අභ්‍යවකාශයේ කුණු කන්ද ගොඩ නැගෙයි

වර්ධනය වෙමින් පවතින අභ්‍යවකාශ ආර්ථිකයට, අභ්‍යවකාශ යානාවල සුන්බුන්  තර්ජනයක් වේ. අභ්‍යවකාශය පිරිසිදුව තබා ගැනීමට ගෝලීය එකඟතාවක් අවශ්‍යයි

අවකාශය කුණු කන්දක් නොවිය යුතුය. එසේ වුවද, අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ අප අහස සුන්බුන් අංගනයක් ලෙස සලකන බවක් පෙණේ එමෙන්ම පෘථිවිය වටා කක්ෂගත වන අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණය මෑත වසරවලදී අහස උසට නැඟී ඇත. දැන් ක්‍රියා විරහිත රොකට් සහ චන්ද්‍රිකා වල දිරාපත් වන කොටස් වලින් පිරී තිබෙණ,  දූෂිණයට ලක්ව ඇති අපගේ කක්ෂීය පරිසරය වර්ධනය වන අභ්‍යවකාශ ආර්ථිකයට තර්ජනයක් වෙමින් දවසින් දවස තව් තවත් සුන්බුන් එකතුවෙමින් පවතී. ජාතීන්ට සහ (අවකාශය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරමින් සිටින) ප්‍රකෝටිපතියන් පෘථිවි ආසන්න කක්ෂය පිරිසිදු කර තබා ගැනීමට දැන් කාලය පැමිණ ඇත.

එක්සත් ජනපද ගුවන් හමුදාව සෙන්ටිමීටර 10 ට වඩා විශාල අභ්‍යවකාශ කුණු කැබලි 25,000 කට වඩා වැඩි ප්‍රමාණයක ගමන් මග නිරීක්ෂණය කරමින් සිටියි. මේවයේ මුලු බර  මෙට්‍රික් ටොන් 9,000 ක් පමණ වෙයි. මෙම භයානක අපද්‍රව්‍ය පෘථිවිය වටා තත්පරයට කිලෝමීටර 10 ක වේගයෙන් හෝ පැයට සැතපුම් 22,000 කට වඩා වැඩි වේගයකින් ගමන් කරයි. ලුහුබැඳීමට නොහැකි තරම් කුඩා මිලිමීටර පරිමාණ වස්තූන් සහ ක්‍රියාත්මක තත්ත්වයේ චන්ද්‍රිකා අතර ගැටීම (හා නොගැටී යාන්තමින් බේරීම) දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතී. එක් උදාහරණයක් නම් පෙබරවාරි මාසයේදී, NASA පර්යේෂණ චන්ද්‍රිකාවක් හා අක්‍රිය වූ රුසියානු චන්ද්‍රිකාවක් හා නොගැටී අනූ නවයෙන් බේරීමයි.

කක්ෂීය සුන්බුන් ඝට්ටන නිසා චන්ද්‍රිකා ක්‍රියාකරුවන්ට වසරකට ඩොලර් මිලියන 86 සිට ඩොලර් මිලියන 103 දක්වා පාඩුවක් සිදුවෙන අතර එය එක් එක් ක්‍රියාකරු  අතර සහ සෑම ගැටුමකින්ම තවත් සුන්බුන් ජනනය වෙද්දී පාඩුව තවත් වර්ධනය වේ.

තර්ජනය අභ්‍යවකාශයේ පමණක් නොවේ.  ඉවතලන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බැටරියකින් මිටියක කොටසක් මාර්තු මාසයේදී පෘථිවියට වැටුනේ ෆ්ලොරිඩා නිවසක වහලය  කඩා ගෙණය . 2020 දී අයිවරි කෝස්ට් ගම්මානයක් අභ්‍යවකාශයෙන් මීටර් 12 ක් දිග නළයක් සොයා ගන්නා ලදී; ඒ, දියත් කිරීමෙන් පසු එහි හිස් හරය ඉවතට විසි කළ චීන රොකට්ටුවක අනුග්‍රහයෙනි. තවද 2022 ණ්Aඨ්Uර්‍E ASඨ්ර්‍Oණ්Oඹ්්‍ය අධ්‍යයනයක් මගින් පෙන්නුම් කළේ සෑම දශකයකටම වරක් අභ්‍යවකාශ අපද්‍රව්‍ය කඩා වැටීමෙන් පොළව මත සිටින කෙනෙකුව මරා දැමීමේ සම්භාවිතාව සියයට 10ක් ලෙසයි. මේ සියල්ල අනවශ්‍ය දේවල්ය.

1967 පිටත අභ්‍යවකාශ ගිවිසුම දක්වන අනදමට, එය මුලින් දියත් කළේ පුද්ගලික සමාගමක් වුවද, අභ්‍යවකාශ අපද්‍රව්‍ය මගින් සිදුවන හානිය සඳහා ජාතීන් වගකිව යුතුය. ඉන් සිදුවන්නේ, එහි මූලාරම්භය ඔප්පු කළ හැකි නම් සහ සමාගම නොසැලකිලිමත් බව පෙන්විය හැඉ නම් හැර කක්ෂීය සුන්බුන් වලින් සිදුවන හානිය සඳහා බදු ගෙවන්නන් වග කිව යුතුවනවා මිස අභ්‍යවකාශ ගවේෂණ කරන ප්‍රකෝටිපතියන් හසු නොවීමයි.  – සොයා ගනීමට අසීරු, ගැලවුණු තීන්ත කැබලි සඳහා දැඩි අපහසුවකි. ඉතින්, මෙය අසාර්ථකවීම ගැනපුදුම විය යුතු නැත .

ගැටලුව වන්නේ, දශක ගණනාවක සාකච්ඡාවකින් පසුව වුව් ද, අභ්‍යවකාශ කසළ සීමා කරන හෝ නොසැලකිලිමත්කම සඳහා මනින ප්‍රමිතීන් සකසන ජාත්‍යන්තර ගිවිසුමක් තවමත් නොමැති වීමයි. අභ්‍යවකාශ යානා සුන්බුන් මගින් හානියක් සිදු කරනු ලබන සමාගම්වලට වගකීම් ගෙනහැර දක්වන සහ දඩ නියම කරන මාදිලියේ ගිවිසුමක් අපට අවශ්‍යයි. නිවැරදි දේ ස්වේච්ඡාවෙන් කරන තාක් කල්, එය සිදු නොවන්න්නට පුළුවනැයි 2018 ගුවන් හමුදා සංගම් වාර්තාවක් නිගමනය කළේය. එතැන් සිට ඇති සීමිත ක්‍රියාව අපට පවසන්නේ අනිවාර්ය ප්‍රමිතීන් පිළිබඳ ගිවිසුමක් සඳහා ලෝකය දැනටමත් ප්‍රමාද වී ඇති බවකි.  ඒවායේ සම්පූර්ණ ජීවන චක්‍රය ගෙවෙන අන්දමට රොකට් දැනටනිර්මාණය කරන්නේ රටවල් හෝ සමාගම් කිහිපයක් පමණකි. (රොකට්වලට) ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කිරීමට බල කළ යුතු අතර ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් වූ විට අභ්‍යවකාශ යානාවලට අභ්‍යවකාශයෙන් ආරක්ෂිතව පිට  කිරීමේ හැකියාව රඳවා ගත යුතුය යි සමාගම් වලට බල කළ යුතුය.  නව නීති රීති අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වන අභ්‍යවකාශ ගමන් කර්මාන්ත සහ ජාතීන්ට තදින් දැනන සුලු මූල්‍ය සහ නියාමන දඩුවම්පැන විය යුතුය.

ඒ ඇයි? මක්නිසාද යත්, කක්ෂීය සුන්බුන් පිළිබඳ භෞතික විද්‍යාව අනාගතයේ සිදු විය හැකි විනාශය අඟවන බැවිනි. අත්හැර දමන ලද චන්ද්‍රිකා, කිලෝමීටර් 775 ත් 975 ත් අතර උසකින්,  වසරකට 1,000 වතාවක් එකකින් මීටර් 1,000 ක් ඇතුළත තරම් සම්මීපව ගමන් කරයි. ඉතින්, සිදුවිය හැකි ඕනෑම ඝට්ටනයකින් සිදුවන්නේ කක්ෂයේ ඇති හඹා යා හැකි සුන්බුන් ප්‍රමාණය ක්‍ෂණිකව දෙගුණ කිරීම මෙන්ම ඒවාට පහළින් ඇති වටිනා චන්ද්‍රිකා මත  ගණන් කළ නොහැකි තරමේ කුඩා, නමුත් තවදුරටත් භයානක, අභ්‍යවකාශ කුණු කැබලි නිර්මාණය කරයි. කක්ෂීය සුන්බුන් ඔවුන්ගේ අභ්‍යවකාශ ෂටලය විනාශ කිරීමෙන් පසු අභ්‍යවකාශයේදී අතරමං  වූ ගගනගාමීන් පිළිබඳ 2013 එළියට ආ ඝ්‍රවිට්ය්  චිත්‍රපටය ප්‍රබන්ධයක් නමුත් කඩා හැළෙන අභ්‍යවකාශ සුන්බුන් කඳුරැල්ලක තර්ජනය සැබෑ ය. මෙය පෘථිවි කක්ෂය දරාගත නොහැකි තරම් කුණු ගොඩක් නිපදවන බව හඟවන ඊනියා කෙස්ලර් සින්ඩ්‍රෝමයයි(Kessler syndrome).  2023 අධ්‍යයනයකින් පුරෝකථනය කළේ මෙම ව්‍යසනය සිදුවීමේ බරපතල අවදානමකින් තොරව පහත් පෘථිවි කක්ෂයට රැඳවිය හැක්කේ චන්ද්‍රිකා 72,000ක් පමණ බවයි.

බොහෝ අය තේරුම් ගන්නවාට වඩා අපි එම රතු රේඛාවට සමීප ය. අභ්‍යවකාශයේ අපේ හිසට ඉහළින් අවකාශය අතපත් කර ගැනීමේ ප්‍රයත්නයක් සිදුවෙමින් පවතී. ඒවගේම ඒවා එන්නේ ජාතික ආණ්ඩු වලින් නෙවෙයි පුද්ගලික සමාගම් වලිනි. දැනට වසර තුනකට පෙර තිබූ චන්ද්‍රිකා 6,500  සිට වැඩි වී දැන් 10,000කට ආසන්න ප්‍රමාණයක් කක්ෂයේ පවතී. Elon Musk ගේ SpaceX විසින් දියත් කරන ලද Starlink චන්ද්‍රිකා 6,000කට ආසන්න සංඛ්‍යාව දැන් මුළු සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි වන අතර ඒවා 42,000 දක්වා වූ වැඩි කිරීමට සැලසුම්ගත බලඇණියක කොටසකි. Sටර්ලින්ක් යනු අවම වශයෙන් තවත් එවැනි “මෙගා-‘තාරකා’ මණ්ඩල” හයෙන් පළමුවැන්න පමණි.

Amanda Montañez; Source: “Satellite Statistics: Satellite and Debris Ppulation,” Jonathan’s Space Report (data)

Sපචෙඞ සහ එහි රොකට් කර්මාන්තයේ තරඟකරුවන් අප නව අභ්‍යවකාශ ආර්ථිකය වෙත ගමන් කරන විට අවකාශය තවදුරටත් පිරවීමට සැලසුම් කරයි.  මස්ක් මේ වන විට ටෙක්සාස් හි ජම්බෝ ස්ටාර්ෂිප් රොකට්(jumbo Starship rocket)  අත්හදා බලමින් සිටින අතර, එහි පූර්වගාමියා වූ බර වැඩට දක්ෂ ෆෝල්කන් 9 (Falcon 9) රොකට්ටුවට වඩා හය ගුණයකින් වැඩි චන්ද්‍රිකා  අඩු වියදමකින් කක්ෂයට රැගෙන යාමට හැකි බවට පොරොන්දු වේ. 21 වන ශතවර්ෂයේ ආර්ථිකය සන්නිවේදනය, ගණුදෙණු, නිරීක්ෂණ සහ තවත් බොහෝ දේ සපයන මෙවැනි රොකට්ටු මගින් ලබා දෙන සර්වබලධාරී චන්ද්‍රිකා සමූහය මත ධාවනය වනු ඇත. එය නතර කළ හැක්කේ අහස විනාශ කිරීමෙන් පමණකි..

ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITu), මෙන්ම එක් එක් ජාතීන්ගේ නීති මගින් චන්ද්‍රිකා සඳහ ඉඩකඩ දැන් වෙන් කර දෙනු ලැබේ.  ITu බොහෝ දුරට සැලකිලිමත් ව්න්නේ එකිනෙකාට බාධා නොවන බව සහතික කරමින් චන්ද්‍රිකා ගුවන්විදුලි සංඛ්‍යාත පැවරුම්  පිළිබඳවය. ඝට්ටන ගැටළු විසඳීම සඳහා චන්ද්‍රිකා සැබවින්ම ඔවුන්ගේ පොරොන්දු වූ කක්ෂවල තිබේදැයි සොයා බැලීමට තරම් වත්නියෝජිතායතනය පරීක්ෂාවන් නොකරයි.  එක්සත් ජනපදය, රුසියානු සහ චීන ඇතුළු අභ්‍යවකාශ ඒජන්සි 13කින් පාලනය වන අන්තර් නියෝජිතායතන අභ්‍යවකාශ සුන්බුන් සම්බන්ධීකරණ කමිටුව, අභ්‍යවකාශ සුන්බුන් සීමා කිරීම සඳහා 2020 දී මාර්ගෝපදේශ නිකුත් කළේය. ඒවායින් ඉල්ලා තිබුණෙ වසර 25ක් ඇතුළත — ඒවා නැවත පෘථිවිය මතටට පුළුස්සා දැමීම හෝ නැවත ලබාගැනිමෙන් —  චන්ද්‍රිකා කක්ෂයෙන් ඉවත් කළ යුතු බවයි. එය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් එක්සත් ජනපදය දියත් කිරීම සඳහා නීතියක් සකස් කරන ලද්දේ පසුගිය වසරේ දී ය.  මෙය කල් පමා වූ නමුත් එක්සත් ජනපදයෙන් ගත් හොඳ ආරම්භයකි

 අභ්‍යවකාශ සුන්බුන් වල ප්‍රධාන වශයෙන්  දායක වන්නේ වාණිජ්‍යය වීමට හැකි වුවත්,පෘථිවි කක්ෂයේ මිලිටරිකරණය තවදුරටත්, කක්ෂ අවුල් කිරීමේ කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර එය දිගටම සිදුවනු ඇත. ආතතීන් තව දුරටත් ඉහළ යාමට පෙර අවකාශය පිරිසිදුව තබා ගැනීමට ඇන්ටාක්ටික් සම්මුතියේ මාදිලියේ  අපට ගෝලීය ගිවිසුමක් අවශ්‍ය වේ. මෙයට නායකත්වය දිය හැක්කේ අභ්‍යවකාශයේ සාමකාමී භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවටය.   2023 දී NASA විසින් කක්ෂයේ ඇති භාවිතයේ නොමැති අපද්‍රව්‍ය ඉවත් කිරීමට සහ කුඩා සුන්බුන් ඉවත් කිරීමට පුළුල් සැලැස්මක් යෝජනා කළේය. එක්සත් ජනපදයේ (අභ්‍යවකාශ)සුන්බුන් ඉවත් කිරීමෙන් ආරම්භ කර එම උත්සාහයට අරමුදල් සැපයිය යුත්තේ සිවිල් අභ්‍යවකාශ ඒජන්සියේ මෙහෙවරක් ලෙසයි. සාමාන්‍ය බුද්ධිය ඉදිරිපත් කෙරෙන හේතු ප්‍රමාණවත් තරම් නොවි යයි සිතුන්නේඉ වුවද, මෙම මෙහෙයුම වර්ධනය වන එක්සත් ජනපද අභ්‍යවකාශ කර්මාන්තයට ආශිර්වාදයක් වනු ඇත.

ආර්ථික විද්‍යාඥයින් ඇස්තමේන්තු කරන්නේ එම ආර්ථික මාර්ග ඔස්සේ, Kessler syndrome කඳුරැල්ලක් නොමැතිව වුවද, ඉදිරි සියවස වන විට අභ්‍යවකාශ සුන්බුන් සඳහා සෑම වසරකම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1කට ආසන්න මුදලක් වැය වනු ඇති බවයි. .

එය විශාල දෙයක් ලෙස නොපෙනෙන්නට පුළුවන් නමුත් එම කුඩා බද්ද මානව වර්ගයාට ඩොලර් ට්‍රිලියන ගනනක පිරිවැයක් නියෝජනය කරනු ඇත – අද ලෝක ආර්ථිකයේ ප්‍රමාණයෙන් ගත්තත් පවා අනවශ්‍ය එකකි.

චන්ද්‍රිකා කක්ෂ පාලනය කරන නීති ලියා ඇත්තේ 20 වැනි සියවසේ මැද භාගයේ සිට අග භාගය දක්වා වූ නිරවියුද්ධය අතරතුර, ආණ්ඩු කිහිපයක් පමණක් චන්ද්‍රිකා කිහිපයක් පමණක් ක්‍රියාත්මක කළ කාලයක ය. අප ජීවත් වන්නේ බොහෝ ජාතීන් සහ සමාගම් සහභාගී වන පෙරට වඩා නිස්සාරණය සහ ආක්‍රමණශීලී පුද්ගලික අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක ය. පෘථිවි කක්ෂය අප විසින් අපද්‍රව්‍යයවලින් දූෂණය කර දැමූ ආකාරයට තරම් නරක ලෙස පෘථිවි කක්ෂයේ කුණු කූඩය පුරවා දැමීමෙන් වලක්වා ගැනීමට අපට වඩා හොඳ නීති අවශ්‍ය වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending