
Credit: Pixabay/CC0 Public Domain
ඡන්දය දැමීම බොහෝ විට හැඟීම් මගින් මෙහෙයවනු ලබන්නේ මන්දැයි ස්නායු විද්‍යාවට පැහැදිලි කළ හැකිය
බ්‍රිතාන්‍ය ඡන්දදායක පිරිස මෑත වසරවලදී වෙන කවරදාටත් වඩා වෙනස්වන සුලුය. 2015 සහ 2017 මැතිවරණවල දී, නූතන ඉතිහාසයේ වැඩිම ඡන්ද දායකයින් සංඛ්යාවක් පක්ෂ මාරු කිරීම දක්නට ලැබුණි. වත්මන් ඡන්ද විමසීම්වලින් ඇඟවෙන්නේ තවත් එවැනි බොහෝ දේ දැකීමට අප සූදානම් විය යුතු බවයි.
මිනිසුන් තීරණ ගන්නා විට ඔවුන්ගේ මොළයේ සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම, ඇතැම් දේශපාලන පණිවිඩ වෙත ඔවුන් ආකර්ෂණය වන්නේ මන්දැයි සහ ඔවුන් පක්ෂ මාරු කිරීමට තීරණය කළ හැක්කේ මන්දැයි තේරුම් ගැනීමට අපට උපකාර කරයි.
කීර්තිමත් ඩෙන්මාර්ක විශාරද Mogens N. Pedersen ගෞරව පිණිස නම් කෙරුණු පේඩර්සන් අස්ථාවරත්වය(Pedersen volatility) ගැන දේශපාලන විද්‍යාඥයෝ කතා කරති. මේ සඳහා අප්‍රියජනක ගණිතමය සමීකරණයක් ඇති නමුත් ඒ සියල්ලෙන් කියැවෙන්නේ “තනි පුද්ගල වරණය මාරුවීම් හේතුවෙන් මැතිවරණ පක්‍ෂ ක්‍රමය තුළ සිදුවන ශුද්ධ වෙනස” වේ.
Electoral Volatility: QUICK REFERENCE
1 The degree of change in voting behaviour between elections. There is a distinction between net volatility and total volatility. Net volatility relates to the change in the shares of the vote for each party. It is usually measured by the index of dissimilarity, or Pedersen index, which is the sum of the absolute changes in vote shares divided by 2. This gives a lower bound on the proportion of voters who changed their votes, assuming a stable voting population. Total or overall volatility is the total proportion who changed between the two elections. This can be measured with respect to those who voted at both elections, those who were eligible at both elections, or those who were eligible at either election. Since the 1960s in Britain overall volatility has been relatively stable despite large changes in net volatility.
2 The idea that voters have become more willing to switch between parties. This is related to the dealignment thesis that voters are no longer consistent strong party identifiers with correspondingly stable voting behaviour, but free to choose who to vote for depending on the issues of the day.
Stephen Fisher
OXFORD REFERENCE
සරල අර්ථයෙන් ගත් විට, අස්ථාවරත්වය යනු මැතිවරණයකදී පක්ෂ මාරු කරන පුද්ගලයින් සංඛ්‍යාවයි. 1960 ගණන්වල අගභාගයේදී බ්‍රිතාන්‍යයේ, පෙඩර්සන් දර්ශකය 10% කට මදකට වැඩි තැනක තිබූ අතර, දැන් එය 40% ට ආසන්නයි.
සමාජ මාධ්‍ය භාවිතය වැඩි වීම සහ මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි එහි බලපෑම පිළිබඳව බොහෝ කතාබහ නිර්මාණය වී ඇත. ඒ, ස්විට්සර්ලන්ත මැතිවරන විශේෂඥයෙකු වන මහාචාර්ය Hanspeter Kreisi විසින් මෑත අධ්යයනයක වාර්තා කරන ලද පරිදි, “අඛණ්ඩ ඉදිරිපත් කරන තර්ක මාලාවක් සහ ඡන්ද ඇඟවීම් හෙවත් ඉඟි ඡන්දදායකයින්ට ඔවුන්ගේ මනාපයන්ට අනුකූල වන ප්‍රබුද්ධ තේරීම් කිරීමට ඉඩ සලසයි”.
මෙය බොහෝ දුරට සත්‍යයක් විය හැකි නමුත් මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී දේශපාලනඥයන් සමාජ මාධ්‍යවල වැඩිපුර පෝස්‍ටු පළ කරන අතර, සමස්ත ප්‍රතිපත්ති දක්වන අන්තර්ගතය සහිත පෝස්‍ටු පළ කිරීම් සංඛ්‍යාව පහළ අගයක් ගන්නවා මිස ඉහළ නම් නොවන බවයි.
ඡන්දය සඳහා යොදවන මොළය
මැතිවරණ අධ්‍යයනයේ වඩාත් සිත්ගන්නා වර්ධනයක් නම්, ඡන්දය ප්‍රකාශ කිරීමේ හැසිරීම තේරුම් ගැනීමට සමාජ ස්නායු විද්‍යා ක්‍රම භාවිතා කිරීමට අපට දැන් හැකි වීමයි.
ඔබ දේශපාලන දැන්වීම් නරඹන විට සක්‍රීය වන මොළයේ කොටස් හඳුනා ගැනීමට ස්නායු විද්‍යාව පසුගිය දශකය තුළ, අපට හැකියාව ලබා දී ඇත. මෙම ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ, බොහෝ මිනිසුන් මෙහෙයවනු ලබන්නේ මැතිවරණ ව්‍යාපාරවල තාර්කික බවට වඩා බිය සහ හැඟීම් මගින් බවයි.
ප්‍රායෝගිකව ගත් විට, මෙයින් අදහස් කරන්නේ ඡන්දදායකයින් ධනාත්මක නොව සෘණාත්මක බව අවධාරණය කරන පණිවිඩවලට වඩාත් අවනත වන බවයි. පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබුවේ, නිෂ්පාදන පිළිබඳ නිෂේධාත්මක අනුරූප සහ ප්‍රකාශයන්, තීරණ ගැනීම සමඟ සම්බන්ධ වන පාර්ශ්වික පුරෝලලාට බාහිකයේ(dorsolateral prefrontal cortex) ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට හේතු වූ බවයි.
උදාහරණයක් ලෙස, එක්තරා cola බීම වර්ග සන්නාමයක් පිළිබඳ සෘණාත්මක තොරතුරු, පාරිභොගිකයන් තරඟකාරී සන්නාමයක් මිලදී ගැනීමට වැඩි ඉඩක් ඇති කළේය. කෙසේ වෙතත්, මෙම අත්හදා බැලීම සිසිල් බීම වලට වඩා දේශපාලන පක්ෂ සම්බන්ධව නැවත නැවතත් කළ විට, එහි අහිතකර බලපෑම තුන් ගුණයකින් වැඩි විය. සෘණාත්මක දේශපාලන ප්‍රචාරණ සාර්ථකව ක්‍රියා කරන අතර, එය ඔප්පු කිරීමට විද්‍යාඥයන් සතුව දැන් fMRI පරිලෝකන(scans) තිබේ.
දේශපාලනය යනු නීතිරීති නොතකන, ගරුසරු නොවන සටනක් වන අතර අපගේ මොළය එය පිළිබිඹු කරයි. අපව තර්ජනවලට ලක් වූ විට බියෙන් මෙහෙයවනු ලබන ලෙසට පරිණාමය අපව හැඩ ගස්වා ඇත. සියල්ලටම වඩා අපට අවශ්ය වන්නේ ජීවත් වීමටයි.
අපගේ බිය සහ කෝපය වාසියට හරවා ගනිමින්, මැතිවරණ සටන් පාඨ සකසන අය නිෂ්පාදනය කරන්නේ – සමහර විට හිතාමතාම නිෂ්පාදනය කරන්නේ – (මොළයේ-අර්ධගෝල දෙක වෙන් කරන විඛණ්ඩනයේ ඉදිරිපස කොටසෙහි ගැඹුරින් පිහිටි ඊනියා පූර්ව සින්ගුලේට් බාහිකය (anterior cingulate cortex – ACC) ඇතුළුව) පළිගැනීම් සහ යටපත්ව තිබූ කෝපයට සම්බන්ධ මොළයේ කොටස් අවුලුවන පණිවිඩ යැවීමයි. ඉතින්, Rishi Sunak, NHS පොරොත්තු ලේඛන පහල දමීමට ක්‍රියා නොකිරීම ගැන ඔබ කෝපයට පත් වී ඇත්නම්, ඉන් අදහස් කෙරෙන්නේ ACC ඕනෑවටත් වඩා ක්‍රියා කර ඇති බවයි.
වැඩි පිරිසක් ඡන්දය දීමට නැඹුරු වෙන වැඩිහිටි අය මෙහි දී විශේෂයෙන් සිත්ගන්නා සුළුය. මෙයට හේතුව වයසට යන විට ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම හා සම්බන්ධ මොළයේ ප්‍රදේශයක් වන ඊණියා පාර්ශ්වික පුරෝලලාට බාහිකය සක්‍රීය කිරීමට අප වැඩි නැඹුරුවක් දක්වන බැවිනි .
රිෂි සුනක් ස්නායුක් දේශපාලනයේ(neuropolitics) සියුම් කරුණු සොයා බලා ඇතැයි සිතිය නොහැක, නමුත් ඔහුගේ උපායමාර්ගය සමාජ ස්නායු විද්‍යාවෙන් අප දන්නා දෙයට අනුකූල වේ. එනම් “සැලැස්මට අනුකූලව සිටීමේ” අවශ්‍යතාවය සහ අධි සංවේදී පාර්ශ්වික පුරෝලලාට බාහික ඇති අයට – එනම්, ඔහුට වඩාත්ම ඒත්තු ගැන්වීමට අවශ්‍ය කණ්ඩායම වන වැඩිහිටි ඡන්දදායකයාට විරුද්ධවාදීන් කරන ආයාචනා ගැන ඔවුන් සමඟ සූදුවට නොයාමේ අවශ්‍යතාවය පිලිබඳ ඔහුගේ අවධාරනයයි.
කෙසේවෙතත්, වඩාත් පුළුල් ලෙස ගත්තොත්, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් තුළ බිය සමඟ සම්බන්ධ මොළයේ කොටසක් වන ඇමිග්ඩලා සක්‍රීය කිරීමට ප්‍රබල ප්‍රවණතාවක් ඇත. අප, ඊනියා ventromedial prefrontal බාහිකය වැනි සදාචාරාත්මක ඇගයීමට සම්බන්ධ මොළයේ කොටස් සක්රිය කරන්නේ කලාතුරකින් පමණකි.
බ්‍රිතාන්‍ය මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙක බියෙන් හා පරෙස්සමෙන් අවධානය යොමු කිරීම පුදුමයක් නොවේ. ඡන්දදායකයින් යනු “අනතුරු මගහරින්නන්” බව නිරීක්ෂණය කළ විට බාගදා මැකියාවෙල්ලි කීවා හරියටම හරි විය හැකි නේද?
මෙම භීතියට ආයාචනා කරමින්, රිෂි සුනක් නැවත නැවතත් අනතුරු අඟවන්නේ වෙන කවරදාටත් වඩා ලෝකය “භයානක” වැඩි බවට නිශ්චිත නොවන ආකාරයෙන් අනතුරු අඟවයි..
ආරක්‍ෂාව පිළිබඳ පොරොන්දුවලට ඡන්දදායකයින් ප්‍රතිචාර දක්වන බව පැහැදිලිවම අවබෝධ කරගෙන, විශ්‍රාම වැටුප් මත වේවා හෝ න්‍යෂ්ටික බාධක මත වේවා පක්ෂ දෙක “ත්රිත්ව අගුල” ප්‍රතිපත්ති ලේබල් කරන්නේය.

ආර්ථික ඡන්ද භාවිතයේ යුගය
ඡන්දදායකයින් තම තීරණ මත පදනම් වීමට වැඩි නැඹුරුවක් ඇති බවට වන දැනුමට සම්බන්ධ වන්නේ ඡන්දදායකයින් ඔවුන්ගේ මනස වෙනස් කරන්නේ ඇයිද යන්න පිළිබඳ 1970 ගණන්වල සිට ශාස්ත්‍රීය පර්යේෂණවල අනෙක් සරු දාර්ය වන්නේ සාර්ව ආර්ථික කාර්ය සාධනය. මේ අනුව, සැලකිය යුතු මූල්‍ය පසුබෑමකට මග පෑදු දේශපාලන පක්ෂවලට දොස් පැවරේ.
1992 දී කොන්සර්වේටිව් පක්ෂය පැරදුණේත්, 1979 දී කම්කරු පක්ෂය පැරදුණේත් මන්දැයි මෙයින් පැහැදිලි වේ. ආර්ථික පසුබෑම ආණ්ඩුවේ පාලනයෙන් තොර වූවක් වුවත්, මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය පවා මත පදනම්ව ඡන්දදායකයෝ ඔවුන්ගේ අදහස් වෙනස් කරති. (මැද පෙරදිග යුද්ධයක් හේතුවෙන් හට ගත්තේ වුවත්)1973 තෙල් අර්බුදයෙන් පසු හිටපු කොන්සර්වේටිව් අගමැති එඩ්වඩ් හීත්ට බලය අහිමි වීම එවැනි අවස්ථාවකි.
රටක උකස් අනුපාත වැඩිවීම, ජීවන වියදම වැඩිවීම සහ ඒ හා සමාන ආර්ථික අර්බූද සමඟ රජයක් සම්බන්ධ කෙරුණු පසු, ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් පැවතියේ ද ඔවුන්ට(රජයට) දොස් පැවරේ.
සැලැස්ම ක්‍රියාත්මක වන බව වත්මන් ආණ්ඩුවේ සටන් පාඨය ආර්ථික වශයෙන් නිවැරදි විය හැකිය , නමුත් ඉතිහාසය යෝජනා කරන්නේ ඊට, ඡන්දදායකයින්ට පක්ෂ මාරු කිරීමෙන් වැළැක්විය නොහැකි බවයි.
Phsics.org(June 8, 2024) හී පළ වූ Neuroscience can explain why voting is so often driven by emotion යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න