
සිතීම, ස්නායුක ජාල ගොඩනඟයි; පුහුණුවීම් මගින් කාර්ය සාධනය වැඩි දියුණු කරනු ලබන්නේ ඒ නිසා යි. Francesco Carta fotografo/Moment via Getty Images
මොළය සිතන්නේ කෙසේද?
Dr. Jennifer L. Robinson විසිනි
Dr. Jennifer L. Robinson යනු Auburn විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විද්‍යා අංශයේ මහාචාර්යවරියකි.
ඔබේ මොළය සිතුවිලි ඇති කරන්නේ කෙසේද යන්න ගැන හෝ අහඹු ලෙස යමක් ඔබේ හිසට ඇතුල් වන්නේ මන්දැයි යන්න ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? එය මැජික් එකක් නැතිනම් ඉන්ඩ්‍රජාලයක් ලෙස පෙනෙනු ඇත – නමුත් ඇත්ත වශයෙන්ම මොළය, ඔබට සිතන්න, ඉගෙන ගන්න, සහ තීරණ ගන්න ඔබට උපකාර කරන ඔබේ හිස තුළ ඇති සුපිරි පරිගණකයක් වැනිය .
ඔබේ මොළය වීදි සහ ගොඩනැගිලි රාශියක් ඇති කාර්යබහුල නගරයක් ලෙස සිතන්න. නගරයක ඇතැම් ප්‍රදේශ හෝ ඇතැම් ගොඩනැඟිලි විවිධ අරමුණු ඉටු කරනවා සේම මොළයේ සෑම කොටසකටම නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට ඇත. ඔබට සිතුවිල්ලක් ඇති වූ විට, එය එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට යන නගරය හරහා ගමන් කරන පණිවිඩයක් බඳුය.
ඒ මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්යක හැටියට මම, වසර 20 කට ආසන්න කාලයක් මොළය අධ්‍යයනය කර ඇත්තෙමි. ස්නායු විශේෂඥයින්, ස්නායු විද්යාඥයන් සහ ස්නායු ශල්ය වෛද්යවරු මොළය වඩා හොඳින් තේරුම් ගැනීමට සෑම දිනකම කරති. ඒසෙවුවත්, ඉගෙන ගත යුතු තව බොහෝ දේ තිබේ.
ඔබේ මොළයට ප්‍රධාන ‘කාමර’ හතරක් ඇති අතර සෑම කාමරයකම “ඉඳිකිරීම්” රාශියක් ඇත.

පුහුණුවීම් සහ පුනරාවර්තනයන් කුසලතා ඇති කරයි
නියුරෝනය මොළයේ ප්‍රධාන ක්‍රීඩකයාකි – ඒවා එකිනෙකාසමඟ සන්නිවේදනය කිරීම පිණිස සංඥා සහ පණිවිඩ යවන සහ ලබා ගන්නා කුඩා සෛල වන්නේය.
ඔබේ මොළය තුළ බිලියන 80 ක් බිලියන 100 ක් අතර නියුරෝන ඇත. නියුරෝන, ස්නායු පථ සෑදීම සඳහා එකට එකතු වෙන නැඹුරුවක් දැකිය හැකිය. සාදෘශ්‍යයක් ලෙස ගත හොත් එය නගරයේ වීදි සහ මහාමාර්ග මෙන් වනු ඇත. ඔබට සිතුවිල්ලක් ඇති වූ විට, ඔබේ මොළයේ නියුරෝන සකොබනය වී විද්‍යුත් ආවේගයන් ඇති කරයි. මෙම ආවේගයන් සමාන මාර්ග ඔස්සේ ගමන් කිරීමට නැඹුරු වන අතර මාර්ගය ඔස්සේ ස්නායු සම්ප්‍රේෂක නම් කුඩා රසායනික ද්‍රව්‍ය නිකුත් කරයි.
මෙම ස්නායු සම්ප්‍රේෂකයන් මාර්ග ඉදිකරන, ඉදිකිරීම් කාර්ය මණ්ඩලයට සමාන වන අතර එමඟින් පණිවිඩ බෙදා හැරීම පහසු කරයි. ඔබට එය දූවිලි සහිත අපිරිසිදු මාර්ගයක් ලෙස සිතී යා හැකිය; නමුත් වාහන ගමනාගමනය — එනම්, නියුරෝන සංඥා — අපිරිසිදු මාර්ගයේ ගමන් කරන විට මාර්ගය, ගල් ඇතිරූ වීථියක් බවට පත් වේ. ගමනාගමනය දිගටම පැවතුනහොත් එය අධිවේගී මාර්ගයක් බවට අධිශ්‍රේණීගත වේ.
ඔබ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔබ අවට ලෝකය අත්විඳින විට, මෙම සම්බන්ධතා ශක්තිමත් වේ. නිදසුනක් වශයෙන්, ඔබ බයිසිකලයක් පැදවීමට ඉගෙන ගන්නා විට, ඔබ අස්ථායී විය හැකි අතර සමතුලිතතා හැකියාව සමඟ විවිධ මාංශ පේශි සම්බන්ධීකරණය කිරීමට අපහසු විය හැකිය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් පුහුණු වන තරමට, නියුරෝන ඔබේ මාංශ පේශි සහ සමතුලිත කිරීම පාලනය කරන්නට ඔබට ඇති හැකියාව වැඩි වන අතර එය ඔබ පුහුණු වන විට එය වඩාත් පහසු කරයි. නියුරෝන එකට රැහන්ගතව ස්නායු ජාල සාදයි.
පියානෝව වාදනය කිරීම වේවා, භාෂාවක් ඉගෙනීම වේවා ඔබේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පුහුණුවීම් සහ පුනරාවර්තනය(practice and repetition) වැදගත් වන්නේ එබැවිනි. ස්නායුක ජාල නිර්මාණය වී පසුව ඒවා එකට සන්නිවේදනය කරන වාර ගණනක් පාසා ශක්තිමත් වේ. මෙම ක්ෂේත්‍රයේ විද්‍යාඥයින් අතරේ ජනප්‍රිය වී ඇති කියමනක් තිබේ: “එකට උත්තේජනයවන නියුරෝන එකට රැහැන් ගත වෙයි.” ඇතැම් චින්තන හෝ හැසිරීම් රටා මේ ආකාරයේ පුනරාවර්තන සමමුහුර්ත ක්‍රියාකාරකම් වලට ගලපා ගත හැකිය.

නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම
ඔබ දැනුවත්ව සිටින්නේ ඔබේ මොළය ලබා ගන්නා තොරතුරු වලින් ඉතා කුඩා කොටසක් ගැන පමණි. . එය ඔබේ ඉන්ද්‍රියයන්ගෙන් — – දර්ශන, ශබ්ද, රස, සුවඳ සහ ස්පර්ශ යන ඉන්ද්‍රියයන්ගෙන් නිරන්තරයෙන් ආදානය ලබා ගනී . ඔබ හුරුබුහුටි බලු පැටියෙකු දුටු විට හෝ ඔබේ ප්රියතම ගීතය ඇසෙන විට, ඔබේ සංවේදනයන් මොළයට සංඥා යවන අතර, සිතුවිලි සහ හැඟීම්වල දාම ප්රතික්රියාවක් ඇති කරයි.
මොලය, මතකයන් ද ගබඩා කරයි; එසේගබඩා කෙරෙන මතක, අවශ්‍ය විටෙක ඔබට ප්‍රවේශ විය හැකි පරිගණකයක ඇති ගොනු වැනිය. ඔබේ සිතුවිලි හැඩගස්වා ගැනීමට සහ ඔබ ලෝකය දකින ආකාරය කෙරෙහි බලපෑම් කිරීමට මතකයන් උපකාරී වේ.
මුහුදු වෙරළේ විනෝදජනකව ගත කළ දිනක් ඔබට මතක නම්, එය ඔබට සතුටක් සහ සැහැල්ලුවක් දැනිය හැකිය. ඔබට් ඇපල් රසමවුළක සුවඳ දැනෙනවිට, එය ඔබට ආත්තම්ම කලකට පෙර පිළියෙළ කරදුන් ඒ රසමවුළ සිහිපත් වීමට හැකිය. මෙම ප්‍රසන්න ආශ්‍රයන් ඔබේ මොළයේ ස්ථාපිත වී ඇති නිසාත්, පුනරාවර්තනය තුළින් කාලයත් සමඟ ශක්තිමත් වී ඇති නිසාත් මෙම සිතුවිලි පූරනය වේ.
නිර්මාණශීලීත්වය මොළයේ තවත් සුපිරි බලයකි. ඔබ ඔබේ පරිකල්පනය මුදා හැරීමට ඉඩ දුන් විට, ඔබේ මොළයට නව අදහස්, කථා සහ නව නිපැයුම් මතු කළ හැකිය. කලාකරුවෝ, ලේඛකයයෝ සහ විද්‍යාඥයෝ නව හැකියාවන් ගවේෂණය කිරීමට සහ ගැටලු විසඳීමට ඔවුන්ගේ නිර්මාණාත්මක මොළ භාවිතා කරති.
ඔබ කවදා හෝ “නොසිතූ අන්දමකට “ඔන්න මම සොයා ගත්තා!” යයි කෑගසා කිව හැකි දීප්තිමත් අදහසක් ඔබේ හිසට නැඟී තිබේද? ‘තිත් යා කර’ විසඳුමක් ඉදිරිපත් කිරීමට ඔබේ මොළය ක්‍රියා කරන ක්‍රමය එයයි.
වෝල්නට්, පලා වර්ග, කඩල සහ බදරිය මොළයට හිතකර ආහාර ලැයිස්තුවේ ඇත.

ඔබේ මොළය නිරෝගීව තබා ගැනීම
ඔබේ මොළයට දිවා කල තොරතුරු සැකසීමට සහ එය විවේකව සලකා බැලීමට ගැනීමට මෙන්ම නව සම්බන්ධතා ඇති කර ගැනීමට ඉඩ සලසනු වස් නින්ද ඇත්තෙන්ම වැදගත් වේ යන්නට බොහෝ විද්යාඥයෝ එය එකඟවෙති. හොඳ රාත්‍රී නින්දකින් පසුව නව අදහස් හෝ සිතුවිලි හට ගන්නා බව බොහෝ අය විසින් සොයා ගෙන තිබේ: ඒ අනුව, ප්‍රතිවිරුද්ධ දෙයද සත්‍ය වේ – ප්‍රමාණවත් නින්දක් නොමැතිව, ඔබට නිසියාකාරව සිතිය නොහැකි බව ඔබට හැඟෙන්නට පුළුවන.
ප්‍රමාණවත් නින්දක් සමඟ, සෞඛ්ය සම්පන්න ආහාර අනුභව කරන්න; ව්‍යායාම කරන්න. මෝටර් රථයක් සුමටව ධාවනය කිරීමට ඉන්ධන අවශ්‍ය වන්නා සේම, ඔබේ මොළයට උපරිම ලෙස ක්‍රියා කිරීමට සහ ඔබේ සිතීමේ ශක්තිය වැඩි කිරීමට පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් අවශ්‍ය වේ.
ඔබට අභියෝග එල්ලකරන ක්‍රියාකාරකම් ද මේ සඳහා විශිෂ්ටයි: කියවීම, ප්‍රහේලිකා විසඳීම, සංගීත වාදනය කිරීම, චිත්‍ර නිර්මාණය කිරීම, ගණිත ක්‍රියාකාරකම්, රචනා සහ වාර්තා ලිවීම එවන් ක්‍රියාකාරකම්ය. ධනාත්මක චින්තනය ද උපකාරී වේ. ඔබ කනබොන දේ හෝ ඔබ නරඹන, සවන් දෙන හෝ කියවන දේ මේ ආදී වශයෙන් ඔබ පරිභෝජනය කරන ඕනෑම දෙයකට ඔබේ මොළයට බලපෑම් කිරීමට බලය ඇති බව මතක තබා ගන්න.
අනෙක් අතට, සිගරට්බීම, විද්‍යුත් සිගරැට් ඉරීම, වාෂ්ප කිරීම, මත්පැන් පානය කිරීම සහ මත් ද්‍රව්‍ය භාවිතා කිරීම මොළයේ සෛල විනාශ කරයි. පාපන්දු සහ බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා වල යෙදෙන විට හිස තුවාල විය හැකි නමුත් හිස්වැසුම් පැළඳීමෙන් විශාල වාශියක් අත් කර ගත හැකිය.
මොළය යනු සිතුවිලි, මතකයන් සහ අදහස් නිර්මාණය කිරීමට වෙහෙස නොබලා ක්‍රියා කරන සිත් ඇදගන්නා අවයවයකි. තාක්‍ෂණය අඛණ්ඩව වැඩිදියුණු වන විට, ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් අපගේ සවිඥානික අත්දැකීම් ඇති කරන ආකාරය පිළිබඳව විද්‍යාඥයින් වැඩි වැඩියෙන් ඉගෙන ගනු ඇත. මොළය ගැන ඉගෙනීමේ ප්‍රයත්න, නව්‍යකරණයෙන් මුහුණු දිය යුතු දැවැන්ත ස්නායු විද්‍යාත්මක අභියොගයකි. මොළය ක්‍රියා කරන ආකාරය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නම් අපට තව බොහෝ දුර යා යුතුව ඇත.
Curious Kids of 6th May, 2024 හී පළවන How does the brain think? යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න