විද්‍යාවට අනුව, බළලුන් පිළිබඳව බෙහෙවින් හුරුබුහුටි කරුණු 8

‘කුතුහලය හේතුවෙන් බළලා මරුට’ කියා කියමනක් ඇතත්, මේ බළලුන් නම් කුතුහලය නිසාවෙන් මැරෙන්නේ නැත.

බළලුන් පිළිබඳ පර්යේෂණ යනු විද්‍යාඥයන් වන අප වඩාත් ප්‍රියකරන ක්ෂේත්‍රයක් (එය දෙවැනි වන්නේ සුනඛයන් පිළිබඳ පර්යේෂණ වලට පමණි). අපගේ බිළාල මිත්‍රයන් පිළිබඳ වඩාත් ප්‍රියමනාප කරුණු අටක් මේ ලිපියෙන් එකට එකතු කර ඇත්තේය; ඔවුන් ඔබට සැබවින්ම ආදරය කරන්නේද යන්නෙහි සිට ඔවුන් ඔවුන්ගේ මුහුණෙහි ‍රැවුල් ගස්  භාවිතා කරන ආකාරය දක්වා කරුණු ඊට අඩංගුය. එබැවින්,  ‘ඤාව්වන්’ පිළිබඳව විද්‍යාවෙන් තහවුරු කරන ලද මෙම කරුණු අට, ඤාව්වන් තරමටම ඔබට ප්‍රිය මනාප වනු නො අනුමානය.

1. සෙමින් ඇසිපිය හෙළීමෙන් ඔබට බළලෙකු සමඟ මිතුරු විය හැක

බළලුන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට හොඳම ක්‍රමය ඔබේ ඇස් පටු කිරීම බව විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත.

Portsmouth සහ Sussex  විශ්ව විද්‍යාල විසින් කරන ලද අධ්‍යයනයකදී, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මෙම ක්‍රමය ‘මන්දගාමී ඇසිපිය’ ලෙස දැක්වෙන බළලුන්ගේ සිනහවක් ලෙස හඳුන්වන දේ  අනුකරණය කරන බවයි – එය මිනිසා සහ බළලා අතර බැඳීමක් ඇති කිරීමට උපකාරී වන බව පෙනේ.

සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා පාසලේ මහාචාර්ය Karen McComb පවසන්නේ “සත්ව හැසිරීම් අධ්‍යයනය කරන්නෙකු සහ බළලුන්ගේ හිමිකරුවෙකු ලෙස, බළලුන්ට සහ මිනිසුන්ට මේ ආකාරයෙන් සන්නිවේදනය කළ හැකි බව පෙන්වීමට හැකිවීම සතුටක්” බවයි, “එය  බළල් හිමිකරුවන් බොහො දෙනෙකු දැනටමත් සැක කර ඇති දෙයක්, එබැවින් ඒ සඳහා සාක්ෂි සොයා ගැනීම බලවත් සතුටට කරුණකි.”

“ඔබ සන්සුන් සහගත සිනහවක් පානා විට කරන්නාක්  මෙන් ඔවුන් දෙස ඔබේ ඇස් පටු කර බැලීමට උත්සාහ කරන්න, ඉන්පසු තත්පර කිහිපයක් ඔබේ ඇස් වසා ගන්න. ඔවුන් ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වන බව ඔබට පෙනෙනු ඇති අතර ඔබට එක්තරා ආකාරයක සංවාදයක් ආරම්භ කළ හැකිය.” මෙම අධ්‍යනය අධීක්ෂණය කළ මහාචාර්ය McComb වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ  අන්තර් ක්‍රියා කිසිවක් නොකරන විට හා සසඳන විට, ඔවුන්ගේ අයිතිකරුවන් සෙමින් ඇසිපිය හෙළීමෙන් පසුව, බළලුන් තම අයිතිකරුවන් දෙසට සෙමින් ඇසිපිය හෙළීමට පෙළඹෙන බවයි.

බළල්ලු ඔවුන්ගේ අයිතිකරුවන් වෙත සෙමින් ඇසිපිය හෙළමින් බලති © Getty Images

2. සුරතල් බළලුන් 10 දෙනෙකු අතුරෙන් එක් බළලෙකුකුට හෝ වෙන්වීමේ සාංකාව ඇත

අධ්‍යයනයක දී සමීක්ෂණය කරන ලද සුරතල් බළලුන් 10 දෙනෙකුගෙන් එක බළලෙකුකුට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ අයිතිකරුවන්ගෙන් තාවකාලිකව වෙන් වූ විට හැසිරීම් ගැටලු පෙන්නුම් කර ඇත.

වෙන්වීම සම්බන්ධ ගැටළු ඇති බළලුන් පිළිබඳ ඔවුන්ගේ අධ්‍යයනයේ දී, විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලද්දේ, පීඩාවට පත් වූ බළලුන් කාන්තාවන් නොමැති හෝ එක් කාන්තාවකට වඩා  වාසය කරන නිවෙස්වලින් පැමිණි සතුන් බවය.

සෙල්ලම් බඩු සමග විනෝද වීමට අවකාශයක් හෝ සෙල්ලම් බඩු නොමැතිකම මෙන්ම නිවසේ වෙනත් සුරතල් සතුන් නොමැතිකම ද බළලුන්ගේ සමාන හැසිරීම් ගැටළු සමඟ සම්බන්ධ විය.

ඒ ඒ සුරතල් පූසා පිළිබඳ මූලික තොරතුරු සපයන ලෙස අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. බළලා සමග අයිතිකරුගේ දක්වන අන්තර්ක්‍රියා, අයිතිකරු නොමැති විට බළලුන්ගේ හැසිරීම් මෙන්ම බළලුන්ගේ ජීවන පරිසරය පිළිබඳ විස්තර එම මූලික තොරතුරුවලට ඇතුළත් විය.

සුරතල් බළලුන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වෙන්වීමේ සාංකාව ඇත © Getty Images

විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ සියලුම නියැදීමට ලක්වූ බළලුන්ගෙන් සියයට 13.5 ක් වෙන්වීම සම්බන්ධ ගැටළු වලට සම්බන්ධ ලක්ෂණ අතුරෙන් එකක්වත් පෙන්නුම් කරන බවයි.  ඒ අතුරෙන වඩාත් බහුලව වාර්තා වූයේ(බළලුන් 30 න් 20 ක් සඳහා) විනාශකාරී හැසිරීම්ය.

අධික ලෙස ශබ්ද කිරීම (බළලුන් 19), නුසුදුසු ස්ථානවල මුත්‍රා කිරීම (බළලුන් 18), ආක්‍රමණශීලී බව (බළලුන් 11), ආලෝලන කාංසාව (බළලුන් 11) සහ අයෝග්‍ය මළපහ කිරීම (බළලුන් හතක්) වැනි වෙනත් හැසිරීම් ලක්ෂණ ද නිරීක්ෂණය විය.

ශක්තිය නොමැතිකම සහ උනන්දුව නැතිවීම මගින් සංලක්ෂිත වන මානසික විශාදය-උදාසීනත්වය ද වෙන්වීම සම්බන්ධ ගැටළු ඇති බළලුන් 16 දෙනෙකු තුළ දක්නට ලැබේ.

3. ඔබේ බළලා ඇත්තටම ඔබට ආදරෙයි

මිනිසුන් සහ බළලුන් මුලින්ම එකට එක් කිරීමට මුල්වූයේ ආහාරයි. එහෙත්  ඔවුන් ඔබව විශාල හැන්දක් හෝ ආහාර ටින් කටරයක් ලෙස දකින බවක් එයින් අදහස් කරන්නේ නැත.

චීනයේ වසර 5,300 ක් පැරණි බළලුන්ගේ අස්ථිවල රසායනික විශ්ලේෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ මෙම පෞරාණික බළලුන් ධාන්‍ය ගබඩා තුළ ජීවත් වූ මීයන් දඩයම් කරන්නන් බවයි. මෙහි හරය ලෙස ගතහොත්, මිනිසුන්වන අප ඔවුන්ට නවාතැන් ලබා දුන් අතර ඔවුන් (අපේ)පළිබෝධකයන් ගැන වග බලා ගත්හ.

කාලය ගෙවී යත්ම,  අවම වශයෙන් බටහිර සංස්කෘතීන් තුළ දී හෝ, නිවසේ ඇති කරන බළලුන්, හුරතල් කිරීම සඳහා මෙන්ම ඔවුන්ගේ නියපොතුවලින් ලැබෙන් ප්‍රයෝජනය සඳහා තෝරා ගන්නා ලදී. තවද, එතැන් සිට, දෙපාර්ශවය අතර වඩා ගැඹුරු දෙයක් මතු වී ඇති බව පෙනේ.

ඔබ හුදෙක් විශාල ටින් කටරයක් නොවේ © Dan Bright

බල්ලන් ගෘහාශ්‍රිත කිරීමේ දී මෙන් මෙන්ම, බළලුන් හීලෑ කිරීමේ දී පූස් පැටවුන්ගේ හැසිරීම් මාලාවක් ඉස්මතු වී ඇත. මේවාට ජේත්තු කිරීම, සෙල්ලමට-සටන් කිරීම සහ හිටිඅඩීයේ හිතක් පහළ වී විනෝදය තකා සෙල්ලම් කිරීම පිණිස අඩක් මිය ගිය මීයන් නිවසට ගෙන ඒම ඇතුළත් වේ. මෙම හැසිරීම් ආහාර වලට වඩා වැඩි යමකි – ඔව්, ඒවා පවුල ගැන ය.

2019 සැප්තැම්බර් මාසයේදී විද්‍යාඥයන් නිවේදනය කළේ බළලුන් සුනඛයන් තුළ දක්නට ලැබෙන “සුරක්ෂිත බැඳීමේ” ගතිලක්ෂණ ප්‍රදර්ශනය කරන බවයි, එහිදී මිනිස් භාරකරුවෙකු සිටීම ආරක්ෂාව සහ සන්සුන් බව සංඥා කරන හැසිරීම් පොළඹවයි.

බළලුන්ට ආඝාතය වැළඳීමෙන් පසු, (අපගේ) ආදරණීයයන් වටා සිටින විට මිනිසුන්වන අපට ලැබෙන පරිදිම මොළයේ හෝමෝනවල හදිසි මාත්‍රාවක් ලැබෙන බවට වෙනමම සාක්ෂි පවා තිබේ. ඉතින් , සුනඛයින් මානව වර්ගයාගේ හොඳම මිතුරා යන නම පට බැඳීමේ දි ඔවුනට සමහර විට දැන් අභියෝගයක් ඉස්මතු වී ඇත.

4. අකුණු කුණා‍ටුවක් පැමිණෙන විට බළලුන්ට එය කලින් පැවසිය හැකිය

බළලුන් සහ වෙනත් බොහෝ සතුන්  ශබ්ද, සුවඳ සහ වායුගෝලීය පීඩනයේ වෙනස්වීම් වලට මිනිසුන්ට වඩා සංවේදී වන අතර, බළලුන්ගේ ඉහළ සංවේදනයන් ඔවුන්ගේ අයිතිකරුවන්ට දැනෙන්නට පෙර කුණාටුවක් පැමිණෙන බවට ඉඟි ලබා ගැනීමට ඉඩ සලසයි.

කුණාටුවකට මොහොතකට පෙර, ඔබේ බළලාගේ අභ්‍යන්තර කන්වලට, වායුගෝලීය පීඩනය හදිසියේ පහත වැටීම හඳුනා ගත හැකි අතර  මෙය, ඉදිරියේදී ඇති වන කුණාටුවක් සමඟ සම්බන්ධ කිරීමට බළලා ඉගෙන ගෙන ඇත. දැනටමත් ඈතින් කුණාටුවක් හමමින් තිබේ නම්, ඈතින් ඇසෙන ගිගුරුම් සහිත අකුණෙහි සිහින් හඬ බළලාට වටහා ගත හැකිය.

ඒ හා සමානව, නුදුරේම ලැබෙන වර්ෂාව නැතිනම් අකුණු මඟින් බොහෝ විට නිර්මාණය වන තියුණු, ලෝහමය ගන්ධයක් ඇති ඕසෝන් වායුවේ ලාක්ෂණික  සුවඳ පොදක් බළලාට දැනිය හැකිය.ඒ හා සමානව, ඇයට ලැබෙන වර්ෂාව හෝ අකුණු මඟින් බොහෝ විට නිර්මාණය වන තියුණු, ලෝහමය ගන්ධයක් ඇති ඕසෝන් වායුවේ ලාක්ෂණික වයිෆ් සුවඳ දැනිය හැකිය.

5. සුවපහසුව තකා බළල්ලු පෙට්ටි වලට කැමත්ත දක්වති

දිනකට පැය 18 ක් නිදාගනිමින් ගත කිරීමට බළලුන්ට හැකිය. ඔවුන් හුදකලාව ගත කරන සතුන් වන බැවින්,  නිදි කිරාවැටීමට ආරක්ෂිත ස්ථානයක් ඔවුන්ට අවශ්‍ය වේ.

කෙසේනමුත්, එළිමහනේ වුව, කුඩා පෙට්ටියක ගුලි වී සිටින බළලෙකු,  බොහෝ විට එසේ කරන්නේ ආරක්ෂාව පතා නොව, නිවසේ සීතල පොළව මග හරිනුපිණිසය. මිනිසුන්ට සුවපහසුවට දැනෙනවාට වඩා  උණුසුම් කාමර උෂ්ණත්වයකදී බළලුන් සතුටු වන අතර, පහසුවෙන් හිරු රශ්මියක් ලබා ගත නොහැකිනම්, ඔවුන් සුවපහසු සපත්තු පෙට්ටියක් හෝ එවන් වෙනත් පෙට්ටියකට වී සිටීමට ඔවුන් කැමතිය.

6. සුරතල් බළලුන් පරිස්ථානීය වන ජීවීන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි

ගෘහාශ්‍රිත බළලුන්, වනගතව වසන සමාන ප්‍රමාණයේ  විලෝපිකයන්ට වඩා දී ඇති ප්‍රදේශයකදී වැඩි ගොදුරක් මරා දමන්නේ යයි පර්යේෂණ මගින් අදහස් කෙරේ.

2020 මාර්තු මාසයේ සිට කරන ලද අධ්‍යයනයකට අනුව, සුරතල් සතුන් විසින් දඩයම් කරනු ලැබීම ප්‍රාදේශීය වනජීවී ජනගහනයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. විද්‍යාඥයන් පවසන්නේ ගෘහාශ්‍රිත බළලුන්ගේ එහා මෙහායාම්  බොහෝ දුරට මීටර් 100 ක අරයක් තුළ සිදුවන බැවින් බළලුන්ගේ බලපෑම බොහෝ දුරට සංකේන්ද්‍රණය වී ඇත්තේ ඔවුන්ගේ නිවස වටා බවයි. නිවස දෙපස සාමන්‍යයෙන් උද්යානවලින් සමන්විතයි.

අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ සුරතල් බළලුන් සමාන වනගත විලෝපිකයාට වඩා 2 සිට10 ගුණයක් වන සතුන් මරා දමන බවයි.

© Roland Kays/North Carolina State University/PA

“ඔවුන්ට, බළලුන් සඳහා සැකසූ ආහාර ලබා දෙන බැවින්, සුරතල් සතුන් වල් විලෝපිකයන්ට වඩා දිනකට ගොදුරු මරා දමන්නේ අඩුවෙන් , නමුත් ඔවුන්ගේ නිවාස පරාසයන් ඉතා කුඩා බැවින් ස්ථානීය ගොදුරු කෙරෙහි අවසානයේ මෙම බලපෑම සැබවින්ම සාන්ද්‍රණය වේ.” යනුවෙන් අධ්‍යනයේ ප්‍රධාන කතුවරයා වන රෝලන්ඩ් කේස් පවසයි, “සමහර ප්‍රදේශවල සුරතල් බළලුන්ගේ අස්වාභාවික ලෙස ඉහළ ඝනත්වය යන සාධකය මෙයට එකතු කළොත්, කුරුල්ලන්ට සහ කුඩා ක්ෂීරපායී ජනගහනයට ඇති අවදානම ඊටත් වඩා නරක අතට හැරේ.”

අධ්‍යයනයට අනුව, ගෘහස්ථ බළලුන් වසරකට සාමාන්‍යයෙන් අක්කර 100කට හෝ හෙක්ටයාරයකට ගොදුරු 14.2 සිට 38.9 දක්වා මරා දමනු ලැබේ. නිවාස සංවර්ධනය සිදුවන්නා වු වැනි කලබල සහිත, අස්ථායී පරිසරවලදී බළලුන්, වන සතුන්ට බොහෝමයක්  හානි සිදු  කරන බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

7. බළලුන්ට නිර්සත්වභෝජකයන් විය නොහැක

 වනයේ වසන් බිළාල වංශයේ අය සම්පූර්ණයෙන්ම මාංශ භක්ෂක වන අතර, බළලුන්ට සංස්ලේෂණය කිරීමට හෝ ගබඩා කිරීමට නොහැකි ටෝරීන්(taurine) වැනි ඇමයිනෝ අම්ල කිහිපයක් මස් වල පමණක් දක්නට ලැබේ. එබැවින් සත්ත්ව ආහාර වලින් තොර නම් එවන්  බළලුන්ගේ ආහාරය ඔවුන්ගේ වයස සහ ශරීර බර අනුව ඉතා ප්‍රවේශමෙන් සකස් කළ යුතුය.

ටෝරීන් ප්‍රමාණය අඩු වීම අන්ධභාවයට හා හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැකි අතර, ටෝරීන් ප්‍රමාණය ඕනෑවට වඩා අධික වීමෙන් බරපතල මුත්‍රා ආසාදන ඇති විය හැක. මාංශ භක්ෂක බළලුන් මස් වලින් අවශ්‍ය සියලුම ටෝරීන් අවශෝෂණය කරයි; නමුත් නිර්මාංශ ආහාර වලට එකතු කරන කෘතිම ටෝරීන් විවිධ ආකාර කිහිපයකින් පැමිණේ, ඒවා බළලුන්ගේ පරිවෘත්තීය මගින් අවශෝෂණය කරනු ලබන්නේ විවිධ අනුපාතවලිනි. මෙය බළලුන්ට සමබර නිර්සත්වභෝජක ආහාරයක් ලබා දීම අතිශයින් දුෂ්කර කරයි.

8. බළලුන්ගේ මුහුණෙහි රැවුල් ගස් ඔවුන් යථාතථ්‍ය ඝාතකයන් බවට පත් කරයි

බළලෙකුගේ ලාක්ෂණික දළරෝම ‘උඩු රැවුල’ සන්සල රෝම 24 කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති අතර ඇස්වලට ඉහළින්, නිකටෙහි සහ ඉදිරිපස පාදවල පිටුපස (හස්තකූර්ව රැවුල් ගස්) වෙනත් අඩුවෙන් පෙනෙන රැවුල් ගස් ද ඇත. මෙම ඝන වූ හිසකෙස් ගැඹුරට මුල් බැසගත් ස්නායු සමඟ සජීවීව සම්බන්ධවන අතර එමඟින් අපගේ බළල් මිතුරන්ට දඩයම් කිරීමේ දී, විශේෂයෙන් අඳුරේදී ඔවුන්ගේ ගමන් මග වචනාර්ථයෙන් දැනීමට උපකාරී වේ.

ගමන්කරනා විට දුර විනිශ්චය කිරීමට උපකාර කිරීම සඳහා මුහුණේ  රැවුල් ගස් සිරුරේ පළලට සරිලන සේ පෙළගස්වන අතර, ගොදුරේ දුර, දිශාව සහ වයනය පවා නිරීක්ෂණය කරන ‍රැවුල් අග්ගිස්ස මත ඇති විශේෂ සංවේදක ඉන්ද්‍රියයන් වන ‘ප්‍රොප්‍රියෝසෙප්ටර්’ මගින්  ඝාතනයට යථාතථ්‍යව මග පාදයි.

රැවුල් ගස් ඔවුන්ගේ චලනය තවදුරටත් සම්බන්ධීකරණය කිරීම සඳහා වාතය ගලායාම නිරීක්ෂණය කරයි.

ඉතින්, ඔබේ බළලා එතරම් සුන්දර මෘගයෙකු වීම පුදුමයක් නොවේ!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending