රතු ග්‍රහලෝකයේ අමුතු හැඩැති චන්ද්‍රයන් වන Phobos සහ Demos හි මූලාරම්භය, තාරකා විද්‍යාඥයින්ට දිගු කලක් තිස්සේ ප්‍රහේලිකාවක් වී ඇත. දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම නව පැහැදිලි කිරීමක් ගැන කල්පනා කරති.

Credit: olivier.laurent.photos/Shutterstock
අඟහරුගේ චන්ද්‍රයින් කලක් ධූම කේතු විය හැකි බව තාරකා විද්‍යාඥයෝ පවසති
Phobos සහ Deimos යනු අඟහරු ග්‍රහයා වෙත ගුරුත්වාකර්ෂණ බලයෙන් බැඳී ඇති අර්තාපල් හැඩැති, දැඩි ලෙස ලප කැලැල් වැටුණු පාෂාණ වේ. එපමණක් නොව, ඒවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අමුතුම චන්ද්‍රයින් දෙදෙනෙකු ද වේ. මුලින්ම පැවසිය යුතු දෙයක් වන්නේ, ඒවායේ ධාරක ග්‍රහයාට(එනම් අඟහරුට) සාපේක්ෂව ඒවා කුඩා ය – Phobos හරහට දුරකිලෝමීටර 20 ක් පමණවේ. ඒවා අඟහරු ග්‍රහයාට වඩා ඝනත්වයෙන් අඩු වන අතර වර්ණවත් අතීතයක සළකුණු යයි හැඟී යන අයුරු විශාල වශයෙන් ආවාට සහිත වේ. කිලෝමීටරයකට වඩා දිගට විහිදෙන ෆෝබෝස් මතුපිට කට්ට වැනි සුවිශේෂී ලක්ෂණ ද චන්ද්‍රයන් දෙදෙනාට ඇත.
තාරකා විද්‍යාඥයින්ට ඇති ප්‍රහේලිකාව නම් මෙම චන්ද්‍රයන් පැමිණියේ කොහෙන්ද යන්න තීරණය කිරීමයි; මෙය තවත් සුවිශේZඊ ව්න්නේ, ඔවුන් ඉදිරිපත් කරන න්‍යායන් දෙකෙහි බරපතල අඩුපාඩු තිබෙන බව සැලකිල්ලට ගන්නා විටය.
හසු කර ගැනීම

මාර්ස් එක්ස්ප්‍රස්(Mars Express) අභ්‍යවකාශ යානය විසින් හසු කර ගන්නා ලද චන්ද්‍රයන්ගේ ඡායාරූප අධ්‍යයනය කරන තාරකා විද්‍යාඥයින් තවත් දැන් න්‍යායක් ඉදිරිපත් කර ඇත. ඔවුන් පවසන පරිදි Phobos සහ Deimos මුලින් ද්විමය ධූම කේතුවක් (සාමාන්‍ය ව්‍යවහාරයේවල්ගා තරුවක්) වූ අතර එය අඟහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් හසු කර ගැනීමෙන් පසු චන්ද්‍රයින් දෙකක් ලෙසට වෙන් විය.
මුලින්ම එක්තරා අන්දමක පසුබිමක් ඉදිරිපත් කරමු. අඟහරුගේ චන්ද්‍රයන්ගේ සම්භවය පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයින්ට තරඟකාරී න්‍යායන් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න, Phobos සහ Demos යනු අඟහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් ග්‍රහණය කරගත් ග්‍රහක(asteroids) බවයි. චන්ද්‍රයන් බාහිර ග්‍රහක තීරයේ සහ බ්‍රහස්පතිගේ ට්‍රෝජන් ග්‍රහක අතර ඇති ඊනියා D වර්ගයේ ග්‍රහකවලට සමානයි. මෙම ග්‍රහක කාබනික ද්‍රව්‍ය, සිලිකේට් සහ සමහර විට ජල අයිස් වලින් පොහොසත් බව දන්නා අතර, මේ සියල්ල අනාගත අඟහරු ගවේෂකයන්ට ඉතා වටිනු ඇත.
කෙසේවෙතත්, ගැටලුව වන්නේ මෙම මූලාරම්භයට, චන්ද්‍රයන්ගේ කක්ෂ අනුකූල නොවීමයි. තාරකා විද්‍යාඥයින් මෙ ආකාර ග්‍රහණය විඩම්භණය කරන විට, (විඩම්භනයෙන් දැක්වෙන)චන්ද්‍රයන් ආසන්න වශයෙන් සමක වන අද Phobos සහ Demos සතුව ඇති කක්ෂවල කිසිවිටෙකත් අනුකූලවන්නේ නොවේ.
දෙවන න්‍යාය නම් සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසයේ මුල් කාලයේදී අඟහරු, ග්‍රහලෝකයේ සමකය වටා සුන්බුන් තැටියක් නිපදවූ ඝට්ටනයකට සම්බන්ධ වූ බවයි. මෙම තැටියෙන්, Phobos සහ Deimos සෑදී ඇත්තේ හරියටම අද ඔවුන් සතුව ඇති කක්ෂවල ය.
එහෙත් මෙම න්‍යාය, ඒවායේ අංගාරාමය පෘෂ්ඨ සහිත Phobos සහ Demos, D වර්ගයේ ග්‍රහකවලට මෙතරම් සමාන වන්නේ මන්දැයි පැහැදිලි නොකරයි.
මෙ තත්ත්වය යටතේ ප්‍රංශයේ Université Paris Cité හි Sonia Fornasier සහ සගයින් කියාසිටින්නේ තවත් න්‍යායක්, නිරීක්ෂණවලට වඩාත් පැහැදිලිව ගැලපෙන බවයි. 2003 දී, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් ‘Mars Express’ අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂ ගත කරන ලද අතර, Phobos හි ඇති කුඩා මෝටර් රථවල ප්‍රමාණයේ ගති ලක්ෂණ නිරාකරණය කළ හැකි අධි-විභේදන කැමරා වලින් සමන්විත විය.
එතැන් සිට, Mars Express විසින් මෙතෙක් ගන්නා ලද Phobosහී වඩාත් සවිස්තරාත්මක ඡායාරූප මෙහි එවා ඇත. ඒවා උපයෝගී කරගනිමෙන්, Fornasier සහ පිරිසට Phobos මතුපිට සමගසෞරග්‍රහ මණ්ඩලය පුරා පිහිටි, හොඳින් අධ්‍යයනය කරන ලද අනෙකුත් වස්තූන් සමඟ සංසන්දනය කිරීමට ඉඩ සැලසී ඇත: සංසන්දනය් කෙරුණු එම වස්තූන් අතර Ceres නම් වාමන ග්‍රහලෝකය, Steins සහ Lutetia නම් ග්‍රාහක, කුයිපර් පථයේ(Kuiper Belt) වස්තුව Arrokorth, මෙන්ම මීට වසර දහයකට පෙර ESA හි Rosetta සහ Philae අභ්‍යවකාශ යානා විසින් සංචාරය කරන ලද යුගල බෙදුණු අමුතු ආකාර වස්තුව Comet 67P වේ.
ආසන්නතම ගැලපීම අපට දැකගන්නට ලැබෙන්නේ නොසිතූ විරූ මූලයකිනි. “සමස්තයක් වශයෙන්, අපගේ දීප්තිමිතික(photometric) විශ්ලේෂණය පෙන්වා දී ඇත්තේ Phobos දීප්තිමිතික ගුණාංග 67P ධූම කේතුවෙහි දීප්තිමිතික ගුණාංගවලට සමීප සමානකමක් පෙන්නුම් කරන බවයි,” Fornasierසහ සගයෝ පෙන්වාද්ති.
Phobos Lander

එම කාරණාව අඟහරු චන්ද්‍රයන්ගේ මූලාරම්භය පිළිබඳ න්‍යායන් සම්පූර්ණයෙන්ම වැරදි වීමට ඇති හැකියාව ගැන කුතුහලය මතු කරයි. “Phobos සහ Deimos දැනට අඟහරු ග්‍රහයා විසින් ග්‍රහණය කරගත් ක්ෂීණ වූ ධූම කේතුමය න්‍යෂ්ටිය විය හැකි බව බව” පර්යේෂණ කණ්ඩායම පවසයි. ඇත්ත වශයෙන්ම, වස්තූන් දෙකෙහි සමාන කක්ෂවලින් ඇඟවෙන්නේ එක්කො ඒවා න්‍යෂ්ටීන් දෙකක් සහිත තනි ධූම කේතුවකින් පමිණියා විය හැකියි. නැතිනම් අඟහරුගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් සෙමෙන් දෙකඩ කෙරුණු 67P වැනි යුගල බෙදුණු ධූම කේතුවකින් පැමිණියා විය හැකි බවයි.
එය ලොව පුරා සිටින ග්‍රහලෝක භූ විද්‍යාඥයින්ගේ උනන්දුව ඇති කරන සිත් ඇදගන්නා සුළු අදහසකි. Phobos සම්භවය පිළිබඳ ගැටළුවටඅවසානයේ පිළිතුරු ලැබීමට ඔවුන්ට බොහෝ කලක් බලා සිටීමට සිදු නොවනු ඇත.
2026 දී ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන JAXA විසින් අඟහරු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම(Martian Moons Eploration mission) නොහොත් MMX දියත් කරනු ඇත. එහි ඉලක්කය වන්නේ චන්ද්‍රයින් අධ්‍යයනය කිරීම, ෆෝබෝස් මත ගොඩබස්සීම සහ අවසානයේ සාම්පල නැවත පෘථිවියට ගෙන ඒමයි. එය විශාල ප්‍රතිලාභ බොහොමයක් ගෙන ආ හැකි විභව සහිත ඉහළ අවදානම් මෙහෙයුමකි. මේවායින් අඩුම තරමින් Phobos සහ Demos පැමිණියේ කොහෙන්ද යන ප්‍රහේලිකාව අවසානයේ විසඳිය හැකි වනු ඇතැයි Fornasier සහ පර්යේෂක පිරිස එතෙක් සාමූහිකව බලාපොරොත්‍ටු තබාගෙන සිටිය යුතුය!
Discover සඟරාවෙහි පළ වූ Mars Moons Could Once Have Been Comets, Say Astronomers යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න