BonNontawat/Shutterstock

ප්‍රශ්නය අසන්නේ: නිව් සවුත් වේල්ස් හි අවුරුදු 6 මාස 11ක් වයසැති, Asher

පිළිතුරු දෙන්නේ: Wollongong විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිළිබඳ සහාය මහාචාර්ය, Theresa Larkin

අපේ ඇඟේ තියෙන දෙයක් ගැන කොච්චර වටින ප්‍රශ්නයක්ද ආෂර් අහල තියෙන්නේ.

රුධිරය, හෙවත් ලේ තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ; එනමුත්  සිරුරෙන් පිටත ලේ ගලනකොට — කැපිල්ලක් හැදුනාම, නහයෙන් ලේ ගලනකොට වගේ  අවස්ථාවල දී අපිට ලේ සිරුරේ පිටතින් පේනවා. ලේ රතු වෙන්නේ හීමොග්ලොබින්(hemoglobin) කියන දෙය නිසයි. හීමොග්ලොබින් රතු පැහැයයි, මෙය අපගේ රුධිරය රතු වර්ණ ගන්වයි.

ඒත් ඔන්න දැන් ප්‍රශ්නේ හීමොග්ලොබින් යනු කුමක් ද?  හීමොග්ලොබින් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? යන්නයි. හොඳයි, අපේ රුධිරයේ ඔක්සිජන් රැගෙන යාමට හිමොග්ලොබින් අවශ්යයි. මෙය තරමක් සංකීර්ණ බවක් පෙනෙන්නට පුළුවන, එබැවින් අපට ඔක්සිජන් අවශ්‍ය වන්නේ ඇයි සහ අපගේ රුධිරයේ ඔක්සිජන් රැගෙන යාමට හිමොග්ලොබින් අවශ්‍ය වන්නේ මන්දැයි වඩාත් තියුණු ලෙස සලකා බලමු.

සෑම කෙනෙකුටම ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය වේ.

අපේ ශරීරය ක්‍රියා  කිරීමට අප සැමටම ඔක්සිජන් අවශ්යයි.  අපගේ ශරීරය සෑදී ඇත්තේ මිලියන ගණන් වන කුඩා සෛල වලින්. අපගේ ශරීරයේ සියලුම සෛලවලට, අප ආශ්වාස කරන වාතයෙන්  ඔක්සිජන්  අවශ්ය වන අතර පෝෂ්‍ය පදාර්ථ අපි කන ආහාර වලින් ලබා ගනී.

සෛල ශක්තිය නිපදවීමට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ භාවිතා කරයි; එවිට සෛලවලට, ඒවායේ කාර්යය ඉටු කළ හැකිය. නිදසුනක් වශයෙන්, අපගේ මාංශ පේශිවල සෛලවලට අපව චලනය කිරීමට ශක්තිය අවශ්‍ය වන අතර අපගේ මොළයේ සෛලවලට අපට ඉගෙන ගත හැකි වන පරිදි ශක්තිය අවශ්‍ය වේ.

ඔබ ක්‍රීඩා පිටියේ වැටී ඔබේ දණහිස සීරී ගියහොත් ඔබට ලේ ගලන්න පුළුවන්. A3pfamily/Shutterstock

ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම ඔබේ පෙණහලු ඔක්සිජන් ආශ්වාස කරයි. මෙම ඔක්සිජන් ලබා ගැනීම සඳහා අපගේ හදවත පෙණහලුවලට රුධිරය පොම්ප කරයි. එවිට හදවත මෙම ඔක්සිජන් සමඟ රුධිරය අපගේ ශරීරයේ සියලුම සෛල වෙත පොම්ප කරයි.

රුධිරය, සෛලවල භාවිතය සඳහා  ඒවාට ඔක්සිජන් ලබා දුන් පසු, එය නැවත තවත් ඔක්සිජන් ලබා ගැනීම සඳහා හදවතට සහ පෙනහළු වෙත ආපසු ගමන් කරයි. අපගේ සෛල සෑම විටම ක්‍රියා කරන නිසා සැමවිටම ඔක්සිජන් අවශ්‍ය වේ.

ඉතින් හීමොග්ලොබින් එන්නේ කොයිබින් ද?

ඔක්සිජන් එකතු කර ගැනීම සඳහා අපගේ හදවත පෙණහලුවලට රුධිරය පොම්ප කරයි; ඉන් අනතුරුව, ඔක්සිජන් රැගෙන යන රුධිරය  අපගේ ශරීරයේ සියලුම සෛල වෙත  පොම්ප කරයි. GraphicsRF.com/Shutterstock

ඔක්සිජන් රුධිරයේ අපගේ සෛල වෙත ගමන් කරන්නේ රුධිර වාහිනී ලෙස හඳුන්වන නල වලිනි. එහෙත්, රුධිරයේ  දී ඔක්සිජන් ඉතා හොඳින් ද්‍රාවණය නොවේ. අපගේ රුධිරයේම පමණක් ඔක්සිජන් තිබුනේ නම්, අපට වායු බුබුලු හට ගත හැකිව තිබුණි. මෙම බුබුලු රුධිර නාලවල පැතිවලට ඇලී සිටින්නට පුළුවන. එහි තේරුම නම් ඔක්සිජන් නාල තුළ සිරවී, අපගේ සෛල වෙත ගමන් නොකරන්නට ඉඩ ඇති බවයි.

වාසනාවකට මෙන්,  අපේ රුධිරය ඔස්සේ හිමොග්ලොබින් ඔක්සිජන් රැගෙන යයි. එහෙයින්,  අපගේ රුධිරයේ එය වායු බුබුලු ලෙස සෑදී සිරවී නොසිටිනු ඇත. උදාහරණයකින් මේ ගැන හ්තනවා නම්,  අපිට හිතන්න පුළුවන් හරියට ගඟක් පහළට, ගලක් ගෙනියන්න හදනවා වගයි කියලා. ගලක් ගඟක පාවෙන්නට බැරි නිසා ගිලී යනු ඇත පහළට. නමුත් පාවෙන භාජනයකට ගල දැමුවොත් භාජනයට ගඟේ පාවෙලා ඒ ගලත් රැගෙන යන්න පුළුවන්. හීමොග්ලොබින් ඔක්සිජන් සඳහා රතු පාට බඳුනක් වැනි ය. එය අපගේ ඔක්සිජන් වාහකයයි.

ඉතින්, ඔක්සිජන් රැගෙන යාමට අපගේ රුධිරයේ රතු හිමොග්ලොබින් ඇති නිසා, අපගේ රුධිරය රතු වේ.

Hemoglobin transports oxygen throughout your body in a fast-moving taxi system that keeps your cells and tissues operating properly.

Each hemoglobin molecule includes a protein called heme that contains iron. When iron reacts to oxygen, it becomes red. That interaction is what gives blood its red color.

Cleveland Clinic: health essentials

රුධිරය, දීප්තිමත් රතු හෝ තද රතු විය හැක

හිමොග්ලොබින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රැගෙන යන විට එය  දීප්තිමත් රතු පැහැයක් ගනී.

මෙයින් කියවෙන්නේ  හෘදයේ සහ පෙණහලුවල සිට රුධිරය, ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ‍රැගෙන සෛල වෙත ගමන් කරන විට දීප්තිමත් රතු පැහැයක් ගන්නා බවයි.

හීමොග්ලොබින් සෛල වලට ඔක්සිජන් ලබා දීමෙන් පසු එය අඳුරු, තද රතු පැහැයක් ගනී. මෙයින් අදහස් කරන්නේ හදවත සහ පෙනහළු කරා අඩු ඔක්සිජන් සහිතව ආපසු ගමන් කරන රුධිරය  තද රතු පැහැයක් ගන්නා බවයි.

ඔබට කවදා හෝ රුධිර පරීක්ෂණයක් කිරීමට සිදු වූයේ නම්, ඔබේ රුධිරයේ වර්ණය ඔබ දැක ඇති. Andrey_Popov/Shutterstock

අපගේ සමට යටින් අපගේ සමහර නහර (හදවතට රුධිරය ගෙන යන රුධිර වාහිනී) දැකිය හැකිය. උදාහරණයක් ලෙස, අපේ අත් පිටුපස.

මෙම නහර වල රුධිරය කොළ මිශ්‍ර නිල්(green-blue) පැහැයකින් දිස්විය හැකිය. ඒ අපි අපේ සම හරහා  රුධිරය දෙස බලන නිසායි. මෙය, අප දකින (රුධිරයේ) වර්ණය වෙනස් කරයි.

කෙසේවෙතත්, අපගේ රුධිරය නිල් හෝ කොළ නොවේ  එය අනිවාර්යයෙන්ම රතු බව අපේ සිරුරෙන් පිටතට ලේ වහනය වන විට අපි දැන ගන්නෙමු.

සියලුම සතුන් අතුරෙන් සමහරෙකුට රතු ලේ නැත

බූවල්ලෙකුට නිල් පැහැති රුධිරය තිබිය හැකි අතර සමහර කටුස්සන්ට කොළ පැහැයෙන් පවා යුතු රුධිරය  ඇත.

මෙම නිල් සහ කොළ රුධිරය ඔවුන්ගේ ඔක්සිජන් වාහකයේ වර්ණය ද නිසා ඇතිවේ. මෙම සතුන්ට අපට මෙන් රතු හිමොග්ලොබින් නොමැත. ඔවුන්ට නිල් හෝ කොළ ඔක්සිජන් වාහකයක් ඇත. මෙය ඔවුන්ගේ රුධිරය නිල් හෝ කොළ පැහැයක් ගනී.

දැන් ඔන්න මමත් ප්‍රශ්නයක් අහනවා. ඔබට ඕනෑම වර්ණයක රුධිරය තෝරා ගැනීමේ  අවස්ථාව ලැබේ නම්, ඔබේ රුධිරය සඳහා ඔබ තෝරා ගන්නේ කුමන වර්ණයද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending