාෂාණවල මැංගනීස් ප්‍රමාණය වැඩි වීම ජීවයට ප්‍රයෝජනවත් ශක්ති ප්‍රභවයක් වීමට ඉඩ තිබුණි.

“මෙම පෞරාණික පාෂාණ මගින් හෙළිදරව් කර ඇති ආකාරයේ Gale විල පරිසරය, අපට වාසයට සුදුසු පරිසරයක හැඩ රුව දක්වන කවුළුවක් සපයා දෙයි; එය අද පෘථිවියේ විද්‍යාමාන ස්ථාන හා සමාන බව පෙනේ,” යයි ChemCam උපකරණයේ ප්‍රධාන විමර්ශක Nina Lanza පවසයි, “පෘථිවියේ විල් වෙරළේ ඇති නොගැඹුරු, ඔක්සිකෘත ජලයේ මැංගනීස් ඛනිජ බහුලව දක්නට ලැබෙන අතර පෞරාණික අඟහරු ග්‍රහයා මත එවැනි හඳුනාගත හැකි ලක්ෂණ සොයා ගැනීමට හැකිවීම කැපී පෙනේ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending