පරිණාමය නොමැතිව සහ පරිණාමය සමඟ  මොළය-ශරීර මිශ්‍රමිතික(allometry – ශරීරයේ කොටස් විවිධ ප්‍රමාණයන්ගෙන් වර්ධනය වීම). (a) වයස අවුරුදු 40 දී මොළයේ ප්‍රමාණය සහ වයස අවුරුදු 40 දී ශරීර ප්‍රමාණය ලොග්-ලොග් පරිමාණයෙන්.  සේපියන්ස් සෙනාරියේ පරාමිති අගයන් භාවිතා කරමින් අහඹු ලෙස නියැදි ප්‍රවේණිදර්ශ(genotypes) කෝටියකින් මොළයේ ආකෘතිය යටතේ සංවර්ධනය කරන ලද. (b) පාරාචක්‍ර දෙකක් සඳහා ලොග්-ලොග් පරිමාණයෙන්  පරිණාමීය කාලයට වඩා වයස අවුරුදු 40 දී මොළයේ ප්‍රමාණය සහ වයස අවුරුදු 40 දී ශරීර ප්‍රමාණය. පහළ  පාරාචක්‍රය afarensis සෙනාරියෙ හි පරාමිති අගයන් සහ තරමක් ණෛවෙ2 මුතුන්මිත්තන්ගේ ප්‍රවේණිදර්ශීය ගති ලක්ෂණ භාවිතා කරයි. ඉහළ පාරාචක්‍රය සේපියන්ස් දර්ශනයේ පරාමිති අගයන් සහ පහළ පාරාචක්‍රයේ පරිණාමය වූ ප්‍රවේණිදර්ශීය ගති ලක්ෂණ මුතුන් මිත්තන්ගේ ප්‍රවේණිදර්ශීය ගති ලක්ෂණ ලෙස භාවිතා කරයි. Credit: Nature Human Behaviour (2024). DOI: 10.1038/s41562-024-01887-8

පරිණාමීය ජීව විද්‍යාඥයෙකු යෝජනා කරන්නේ ඩිම්බ කෝෂ  ස්‍යුතිකාවලින් ශක්තිය මුදා හැරීමත් සමඟ මිනිස් මොළය වර්ධනය වූ බවයි

එක්සත් රාජධානියේ ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වන Mauricio González-Forero, පරිණාමීය ඉතිහාසය ඔස්සේ මිනිස් මොළයේ දැවැන්ත වර්ධනය පැහැදිලි කිරීම සඳහා නව න්‍යායක් යෝජනා කරයි.

Nature Human Behavior සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ ඔහුගේ පත්‍රිකාව මගින්, ඔහු යෝජනා කරනු ලබන්නේ මිනිස් මොළය විවිධ සාධක නිසා වර්ධනය වීමට මූලික වූවත්, ඩිම්බකෝෂ ස්‍යුතිකා(ovarian follicles) නඩත්තු කිරීමට කලින් භාවිතා කළ ශක්තිය නිදහස් වී මොළයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් භාවිතා කිරීමට ඉඩ සලසන විට පමණක්  එය නියමාකාරයෙන් ක්‍රියාතමක වන්න්ටට පටන් ගත් බවත්ය.

මහා වානරයන් වැනි මුල් සමකාලීනයන්ට සාපේක්ෂව මිනිස් මොළයේ වර්ධනය පැහැදිලි කිරීමට, වසර ගණනාවක් පුරා,  බොහෝ න්‍යායන් යෝජනා කර ඇත. එවැනි බොහෝ න්‍යායන් භ්‍රමණය වන්නේ මිනිසුන් ගස් වලින් බැස කණ්ඩායම් වශයෙන් ආහාර අන්වේක්ශකයන් බවට පත්වීම වටා ය.

වඩාත් මෑත කාලවලදී, සමහරු යෝජනා කර ඇත්තේ පිසින ලද ආහාරයකට පුරුදුවීම නිසා අපගේ බඩවැල් කුඩා වන විට අපගේ මොළය විශාල වන බවත් එමඟින් සම්පත් නිදහස් වන බවත්ය.

González-Forero ද මීට පෙර වෙනත් න්‍යායන් යෝජනා කර ඇත.   ඒවායින් බොහොමයක් ශරීරයට සම්පත් මුදා හරින ලද වෙනස්කම් ඇතුළත් වන අතර එමඟින් ශරීරය බලශක්ති සම්පත් වෙන් කරන ආකාරය වෙනස් වේ. මෙම නව ප්‍රයත්නයේ දී, එවැනි නොසලකා හරින ලද එක් වෙනසක් ඩිම්බ කෝෂ විය හැකි බව ඔහු යෝජනා කරයි.

González-Forero ඔහුගේ අධ්‍යයනය ආරම්භ කළේ මොළයේ වර්ධනය පැහැදිලි කිරීමට උත්සාහ කරන බොහෝ න්‍යායන් දෘඩ සංඛ්‍යා මගින් උපස්ථ කර නොමැති බව සටහන් කරමිනි. වෙනත් අනුවර්තනයන් වලක්වාගෙන ඇති සීමාවන් මත පදනම් වූ තේරීම් මත පදනම්ව පරිණාමීය අනුවර්තන න්‍යායන් වෙන් කිරීම සඳහා ගණිතමය මෙවලම් භාවිතා කිරීමට එය හේතු විය. එය ඔහුව මිනිස් ඩිම්බ කෝෂ වෙත හෝ වඩාත් නිශ්චිතව ඩිම්බ කෝෂ ගණනට ගෙන ගියේය.

ඩිම්බ කෝෂ යනු ඩිම්බ කෝෂ තුළ ඇති සෛලවල ගෝලාකාර එකතුවකි – ඒවා ඔසප් චක්‍රයේ අදියර පාලනය කරන හෝමෝන ස්‍රාවය කරයි. වැඩිවියට පත්වන විට බොහෝ ගැහැණු ළමුන්ගේ ෆොසිලල් 200,000 ත් 300,000 ත් අතර ප්‍රමාණයක් ඇත – ඒ සෑම එකක්ම බිත්තර සෛලයක් මුදා හැරීමේ හැකියාව ඇත.

González-Forero සඳහන් කළේ මිනිසුන් පරිණාමය වෙද්දී එම ස්‍යුනිකා නඩත්තු කිරීමට අවශ්‍ය ශක්තිය වැයවීම අඩු වූ බවයි. මිනිසුන් එතෙක් අනුභව කළ තරමටම තවමත් ආහාරයට ගත් නිසා, මොළය වැනි අනෙකුත් ශරීර කොටස් මගින් සම්පතක් ලෙස භාවිත කරණු ලැබීම සඳහා ශක්තිය මුදා හැරීමට අවස්ථා ලැබිණ.

ගණිතමය ගණන් බැලීම් සිදු කිරීමේදී, González-Forero සොයා ගත්තේ ස්‍යුනික(follicular) නඩත්තුවෙන් මුදා හරින ලද ශක්ති ප්‍රමාණය දළ වශයෙන් මිනිස් මොළයේ වර්තමාන ප්‍රමාණයට වර්ධනය වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන වන බවයි. ඔහුගේ මතය අනුව, මොළය සෑම විටම වර්ධනය වීමට සූදානම්ව තිබුනත් එය හුදෙක් ශක්තියේ ඌනතාවයෙන් පසුබසිනු ලැබූ බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending