ජාන විද්‍යාව: කෙටි හැඳින්වීමක්
සමස්ත ජීව විද්‍යාව සලකන විට වඩාත් ප‍්‍රබෝධජනක ක්ෂේත‍්‍රයක් ලෙස ජාන විද්‍යාව හෙවත් ප‍්‍රවේණි විද්‍යාව(Genetics) බාගදා හඳුන්වන්ට පුළුවනි. ඒ එක්කම ජාන විද්‍යාව හෙවත් ප‍්‍රවේණි විද්‍යාව සාමාන්‍ය ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකුට ව්‍යාකූල බවක් ඇති කිරීමටද හැක. මන්ද, බොහෝ විට පියවි ඇසින් දැක ගත නොහැකි දෙයක් පරිකල්පනය කිරීම පහසු නැති හෙයිනි. ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ සරල, කාටත් තේරෙන බාසාවෙන් කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීම තතු අදහස් කළේ එබැවිනි.
ජාන විද්‍යාව හෙවත් ප‍්‍රවේණි විද්‍යාව යනු කුමක්ද?
ජාන විද්‍යාව හෙවත් ප‍්‍රවේණි විද්‍යාව කියන්නේ සජීවීන් සිය ෙසෙල සැකසුමෙහි ගති ලක්ෂණ (ට්‍රෛට් – සහජ ලක්ෂණ) සහ එහි විචල්‍යයන් එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට පවරන ආකාරය හදාරන වේදයටයි. තවත් සරලව පවසතොත්, ඇස්වල වර්ණය, නාසයේ හැඩය, උස එමෙන්ම චර්යාවන් පවා සිය දෙමාපියන්ගෙන් උරුම කර ගන්නා ආකාරය ගැන සොයා බලා දැන උගෙන ගන්නා ආකාරයයි.
ප‍්‍රවේණි විද්‍යාව වැදගත් වන්නේ මානවයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. ශාක සහ අනෙකුත් සජිවීන්ට ද එය අදාළ වේ. අපි ශාකයක් ගැන සිතා බලමු. ශාකයක්, එහි හට ගන්නා ගෙඩි ප‍්‍රමාණය, එහි මල්වල වර්ණය හෝ එහි මුල්වල ව්‍යුහය වැනි සහජ ලක්ෂණ බීජයක් මාර්ගයෙන් පැවරූ විට එම බීජය එකී ශාකයට සර්වසම හෙවත් අනන්‍යව වැඬේ. මෙය කෙසේ සිදුවන්නේ දැයි මෙම ලිපියෙන් සලකා බැලෙන අතර ඊට අදාළ වැගත් වචන කිහිපයක්ම ගැන අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරමු. මෙම සොයා බැලීම අපි ජාන, ක්‍රෝමසෝම හා ඞීඑන්ඒ(DNA) වලින් ආරම්භ කරමු.
ජාන
අපි අප දෙසම බලමු. ඔබ හා සමාන තවත් කෙනෙකු සිටිනවාද? ඔබ සර්වසම නිවුනෙක් නොවෙයි නම් පිළිතුරු නැත යන්නයි. ඔබ වෙනත් කාටවත් නොමැති හෙවත් අද්විතීය, අනන්‍ය ශාරීරික මානසික හා චිත්තවේගී සැලසුමකින් යුක්ත පුද්ගලයෙකි. ඔබ වැන්නෙක් මේ වන තෙක් සිට නැති අතර අනාගතයේදී ද කිසිදා සිටින්නේද නැත. එසේ ප‍්‍රකාශ කළ ද ඒ අතරම ඔබ ඔබේ සොහොයුරාට නැතිනම් මවට පියාට බෙහෙවින් සමාන කමක් දක්වන්නට ද පුළුවන. (කපාපු පලූව යනුවෙන් කට වහරේ ප‍්‍රකාශ කරනු ඔබත් අසා ඇති.) සමහර විට ඔබට ඇත්තේ ඔවුන්ගේ සිනාවම විය හැකියි. ඇස් පිහිටීම එක සමාන වන්න ද පුළුවන. එහෙම නම් ඔබේ සොහොයුරා හෝ මව හා ඔබ අතර මේ සා සමාන කමක් මෙන්ම කලින් කී වෙනස් අනන්‍ය ආකාරයද තීරණය වන්නේ අපේ ශරීරය තුළ ඇති දෙයකින්. එනම් ජාන (genes) මගිනි. එසේ නම්:
ජාන යනු කුමක්ද?
ජාන යනු අපේ ශරීරය තුළ ඇති අත්පොතකි. ඔව් තොරතුරු අඩංගු අත්පොතක්. මෙලෙස සලකන විට ජාන යනු අපේ DNA තුළ සැඟවී ඇති තොරතුරු පහදා දෙන එමෙන්ම එම තොරතුරු හා ගැලපෙන ආකාරයට අපේ සිරුරු වර්ධනය වන අන්දම අධීක්ෂණය කරන අණුය. අපේ සිරුරේ සෑම ෙසෙලයක්ම එකට එක්ව කටයුතු කරන ජාන 25,000ට වැඩි සංඛ්‍යවකින් සමන්විත වන්නේ යයි විශ්වාස කෙරේ. අප, අපේ දෙමාපියන්ගෙන් උරුම කරගත් වූ හා සුවිශේෂී වූ ජෛවී කේත හෙවත් තොරතුරු මොනවාදැයි රැස්කර තබා ගෙන සිටින්නේ මෙකී ජානයි. ජාන, සජීවී ෙසෙල සඳහා ප්‍රෝටීන තැනීම පිණිස වන ජානමය කේතයක් ඇති රසායනයක් වන ඩිඔක්සිරයිබො නියුක්ලියෙක් අම්ලය (Deoxyribonucleic acid) යෙහි කුඩා කොටසක් ද වේ. තවද, සජීවී හෙවත් ජිවත්වන සියල්ලෙහි තැනුම් ඒකක වන්නේ ප්‍රෝටීනය. අපේ සිරුරේ ඇති සියල්ලම පාහේ — අස්ථි, රුධිරය හා පේශී ඇතුලූ සියල්ලම පාහේ සෑදී ඇත්තේ ප්‍රෝටීනවලිනි. එමෙන්ම, ප්‍රෝටීන නිෂ්පාදනය අධීක්ෂණය කිරීම ප්‍රෝටීනවල කාර්ය භාරයයි.

ජාන යනු අපේ පියවි ඇසට දැක බලා ගත හැකි දෙයක් නොවේ. ඒවා බලා ගත හැක්කේ බලගතු අන්වීක්ෂ මගින් පමණකි. කෙඳි හෝ හුය ස්වරූප ගන්නා ඒවා අපේ ක්‍රෝමසෝමවල දැකිය හැකියි. පහත ඇති රූප සටහන මගින් ජාන නිරූපණය වන ආකාරය පෙන්නුම් කෙරේ.
වෙනස් කළ හෝ විකෘති කළ ජාන
සමහර අවස්ථාවල අපේ ජාන යථා පරිදිම හොඳින් කි‍්‍රයාත්මක නොවේ. ඇතැම් අවස්ථාව දී අප උරුම කරගන්නා ජානවල ඇතැම් ප‍්‍රශ්න ඇත. වෙනස් කළ හෝ විකෘති කළ යනුවෙන් ද හඳුන්වනු ලබන ජාන ඒවාට අයත් කාර්යභාරය හරි හැටි ඉටු නොකරෙන අතර එමගින් අපේ අවයවවල යම් දෝෂ හට ගනී. උරුමයෙන් එන පිළිකාව සහ ලවිත‍්‍ර ෙසෙලය වැනි රෝග එවැනි විකෘති හෝ නරක ජානවලට සම්බන්ධ බව සොයාගෙන ඇත. ජාන ගැන තව තවත් කරණු කාරණා උගැනීම පිණිස ඒවා ගැන තවදුරටත් බොහෝ පර්යේෂණ පැවැත්වේ.
ජාන විද්‍යාව අපට වැදගත් වන්නේ ඇයි ?
ජාන විද්‍යාව (genetics = ප‍්‍රවේණි විද්‍යාව ලෙස ද දැක්වේ) විද්‍යාවේ වඩාත්ම සීඝ‍්‍රයෙන් වර්ධනය වන ක්ෂේත‍්‍රයකි. සෑම මසකම පාහේ කුමක් හෝ නව සොයා ගැනීමක් වාර්තාවීමෙන් එය ස්ඵුට වේ. (අන්තර්ජාතික) ප‍්‍රවෘත්ති මාධ්‍යයකට ප‍්‍රවේශ වෙන්නෙකුට නොවැරදීම ජාන විද්‍යාවට අදාළව එක් ලිපියක් හෝ කියැවීමට හැකිවේ. ඒ, රජ සමණලයාගේ වැනි වෙනත් ජීවියෙකුගේ ජෙනෝම (ප‍්‍රවේණි ද්‍රව්‍ය) සම්පූර්ණ කිරීම ගැන ; ස්නායු පද්ධතියේ අසාධ්‍ය රෝගී තත්ත්වයක් වන බහු ජාරඨ්‍යය(multiple sclerosis), විෂාදය(depression) සහ පිළිකාව ඇතුළුව ප‍්‍රධාන රෝගයකට බලපාන ජාන සොයා ගැනීම ; නෂ්ටප‍්‍රාප්ත වී කලක් ගත වූ ලොම් මැමතා වැනි සතෙකුගේ DNA විශ්ලේෂණය ගැන ; නොඑසේ නම් සම වර්ණීභවනය කෙරෙහි, මානවයන්ගේ උස හෝ ඉගෙනීමේ හැකියාව කෙරෙහි බලපාන ජාන හඳුනාගැනීම ගැන විය හැකියි. පුවත්වලට අමතරව වානිජ දැන්වීම් ගත්තද, පුද්ගලයෙකුගේ පරම්පරාව, පීතෘත්වය මෙන්ම රෝගාබාධ වලට ගොදුරුවීමේ හැකියාව නිර්ණය කිරීම පිණිස කෙරෙන ජානමය පරීක්ෂණ ගැන දැන්වීම් දැක ගත හැක. මේ නව සොයා ගැනීම් මෙන්ම ජාන විද්‍යාව සඳහා වූ නව භාවිතයන් කැපී පෙනෙණ ආර්ථික හා සදාචාරාත්මක අනුමිතියන් ඇතිවන හෙයින් ජාන විද්‍යාව හැදෑරීම අනුකූල, කාලානුරූප සහ අවධානය දිනා ගන්නා සුළුවේ. එහෙයින් අප එක් එක් දෙනාට, මෙන්ම ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට ද ජාන විද්‍යාව වැදගත් වන්නේ මන්දැයි මුලින්ම සලකා බලමු.

අප ජීවිත තුළ ජාන ඉටු කරන වැදගත් කාර්ය භාරය පැහැදිලි කිරීමට ඇලි බව(Albinism) හොඳ නිදසුනකි. මනුෂ්‍යයෙකු සතුව ඇති ජාන 20,000 න් අතර මේ එක් තනි දෝෂය, එය සතු පුද්ගලයාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරයි. ඇලි බව ඇති පුද්ගලයා රැකියාවේ යෙදීමේදී, සමාජයේ සෙස්සන් සමග සබඳතාවන් පවත්වාගෙන යාමේදී යම් බලපෑම්වලට ලක්වේ. අපේ ජීවිත කෙරෙහි ඉතා ප‍්‍රබල ආකාරයට බලපාන ජාන අප සැමදෙනාම සතුව පවතී. ජාන අපේ උස, බර හිසකෙස් වර්ණය මෙන්ම සමෙහි වර්ණීභවණය කෙරෙහි බලපායි. එමෙන්ම රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාව සහ අපේ බුද්ධිය සහ පෞරෂත්වය කෙරෙහි පවා බලපායි. අප කවුද අපේ ස්වභාවය කුමක් ද යන්නට ජාන මුල්වේ. රසායන විද්‍යාව, තාරකා විද්‍යාව වැනි විද්‍යාවන් සමග සංසන්දනයේ දී ජාන හෙවත් ප‍්‍රවේණි සම්බන්ධ විද්‍යාව සාපේක්ෂව අළුත් වුවද මනුෂ්‍යයෝ, ගති ලක්ෂණවල(traits) ආවේණික ස්වභාවය තේරුම් ගෙන සිටියා පමණක් නොව ජාන විද්‍යාව වසර දහස් ගණනාවක් මුළුල්ලේ භාවිතයට යොදා ගත්හ. කෘෂි කර්මාන්තයේ නැගීම ආරම්භ වූයේ, ශාක හා සතුන් ගෘහාස්තකරණය සඳහා ජාන විද්‍යා මූල ධර්ම යොදා ගැනීම පටන් ගත්තාට පසුවය. අද කෘෂිකර්මාන්තයේ දී යොදා ගන්නා බවභෝග හා සත්වයින්, ඔවුන්ගේ වනබද ආදිතමයන්ට වඩා බොහෝ වෙනස්ය. ඒ ඔවුන්ගේ ඵලදාව ඉහළ දමන එමෙන්ම රෝග සහ අස්වැන්න නෙලීම පහසු කරවන පලිබෝධ ප‍්‍රතිරෝධය, විශේෂ පෝෂණ ගුණ වැනි අභිමත ගති ලක්ෂණ බොහොමයක් සපයන පුළුල් ජානමය වෙනස් කිරීම් තුළිනි. 1950 සහ 1960 ගණන් වල ලොව පුරා ආහාර නිෂ්පාදනය ව්‍යාප්ත කළ හරිත විප්ලවය දැඩිව විශ්වාසය තැබුවේ ජානයන් යොදා ගැනීම මතයි. අද ලොව පුරා නිෂ්පාදනය වන ආහාර අතුරින් බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ අනෙකුත් ජාන ඉංජිනේරූ ශිල්පීය උපයෝගී කරගත් බෝග සැලකිය යුතු අනුපාතයක් ගනී.

ජාන විද්‍යාව වැදගත් භූමිකාවක් රඟන තවත් ක්ෂේත‍්‍රයක් ලෙස ඖෂධ කර්මාන්තය (pharmaceutical industry) දැක්විය හැකිය. වඩාත් කාර්යක්ෂම ද්‍රව්‍ය නිපදවන්නන් බවට පත් කිරීම පිණිස ජානමය හැසිරවීමට ලක් කෙරුණු දිලීර හා බැක්ටීරියා මගින් නොයෙකුත් ඖෂධ හා ආහාර ආකලන(food additives) සංස්ලේෂණය කෙරේ. වානිජ වටිනාකමකින් යුත් ද්‍රව්‍ය වැඩි දියුණු කිරීමට හා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට ජෛව තාක්ෂණ කර්මාන්තය අණුක ජාන ශිල්ප ක‍්‍රම උපයෝගී කරගනී. ජානමය ඉංජිනේරූ ශිල්පයෙන් සැකසූ බැක්ටීරියා සහ අනෙකුත් ෙසෙල උපයෝගී කරගෙන, වර්ධන හෝමෝන(Growth hormone), ඉන්සියුලින්, එන්සයිම, ප‍්‍රතිජීවක, එන්නත්, කැටිගැසීමේ සහ වෙනත් බොහෝ ඖෂධ අද වානිජ වශයෙන් නිපදවනු ලැබේ. ලෝපස් වලින් ඛනිජ වෙන් කර ගැනීම, ධූලක රසායන බිඳ වෙන් කර ගැනීම, බෝග වගාවන් හි හානිකර තුහින සෑදීම වැළැක්වීම සඳහා අවශ්‍ය බැක්ටීරියා නිපදවීම පිණිස ජාන විද්‍යාව යොදා ගනු ලැබේ.
වෛද්‍ය විද්‍යාවේ දී ද ජාන විද්‍යාව තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි. බොහෝ රෝග සහ රෝගාබාධයන්ට ආවේණීය සාධකයක් (hereditary component) ඇති බව වෛද්‍යවරු පිළි ගනිති. මේ රෝග හා රෝගාබාධයන් අතරට රක්තහීනතාව, හන්ටිංටන් වැනි විරල ජානමය රෝගාබාධ පමණක් නොව ඇදුම, දියවැඩියාව හා අධිරුධිර පීඩනය වැනි සුලබ ලෙඩ රෝග ද ඇතුළත්ය. ජාන විද්‍යාවේ ප‍්‍රගතියෙහි ප‍්‍රතිඵලයක් ලෙස පිළිකාව වැනි රෝගවල ස්වභාවය ගැන මෙන්ම රෝග නිර්ණ පරීක්ෂාවන් වැඩි දියුණු කිරීම ව්‍යාධිකාරක හා විකෘති ජාන හඳුනා ගැනීමට ඇති පරීක්ෂණ ඇතුළුව වැදගත් ප‍්‍රතිවේධයන් (insights-ඇතුළු නුවණ) ඇති වී තිබේ. ජාන චිකිත්සාව(Gene therapy) – මානවයන් රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමේ දී ජාන සෘජුව වෙනස් කිරීම – යොදා ගැනීම තවමත් ඇත්තේ පර්යේෂණාත්මක හා සීමිත පදනමක වුවද දැන් රෝගීන් දහස් ගණනකට ප‍්‍රතිකාර කිරීමට යොදාගෙන තිබේ.

ජාන විද්‍යාව ගැන යම් අවබෝධයක් තිබීම අප සැමදෙනාටම ඉතා වැදගත් වන නමුත් ජීව විද්‍යාව හැදෑරීමේ දී එය තීරණාත්මක වැදගත්කමක් උසුලයි. ජීව විද්‍යාවේ ඒකාබද්ධ සිද්ධාන්ත අතුරෙන් එකක් ජාන විද්‍යාවෙන් සැපයේ : එනම් සෑම ජීවීන්ම පොදු ගුණාංග සහිත ජානමය පද්ධතියක් භාවිතා කරන්නේය යන්නයි. එමෙන්ම, ජීව විද්‍යාව යටතට වැටෙන අංග ගණනාවක් අධ්‍යයනය කිරීමට ද ජාන විද්‍යාව උදව් වෙයි. නිදසුනකට ගතහොත්, පරිණාමය යනු කාලයත් සමග ඇතිවන ජානමය විපර්යාසයයි. එහෙයින් පරිණාම අධ්‍යයනය සඳහා ජාන විද්‍යාව ගැන අවබෝධයක් ඕනෑය. තවත් නිදසුන් අපමණ ඇත. ඇත්ත වශයෙන්ම, ජීව විද්‍යාවේ හෝ වෛද්‍ය විද්‍යාවේ ඕනෑම ක්ෂේත‍්‍රයක් පාහේ අධ්‍යයනය කිරීමේ දී ජාන සහ ජානමය ක‍්‍රම ගැන මනා අවබෝධයක් නොමැති නම් එවැනි හැදෑරීම් අසම්පූර්ණය.
eSchooltoday හී පළවූ Introduction to genetics යන ලිපිය සහ Genetics Essentials:Concepts and Connections(Benjamin A. Pierce 2016) ග්‍රන්ථයෙහි Introduction to Genetics කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න