AI අවතාර් අප නියෝජනය කරමින් අප වෙනුවෙන් වැඩකරන කාලය ඈතක නොවේ යයි Zoom නිර්මාතෘ කියයි

Posted by

Zoom නිර්මාතෘ සහ ප්‍රධාන විධායක එරික් යුවාන් පවසන්නේ පරිශීලකයින්ට ඔවුන්ගේම විශාල භාෂා ආකෘති නිර්මාණය කළ හැකි අතර එමඟින් තාක්‍ෂණයට පුද්ගලත්වාරෝපිත ප්‍රතිචාර නිර්මාණය කිරීමට උපකාරී වන බවයි. Photograph: Bloomberg/Getty Images

“අනාගතය යනු … අප වෙනුවෙන් රැස්වීම් සඳහා AI  අවතාර්(avatars) යැවීමයි,”  Zoom ප්‍රධානියා පවසයි

Zoom නිර්මාතෘ සහ ප්‍රධාන විධායක එරික් යුවාන් යෝජනා කරන්නේ නව තාක්‍ෂණය තව අවුරුදු පහක් හෝ හයකට වඩා ඈත නොවන අතර එවිට එය, අපට පවුලේ අය සමඟ ගත කිරීම පිණිස වැඩි කාලයක් නිදහස් කර දෙන බවයි.

Zoom භාවිතා කරන්නන්ට ඔවුන් නොමැති විට රැස්වීම්වලට සහභාගී වීම සඳහා නුදුරු අනාගතයේ දී  AI අවටර්ස් යැවිය හැකි බව සමාගමේ ප්‍රධාන විධායකවරයා යෝජනා කර ඇති අතර, ආයතනික ජීවිතයේ අසීරු වැඩ ඔවුන්ගේම අන්තර්ගතය මත පුහුණු කරන ලද පද්ධතියකට පැවරේ.

“එවැනි පද්ධතියක් ඇත්තේ තවත් “අවුරුදු පහක් හෝ හයක්” තරම් ළගින්,” එරික් යුවාන් The Verge සඟරාවට පැවසීය. එහෙත් ඔහු කියා සිටින්නේ තම සමාගම එය යථාර්ථයට සමීප කළ හැකි ආසන්න කාලීන තාක්ෂණයන් මත වැඩ කරමින් සිටින බවයි.

” අවුරුදු පහක් හෝ හයක් ඉදිරියට යද්දී, AI සූදානම් බව,” යුවාන් පැවසීය. “AI සමහර විට අපේ වැඩ කටයුතු වලින් 90%  උදව් කළ හැකිය. එනමුත් තත්‍ය කාලීන අන්තර්ක්‍රියා සම්බන්ධයෙන්, අද, ඔබ සහ මම සබැඳිව හෙවත් මාර්ග ගතව කතා කරමු. එබැවින්, මට මගේ ඩිජිටල් අනුවාදය යැවිය හැකිය, ඔබට ඔබේ ඩිජිටල් අනුවාදය යැවිය හැකිය.”

මේ ආකාරයෙන් AI අවතාර් භාවිත කිරීමෙන්  වෘත්තීයට නැඹුරු නො වූ සිය කටයුතු සඳහා කාලය නිදහස් කර ගත හැකි බව Zoom නිර්මාතෲ යුවාන් වැඩිදුරටත් පවසයි.  “ඔබට සහ මට  පුද්ගල අන්තර්ක්‍රියා කිරීමට වැඩිපුර වැඩි කාලයක් (දැනටත්) තිබිය හැකිය; සමහර විට ඒ වැඩ සඳහා නොවේ. සමහර විට වෙනත් දෙයක් සඳහා වෙන්න පුළුවනි. මහ මග දින හතරක් හෝ දින තුනක් ගත කරමින් අපි සතියේ දින පහක්ම වැඩ කිරීමට අවශ්ය වන්නේ ඇයි? . අපේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත නොකරන්නේ ඇයි? ”

අවසාන වශයෙන්, ඔහු යෝජනා කරන්නේ, සෑම පරිශීලකයෙකුටම ඔවුන්ගේම “විශාල භාෂා ආකෘතියක්” (large language model – LLM), ඔවුන්ගේම කථන සහ හැසිරීම් රටා මත පුහුණු කරනු ලබන ChatGPT වැනි සේවාවන්හි යටින් පවතින තාක්‍ෂණය, විමසුම්වලට සහ ඉල්ලීම්වලට අතිශයින් පුද්ගලාරෝපිත ප්‍රතිචාර ජනනය කිරීමට ඉඩ සැලසෙන බවයි.

එවැනි පද්ධති දැනට පවතින AI මෙවලම් වලින් ස්වභාවික වර්ධනයක්, ඉදිරි පියවරක් විය හැක. Gmail වැනි සේවාවන්ට පෙර පණිවිඩ මත පදනම්ව ඊමේල් සාරාංශ කිරීම සහ ඒවාට පිළිතුරු යෝජනා කිරීම කළ හැකිය; ඒ වගේම, Microsoft Teams වීඩියෝ සම්මන්ත්‍රණ පිටපත් කර සාරාංශ කරමින්, අන්තර්ගතය විමසීමෙන් කළ යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් ස්වයංක්‍රීයව ජනනය කළ හැකියි.

වෙනත් සේවාවන් පෙළ පිටපතකින් යථාර්ථවාදී වීඩියෝ අවතාර් සහ සථ්‍යරූපීව බිහි කරන ලද කථන ජනනය කරනු ඇත. ඒවා සියල්ල එකට තබා සලකා බලන විට, AI අවතාර් ආගමනය වැඩි ඈතක නොවන  බවක් දැනෙන්නට පුළුවන.

කෙසේ වෙතත්, AI විශේෂඥ සයිමන් විලිසන් එවැනි තාක්ෂණයක් කර ළඟදීම ළංවීම හෝ එවනි තාක්ෂනයක් ඇති හැකිය යන අදහස බැහැර කරයි. “මෙම සම්පූර්ණ අදහස සමඟ මගේ මූලික ගැටලුව වන්නේ එය තනිකරම AI විද්‍යා ප්‍රබන්ධ චින්තනය නියෝජනය කිරීමයි” ඔහු පෙන්වා දෙයි, “LLM කෙනෙකුට යමෙකු පිළිබඳ සම්මත හැඟීමක් ඇති කළ හැකි නිසාවෙන්ම, එම පුද්ගලයා වෙනුවෙන් එයට(LLM) සැබවින්ම ප්‍රයෝජනවත් ‘වැඩක්’ කළ හැකි යැයි අදහස් නොවේ.

“LLM යනු චින්තනය සඳහා නම් ප්‍රයෝජනවත් මෙවලම් වේ. තීරණ ගැනීම පැවරීම සඳහා නම් ඒවාභයානක මෙවලම් වේ. එය, දැනට ඒවා භාවිතා කිරීම සඳහා මා සළකුණු කරන රතු රේඛාවයි: ඕනෑම අවස්ථාවක යමෙකු පාරාන්ධ අහඹු අංක උත්පාදක යන්ත්‍රයකට  තීරණ ගැනීමේ සැබෑ අධිකාරිය පැවරීම  ව්‍යසනයට මග පාදන්නකි.

තවත් සමහරු සැබෑ සහ ව්‍යාජ දේ අතර ඉම බොඳ කිරීම ගැන විමසිල්ල දක්වති. ආරක්‍ෂක සහ අනන්‍යතා සමාගමක් වන 1Password හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරි ස්ටීව් වොන්, යුවාන්ගේ ප්‍රකාශයන් ඔන්ලයින් සත්‍යාපනය සැලකිය යුතු ලෙස සංකීර්ණ වීමට නියමිත බවට සාක්ෂියක් ලෙස පෙන්වා දෙයි.

“ඕනෑම අවස්ථාවක මට ඩිජිටල් නිවුන් දරුවන් කී දෙනෙක් සිටිය හැකිද? මේක Max Headroom තත්වයක් වගේ,” 80 දශකයේ රූපවාහිනී කතා මාලාව ගැන සඳහන් කරමින් වොන් පවසයි..

“ලෝකයේ ප්‍රමුඛතම අතථ්‍ය සන්නිවේදන යෙදුම(app) මෙලෙස සිතයි: ‘ඔව්, සත්‍ය නොවන සංවාද පැවැත්වීම, නියෝජනය කිරීම සහ ව්‍යාපාරික තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම හොඳයි’ – මම හිතන්නේ මෙය අපට විසඳිය යුතු දැවෙන ගැටලුවක් බවට පත් කරයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.