සැන්ඩ්විචයක් කපන හොඳම ක්රමය විද්යාව  තහවුරු කරයි

එසේ නොමති නම් ඔබ සැන්ඩ්විචය කපන්නේ නැතිව සම්පූර්ණයෙන්ම කෑමට කැමති අසම්මතවාදී රසිකයෙක් ද?

සැන්ඩ්විචයේ මැදට(හරයට) ප්‍රවේශ වීම සැන්ඩ්විචයක් කෑමට තිබෙන ප්‍රශස්ත මගයි.

Image credit: Getty

ත්‍රිකෝණ දෙකක් සෑදෙන ආකාරයට සැන්ඩ්විචය විකර්ණ ලෙස කැපීමට පොදු පිළිගැනීමෙන් අනුබලයක් ලැබෙයි. එනමුත් මෙය තහවුරු කිරීමට අවශ්‍ය විද්‍යාව සොයා ගැනීම දුෂ්කර ය.

එක් උපකල්පනයක් වන්නේ, ත්‍රිකෝණාකාරව සැන්ඩ්විචය කැපීම මඟින් 45° කොන් දෙකක් ඔබේ සැන්ඩ්විචයට ලැබෙන බවයි. එවිට පළමුව එම කොන් දෙකෙන් සැන්ඩ්විචය පහසුවෙන් කෑමට  ඔබට ඉඩ සලසයි. මේවායේ වාටිය  එක් පැත්තක ඇත්තේම නැත. මේ හේතු නිසාවෙන් පහසු දෙකොනෙන් පටන්ගෙන සැන්ඩ්විචය කෑමට ගන්නා විට පිරවුම හෙවත් ‍ෆිලින් එක වඩාත් වැඩියෙන් ඇති සැන්ඩ්විචය මැදට වේගයෙන් ළංවීමට ප්‍රවේශයක් ලබා දේ.

කෙළවරවල් දෙක කෑමෙන් පසු, ඔබට විකර්ණය දිගේ තව කෑමට ඇත්තෙ කටවල් එකක්, හෝ තුනක් අතර ඇති විය හැක. විවා වාටියෙන්  තොර වන අතර, සැන්ඩ්විච් ප්‍රමාණය අනුව, ඔබට තවත් කුඩා ත්‍රිකෝණයක් ඉතිරි විය හැක.

ත්‍රිකෝණාකාර සැන්විචස්, සෘජුකෝණාස්රාකාර සැන්විචස්වලට වඩා රසවත් වන්නේ ඇයි?

චව්, චව්, සහ චව්. පරිපූර්ණව අසුරන ලද දිවා ආහාර වේලක් සඳහා ඔබට අවශ්‍ය වන්නේ රසවත් ත්‍රිකෝණාකාර සැන්විච් වර්ගයකි.

අධ්යයන කිහිපයක් මගින් මෙම සංසිද්ධිය තහවුරු කරනු ලැබ ඇත. ත්‍රිකෝණාකාර සැන්විචස් ඔබට එක් කටකට වැඩි සැන්ඩ්විච් පිරවීමක් ලබා දෙන බව පෙනේ. ත්‍රිකෝණාකාර සැන්ඩ්විච් එකක 45° කොන් දෙකක් ඇති අතර එමඟින් ඔබේ පළමු කටවල් දෙකකින් මැද කොටස බොහෝ දුරට ඉක්මණින් කෑමට ඉඩ සලසයි. ඉන් අනතුරුව එන්නේ  මැද ඉතිරිව ඇති පාන් වැටි රහිත, පරිපූර්ණ තෙවැනි කටත් කෑමට ගැනීමයි. කටවල් අංක හතර, ඇත්ත වශයෙන්ම, බොහෝ විට පාන් වාටිය යි; මොනවා කරන්න ද? ත්‍රිකෝණාකාර සැන්විචයක වුණත්, තිබෙන සියල්ලම හොඳම හොඳ දේ නොවෙයි නේ!

සැන්ඩ්විචයක්, ඔව්, පරිපූර්ණ සැන්ඩ්විචයක්, සාදා ගැනීමට විද්‍යාව භාවිතා කරන්නේ කෙසේද?

පරිපූර්ණ සැන්ඩ්විච් © iStock සාදා ගන්නේ කෙසේද

පරිපූර්ණ සැන්ඩ්විචයක්, යනු පාන් සහ පිරවීම් එකතුවක්ම පමණක් නොවේ.  විද්‍යාඥයෙකුට ගැලපෙන සැන්ඩ්විචයක් සෑදීම පිළිබඳව දැඩි ලෙස පවත්වන ලද පර්යේෂණ ක්‍රම මගින් හෙළි කෙරනු ලැබ ඇත.

සලාද

කොළයක් හෝ දෙකක්  යොදා ගැනීමෙන් ඔබේ සැන්ඩ්විචයෙන් ලැබෙන තෘප්තිය වැඩි දියුණු කළ හැකිය.

අණුක රසාහාර(gastronomy) විද්‍යාවේ පියා ලෙස සලකෙන, ප්‍රංශ ජාතික භෞතික රසාඥ Hervé This මෙය පැහැදිලි කරන්නේ ඔබේ කුසගින්න නිවා ගැනීම යනු හුදෙක් කුසට ලැබෙන ආහාර පරිමාව පමණක් නොවන බවයි: ඔබ කෑමට ගත කරන කාලය ද ඊට අයත්. “කන කන කටක් පාසාම ඔබට වැඩිපුර හපන්නට සිදුවන අතර, එක් එක් කටකින් ඔබට ලැබෙන රසය වැඩි වන තරමට, තෘප්තිමත් වීම පිණිස ඔබට ගත යුතු ආහාර  අඩු වේ.” කොළ සහිත එළවලු වල කාර්ය භාරය ඉස්මතු වන්නේ මෙහිදීය: නැවුම්  පැළෑටි හෝ පත්‍ර කිහිපයක් එකතු කිරීමෙන් සෑම කටකටම හපන  සංඛ්‍යාව ඉහළ නංවයි, ඒකමින් සිටීමේ අත්දැකීම වැඩි දියුණු කරයි.

පිරවුම(filler)

ඔබගේ පුද්ගලික රුචිකත්වය ඔබ සැන්විච ඇතුළට තබන දේ නියම වෙන නමුත් සැන්ඩ්විචයේ හැඩය (එසේ නියම කරගන්නා) අමුද්‍රව්‍ය තරම්ම වැදගත් වේ.

එක්සත් රාජධානියේ, ජාතික කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ(National Institute for Agricultural Research) පර්යේෂකයන්ට අනුව, රසය පිරික්සන රස පරීක්ෂකයින් ඒකමතිකව  වැඩි කැමැත්ත දැක් වූයේ දුම් ගැසූ සැමන් හෝ ඇතැම් චීස් වැනි දැඩි ගන්ධයක් නිකුත් කරන අමුද්‍රව්‍ය, පිරවීම සඳහා ගන්නා වෙනත් ඕනෑම දෙයක් හෝ සලාද කොලවලට යටින් තැබූ සැන්ඩ්විච් වලටය. (සැන්විචයේ) උඩින් ඇති ස්ථර නිසා මුඛයේ මුදුනේ ඇති නාස් මංවලට දැඩි ගන්ධයන් ඇතුළු වීම වළක්වයි. එසේ ගන්ධයක් දැනුනොත් එමඟින් රසය නරක් විය හැකිය.

පතුරනය(spread)

පාන් සඳහා යොදන ලද මාගරින් හෝ බටර් තුනී ස්ථරයක් ජලභීතික බාධකයක් නිර්මාණය කරන අතර තෙතමනය පොඟවා ගැනීම එමඟින් වළක්වනු ලැබේ.

සුපිරි වෙළඳසැල් රාක්කවල තබා ඇති පෙට්ටිවල බහා ලූ සැන්විචස් තෙත්වීම නතර කරන්නේ මෙම තාක්ෂණයයි. කෙසේ වෙතත්, සෝස් එකකින් හෝ රස ගැන්වීමකින් හෝ  පතුරනයකින් ඇතිවනතෙතමනය, අත්‍යවශ්‍ය වේ, මන්ද එය ඔබේ මුඛයේ රස මධ්‍යස්ථාන වන පිටිකාව(papillae) වෙත ඔබේ ඛේටය හරහා රසකාරක සංයෝග රැගෙන යාමට උපකාරී වේ.

පාන්

හැපෙනසුළු,  ප්‍රංශ පාං වර්ගගයක් වන රළි සහිත බැගේ(baguette) වැනි මෘදු පාන් කුඩු සහිත පාං පරිපූර්ණ සැන්ඩ්විච් සඳහා කදිම පදනම වේ.

“අපේ මොළය නිර්මාණය කර තිබෙන්නේ පරස්පරතාව හඳුනාගැනීමටයි” යනුවෙන් This පවසයි, “විශිෂ්ට වට්ටෝරුවක් නම් එය අපගේ මොළය සහ සංවේදක ඉන්ද්‍රියයන් රසය වටහා ගන්නා ආකාරය ප්‍රයොජනයට ගනියි. උදාහරණයක් ලෙස, දුම්කොළ සුවඳ ගන්න – කාලයත් සමඟ අපගේ මොළය එම විශේෂිත සංවේදක ආදානයට සංවේදීතාව අඩු වන අතර අපට සුවඳ දැනීම නතර වෙයි. රසය සම්බන්ධයෙන් ද  අදාළ වන්නේ එම මූලධර්මයමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending