Danm/Getty Images

මෙලොව සතුටින්ම සිටින්නේ අඩු ආදායම් සමාජයි

Eric Galbraith විසිනි

සුභපැතුම් පත් මෙන්ම ආනුප්‍රාණය වඩවන් පෝස්ටර අපට පවසන පරිදි  සතුට යන්න මිලට ගත නොහැක යනුවෙනි ජීවිතයේ වැදගත්ම දේ ලැබෙන්නේ නොමිලේය. එහෙත් සෑම වසන්තයකම පුලුල්ව පැතිරුනු මාධ්‍ය ආවරණයක් සහිතව නිකුත් කෙරෙන ලෝක සතුට වාර්තාව(World Happiness Report) නිරන්තරයෙන් පෙන්නුම් කරන්නේ, ධනවත් රටවල වැසියන් එහි ලැයිස්තුවේ ඉහලින්ම සිටින බවයි. එපමණක්ද නොව, දශක ගණනාවක මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් ද පෙන්නුම් කර ඇත්තේ පුද්ගල ධනය ජීවිත තෘප්තිය සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති බවයි.  මෙම බලපෑම, එක්තරා මට්ටමකට එළඹි පසු සංතෘප්ත වන බවත් එම මට්ටමෙන් ඔබ්බට වඩාත් විශාල ධනයකින් බලපෑමක් නැති බවත් බොහෝ විට පැවසුවද, එක්සත් ජනපදයේ මෑත කාලීන වැඩකටයුතුවලින් පෙනී ගොස් ඇත්තේ සුපිරි ධනවත් පුද්ගලයන් සැබවින්ම මධ්‍යස්ථ ධනවත් අයට වඩා ඔවුන්ගේ ජීවිත තෘප්තිය ඉහළ අගයක් ගන්නේ යයි නියම කිරීමට නැඹුරු වන බවයි.

එසේනම් සුබපැතුම් පත් හෝ සංඛ්‍යානමය සහසම්බන්ධතා හරිද? තම ජීවිතයෙන් සැබෑ සතුටක් ලැබීමට නම් මිනිසා මූලික වශයෙන් පොහොසත් විය යුතුද?

‘මට නම්, මෙම බහු වාර්ෂික ප්රශ්නය සිත් ඇදගන්නාසුළු මෙන්ම වැදගත් ය’ යි McGill විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, මේ ලිපියේ කතෲ Eric Galbraith. මානව හැසිරීම් සහ තිරසාර ගැටළු අතර අන්තර් ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන විද්‍යාඥයෙකු වශයෙන්, මිනිසුන්ගේ දියුණුව සඳහා වැඩි ධනයක් සෙවීම සැබවින්ම අවශ්‍ය දැයි දැන ගැනීමට හෙතෙම කැමැත්තේය. ඇත්ත වශයෙන්ම, ආර්ථික වර්ධනය සහතික කිරීමේ උනන්දුව කාර්මිකකරණය වූ සමාජවල ගැඹුරින් මුල් බැස තිබේ. බොහෝ අය ඔවුන්ගේ ආර්ථිකයට තර්ජනයක් විය හැකි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට දේශගුණික විපර්යාස ඇතුළු බරපතල පාරිසරික ප්‍රතිවිපාක භාරගැනීමට නැඹුරු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ කාර්මික ශිෂ්ටාචාරය දැන් පෘථිවියේ සියලු සංකීර්ණ ජීවීන්ගේ අනාගතයට තර්ජනයක් වී ඇත. අප මෙම ස්වයං විනාශකාරී මාවතේ සිටින්නේ මිනිස් සතුට රඳා පවතින්නේ මිනිසුන් පොහොසත් වීම මත නිසාද?

මෙම ගැටළුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, මහාචාර්ය Galbraith බාර්සිලෝනාහි ස්වාධීන විශ්ව විද්‍යාලයේ පාරිසරික විද්‍යා හා තාක්ෂණ ආයතනයේ මානව විද්‍යාඥයෙකු වන Viki Reyes-García සමඟ එක් විය.  සතුට පිළිබඳ බොහෝ වැඩ කටයුතු පුළුල් මානව අත්දැකීම් නියෝජනය නොකරන බටහිර සමාජයන් හා සම්බන්ධ කර ඇත. පර්යේෂකයන්ට අවශ්‍ය වූයේ මුදල් අවශ්‍යතා අඩු මිනිසුන්ගේ සතුට තක්සේරු කිරීමටයි.

මහාද්වීප පහක විවිධ වටපිටාවල ජීවත් වන මිනිසුන් අතර දේශගුණික විපර්යාසවල බලපෑම් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද කුඩා පරිමාණ සමාජවල පෙර නොවූ විරූ සමීක්ෂණයක් සිදු කිරීමට  Reyes-Garcíaවිශාල කණ්ඩායමක් සූදානම් කරමින් සිටියේය. මෙම කණ්ඩායම්වල බොහෝ පුද්ගලයන් ස්වදේශිකන් ලෙස හඳුනාගෙන ඇති අතර, සියලු දෙනාම මූලික වශයෙන් තම ජීවනෝපාය සඳහා ඔවුන්ගේ දේශීය පරිසර පද්ධති මත යැපෙනන්ය. එදිනෙදා ජීවිතයට ඔවුනට මුදල් භාවිතයක් නැතිතරම්ය. අපි 3,000කට ආසන්න සහභාගිවන්නන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අපි ඉලක්ක කළෙමු: “සියල්ල සලකා බලන විට, ඔබේ ජීවිතය ගැන ඔබ කෙතරම් තෘප්තිමත්ද? යන්න 0 සිට 10 දක්වා පරිමාණයක දක්වන්න ” වෙනත් බොහෝ ගෝලීය සමීක්ෂණවල භාවිතා කර ඇති එම ප්‍රශ්නයම ඇසීමෙන්, අපට කාර්මික සමාජයන් සමඟ සෘජු සංසන්දනයක් කිරීමට අපට හැකි වනු ඇත.

අමෙරිකානු වනාන්තරවලත්, අනෙක් ඒවා ශුෂ්ක අප්‍රිකානු තෘණ බිම්වලත්, තවත් සමහරක් දකුණු ආසියාවේ කඳුකර ප්‍රදේශවලත් විය. අපි සමීක්ෂණ ප්‍රාදේශීය භාෂාවන්ට පරිවර්තනය කර ගම් 100කට වඩා වැඩි සංඛ්‍යාවකින් අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශ වාසීන් යොදා ගනිමින් දළ වශයෙන් පැයක පමණ කාලයක් තුළ පුද්ගල-අභිමුඛ සාකච්ඡා හරහා ඒවා සිදු කළෙමු. සමීක්ෂණයට ලක් කරන ලද බොහෝ පුද්ගලයින්ට නිත්‍ය ආදායමක් නොතිබූ නිසා, අප සාමාන්‍ය මුල්‍යය ආදායම ඇස්තමේන්තු කළේ (දේශීයව සාදනු වෙනුවට) මිලදී ගෙන ඇති ගෘහ දේපළවල වටිනාකමෙනි. බොහෝ ප්‍රජාවන් සඳහා, මෙය පුද්ගලයෙකුට දිනකට ඩොලර් කිහිපයක් පමණක් වන සාමාන්‍ය ආදායමක් පෙන්නුම් කරයි.

සමීක්‍ෂණයෙන් පෙන්නුම් කළේ, දුක්ඛිත තත්ත්වයකට පත්වනවා වෙනුවට, මෙම කුඩා පරිමාණයේ ප්‍රජාවන් වාර්තා කර සිටියේ, තිබෙන්නේ ඉතා සුළු මුදලක් වුවත්, ලෝකයේ බොහෝ රටවල මිනිසුන් තරමටම තෘප්තිමත් භාවයට පත්වන බවයි. අභිමුඛ පරීක්ෂිතයන් අතර බොහෝ වෙනස්කම් තිබුණද, සමහර ප්‍රජාවන් විසින් බොහෝ ධනවත් රටවල ජාතික සාමාන්‍යය ඉක්මවන ඉතා ඉහළ මට්ටමේ තෘප්තියක් (10 න් 8 ට වඩා වැඩි) වාර්තා කෙරිණ. අපගේ ප්‍රධාන සොයාගැනීම්වලින් පෙනී යන්නේ දිනකට ඩොලර් කිහිපයක් පමණක් තිබියදීත්, මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේම තක්සේරුවට අනුව ඉතා තුටු පහ‍ටු වන බවයි.

එසේ නම්, වැඩිපුර මුදල් ඇති පුද්ගලයින්, අඩුවෙන් මුදල් ඇති අයට වඩා සතුටින් සිටින බව වාර්තා කරන බව නිරන්තරයෙන් පෙන්වා දී ඇති වෙනත් බොහෝ අධ්‍යයනයන් සමඟ අපගේ සොයා ගැනීම් සසඳන්නේ කෙසේද? අද ධනවත් රටවල වැසියෝ ඔවුනට පෙර අතීතයේ සිටි ඕනෑම කෙනෙකුට වඩා ඉහළ මට්ටමේ භෞතික සම්පතක් භුක්ති විඳිති – එසේ තිබියදීත්, මෙම කුඩා පරිමාණයේ සමහර සමාජවල සාමාජිකයන් සමස්තයක් වශයෙන් ඊටත් වඩා තෘප්තිමත් බව වාර්තා කරන්නේ කෙසේද?

ආරම්භයේදීම, අපගේ සොයාගැනීම් පෙන්වා දෙන්නේ මුදල් සහ සතුට අතර ඇති සම්බන්ධය වැනි සහසම්බන්ධතාවයකට ඕනෑවට වඩා වැදගත්කමක් දීමේ අනතුරයි. මුදල් ප්‍රමාණ කිරීමට පහසු පුරෝකථනයකි, එබැවින් එය නිතර අධ්‍යයනය කරන බව තේරුම් ගත හැකි නමුත් තවත් බොහෝ සාධක ජීවිත තෘප්තියට බලපායි.  

ඇත්ත වශයෙන්ම, අප සංචාරය කළ කුඩා පරිමාණ සමාජවල දී තෘප්තිය සහ ආරෝපණය කළ ධනය අතර ඉතා වැදගත් සහසම්බන්ධතා ද අපට සොයා ගත හැකි විය; නමුත් එය සමාජවල අනෙකුත් ලක්ෂණ හා සසඳන විට අතිශයින් කුඩා බලපෑමක් විය. ඊස්ටර්ලින් විරෝධාභාසය(Easterlin paradox) නම් වූ සොයාගැනීමකින් පෙන්නුම් කරන පරිදි, කාලයත් සමඟ සමාජයේ ධනය වැඩි වීම එම සමාජය පුරා ජීවන තෘප්තිය වැඩි කිරීමට නිරන්තරයෙන් හේතු නොවේ.

මෙකී අනෙකුත් ලක්ෂණ පැහැදිලිවම ඉතා වැදගත් වේ. පූර්වයේ සිදු කළ අධ්‍යනයන් වඩාත් වැදගත් ලෙස දක්වන්නේ  සමාජ සම්බන්ධතා වල කාර්යභාරයයි. මානවයන් අතිසෙයින් සමාජ සත්වයන් ලෙස සැලකේ. අන් අයගෙන් ලබා ගත හැකි වෙතැයි විශ්වාස කළ හැකි සහයෝගය ඇතුළුව සමාජය තුළ ඔවුන්ගේ ස්ථාවරයේ ආරක්ෂාවට මිනිස්සු, දැඩි ලෙස අනුගත වෙති. මෙය මූලික වශයෙන් හටගන්නේ අන්තර් පුද්ගල සබඳතාවල ශක්තිය සහ කෙනෙකුගේ සමාජ ස්ථාවරය තක්සේරු කිරීමෙනි. එනමුත් සමාජ සම්බන්ධතා අවශ්‍යෙන්ම ධනය සමඟ එකට යා යුතු නැත. එපමණක්ද නොව, අපේ අධ්‍යයනයන්ට පාත්‍ර වූ කරන ලද ප්‍රජාවන්ට ඇත්තේසුළු මුදලක් වුව ද, මූලික අවශ්‍යතා හිඟය යන අර්ථයෙන් ගත් විට ඔවුන් දුප්පත් නොවන අතර, මෙම සමාජවල බොහෝ පිරිස් ස්වභාවික වටපිටාව සමඟ සමීපව තම කාලය ගත කරති; බොහෝ අධ්‍යයනයන් යෝජනා කරන්නේ එය, ඔවුන්ගේ යහපැවැත්මට වාසිදායක බවයි.

මීට අමතරව, විශේෂයෙන් ලෝක සතුට වාර්තාව සම්බන්ධයෙන් ගත් කල, එහි සමීක්ෂණ ප්‍රශ්නය තෝරා ගැනීම විශේෂතාව, ධනවත් රටවල් එහි ලැයිස්තුවේ මුල් තැන ගැනීමට දායක විය හැක.  සමස්ත ජීවිත තෘප්තිය ප්‍රමාණ කිරීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටියාවූ අපගේ ප්‍රවේශය මෙන් නොව, එම වාර්තාව “ඡන්ට්‍රිල් ලඩ්ඩෙර්” නම් ප්‍රවේශයක් භාවිතා කරයි. ඔවුන්ගේ පරමාදර්ශී ජීවිතය ඉහළින්ම ඇති ඉණිමඟක් ප්‍රතිචාර දක්වන්නන් සිතින් මවාගෙන ඔවුන් දැනට සිටින්නේ කුමන ඉණිමං පෙත්ත මතද යන්න මෙහි දී ඔවුහු තීරණය කරති. අපි සහ අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් භාවිතා කළ මූලික ජීවිත තෘප්තිය පිළිබඳ ප්‍රශ්නයට වඩා – කැන්ට්‍රිල් ඉණිමඟ අන් අයට සාපේක්ෂව මිනිසුන්ට ඔවුන්ගේ ආදායම කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වන බව මෑත කාලීන කෘති පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෝක සතුට වාර්තාව අපට පවසන්නේ මිනිසුන් සමස්ත ජීවිතයෙන් තෘප්තිමත් වීමට වඩා ඔවුන්ගේ ආදායමෙන් සෑහීමකට පත්වන ප්‍රමාණය ගැන ය. එය අතිරේක ලේශ මාත්‍ර ප්‍රභේද සහිත වුවත් සලකා බැලිය යුතු තවත් සාධකයක් වන්නේ ඉතා අසමාන සමාජවල සමාජ සංසන්දනය කිරීමෙන් හට ගන්නා යහපැවැත්ම අඩු වීමයි. පොදුවේ ගත් කල, අප අධ්‍යයනය කළ ප්‍රජාවන් අද බොහෝ ධනවත් කාර්මික රටවලට වඩා  මූල්‍ය අසමානතාව ඇත්තේ අඩුවෙනි.

ඉතින් කාර්මික රටවල ජීවත් වන අපට මෙයින් උකහා ගත හැකි අදහස කුමක්ද? අපෙන් බොහෝ දෙනෙකුට මූලික අවශ්‍යතා සපුරාලීමට මුදල් අවශ්‍ය වන අතර එය සතුට සඳහා අත්‍යවශ්‍ය පදනමක් බවට සැකයක් නැත.  අඩු ආදායම්ලාභී රටවල් බොහොමයක දූෂණය හා දැඩි අසමානතාවය පුළුල්ව පැතිර පවතී. පිරිසිදු ජලය, අපද්‍රව්‍ය අපවහනය සහ විදුලිය වැනි මූලික පහසුකම් සඳහා ප්‍රවේශය හිඟකමෙන් අඩු ගුණාත්මක නාගරික පරිසරයක ජීවත් වන විශාල සංඛ්‍යාවක් පීඩා විඳිති. මූල්‍යකරණයට ලක් වූ සමාජයක, මුදල් අත්‍යවශ්‍ය වන අතර, එය වැඩිපුර තිබීම සාමාන්‍යයෙන් උපකාරී වේ.

කෙසේවෙතත්, අපගේ සොයාගැනීම් අවධාරනය කරන්නේ, මිනිසාට ප්‍රීතිමත් හෝ තෘප්තිමත් පැවැත්මක් ගෙන යා හැකි මට්ටමට මෙම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා වර්තමානයේ කාර්මික සමාජයන් අනුගමනය කරන භෞතික ධනයට වඩා බෙහෙවින් අඩු  ධනයක් අවශ්‍ය බවයි. එය  පෘථිවිවාසී අපට හොඳ ආරංචියක්. පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයකින් ඇඟවෙන්නේ, දේශගුණ-ස්ථායීකරණ අරමුණු සාක්ෂාත් කර ගනිමින්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සංචලනය ඇතුළු ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සියලු ජාතීන්ට හැකිය යන්නය.

Reyes-García සමග අපගේ සගයන් සහ මා ඉ‍ටුකරණ කාර්යයන් මගින් යෝජනා කරනු ලබන්නේ බොහෝ රටවලට සහ ප්‍රජාවන්ට දුර්වල මට්ටමකට පවතින හෝ දැන් කොහෙත්ම දක්නට නොමති අංශ වැඩිදියුණු කිරීම සඳහා කුඩා පරිමාණ සමාජවල සාර්ථක ලක්ෂණ වලින් පාඩම් ඉගෙන ගත හැකි බවයි. පුද්ගලයා කෙරෙහි බටහිර ලෝකය අවධානය යොමු කිරීම, ආත්මාර්ථකාමීව භෞතික ධනය තව තවත් ගොඩගසාගැනීමේ සදාචාරාත්මක ලෙස පිළිගැනීමට ලක්වීම සහ මිනිසුන් අතථ්‍ය ලෝකයේ වැඩි කාලයක් ගත කරන විට අනෙක් මිනිසුන් සමඟ වැඩි වනඅම්බන්ධතා විසන්ධි වීම යන සියල්ලටම සතුට අඩාල කළ හැකිය. ඉතිහාසයේ මේ මොහොතේ ධනවත් රටවල ජීවිතය පිළිබඳ තෘප්තිය වැඩි කර ගත හැකි ස්ථිරම මාර්ගය ආර්ථික වර්ධනය අමතක කර  මනුෂ්‍යත්වය හවුලෙ භුක්තිවිඳීම වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම විය හැකිය. එම මාරුව, එම වෙනස පෘථිවියේ සංකීර්ණ හා සුන්දර ජීවයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහාවන කෙන්ද්‍රීය සාධකය විය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending