නියැන්ඩර්තාල් මානවයන් සහ නූතන මානවයන් මුසු වීම මුල් කාලයේ, නිතර සිදුවිය

පුරාණ ඩීඑන්ඒ අධ්‍යයනයෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳ නියැන්ඩර්තාල්වරුන්ගෙ ඇසින් බැලීමට අවස්ථාවක් ලබා දෙන අතර, අපගේ ඥාති සොහොයුරන් අතුරුදහන් වූ ආකාරය පිළිබඳ ඉඟි සපයයි  

මෙම කලාකරුවාගේ ප්‍රතිනිර්මාණයේදී නිරූපණය කර ඇති ආකාරයටම නියැන්ඩර්තාල් මානවයන්ටද නූතන මිනිසුන් සමඟ නැවත නැවත කායිකව එක්වීම් සිදුවූ බව පෙන්වා දෙන ජාන තිබුණි.

 වඳ වී ගිය නියැන්ඩර්තාල් මානවයන්ට ණයගැති වී සිටින වර්ටමාන මානවයන්ගේ ජාන දශක ගණනාවක් තිස්සේ පර්යේෂකයන් විසින් අනාවරණය කර ගනු ලබමින් ඇත – එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන, අපගේ රුධිර කැටිගැසීමට උපකාරී වන සහ මානසික අවපීඩනයේ දී ද දායක විය හැකි ජානමය උරුමයකි. දැන්, මෙය කණපිට හරවමින් පුරාණ ඪ්ණ්A පිළිබඳ අධ්‍යයනයක් නියැන්ඩර්තාල්වරුන්ගෙන් මෙසේ අසයි: ඔවුන් අපෙන් ලබාගත්තේ කුමක්ද? මේ සතියේ Science හී පළ වී ඇති පර්යේෂණ වාර්තවක් නිගමනය කරන්නේ නියැන්ඩර්තාල් මානවයන්ට ඔවුන්ගේ මොළයේ වර්ධනයට සම්බන්ධ ජාන කිහිපයක් ඇතුළුව ජෙනෝමයෙන් 10%ක් පමණ උරුම වී ඇත්තේ නූතන මානවයන්ගෙන් බවයි. නියැන්ඩර්තාල්-ඇස් දර්ශනය පර්යේෂකයන්ට කණ්ඩායම් දෙක එකිනෙකා හා සම්මිශ්‍රණය වූ විට, ඔවුන් ඉතා ඉක්මනින්ම දරුවන් බිහි කළ බව සොයා ගැනීමට ඉඩ ලබා දුන්නේය: වසර 200,000ටත් කලකට පෙර, එනම් Homo sapiens (නුවණැති මිනිසා) විශේෂයක් ලෙස සමහන් වී() වැඩිකල් යන්නට පෙරයි. පුරාණ නියැන්ඩර්තාල් DNA යෝජනා කරන්නේ මීට වසර 105,000 සිට 120,000 දක්වා කාලයකට පෙර සහ වසර 45,000 සිට 60,000 දක්වා කාලයකට පෙර කායික සබඳතා නැවත නැවතත් සිදු වූ බවයි. අධ්‍යයනයට නායකත්වය දුන් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ Joshua Akey පවසන්නේ (දෙපාර්ශවය අතර) “සංසර්ගය කලින් සිතුවාට වඩා සාමාන්‍ය දෙයක් බවට තර්කය ඉන් ගොඩනැගෙන බවයි.

මෙමගින් මැවෙන නව චිත්‍රය නියැන්ඩර්තාල් මානවයන් සහ නූතන මිනිසුන් අතර මායිම් තවදුරටත් බොඳ කරයි. තවද එය නියැන්ඩර්තාල් ජෙනෝමයේ ලක්ෂණ හඳුනාගෙන ඇති අතර එමඟින් හඟවන්නේ, විශාල මොළ ඇති, ඝන ඇස් බැමි සහිත අපේ මේ ඥාතීන් අතිශය දුර්ලභ විශේෂයක් වූ අතර, ඔවුන් වඳ වී ගියේ මන්දැයි පැහැදිලි කිරීමට එය උපකාරී වේ. චිකාගෝ විශ්ව විද්‍යාලයේ පුරාජානවිද්‍යාඥ(paleogeneticist) Maanasa Raghavan  පවසන්නේ “නියැන්ඩර්තාල් ජනගහනය කෙතරම් කුඩාද යන්න දැකීම තැතිගන්වන සුළුය-මෙය ඉතා ප්‍රබල ප්‍රතිඵලයකි.” යනුවෙනි.

මෙමගින් මැවෙන නව චිත්‍රය නියැන්ඩර්තාල් මානවයන් සහ නූතන මිනිසුන් අතර මායිම් තවදුරටත් බොඳ කරයි. තවද එය නියැන්ඩර්තාල් ජෙනෝමයේ ලක්ෂණ හඳුනාගෙන ඇති අතර එමඟින් හඟවන්නේ, විශාල මොළ ඇති, ඝන ඇස් බැමි සහිත අපේ මේ ඥාතීන් අතිශය දුර්ලභ විශේෂයක් වූ අතර, ඔවුන් වඳ වී ගියේ මන්දැයි පැහැදිලි කිරීමට එය උපකාරී වේ. චිකාගෝ විශ්ව විද්‍යාලයේ පුරාජානවිද්‍යාඥ(paleogeneticist) Maanasa Raghavan  පවසන්නේ “නියැන්ඩර්තාල් ජනගහනය කෙතරම් කුඩාද යන්න දැකීම තැතිගන්වන සුළුය-මෙය ඉතා ප්‍රබල ප්‍රතිඵලයකි.” යනුවෙනි.

වෙනස් විශේෂයක් ලෙසින් කලක් දුටු නියැන්ඩර්තාල්වරුන්ගේ ෆොසිලවල DNA අනුක්‍රමණය පර්යේෂකයන් විසින් ප්‍රථමයෙන් සිදු කර ,   සොයා ගත් දා සිට වසර 14ක් තුළ නියැන්ඩර්තාල්වරු  සම්පූර්ණ නව හැඩගැන්වීමක් ලබා ඇතූවාක් මෙන්ම නවීන මානවයන් සමඟ අන්තරාභිජනනය වී ඇති බව ද හෙළිවිණ. අප්‍රිකාවෙන් පිටත ජීවත්වන බොහෝ මිනිසුන්ට, ඔවුන්ගේ DNA වලින් 1% සිට 2% දක්වා ප්‍රමාණයක් උරුම වී ඇත්තේ නියැන්ඩර්තාල්වරුන්ගෙන්, සමහර විට එය, වසර 45,000 සිට 60,000 දක්වා අතර, යුරෝපයේ හෝ මැද පෙරදිග දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ මිශ්‍ර කිරීමේ  සිට විය හැකිය.

බොහෝ කණ්ඩායම් විසින් සාපේක්ෂ වශයෙන් මෑත කාලීන ජෝඩුවීම්වලින් නූතන මිනිසුන් ලබාගත් නියැන්ඩර්තාල් DNA අධ්‍යයනය කරනු ලැබ ඇත. එහෙත් සංසර්ගය යනු ද්විපාර්ශ්වික එකතුවකිකි. Akey සහ postdoc Liming Liට අවශ්‍ය වූයේ මිශ්‍රවීමේ ප්‍රමාණය සහ නියැන්ඩර්තාල්වරුන්ට මෙන්ම නූතන මිනිසුන්ට එහි බලපෑම පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමටය. එබැවින් ඔවුන් නියැන්ඩර්තාල් මානවයන් වෙත සම්ප්‍රේෂණය වූ නවීන මානව DNA හඳුනාගැනීමට උත්සාහ කළ අතර, එය හඳුනාගැනීම සඳහා Clemson විශ්වවිද්‍යාලයේ ජනගහන ජාන විද්‍යාඥ Kelsey Witt  විසින් හඳුන්වනු ලබන “අලංකාර” ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී.. ඔවුන් තර්ක කළේ නියැන්ඩර්තාල් ජෙනෝමය තුළ, අවට DNA වලට වඩා වැඩි ප්‍රවේණික විවිධත්වයක් හෝ විෂමතාවයක් තිබීම මගින් නූතන මිනිසුන්ගෙන් උරුම වූ DNA කොටස් කැපී පෙනෙන ලෙස සැලකිය යුතු බවයි. එයට හේතුව ජාන විවිධත්වය ජනගහන ප්‍රමාණය පිළිබිඹු කරන නිසාත්, පෙර ප්‍රවේණික පර්යේෂණවලින් පෙන්නුම් කළේ නූතන මිනිසුන් දිගු කලක් නියැන්ඩර්තාල්වරුන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවයි.

ඔවුන් තර්ක කළේ නියැන්ඩර්තාල් ජෙනෝමය තුළ, අවට DNA වලට වඩා වැඩි ප්‍රවේණික විවිධත්වයක් හෝ විෂමයුක්තාණුකතාවක්(heterozygosity) තිබීම මගින් නූතන මිනිසුන්ගෙන් උරුම වූ DNA කොටස් කැපී පෙනෙන ලෙස පැවතිය යුතු බවයි. එයට හේතුව ජාන විවිධත්වය ජනගහන ප්‍රමාණය පිළිබිඹු කරන නිසාය. තවද, පෙර ප්‍රවේණික පර්යේෂණවලින් පෙන්නුම් කළේ නූතන මානවයින්, දිගු කලක් නියැන්ඩර්තාල්වරුන්ට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත සිටි බවයි.

පර්යේෂකයන් ක්‍රොඒෂියාවේ සහ සයිබීරියාවේ සිට නියැන්ඩර්තාල් තිදෙනෙකුගේ ප්‍රකාශිත ජෙනෝම පරිලෝකනය කර ප්‍රකාශයට පත් කළේ ඔවුන්ට ඇත්ත වශයෙන්ම එවැනි ඉහළ විෂමයුක්තාණුකතාවක් ඇති ප්‍රදේශ තිබේදැයි බැලීමටය – ඇත්තටම ඔවුන්ට එසේ තිබුණි. විචල්‍ය ඩීඑන්ඒ කොටස් ප්‍රාක්තන නූතන මිනිසුන්ගෙන් ආරම්භ වූ බව තහවුරු කිරීම සඳහා, පර්යේෂකයෝ ජීවමාන අප්‍රිකානුවන්ගේ ජෙනෝමවල කොටස් සෙවූහ. මොවුනට, යුරේසියාව පදනම් කරගත් පූර්වජ නියැන්ඩර්තාල්වරුන් හමු වූයේ කලාතුරකිනි.  මෙම කොටස් පැවතීමෙන් තේරුම්යන්නේ, ඒවා ආරම්භ වූයේ නියැන්ඩර්තාල්වරුන්ගෙන් නොව අප්‍රිකාවේ ප්‍රාක්තන නූතන මිනිසුන්ගෙන් බවයි. එම පුද්ගලයන්ගෙන් සමහරක් අප්‍රිකාවේ රැඳී සිටි අතර ජීවමාන අප්‍රිකානුවන්ට එම කොටස් පවරා දුන්හ. තවත් අය ඉවත්ව ගොස් විවිධ ඇලිල(alleles) නියැන්ඩර්තාල්වරුන්ට දායාද කළහ. ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පුරාමානවවිද්‍යාඥ Chris Stringer  පවසන්නේ “මෙම ක්‍රමය විචක්ෂණශීලියි— මන්ද, නියැන්ඩර්තාල් මානවයන් අපෙන් ලබාගත් දේ ගැන ඉගෙන ගැනීමට එය භාවිතා කරන්නේ අප්‍රිකානුවන් තුළ  නවීන මානව DNA වල ඉතා කුඩා කොටස් නිසයි.

නූතන මානව DNA වල විවිධ කොටස්වල දිග සහ අනෙකුත් ලක්ෂණ විශ්ලේෂණය කිරීමෙන්,  මෙම පුරාණයේ මෙම එක්වීම් නැතිනම් ජෝඩුවීම් සිදු වූයෙ කිකලද යන්න මෙන්ම කොපමණ වාර ගණනක් ද යන්න  Akey සහ Li හට ගණනය කළ හැකි විය. 

කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද පළමු සංසර්ග කථාංගය ඉතා පැරණියි – වසර 200,000 සිට 250,000 දක්වා කාලයකට පෙර, එනම්, ව්‍යවච්ඡේදකව (anatomically) නූතන මිනිසුන් අප්‍රිකාවේ ෆොසිල වාර්තාවල ප්‍රථම වරට දක්නට ලැබෙන කාලය ආසන්නයේ ය. සමහර ප්‍රාක්තන නූතන මානවයන් දේශගුණය තෙතමනය සහිත වූ විට සහරා කාන්තාරය තරණය කර, ඇන්ටිලෝප්, පැස්බරා සහ වෙනත් දඩයම් සතුන් පි‍ටුපස ගමන් කර, අවසානයේ මැදපෙරදිගට ඇවිද ගිය අතර එහිදී ඔවුන්ට නියැන්ඩර්තාල්වරුන් හමු වූ බව කණ්ඩායම අනුමාන කරයි.

ෆොසිල කිහිපයක් – ග්‍රීසියෙන් සොයාගත් නවීන මානව හිස් කබලක් යයි සැලකෙන්නක් සහ ඊශ්‍රායලයෙන් සොයාගත් හනුවක් ලෙස සැලකෙන්නක් – නූතන මානවයන් එතරම් පුරාණ කාලයේ දී අප්‍රිකාව හැර ගිය බවට වූ අදහසට සහාය දක්වයි. ඔවුන්ගේ පරම්පරාව මිය ගොස් අතුරුදන්ව ගියේය. එහෙත් ඒ, ඔවුන් නියැන්ඩර්තාල්ගේ ජෙනෝමය මත ඔවුන්ගේ සලකුණ තැබීමෙන් පසුවය.

නියැන්ඩර්තාල්-නූතන මානවයින් ජෝඩුවීමේ(සංසර්ගයේ) තවත් වටයක් Akeyගේ කණ්ඩායම විසින් වසර 105,000 සිට 120,000 දක්වා කාලයකට පෙර වකවානුවක් ලෙස දින නියම කරන ලදී. පර්යේෂකයන් අනුමාන කරන්නේ එම හමුවීම් මැදපෙරදිග ද සිදුවන්නට ඇති බවයි, මන්ද නූතන මිනිසුන් සහ නියැන්ඩර්තාල්වරු එකල අවට ගුහාවල ජීවත් වූ බව දැන සිටි කාරණයක් බැවිනි. එක් කණ්ඩායමක් සිතන්නේ ඔවුන්ට දෙමුහුන් ජනිතයන් සොයාගත හැකි වූ බවයි: මධ්‍යම ඊශ්‍රායලයේ ණෙශෙර් ර්‍අම්ල ගල්වලෙන් හමු වූ වසර 120,00 ත් 130,000 ත් අතර කාලයකට පෙර යයි සැලකෙන නවීන මෙවලම් සහිත අමුතු පෙනුමක් ඇති නියැන්ඩර්තාල් මානවයාගේ අවශේෂ.

දෙකොට්ඨාශය මිශ්‍රවීමේ තුන්වන වටය වන්නේ, බොහෝදුරට මැද පෙරදිග හෝ යුරෝපයේ විය හැකි, වසර 50,000 ත් 60,000 ත් අතර කාලයකට පෙර, නියැන්ඩර්තාල් මානවයන් සහ නූතන මානවයන් වසර දහස් ගණනක් තිස්සේ අතිච්ඡාදනය වූ බවට ඇති  හුරුපුරුදු කතාවයි.

ජීවමාන මිනිසුන් තුළ ස්නායු සම්ප්‍රේෂක අවශෝෂණයට සහ ඔටිසම් රෝගයට සම්බන්ධ ජානයක් වැනි ඔවුන්ගේ පරිවෘත්තිය, බුද්ධිමය ආබාධ සහ ස්නායු වර්ධනයට බලපෑම් ඇති කරන ජාන වලින් මෙම හමුවීම් මගින් නියැන්ඩර්තාල් මානවයන් සජ්ජිත කෙරිණ. (මෙම ප්‍රවේණික ප්‍රභේදය නියැන්ඩර්තාල්වරුන් සමහර නූතන මිනිසුන්ට දායාද කළ තවත් ඔටිසම් සම්බන්ධ ප්‍රභේදයකට වඩා වෙනස් ය.) ජාන ප්‍රභේදවලින් නියැන්ඩර්තාල්වරු ඔටිසම් හෝ ස්නායු සංවර්ධන ආබාධවලින් පෙළුණු බවක් අදහස් නොකෙරේ යයි Akey පෙන්වා දෙයි. මෙම ජානවල මානව අනුවාද ඇත්ත වශයෙන්ම පුරාණ මිනිසුන්ට බලපෑවේ කෙසේද යන්න ගවේෂණය කිරීමට නම් ඔහුට මෙම ජාන පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් කිරීමට සිදුවනු ඇත.

නියැන්ඩර්තාල් මානවයන්ගේ විවිධ DNA වලින් සමහරක් නූතන මිනිසුන්ගෙන් පැමිණියේ නම්, අපගේ ඥාති සොහොයුරන්ට තියෙන්නට ඇත්තේ කලින් සිතුවාටත් වඩා අඩු ජාන විවිධත්වයකි – එබැවින් කලින් සිතුවාටත් වඩා අඩු ගහනයකි. අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ වසර 250,000 ත් 40,000 ත් අතර කාලයකට පෙර නියැන්ඩර්තාල් සංඛ්‍යාව අඩු වී ඇති බවත්, පෘථිවියේ ඔවුන්ගේ කාලය අවසන් වන විට,  අවම වශයෙන් 10,000ක අභිජනනයෝග්‍ය නූතන මිනිසුන් සමඟ සසඳන විට ඔවුන්ගේ අභිජනනයෝග්‍ය ගහනය 3000 ට වඩා අඩු බවත් යයි Akey පවසයි. නියැන්ඩර්තාල්වරුන්ගේ සංඛ්‍යාව මෙතරම් කුඩා වන්නට ඇත්තේ ඔවුන් වැඩි වශයෙන් ජීවත් වූයේ දේශගුණික විපර්යාස සහ ග්ලැසියර වලට ගොදුරු විය හැකි උතුරු ප්‍රදේශවල නිසා බව Stringer පවසයි.

නියැන්ඩර්තාල් ජාන සහිත පුද්ගලයන් හදිසියේම අතුරුදහන් නොවූ බව Akey පෙන්වා දෙයි – සිදුවූයේ ඔවුන්ගේ ජනිතයන් වඩ වඩාත් නවීන මානව DNA ලබා ගැනීමයි. “අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූ නූතන මිනිසුන්ගේ ප්‍රවාහයන්ගෙන් ඔවුහු යටපත්ව ගියහ,” ඔහු පවසයි, “නූතන මානව ජනගහනය විසින් අවසානයේ නියැන්ඩර්තාල්වරුන් අවශෝෂණය කර ගනු ලැබුවා.”

සොයාගැනීම්වලින් පෙනී යන්නේ, ඊට පෙර පවා, අපගේ මුතුන් මිත්තන් සහ නියැන්ඩර්තාල්වරුන් අතර අප දැන සිටියාට වඩා බොහෝ පොදු දේ වූ බවයි. ” අප ‘අපි’ සහ ‘ඔවුන්’ ලෙසින් සලකා සිතීම මෙම පර්යේෂණ වාර්තව මගින් අහවර කර දමනු ඇති” Raghavan පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending