ප්‍රශ්නය අසන්නේ: සිඩ්නි නුවර, දස හැවිරිදි, Jessica

පිළිතුරුදෙන්නේ: දකුණු ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ තිරසාරභාවය පිළිබඳ සහාය මහාචාර්ය, Sukhbir Sandhu

විශිෂ්ට  ප්‍රශ්නයක් ජෙසිකා!  ඕස්ට්‍රේලියාවේ අපි බොහෝ ප්ලාස්ටික් භාවිතා කරන අතර ඒවායින් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොච්චර අඩු ප්‍රමාණයක් ද කියලා සොයා දැන ගත්තහම ස්වභාවිකවම කලකිරීමට පත් වෙනවා. මම විශ්ව විද්‍යාලයක වැඩ කරන්නේ මිනිසුන්ට අඩුවෙන් ප්ලාස්ටික් භාවිතා කිරීමට, වැඩිපුර ප්‍රතිචක්‍රීකරණය කිරීමට සහ කිසිවක් නාස්ති නොකිරීමට නව ක්‍රම සෙවීම පිණිස උත්සාහ කරන කණ්ඩායමක් සමඟ ය. ඉතින් මේක මම ගොඩක් වෙලාවට මගේ හිතට එන ප්‍රශ්නයක්.

මූලික වශයෙන් ගත් විට, සමහර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. ඒ,  ඒවා උණු කර වෙනත් නිෂ්පාදන බවට පත් කිරීමට පහසු බැවිනි. අනෙක් ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකියි; නැතහොත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු වන ඩයි වර්ග හෝ ඒවා ගිනි ගැනීම නවත්වන රසායනික ද්‍රව්‍ය වැනි අමතර අමුද්‍රව්‍ය ඒවායේඅඩංගු වේ. එහෙත්  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවද,  සම්පූර්ණයෙන්ම නව ගැටලුවක් ඔබ හමුවට එයි: නව නිෂ්පාදන සෑදීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය මිලදී ගන්නා කෙනෙකු සොයා ගැනීමයි.

Here’s the link: https://youtu.be/TTJaKZtHE5Y

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම එතරම් අපහසු ඇයි? (බීබීසී ලෝක සේවය)

ප්ලාස්ටික් වර්ග බොහොමයක් තිබේ

යෝගට් ටබ්, දිවා ආහාර පෙට්ටි හෝ ප්ලාස්ටික් බෑග් වැනි වෙනත් බහාලුම් සඳහා භාවිතා කරන ප්ලාස්ටික් වලට වඩා, සිසිල් බීම බෝතල් සෑදීමට භාවිතා කරන ප්ලාස්ටික්  වෙනස් ලෙස පෙනෙන්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? එසේ නම්, ප්ලාස්ටික් වර්ග එකකට වඩා ඇති බව ඔබට පෙනී යනු ඇත. අප ප්ලාස්ටික් ප්‍රධාන වර්ග හතකට වර්ග කරන නමුත්  සියලු මිශ්රණ සිදු කෙරෙන ආකාර සහ නව හෝ අසාමාන්ය ප්රභේද සලකා බලන විට තවත් බොහෝ වර්ග ඇත.

ප්ලාස්ටික්වල අමුද්‍රව්‍ය සෑම විටම පාහේ පොසිල ඉන්ධන (තෙල් හෝ ගෑස්) වේ. කෙසේවෙතත්, මේ කාලයේ ඇති තාක්ෂණය අනුව, මිනිසුන්ට බඩ ඉරිඟු වැනි ශාක වලින් ද ප්ලාස්ටික් සෑදිය හැකිය.

කොයි ආකාරයෙන් වුවත්,  ප්ලාස්ටික් “කෘතිම”, එනම් එය ස්වභාවික නොවේ. “පොලිමර්” (polymer

) බොහෝ යන තේරුම සහිත ග්‍රීක භාෂාවේ “poly” යන්න, සහ කොටස් යන අර්ථ ගෙනෙන “mer”, ) පොලිමර් සෑදීම සඳහා අණු වල දිගු දාමයන් එකට බැඳ ඇත. විවිධ පොලිමර් විවිධ ප්ලාස්ටික් වර්ග සාදයි. සමහර පොලිමර් ප්‍රතිචක්‍රීකරණය කිරීමට පහසු වන්නේ ඒවා උණු කර නව නිෂ්පාදන බවට පත් කළ හැකි බැවිනි. අපගේ ප්‍රධාන වර්ග හතේ ලැයිස්තුවේ අංක එක මෙයට ඇතුළත් වේ: සිසිල් බීම බෝතල්වල ඇති “පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්”(“polyethylene terephthalate”).

අංක දෙකට වැටෙන, සමහර කිරි බෝතල්වල ඇති “අධි ඝනත්ව පොලිඑතිලීන්”(“high-density polyethylene”)  සහ යෝගට් කන්ටේනර් වැනි දේ සාදන්න්ට ගන්නා (අංක පහට ඇති) “පොලිප්‍රොපිලීන්” (“polypropylene”) ද ඇතුළත් වේ. අංක තුන, ජලනල පයිප්පවල ඇති “පොලිවයිනයිල් ක්ලෝරයිඩ්”(“polyvinyl chloride”) සහ අංක හයට තිබෙන, ස්ටයිරෝෆෝම් වැනි “පොලිස්ටිරින්”(“polystyrene”) වැනි අනෙකුත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම වඩා දුෂ්කර ය. එයඅට ප්‍රධාන වශයෙන් හේතුව ඒවා උණු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම දුෂ්කර කරන අමතර අමුද්‍රව්‍ය රාශියක් අඩංගු වීමයි.

ප්ලාස්ටික් දීප්තිමත්ව වර්ණ ගැන්වීම සඳහා ගන්නාඩයි වර්ග හෝ ප්ලාස්ටික් ගිනි ගැනීම නැවැත්වීමට යොදන රසායනික ද්‍රව්‍ය, මෙම අමතර අමුද්‍රව්‍යවලට ඇතුළත් විය හැකිය. එහෙත් මෙම අතිරේක ද්රව්ය ප්ලාස්ටික් ප්රතිචක්රීකරණය කිරීම අපහසුකර විය හැක.

Heres the link: https://youtu.be/-hdb7Lj_iS8

ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය (War On Waste: ABC TV)

ප්ලාස්ටික් කෝපි කෝප්ප බිලියන 300ක් පමණ ලොව පුරා කසළ ගොඩවල් වෙත එක් වී තිබෙන බව ඔබ දැන සිටියා ද? මෙම කෝප්ප ප්‍රතිචක්‍රීකරණය කර නැත, මන්ද ඒවා ප්ලාස්ටික් වලින් ආවරණය කරන ලද කඩදාසි මිශ්‍රණයකින් සාදා ඇත. අනෙකුත් ද්රව්ය වලින් ප්ලාස්ටික් වෙන් කිරීම අපහසුය. මේ නිසා ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු වේ. කෙසේවෙතත් ඒ වෙනුවට,  නැවත භාවිතා කළ හැකි භාවිතා කිරීමට තෝරන්න හෝ කොම්පෝස්ට් කළ හැකි කෝපි කෝප්ප ‍තෝරාගන්න අපට පුළුවන.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි තරමට අපිරිසිදු විය හැකිය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීමට පෙර ඔබ සැම විටම සේදිය යුත්තේ එබැවිනි. මෙන්න පොඩි උපදෙසක්. ප්ලාස්ටික් බෝතල්, බහාලුම් සහ ඇසුරුම්වල ඇති ලේබලය මැද අංකයක් සහිත ඊතල වලින් සාදන ලද ත්‍රිකෝණයක් මෙන් පෙනෙන සංකේතය ඇත් දැයි පරීක්ෂා කරන්න. එම සංඛ්‍යාවලින් අදහස් කරන්නේ කුමක්ද සහ එම ප්ලාස්ටික් ඔබේ ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීම වටී ද නැද්ද යන්න සොයා බැලීමට මතු දැක්වෙන වගුව කියවන්න.

එහි ලාංඡනයක් ඇති පමණින් එය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව අදහස් නොවේ. එය ඔබ ජීවත් වන ස්ථානය ආසන්නයේ පවතින ප්‍රතිචක්‍රීකරණ සේවා මත රඳා පවතී. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා ඇති පහසුකම් මොනවාදැයි බැලීමට ඔබේ ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය බලන්න. එය පැහැදිලි නැතිනම්, ඔබට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ කළ නොහැකි දේ පැහැදිලි කරන ලෙස ඔබේ සභාවෙන් ඉල්ලා සිටිය හැක.

කවුරුහරි ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතා කරයිද ඔවුන් ඊට ගෙවීමක්  කරන්නේ ද?

නමුත් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතා කිරීමට කිසිවෙකුට අවශ්‍ය නැතිනම්, එය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කැමති අයෙකු සොයා ගැනීම අපහසුය. මිනිසුන්ට තමන් එකතු කරගත් ප්ලාස්ටික් මිලදී ගැනීමට සහ එය වෙනත් දෙයකට.පෙරළීමට කැමති කෙනෙකුට විකිණීමට පහසුවක් සැලසිය යුතුය.

මෙම කාර්යය සාර්ථකව කිරීමට නම්

·         පාවිච්චි කරන ලද ප්ලාස්ටික් නිවැරදිව ප්‍රතිචක්‍රීකරණ බඳුනට දැමීම

·         එය එකතු කිරීමට කැමති කෙනෙක්

·         එම වර්ගයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ව්‍යාපාරයක් සහ

·         ප්රතිචක්රීකරණය කරන ලද ද්රව්ය මිලදී ගන්නා වෙනත් ව්යාපාර

අපට අවශ්‍යය.

ඕස්ට්‍රේලියාවේ, බොහෝ අය ඔවුන්ගේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට කැමැත්තෙන් සිටින අතර අපට හොඳ ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ඇති නමුත්  ප්‍රතිචක්‍රීකරණය කරන ලද සියලුම ප්ලාස්ටික් වලින් සාදන ලද දේවල් මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින පුද්ගලයින් ප්‍රමාණවත් සංඛයාවක් නැත .

එක් අදහසක් නම් රජයන් (ප්‍රතිචක්‍රීකරණ) ව්‍යාපාර කිරීම සහ ප්‍රාදේශීය පාලන ආයතන  ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සාදන ලද නිෂ්පාදන මිලදී ගැනීමයි. එවිට ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් නිෂ්පාදන නිපදවන පුද්ගලයින්ට ඒවා විකිණීමට හැකි වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending