පෘථිවියේ සිට ආලෝක වර්ෂ 50ක් එපිටින් පිහිටා ඇති පබළුවන් ඇස් ඇති LHS 1140 b ග්‍රහලෝකය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ද්‍රව ජලය සොයා ගැනීම සඳහා පරිපූර්ණ හැකියාවක් තිබීමට පුළුවන් බව නව පර්යේෂණයකින් පෙනී යයි.

LHS 1140 b නම් බහීර්ග්‍රහයා සම්පූර්ණයෙන්ම අයිස්වලින් වැසී තිබිය හැක (වමේ) නතහොත් ද්‍රව උප තාරකා සාගරයක් සහ වළාකුළු පිරි වායුගෝලයක්  සහිත අයිස් ලෝකයක් විය හැකිය(මැද). ග්‍රහලෝකය පෘථිවිය මෙන් 1.7 ගුණයක් (දකුණේ) විශාලත්වයකින් යුක්ත වේ. (Image credit: BENOIT GOUGEON, UNIVERSITÉ DE MONTRÉAL)

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය(James Webb Space Telescope – JWST) වසර කිහිපයකට පෙර සොයා ගන්නා ලද ඈතඑපිට ග්‍රහලෝකයක්, ඝන අයිස් සහිත මුහුදකින් වට වූ තාරා මණ්ඩලයක්(iris) වැනි සාගරයක් සහිත “අක්ෂි ගෝල” ග්‍රහලෝකයක් විය හැකි බව සොයාගෙන ඇත – ඒ අනුව එය වාසයට සුදුසු ලෝකයක් සඳහා අපේක්ෂකයෙකු බවට පත් කරයි.

LHS-1140b ලෙස හඳුන්වන මෙම ග්‍රහලෝකය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 2017 වසරේදීය. මුලදී එය ජලය, මීතේන් සහ ඇමෝනියා ඝන මිශ්‍රණයකින් කැරකෙන “කුඩා-නෙප්චූන්” බඳු ග්‍රහයෙක් ලෙස සැලකේ.  නව සොයාගැනීම්, The Astrophysical Journal Letters හි ප්‍රකාශයට පත් කිරීම සඳහා පිළිගෙන ඇති අතර පූර්ව මුද්‍රණ සේවාදායක arXivගෙන් ද ලබා ගත හැක. එම සොයා ගැනීම් යෝජනා කරන්නේ විද්‍යාඥයන් සිතුවාට වඩා මේ ග්‍රහලෝකය අයිස්මය වශයෙන් හා තෙත්බවෙන් වැඩි බවයි. එයින් අදහස් වන්නේ එහි පරිසරය ජීවිය පැවතීමට සහාය විය හැකි බවයි.

“දැනට දන්නා සියලුම සෞම්‍ය බහීර් ග්‍රහලෝක අතුරින්, LHS-1140b යනුම්, අපේ  සෞරග්රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටියා වූ ද්‍රව ජලය ඇතැයි අනියම් ආකාරයෙන් තහවුරු කිරීම සඳහා අපට බලාපොරොත්තු තැබිය හැකි පිටසක්වල ලෝකය විය හැකිය,” මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන, ප්‍රදාන කතුවර Charles Cadieux නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි, “මෙය, වාසයෝග්‍ය බහීර් ග්‍රහලෝක සෙවීමේ දී ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත.”

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 50 ක් දුරින් පිහිටා ඇති LHS-1140b අපගේ ග්‍රහලෝකයට වඩා දළ වශයෙන් 1.73 ගුණයක් පළල වන අතර එහි ස්කන්ධය 5.6 ගුණයකින් වැඩි වේ. එය එහි සත්කාරක තරුව හා උදම්ව සිර වී ඇත. මෙයින් අදහස් කරන්නේ එය සැතපුම් 2,500 (කිලෝමීටර 4,000) ඔස්සේ පතිරී ගිය ඇස අන්තරීක්ෂ විකිරණ මත රඳවා තබා ගනිමින්ම එහි තාරකාව වටා කක්ෂගත වන වේගයටම භ්‍රමණය වන බවයි. එහි තාරකාව සමඟ සමීප කක්ෂයක බැඳී ඇති අතර, මෙම ග්‍රහලෝකයේ වසරක් පෘථිවි දින 25 ට අඩු ය.

LHS-1140b හි තාරකාව සූර්යයා මෙන් ප්‍රධාන අනුක්‍රමික තාරකාවක් නම්, මෙම දුරක තිබෙන කක්ෂ ගතව ඇති විටක එහි සාගර වාෂ්ප කොට යවා එය සම්පූර්ණයෙන්ම වාසයට නුසුදුසු වනු ඇත. එහෙත් එය සාපේක්ෂව සිසිල්, රතු වාමන තාරකාවක් බැවින්, මෙම කෙටි දුරක පිහිටා ඇති ග්‍රහලෝකය, (ජීවය පැවතීමට සුදුසු වාතාවරණයක් සහිත) “ගෝල්ඩිලොක්ස් කලාපය”  එනම්, ග්‍රහලෝකයේ ද්‍රව ජලය පැවතීම සඳහා එහි තාරකාවේ සිට ප්‍රශස්තම දුර කලාපය මධ්‍යයේ පිහිටයි.

පිටස්තර ග්‍රහලෝකය අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන් විසින් JWST හි Near-Infrared Imager සහ Slitless Spectrograph භාවිතා කරන ලද අතර, එමගින් දුරේක්ෂයට එහි තාරකාවේ ආලෝකය ග්‍රහලෝකයේ උපකල්පිත වායුගෝලය හරහා පෘථිවියට ළඟා වන විට ග්‍රහලෝකයේ අන්තර්ගතය තක්සේරු කිරීමට හැකි වේ. 

බහිර් ග්‍රහලෝකය අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන් විසින් JWST හි Near-Infrared Imager සහ Slitless Spectrograph(වර්ණාවලී දර්ශකය) භාවිතා කරන ලද අතර, එමගින් දුරේක්ෂයට එහි තාරකාවේ ආලෝකය ග්‍රහලෝකයේ ඇතැයි කල්පිත වායුගෝලය හරහා පෘථිවියට ළඟා වන විට ග්‍රහලෝකයේ අන්තර්ගතය තක්සේරු කිරීමට හැකි වේ.

අවශෝෂණය කරන ලද ආලෝකයේ තරංග ආයාමයන් දෙස බැලීමෙන්, තාරකා විද්‍යාඥයෝ පෘථිවි වායුගෝලයේ ප්‍රධාන සංඝටකයක් වන නයිට්‍රජන් වල සලකුණු සොයා ගත්හ. මේ ග්‍රහලෝකය පාෂාණවලින් සෑදිය හැකි තරම් ඝනත්වයක් නොමැති බව වෙනම ගණනය කිරීම්වලින් ද අනාවරණය විය.

එකට ගත්විට, මෙම ප්‍රතිඵලවලින් පෙනෙන්නේ පාෂාණමය හෝ කුඩා-නෙප්චූන් ලෝකයකට අයිස් සහිත මුහුදක වැසී ගිය එකක් බවයි.

ග්‍රහලෝකයේ වැඩි කොටසක් ඝන ලෙස මිදී තිබිය හැකි වුවද, පර්යේෂකයන් සඳහන් කළේ “අයිරිස්” පැත්තට එහි මතුපිට, – ශීතලේ මිදුණු  ලෝකයේ සාගර ජීවීන් සඳහා වාසයට සුදුසු තටාකයක් නිර්මාණය කිරීමට තරම් උණුසුම් – ෆැරන්හයිට් අංශක 68 (සෙල්සියස් අංශක 20) දක්වා උෂ්ණත්වයකට ළඟා විය හැකි බවයි.

“සෞම්‍ය ග්‍රහලෝකයක පෘථිවිය වැනි වායුගෝලයක් හඳුනා ගැනීම වෙබ් දුරේක්ෂයේ හැකියාවන් එහි අන්තයටම තල්ලු කිරීමකි – එහෙත්, එය කළ හැකි ය; (ඒ සඳහා) අපට යහමින් අවශ්‍ය වන්නේ නිරීක්ෂණ කාලය පමණකි,” යනුවෙන් සම කර්තෘ René Doyon, එම ප්‍රකාශයේ සඳහන් කර ඇත. හෙතෙම ද මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයෙකු වේ, “නයිට්‍රජන් බහුල වායුගෝලයක් පිළිබඳ වත්මන් ඉඟිය, තවත් දත්ත මගින් තහවුරු කරනු ලැබිය යුතුය. LHS 1140b හී වායුගෝලයක් ඇති බව තහවුරු කිරීමට අපට අවම වශයෙන් තවත් වසරක නිරීක්ෂණ කාලයක්  අවශ්‍ය වන අතර කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමට තවත් වසර දෙකක් හෝ තුනක් යා හැක.”

ක්ෂීරපථයේ චුම්භක ක්ෂේත්‍රය හරහා ගමන් කරන අන්තස්තාරිය දූවිලි අනුරූපයක් මන්දාකිණි වල සම්භවය ගැන වැඩි විස්තර දැන ගැනීමට විද්‍යාඥයින්ට උපකාර කරයි.

D. Paré, K. Karpovich සහ D. Chuss/Villanova විශ්වවිද්‍යාලය (PI); ත්‍රි-වර්ණ පසුබිම් අනුරූපය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ද (ESA), හර්ෂල් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය සහ දකුණු අප්‍රිකානු ගුවන්විදුලි තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ ද (SARAO) සහ MeerKAT රේඩියෝ දුරේක්ෂයේ ද දත්ත භාවිතා කරයි.

අපගේ මන්දාකිණිය වසර බිලියන 13 කට පෙර, ඒවායේම ගුරුත්වාකර්ෂණ බලයෙන් අන්තරීක්ෂ දූවිලි වලාකුළු අභ්‍යන්තරයට කඩා වැටුණු විට, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ තාපය හා පීඩනය සෙමෙන් ඒවා තරු සහ ග්‍රහලෝක බවට  … හෝ එවැනි දෙයක් බවට පරිවර්තනය කළේය. ක්ෂීරපථයේ මූලාරම්භය පිළිබඳ විස්තර තවමත් අපැහැදිලි වන අතර, මෙම පුරාණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම අතිශයින් දුෂ්කර ය.

කෙසේවෙතත්, ඒ මන්දාකිණි මධ්යස්ථානයේ නව සිතියම සහ එහි චුම්බක ක්ෂේත්‍රය විද්‍යාඥයින්ට අපගේ මන්දාකිනියේ පහලවීම බල ගැන්වූ බලවේග පිළිබඳව පෙර නොවූ විරූ ලෙස සවිස්තරාත්මක දර්ශනයක් ලබා දෙයි. ක්ෂීරපථයේ මධ්‍යයේ ආලෝක වර්ෂ 500ක් පුරාවට ඇති අන්තර් තාරකා දූවිලි මන්දාකිණියේ චුම්බක ක්ෂේත්‍රය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පෙන්වන   දුරේක්ෂ දත්ත එක්රැස් කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා ලොව පුරා සිටින පර්යේෂකයන් වසර හතරක් පුරා වෙහෙසුනහ. එහි ප්‍රත්ඵලයක් ලෙස බිහි වූ සිතියම තමයි, මේ විභේදනයෙන් මෙපමණ පැහැදිලිතාවකින් පෙන්නුම් කරණ ප්‍රථම සිතියම යයි ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශක, Villanova  විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ David T. Chuss පවසයි.

චුස් සහ ඔහුගේ කණ්ඩායම නාසා දුරේක්ෂයක් වන අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වන අපරවර්ති ගෝලීය(Stratospheric) නිරීක්ෂණාගාරය භාවිතයෙන් අභ්‍යවකාශ දූවිලි අධ්‍යයනය කළේ, අඩි 45,000ක් ඉහළින් පියාසර කළ ගුවන් යානයක සවිකර ඇති අධෝරක්ත කිරණ නිරීක්ෂණය කරමිනි. චුම්බක ක්ෂේත්‍ර මගින් දූවිලි මගින් නිකුත් වන ආලෝක තරංග විශේෂිත ආකාරයකින් දිශානතියට පත් කරන්නේ එම ආලෝකයට ධ්‍රැවීකරණය නම් ගුණයක් ලබා දෙමිනි. එබැවින් ධ්‍රැවීකරණය මැනීමෙන් ආසන්නයේ ඇති චුම්භකත්වය හෙළි කර ගත හැකිය. Villanova විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ Dylan Paré සහ ඔහුගේ සගයන් විසින් දුරේක්ෂයේ දත්ත දෘශ්‍ය නිරූපණය සඳහා සුදුසු කොටස් බවට පරිවර්තනය කරන ලද අතර, එවකට උපාධි අපේක්ෂකයෙකු වූ Kaitlyn Karpovich, දූවිලි උෂ්ණත්වය සහ විසරණය පිළිබඳ අමතර දුරේක්ෂ දත්ත භාවිතා කරමින් වර්ණවත් පසුබිම සකස් කළේය.

වර්ණ, විවිධ අංශු උෂ්ණත්වයන් සංකේතවත් කරයි: නිල් සහ දම් පිළිවෙලින් සීතල සහ උණුසුම් දූවිලි පෙන්නුම් කරයි, සහ කහ උණුසුම් වායුව දක්වයි. කුඩා, කැරකෙන අළු පැහැ රේඛා, චුම්බක ක්ෂේත්රය නියෝජනය කරයි. “ක්ෂේත්‍රය කෙතරම් සංකීර්ණද යන්න ගැන මම තවම ඉන්නේ පුදුම වෙමින්,” චුස් පවසයි, “මම මෙම සිතියම  බොහෝ වේලාවල නිරීක්ෂණය කරනවා, එත් ඒ හැම වතාවෙම වගේ මට ඒ ගැන අලුත්, අලුත් දේවල් දකින්න ලැබෙනවා.”

“California Institute of Technology හි තාරකා විද්‍යාඥ Roberta Paladini පවසන්නේ ක්ෂීරපථ දූවිලි අධ්‍යයනය කිරීමෙන් ගුරුත්වාකර්ෂණය සහ චුම්භකත්වය අතර විස්තීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය වඩාත් පැහැදිලි කළ හැකි බවත්, තරු සෑදීම පිණිස දූවිලි වලාකුළු කඩා වැටීම සිදුවන්නේන් කිකලද යන්න සහ එසේ සිදුවන්නෙ ඇයි දැයි සොයා බැලීමට විද්‍යාඥයින්ට උපකාර කරන බවයි. “මෙම බලවේග දෙක සමබරව ක්‍රියාත්මක වන විට, වලාකුළ කඩා වැටෙන්නේ නැත,” ඇය පවසයි, “නමුත් යම් අවස්ථාවක දී ගුරුත්වාකර්ෂණය ජය ගන්නේමය; එසේම, චුම්බක ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම, බිඳවැටීම සිදුවන්නේ කවදාද සහ තරු මතුවන්නේ කවදාදැයි දැන ගැනීමට අපට උපකාරී වනු ඇත.” 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending