lerbank/Getty Images

අර්ථවත් ජීවිතයක් ගත කිරීමට  ඔබ, ඔබේම වීරයා වන්න

Gilgamesh සිට Star Wars දක්වා බොහෝ වීර කතාවලට පාදක වන ආඛ්‍යාන සැලැස්මට, අත්දැකීම් නැවත සකස් කිරීමේ ප්‍රබල ක්‍රමයක් ඉදිරිපත් කළ හැකිය.

Beowulf, Batman සහ Barbie යන (චරිත) සියල්ලටම පොදු වන්නේ කුමක්ද? බොහෝ පැරණි ජනප්‍රවාද, කොමික් පොත් සාගා සහ ජන මෝහන(blockbuster) චිත්‍රපට, වීරයාගේ ‘චාරිකාව’ ලෙස හැඳින්වෙන කතන්දර කීමේ සැලැස්මක් බෙදා හදා ගනී. 1949 දී පුරාණෝක්තිවේදී ජෝසප් කැම්බල් විසින් ප්‍රථම වරට විස්තර කරන ලද මෙම අකාලික ආඛ්‍යාන ව්‍යුහය, Odyssey සහ Epic of Gilgamesh වැනි පුරාණ වීර කාව්‍යවල මෙන්ම Harry Potter, Star Wars සහ Lord of the Rings මාලාව ඇතුළු නූතන ජනප්‍රිය ආඛ්‍යාන තුළ දක්නට ලැබේ. මිනිසුන් තම ලෝකය සහ තමන් ගැන සිතන ආකාරය කෙරෙහි බලපාන එවැනි බොහෝ කථා, සංස්කෘතික උරගල් බවට පත්ව ඇත.

වීරයාගේ චාරිකාව, ජනප්‍රවාද සහ සුපිරි වීරයන් සඳහා පමණක් සීමා නොවන බව පර්යේෂකයන් සිදු කළ පර්යේෂණයෙන් හෙළි වේ. Journal of Personality and Social Psychology හී ප්‍රකාශයට පත් කරන ලද මෑත අධ්‍යයනයක දී, පර්යේෂකයින් පෙන්වා දෙන්නේ තම ජීවිතය වීරයකුගේ ගමනක් ලෙස හැඩගසාගන්නා පුද්ගලයින් ඒ තුල වැඩි වැදගත්කමක් දැක ගන්නා බවයි. මෙම පරිඥානය පුද්ගලයන්ගේ අර්ථය සහ යහපැවැත්ම පිළිබඳ හැඟීම පෝෂණය කිරීම සඳහා “ප්රතිෂ්ඨාපනය කිරීමේ” මැදිහත්වීමක් වර්ධනය කිරීමට පර්යේෂකයන්ට මග පෑදීය. මිනිසුන් තම ජීවිතය වීර ගවේෂණයක් ලෙස දැකීමට පටන් ගත් විට, ඔවුන් අඩු මානසික අවපීඩනයක් වාර්තා කරන අතර අභියෝගවලට වඩා හොඳින් මුහුණ දිය හැකි බව පයේෂකයෝ සොයා ගත්හ.

කතන්දර හරහා ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට මිනිස් මොළය ජානමය වශයෙන් ස්වභාවිකව හැඩ ගැසී ඇති බව පෙනේ. වසර දහස් ගණනක  පුරාවට පරිණාමය සිදුවෙද්දී, හෝමෝ සේපියන්ස් මානවයන් ගිනි මැළ වටා වාඩි වී අභියෝග ගැන් සහ ජයග්‍රාහන ගැන කතන්දර කියමින් පැය ගණන් ගත කරන්නට ඇත.  උපකතාවකින් ආරම්භවන සඟරා ලිපි කියවන්න අප වඩාත් උනනන්දු වන්නේ ඇයිද යන්න සහ අප ස්වභාවිකවම අපගේ ජීවිතය කතන්දර ස්වරූපයෙන් හැඩ්ගස්සන කැමැත්තේ මන්දැයි යන්න, කතන්දර කීමට ඇති අපගේ උනන්දුව මගින් පැහැදිලි කෙරේ. මෙම ජීවිත කතා විවිධ සිදුවීම් එකට එකතු කර කතන්දරකාරයා ප්‍රධාන චරිතය බවට පත්කෙරෙන පුළුල් ආඛ්‍යානයක් බවට පත් කරයි.  මිනිසුන්ට තමන්ව නිර්වචනය කිරීමට සහ පැවැත්ම වඩාත් සංගත කිරීමට  ඒවාඋපකාර කරයි.

ඇත්ත වශයෙන්ම, සමහර කතන්දර අනෙක් ඒවාට වඩා හොඳයි — සමහරක් විස්මය සහ ප්‍රබෝධය ඇති කරයි, අනෙක් ඒවා මිනිසුන්ට ආනුමැරීමට  සලස්වයි. වීරයාගේ චාරිකාව තමන්ගේම ඉතිහාසය පිළිබඳ වඩාත් ආකර්ශනීය අනුවාදයක් පැවසීමට සැකිල්ලක් සපයන්නේ දැයි අපි කල්පනා කළෙමු. ඇත්ත වශයෙන්ම, වීරයාගේ චාරිකාව ලොව පුරා සංස්කෘතික වශයෙන් වැදගත්ම කථා වල හදවතේ පවතී.

මිනිසුන්ගේ ජීවිත කතා සහ වීරයාගේ චාරිකාව අතර සම්බන්ධය ගවේෂණය කිරීම සඳහා, පර්යේෂකයන්ට මුලින්ම පියවර 17 කින් සමන්විත කැම්බල්ගේ මුල් සූත්‍රගතකරණයෙන්(Campbell’s original formulation) කථා කීමේ ක්‍රමය, සරල කිරීමට සිදු විය. ගවේෂණයක් සම්පූර්ණ කිරීමෙන් පසු “මැජික් ගුවන් ගමනක්” සිදු කිරීම වැනි මුල් කට්ටලයේ සමහර පියවර ඉතා නිශ්චිතය. The Wonderful Wizard of Oz නවකතාවේ ඩොරති, බටහිර දුෂ්ට මායාකාරිය පරාජය කිරීමෙන් පසු වඳුරන් විසින් එමරල්ඩ් නගරයට රැගෙන යනු ලැබීම ගැන සිතන්න. තවත් සමහරක් “කාන්තාවන් පරීක්ෂාවට ලක් කිරීම” වැනි සමකාලීන සංස්කෘතියට හුරුකමක් නොදක්වයි. අපි පියවර 17 ජනප්‍රවාද මෙන්ම එදිනෙදා ජීවිතය යන දෙකෙහිම සොයා ගත හැකි මූලද්‍රව්‍ය හතකට සංක්ෂිප්ත කර හැකිළුවෙමු: මුඛ්‍ය භූමිකාවට  ප්‍රධාන චරිතයක්, තත්වයන් වෙනස් කිරීමක්, ගවේෂණයක්, මිත්‍රයින්, අභියෝගයක්, පුද්ගලික පරිවර්තනයක් සහ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උරුමයක්

ඔබේ ජීවිතයේ සන්දර්භය තුළ ඔබට වීරයෙකු විය හැකිය, එය අඩුම තරමින් වඩා හොඳ කතාවක් බවට පත් කරනු ඇත.

උදාහරණයක් ලෙස, J.R.R. Tolkienගේ The Lord of the Rings හී, Frodo (ප්‍රධාන චරිතය) මුදුව විනාශ කිරීමට (පරීක්ෂණයක්) ෂයර්හි ඔහුගේ නිවසින් (තැන්මාරුව) පිටත් වේ. Sam සහ Gandalf (Frodoගේ සගයන්) ඔහුට Sauron ගේ සතුරු හමුදාවන්ට මුහුණ දීමට උදව් කරයි (අභියෝගයක්). ඔහු අනපේක්ෂිත අභ්‍යන්තර ශක්තිය (විපරිණාමය) සොයා ගන්නා අතර අවසානයේ ඔහු විසින් අත් හැර දා යන ලද මිතුරන්ට (උරුමය) උපකාර කිරීම පිණිස නිවසට පැමිණේ. එදිනෙදා ජීවිතයේ සමාන්තර සිද්ධියක දී, තරුණ කාන්තාවක් (ප්‍රධාන චරිතය) ලොස් ඇන්ජලීස් වෙත යා හැකිය (තැන්මාරුවක්), නව  ව්‍යාපාරයක් සඳහා අදහසක් ගොඩනගා ගත හැකිය (පරීක්ෂණයක්), ඇගේ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් (ඇයගේ සගයන්ගෙන්) සහය ලබා ගන්නා අතර,  ආරම්භයේ දී අසාර්ථක වීමෙන් පසු ඇතිවන ස්වයං සැකය (අභියෝගයක්)  ජය ගෙන, විශ්වාසී සහ සාර්ථක නායකයෙකු  දක්වා වර්ධනය වන(විපරිණාමය)  අතර අවසානයේ ඇයගේ ප්‍රජාවට (උරුමය) උපකාර කරයි.

පර්යේෂකයන් දක්වන වීරයාගේ චාරිකාවේ  සංක්ෂිප්ත අනුවාදය සමඟ, මිනිසුන් ඔවුන්ගේ ජීවිත කථා පැවසූ ආකාරය සහ ජීවිතයේ අර්ථය පිළිබඳ ඔවුන්ගේ හැඟීම් අතර සම්බන්ධය ඔවුහු සොයා බැලුහ. වෙනම අධ්‍යයන හතරක් හරහා, අපි චිකාගෝ හි සබැඳි සහභාගිවන්නන් සහ මැදිවියේ වැඩිහිටියන් පිරිසක් ඇතුළුව පුද්ගලයන් 1,200කට වඩා වැඩි ගණනකින් ජීවිත කතා එකතු කළෙමු. සහභාගිවන්නන්ගේ ජීවිතයේ අරුත, ජීවිත තෘප්තිය සහ මානසික අවපීඩන මට්ටම මැනීමට අපි ප්‍රශ්නාවලි භාවිතා කළෙමු.

වීරයාගේ චාරිකාවේ මුඛ්‍යාංග හත හඳුනා ගැනීමේ අරමුණින් අපි අනතුරුව ඔවුන්ගේ කථා පරීක්ෂා කළෙමු. ඔවුන්ගේ ජීවිත කතාවල එම මුඛ්‍යාංග බොහොමයක්  ඇති පුද්ගලයින් ජීවිතයේ වැඩි අර්ථයක්, වැඩි සමෘද්ධිමත් සහ අඩු මානසික අවපීඩනයක් වාර්තා කරන බව අපට පෙනී ගියේය. මෙම “වීර” මිනිස්සු (පිරිමි සහ ගැහැණු, එක සමානව තම ජීවිතය වීරයෙකුගේ ගමනක් ලෙස දැකීමට ඉඩ ඇත) පර්යේෂනය සම්බන්ධ අනෙකුත් සහභාගිවන්නන්ට වඩා පැහැදිලි ස්වයං හැඟීමක් මෙන්ම තවත් නව වික්‍රමාන්විතයන්, නොවෙනස්වන ඉලක්ක, හොඳ මිතුරන් යනාදිය වාර්තා කළහ.

පුද්ගලයෙකුගේ ජීවිත කතාව පරාජයේ සිට ජයග්‍රහණය දක්වා ගමන් කරන මූලික “පිරිමුදා ගැනීමේ” චාපයක් ඇතුළුව වෙනත් වර්ගවලට වඩා වීරයාගේ චාරිකාවට අනුරූප වන ආඛ්‍යාන වැඩි ප්‍රතිලාභ ලබා දෙන බව අපට පෙනී ගියේය. ඇත්ත වශයෙන්ම, මිදීම නැතිනම් පිරිමුදානය බොහෝ විට වීරයාගේ චාරිකාවේ “පරිවර්තන” අංගයේ කොටසක් වන නමුත් ඔවුන්ගේ ජීවිත කතාවේ මිදීමේ ආඛ්‍යානය පමණක් අඩංගු පුද්ගලයින් සමඟ සසඳන විට, සම්පූර්ණ වීරයෙකුගේ චාරිකාවක් ඇති අය ජීවිතයේ වැඩි අර්ථයක් වාර්තා කළහ.

කෙනෙකුගේ කතාව වඩාත් “වීර ව්ක්‍රමාන්විත” කිරීමෙන් අර්ථවත් බවේ හැඟීම් වැඩි වේදැයි අපි එවිට කල්පනා කළෙමු. අපි “ප්‍රතිසාධන” මැදිහත්වීමක් වර්ධනය කළෙමු, එමඟින් අපි ‘වීරයෙකුගේ චාරිකාවක්’ ලෙස ඔවුන්ගේ කතාව නැවත කියන්නට මිනිසුන් පොළඹවා ගත්තෙමු. සහභාගිවන්නන් ඔවුන්ගේ ජීවිතයේ එක් එක් අංග හත හඳුනා ගත් අතර, පසුව අපි මෙම කොටස්  සුසංයෝගී ආඛ්‍යානයක ලෙසට එකටගෙතීමට ඔවුන්ව දිරිමත් කළෙමු.

සහභාගිවන්නන් 1,700කට වැඩි සංඛ්‍යාවක් සමඟ අධ්‍යයන හයක් තුළ, මෙම ප්‍රතිස්ථාපන මැදිහත්වීම ක්‍රියාත්මක වූ බව අපි තහවුරු කළෙමු: එය මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතය වීරයෙකුගේ චාරිකාවක් ලෙස දැකීමට උපකාරී වූ අතර එමඟින් එම ජීවිතය වඩාත් අර්ථවත් විය. මැදිහත්වීම්වලට ලක්වූවන්  වැඩි යහපැවැත්මක් වාර්තා කළ අතර පුද්ගලික අභියෝග හමුවේ වඩාත් ඔරොත්තු දෙන බව ද  පෙන්නුම් කළහ; පර්යේෂණයට සම්බන්ධ වූ මෙම සහභාගිවන්නෝ බාධක වඩාත් ධනාත්මක ලෙස දුටු අතර වඩාත් නිර්මාණශීලීව ඒවා සමඟ කටයුතු කළහ.

තීරණාත්මකව, අපගේ මැදිහත්වීමට පියවර දෙකක් අවශ්‍ය විය: මූඛ්‍යාංග හත හඳුනා ගැනීම සහ ඒවා සුසංයෝගී කතාවක් ලෙසට සම්බන්ධ කිරීම. වෙනත් අධ්‍යයනයන් වලදී, අපට පෙනී ගියේ, කෙනෙකුගේ ජීවිතයේ වීරයාගේ චාරිකාවට සමාන කෙනෙකුගේ ජීවිතයේ අංගයන් == අපි කියමුකෝ සම්බන්ධ නොකර අංග එකිනෙක  විස්තර කිරීම වැනි —  දෙකෙන් එකක් පමණක් කිරීම – දෙකම කරනවාට වඩා ජීවිතයේ අරුත පිළිබඳ හැඟීම්වලට වඩා සීමිත බලපෑමක් ඇති කරන බවයි.

එපමණක් නොව, මැදිහත්වීම සාමාන්‍යයෙන් වැඩි අර්ථයක් අවබෝධ කර ගැනීමේ සහභාගීවන්නන්ට ඇති ප්‍රවණතාවය වැඩි කළේය. නිදසුනක් වශයෙන්, අපගේ ඉඟිවලට අනුව ඔවුන්ගේ කථා නැවත පැවසීමෙන් පසු, පරිගණක තිරයක දිස්වෙන අහඹු ලෙස පෙනෙන අකුරු වැල්වල රටා වටහා ගැනීමට මිනිසුන්ට වැඩි ඉඩක් ඇත.

ඕනෑම කෙනෙකුට තම ජීවිතය වීරයෙකුගේ චාරිකාවක් ලෙස හැඩගස්වා සකස් කළ හැකිය – තවද වඩා වීර ජීවිතයක් කරා කුඩා, කුඩා පියවර තැබීමෙන් මිනිසුන්ට වැඩි ප්‍රයෝජන ගත හැකි යැයි අපි සැක කරමු. නිදසුනක් වශයෙන්, ඔබේ සාරධර්ම හඳුනාගෙන ඒවා ඔබේ එදිනෙදා මනසෙහි ඉහළින්ම තබා ගැනීමෙන් ඔබට, ඔබවම වීරයෙකු සේ ප්‍රධාන චරිතයක් ලෙස  දැක ගත හැකිය. ඔබට මිත්රත්වයන් හා නව අත්දැකීම් වලට නැඹුරු විය හැකිය. ඔබට අභිප්‍රේරණය වීමට සහ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට ඔබටම අභියෝග කිරීමට (වීරයෙකුගේ චාරිකාවේ) සම්භාව්‍ය ගවේෂණයන් වැනි ඉලක්ක තැබිය හැකිය. ඔබට උගත් පාඩම් මෙන්ම ඔබේ ප්‍රජාවට හෝ ආදරණීයයන් සඳහා ධනාත්මක උරුමයක් ඉතිරි කළ හැකි ක්‍රම ද ඔබට සැලකිල්ලට ගත හැකිය.

ඔබ කිසි විටෙකත්  ලෝකය බේරා ගැනීමට විශාල පරිමාණයෙන් දායක විය නොහැකි වුවද, ඔබට ඔබව බේරා ගැනීමෙන් (ඔබේ) ජීවිතයේ සන්දර්භය තුළ ඔබට වීරයෙකු විය හැකිය; එය අවම වශයෙන් වඩා හොඳ කතාවක් බවට පත් කරනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending