ආර්ථිකය වර්ධනය කිරීම කෙරෙහි රටවල් ඒවායේ උමතු නැඹුරුව දිගටම පවත්වාගෙන ගියහොත් අපගේ දේශගුණික ඉලක්ක සපුරාලීම කිසිදා කළ නොහැකි බව ජොහාන් හැන්සන් තර්ක කරයි

ආර්ථික වර්ධනය ප්‍රට්තිෂ්ඨාපනයටම අපි දිගටම යොමු වුවහොත් දේශගුණය විනාශයට පත්වේ

මඟ හැරුණු ඉලක්ක

ගෝලීය උණුසුම සීමා කිරීමට ප්‍රතිඥා දුන්නද, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය(International Energy Agency) ඇස්තමේන්තු කර ඇත්තේ අද වන විට ලෝකයේ බලශක්තියෙන් 80%ක් පමණ පොසිල ඉන්ධන වලින් ලැබෙන බවයි. (අනුග්‍රහය: iStock/B&M Noskowski)

Limits to Growthනම් ග්‍රන්ථ්ය අපගේ පෘථිවිය සඳහා පැහැදිලි අනතුරු ඇඟවීමක් ලබා දී ඇත. 1972 දී  Universe Books මගින් ප්‍රකාශයට පත් කරන ලද, එය වසර දෙකකට පෙර එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද විඩම්බන මත පදනම්ව ලෝකය සඳහා ඇතිවිය හැකි අවස්ථා 12 ක් අඩංගු විය. පිටපත් මිලියන ගණනක් අලෙවි වී භාෂා 30කට පරිවර්තනය වුවද, මෙම පොත යථාර්ථවාදී නොවන බවට කර්මාන්තයේ ප්‍රධානීන්ගේ සහ ආර්ථික විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට ලක් විය.

ඔවුන්ගේ ප්‍රතිචාරය පුදුමයට කරුණක් වූයේ 2050 වන විට සම්පත් ක්ෂය වීම, ආහාර හිඟය සහ කාර්මික පරිහානිය හරහා ගෝලීය කඩාවැටීමක් අපේක්ෂා කරන බවක් MIT විඩම්බන මගින් පළ කර තිබූ පසුබිමකයි. මෙය 2000 ගණන්වල මුල ආරම්භ වනු ඇතැයි පුරෝකථනය කරන ලද පාරිසරික පීඩනය වැඩි වීමේ ප්‍රතිඵලයක් විය. දන් පෙණි යන පරිදි, එම විශේෂිත ආකෘතිය දැනට ලෝකයේ පවතින තත්වයට බි හොඳින් ගැලපේ.

බොහෝ අය සිතන්නේ තාක්‍ෂණයේ නිපුණත්වයෙන් ඇතිවන දියුණුව, පවතින ව්‍යසනයෙන් අපව ගලවා ගනු ඇති බවයි. දේශගුනය, ව්‍යසනය නම්වූ අයිස් කුට්ටියේ මුදුන පමණකි. එයමය්හ් භයංකරය. එහෙත්, මගේ කනස්සල්ල වන්නේ තාක්‍ෂණික විසඳුම් සම්බන්ධයෙන් බොළඳ හා භයානක අධි විශ්වාසයක් තිබීමයි. උදාහරණයක් ලෙස,  කාබන් ග්‍රහණය කර ගැනීම සහ අනුක්‍රමණය කිරීම මගින් සෑම වසරකම අපගේ දේශගුණික ඉලක්ක සපුරා ගනු වස් දැනට අවශ්‍ය ප්‍රමාණයෙන් කොටසක්වත් ග්‍රහණය කර ගත නොහැක.

“නව තාක්‍ෂණයට” අපව අනතුරෙන් ගලවා ගත හැකි බවට වූ සිහිනය 1970 ගණන්වල මුල් භාගයේදී සිදු කරන ලද තවත් MIT විඩම්බන දර්ශනයකි. එහෙත් මෙම තත්ත්වය ගෝලීය බිඳවැටීම කල් දමන්නේ වසර කිහිපයකින් පමණකි. ව්යාපාරික ප්‍රජාවගෙ සහ දේශපාලනඥයන්ගේ නව, ප්රියතම සටන් පාඨය වන හුදෙක් “හරිත කර්මාන්තය” දියුණු කිරීම අවාසනාවකට මෙන් ප්රමාණවත් නොවේ.

මගේ මතය අනුව, පාලනයකින් තොරව තාක්‍ෂණික “සංවර්ධනය” සහ සීමාවකින් තොර, එනෙට එන්ටම වඩ වඩාත් අසමාන වන්නාවූ, ධනවාදය විසින් මෙහෙයවනු ලබන සූරාකෑම අපව ගලවා ගනු ඇතැයි සිතීම පිස්සු විකාරයකි. මුලින්ම, අද පවතින අර්බුදයට අපව  ඇද දමා ඇත්තේ එයයි. ඇත්තටම බැලුවොත්, ඔබ වාඩි වී සිටින්නේ ඔබම කපමින් සිටින අත්තකි; යටින් ඇති බිම දැවෙන්නේ නම් නම්, විසඳුම වන්නැ වඩා හොඳ කියතක් සොයාගැනීම නොව අත්ත කැපීම නැවැත්වීමයි.

කොයි හැටි වෙතත්, ගින්න නිවා දැමීමට අප ආර්ථික විද්‍යාඥයින් මත විශ්වාසය තැබිය යුත්තේ ඇයි? ලෝකය තනිකරම ආර්ථික විද්‍යාඥයින් විසින් පාලනය කරනු ලබන් ලබන්නේය; ආර්ථික විද්‍යාව විසින් මෙහෙයවනු ලබන්නේය. එය ස්වභාවික විද්‍යාවක් නොව හුදෙක් මානව සොයාගැනීමක් වීම ඛේදජනක යයි මම දකිමි.  අඛණ්ඩ ආර්ථික ව්‍යාප්තිය සඳහා භෞතික සීමාවන් ඇත — එය, බොහෝ ආර්ථික විද්‍යාඥයින් තේරුම් නොගත් කරුණකි. අභ්‍යවකාශයේ සිට බැලූ විට, පෘථිවිය කුඩා, හුදකලා සහ අවදානමට ලක්විය හැකි අභ්‍යවකාශ යානයක් බව පැහැදිලිය.

එහෙත් සමහර ආර්ථික විද්‍යාඥයන් පෘථිවියේ සැබෑ සහ දැඩි ලෙස සීමිත වත්කම්වලින් ආර්ථිකය “වියැදීම”(වෙන්කර දැමීම) ගැන වැරදි අවබෝධයෙන් කතා කරති. පිරිසිදු “තොරතුරු” පවා භෞතික වන අතර සීමාවන් ඇත. පෙට්‍රි දීසියක ඇති බැක්ටීරියා වල ඝාතීය වර්ධනය පෝෂ්‍ය පදාර්ථ සහ අවකාශය අවසන් වූ විට මිය යනවා සේම, පෘථිවියේ මිනිසුන්ගේ  “වර්ධනය” සඳහා සාකච්ඡාවෙන් ඉවත් කරගත් නොහැකි සීමාවන් තිබේ.

දිගුකාලීන දැක්ම

විසඳුමක් ලබා දෙන විඩම්බනයක් සොයා ගැනීමට MIT විද්‍යාඥyoe සොයා samath wuuha. ගෝලීය කඩාවැටීමකට තුඩු නොදෙන එකම මාර්ගය “warDhana dhamananaya”(ඩෙග්‍රොව්ත් හෝ “ස්ථායී වූ පෘථිවිය” වේ.  පුරාණy ස්වදේශික ශිෂ්ටාචාරයkata ayath, Iroquois ජනතාව මෙය දැන සිටියේය. වැදගත් තීරණ ගැනීමට සිදු වූ විට, එය අනාගත පරම්පරා කිහිපයකට බලපාන්නේ කෙසේද යන්න ගැන ඔවුහු කල්පනා කළහ. වර්තමාන දේශපාලනඥයන්ට, ඊට පටහෙණිව, සාමාන්‍යයෙන් වසර හතරකට වඩා (එනම් මීළඟ මැතිවරණය දක්වා) කාල ඡේදයක් ගැන නොසිතන අතර ව්‍යාපාරික හා කර්මාන්තවල සිටින පුද්ගලයින් උනඳුවන්නේ වැඩිම වුණොත් මාස තුනකට  (ඊළඟ කාර්තුමය වාර්තාවට) නොවැඩි කාල පරාසයක් ගැනය.

න්‍යෂ්ටික බලය ද පිළිතුර නොවේ. අපේ පරම්පරාවට “වර්ධනය” ලබා දීම සඳහා පෘථිවියේ ඉතා දුලබ හා තිරසාර නොවන ප්‍රමාණයක යුරේනියම් සම්පත දශක කිහිපයක විදුලිය සඳහා දිගුකාලීන අන්තරායකර අපද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමට අපට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? වසර 100 කට වැඩි කාලයක් තුළ පෘථිවියේ පොසිල ඉන්ධන වලින් විශාල කොටසක් දහනය කිරීමටත්,  එහි ප්‍රත්ඵලයක් ලෙස දැන් කාබන් ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට ගොස් දේශගුණයට හානි කරන්නටත් මග පෑදුණේ ඔය ආකාරයටමය.

ස්වභාවධර්මය මනුෂ්‍යත්වය තුරන් කරන්නේ කෙසේද යන්න තීරණය කරන විට, එය අපගේ ආර්ථික සලකා බැලීම් සහ ගණනය කිරීම් ගැන තැකීමක් නොකරයි.

ස්වභාවධර්මය මනුෂ්‍යත්වය තුරන් කරන්නේ කෙසේද යන්න තීරණය කරන විට අපගේ ආර්ථික සලකා බැලීම් සහ ගණනය කිරීම් ගැන තැකීමක් නොකරයි.

ආර්ථික වර්ධනය යනු මිනිසුන් දිළිඳුකමින් මුදවා ගැනීමට උපකාර කිරීමයි. නමුත් අද, මනුෂ්‍යත්වය ඒ වෙනුවට පරිශුද්ධ වර්ධන සංඛ්‍යාවල වහලෙකු බවට පත්ව ඇත – එය සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර යක්ෂයෙකු බවට පත්ව ඇත. ආර්ථික විද්යාඥයා සයිමන් කුස්නෙට්ස්, 1934 දී දළ දේශීය නිෂ්පාදිතය යන සංකල්පය නිර්මාණය කළ ඔහු, අතිශය සංකීර්ණ ලෝකයක සුභසාධනය පිළිබඳ යම් ආකාරයක බොළඳ සංඛ්‍යාත්මක මිනුමක් ලෙස එවැනි අමු සරල සංකල්පයක් භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීය.

දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් වැනි ආදර්ශමත් අය උත්සාහ කරන්නේ යම් හේතුවක් නිසා තත්වය කෙතරම් බරපතලද යන්න තවමත් තේරුම් ගෙන නොමැති අයව බේරා ගැනීමට ය. සෙල්සියස් අංශක 1.5 ට අඩු ගෝලීය උණුසුම සීමා කිරීමේ දේශගුණික ප්‍රතිඥාව කරා ළඟා වීමට නම්, 2035 වන විට ශුන්‍ය වන විනාශය සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස අඩු කිරීමත් සමඟ පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය. එහෙත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව, අද වන විට ලෝකයේ බලශක්තියෙන් 80% ක් පමණ පොසිල ඉන්ධන වලින් ලබා ගනී.

ලෝකයේ පාරිසරික ගැටළු කෙරෙහි අවධානය යොමු කරන එක් ජාත්‍යන්තර සංවිධානයක් වන Global Footprint Network(ගෝලීය පිය සටහන් ජාලය), සෑම වසරකම Earth Overshoot Day සනිටුහන් කරයි පාරිසරික සම්පත් සහ සේවා සඳහා මානව වර්ගයාගේ ඉල්ලුම පෘථිවියට පුනර්ජනනය කළ හැකි ප්‍රමාණය ඉක්මවා යන . කිසියම් වර්ෂයක් වේ ද, ඒ දිනය තමයි මෙය. 2023 දී එය අගෝස්තු 2 වන දිනට වැටුණි, එනම් ඉදිරි වසර සඳහා අපි අනාගත පරම්පරාවෙන් ඵලදායී ලෙස “සොරකම්” කළෙමු.

වත්මන් ප්රවණතාවය ආපසු හැරවීමට එක් විකල්පයක් ඇති අතර එය පෘථිවියේ ස්වභාවික සීමාවන්ට අනුකූල වේ. ධනවත් රටවල් තම නිෂ්පාදනය සහ පරිභෝජනය සමස්ථයක් ලෙස පෘථිවි පද්ධතියට තිරසාර වන ප්‍රමාණයට වඩා පහතට ගෙන ඒමට අනුගත විය යුතු බව රජයන් අවබෝධ කර ගත යුතුය. සැලසුම් සහගත සහ පාලිත අඩුකිරීම් සඳහා ඇති එකම විකල්පය බලහත්කාරයෙන් හා ව්‍යසනකාරී ගෝලීය කඩාවැටීමකි.

අපව ගලවා ගත හැක්කේ වර්ධනය ආපස්සට යැවීමෙන්පමණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending