
උත්සාහ කිරීමෙන්, ජාතික කතිකාව වෙනස් කිරීමට සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවම කිරීමට හැකි වේ. Gajus/iStock/Getty Images Plus
සමාජ මාධ්‍ය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය – චක්‍රය බිඳ දැමිය යුතු ආකාරය
පසුගිය සෙනසුරා දා (ජූලි 13 වන දින) ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම දැනටමත් බෙහෙවින් උණුසුම් වී ඇති එක්සත් ජනපද මැතිවරණ සමය තවත් රත් රත්කරවන්නකි. මෙහි දී දේශපාලන ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වූයේ බොහෝ විට එය අනුබල දෙන බව සොයාගෙන ඇති පක්ෂයට එරෙහිවය. දේශපාලන ප්‍රචණ්ඩත්වය පාලනය කළ නොහැකි ආකාරය සහ වර්තමාන කාලය ඇමරිකාවට කෙතරම් භයානක ද යන්න මෙම සිදුවීම පෙන්නුම් කරයි.
ඇත්ත වශයෙන්ම ඇමරිකානු දේශපාලනයේ විවාදාත්මක හා ප්‍රතිපාක්ෂික ස්වභාවය සංකූලතාවේ කොටසකි. එහෙත් තාක්ෂණය, හදිසි පුවත් වර්ධන තේරුම් ගැනීම ඇමරිකානුවන්ට වඩාත් අපහසු කරයි.
වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සූක්ෂමව කරුණු පරීක්‍ෂාවෙන් පසු මාධ්‍ය ආයතන අතලොස්සක් පමණක් එම පුවත් සමාජයේ පුළුල් පරාසයකට වාර්තා කළ කාලය දැන් ගෙවී ගොස්ය.
ඊට පටහණිව, අද ඕනෑම කෙනෙකුට, මාර්ගගතව පුවත් “වාර්තා” කළ හැක. අවශ්‍යවන්නේ ඔවුන් පවසන දේ සිදුවීම් “විශ්ලේෂණයන්” වීම සහ අපේක්ෂිත ආඛ්‍යානයකට හෝ දේශපාලන ඉදිරිදර්ශනයකට ගැලපෙන පරිදි සත්‍ය, ප්‍රබන්ධ, සමපේක්ෂන සහ මතවාද ඒකාබද්ධ කිරීමය.
එවිට එම ඉදිරිදර්ශනය පෝස්ටරයේ නිල කාර්යාලය, ශුද්ධ වටිනාකම, සමාජ මාධ්‍ය අනුගාමිකයින් සංඛ්‍යාව හෝ ප්‍රවෘත්ති චක්‍ර පිරවීමට උත්සාහ කරන ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති සංවිධානවල අවධානය යොමුවීම අනුව නීත්‍යානුකූල බවක් පෙනෙන්නට තිබේ.
ඒ ඉතින්, ඇත්ත සේ ඔප්පුදෙන ශ්‍රව්‍ය සහ වීඩියෝ උපුටනවල(clips) බොරු සහ වැරදි නිරූපණයන් අන්තර්ජාලය හා සමාජය තුළ තවදුරටත් ව්‍යාකූලත්වය සහ අවිශ්වාසය වැපිරීමට හැකි සැඟවුණු ව්‍යාජයන්(deepfakes)[අවස්ථා හෝ සිද්ධි පිළිබඳ සැඟවුණු ව්‍යාජ ප්‍රවෘත්ති දැනටමත් යථාර්ථය පිළිබඳ ප්රේක්ෂකයන්ගේ සංජානන අවුල් කර ඇති තාක්ෂණයන්ගේ ඊළඟ අදියර නියෝජනය කරයි.] යමක් නොකියාමය.
අද අන්තර්ජාලය පදනම් කරගත් ආඛ්‍යාන බොහෝ විට සෘජුව හෝ අනුමාන සහ ඇඟවීම් හරහා පුද්ගලික ප්‍රහාරවලට සම්බන්ධ වේ – ඒ තමයි විශේෂඥයින් විසින් හඳුන්වනු ලබන දේ “අනුමානික ත්රස්තවාදය”(stochastic terrorism). එයින් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්න පුළුවන්. දේශපාලන ප්‍රචණ්ඩත්වය නොවැළැක්විය හැකි ප්‍රතිඵලයයි – වසර ගණනාවක් තිස්සේ එවන් ප්‍රහාරයන් පවතී. උදාහරන වශයෙන් දක්වතොත්, එක්සත් ජනපද නියෝජිත Gabby Giffords, හිටපු කථානායක Nancy Pelosiගේ සැමියා, පෝල්, ඒ වගේම 2017 කොන්ග්‍රස් බේස්බෝල් පුහුණුවීමේ දී වෙඩි තැබීම, 2021 ජනවාරි 6 කැරැල්ල, සහ මේ අවස්ථාවේ ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන, හිටපු ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සඳහන් කළ හැක.

රහස් ඔත්තු සේවය විසින් ඉවත් කරගෙන යන අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප් මදක් නැවතී අත මිට මොලවා ජනතාවට දක්වයි.
වෙඩි උණ්ඩ මෙන්ම කුමන්ත්‍රණ දසත පැතිරෙද්දී
දේශපාලන ප්‍රතිවාදීන්ට, මාධ්‍යයට දොස් පැවරමින් හෝ ෆෙඩරල් ආන්ඩුව විසින් සිදු කරන ලද නපුරු “අභ්‍යන්තර කුමන්ත්‍රණයක්” සිද්ධිය පිටුපස ඇති බව ඇඟවුම් කරන ක්ෂණික ප්‍රතික්‍රියා ආඛ්‍යාන සමඟින් ප්‍රහාරයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත දක්ෂිනාංශික සමාජ මාධ්‍ය පුපුරා යන්නේ යයි ආරක්ෂාව සහ අන්තර්ජාල පර්යේෂකයෙකු වශයෙන් මට සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ හැකි විය. කෙසේවෙතත්, මෙම ගිනි දැල් අවුලුවන්නෝ, සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් හෝ ප්‍රමුඛ ව්යාපාරික ධන කුවේරයන් පමණක් නොවූහ. රිපබ්ලිකානුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඒ ආකාර ප්‍රකාශ නිකුත් කළහ. නිදසුනක් වශයෙන්, ප්රහාරයෙන් පැයකට අඩු කාලයකට පෙර, ජෝර්ජියා කොන්ග්රස් සභික Mike Collins ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල කළේ “ඝාතනයක් උසිගැන්වීම” සහ බයිඩන් “නියෝග එව්වා.” යනුවෙන් දක්වමිනි. Ohio සෙනෙට් සභික, දැන් ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති J.D. Vance, ප්රහාරය සඳහා බයිඩන් වග කිව යුතු යයි යනුවෙන් ඇඟෙව්වේය.
ලේ වැගිරෙන හිටපු ජනාධිපති ටෘම්ප් නැඟිට රැලියෙන් පිටවීමට පෙර මිට මොලවා සොලවමින් සිටිනා ඡායාරූපය වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුගේ රහස් සේවා නිළධාරීන් ඔහු එතැනින් ඉවත් කිරීම ප්රමාද කළේය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය විසින් පසුව එදිනම සවස අරමුදල් රැස්කිරීමේ විද්‍යුත් තැපෑලක් නිකුත් කරන ලදී. මෙය ජාතික මට්ටමෙන් සානුකම්පික අවධානය දිනා ගැනීම සඳහා සිදු කළ “මවා පෑමේ” ප්‍රහාරයක් බවට ඇතැම් ට්‍රම්ප් විරෝධීන් යෝජනා කිරීමට මග පෑදීය. තවත් පිරිසක් කියා සිටියේ මෙම සිදුවීම තමන් පීඩාවට ගොදුරු වන පාර්ශය බව තම ආධාර කරුවන්ට දන්වමින් ට්‍රම්ප් දිගටම සිදු කරන පණිවිඩ යැවීමට ගැලපෙන බවයි.
ඓතිහාසික ඉදිරිදර්ශනයකින් සළකතොත්, 2018 දී ඝාතන තැතකින් දිවි ගලවා ගත් බ්‍රසීලයේ හිටපු දක්ෂිනාංශික ජනාධිපති Jair Bolsonaro 2019 දී රටේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස පත් වූ බව සඳහන් කිරීම වටී.

සත්‍යයට ළංවීමට හැකි වේගයට වඩා වැඩි වේගයෙන්, නරක තොරතුරු ලොව පුරා පැතිර යා හැකිය. Richard Drury/Digital Vision via Getty Images
සැබෑ සත්‍යය දැන ගැනීමට පෙර, අන්තර්ජාල ආඛ්‍යාන, මීමස් සහ අන්තර්ගතයට ලොව පුරා ලැව් ගින්නක් මෙන් ව්යාප්ත විය හැකි බව බොහෝ කලක සිට දන්නා කරුණකි. සත්‍ය හෝ මනඃකල්පිත වේවා එම ආඛ්‍යාන, අවාසනාවකට මෙන්, සාම්ප්‍රදායික ප්‍රවෘත්ති සංවිධාන විසින් ග්‍රහණය කර ගනු ලැබිය හැකි අතර – ඒ අනුව, ඒවාට නීත්‍යනුකූල භාවයක් ලබා දී තවදුරටත් ප්‍රචාරය කරනු ලැබේ.
සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික ප්‍රවෘත්ති සේවා යන දෙඅංශයෙන්ම විස්තාරණය කරන ලද එවැනි පණිවිඩ දකින බොහෝ දෙනෙක්, බොහෝ විට ඒවා විශ්වාස කරන්න පමණක් නොව සමහරෙක් දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් නැතිනම් ත්‍රස්තවාදයෙන් ප්‍රතිචාර දැක්විය හැක.
පිළියම් ලෙස කළ හැකි යමක් වේද?
මෙම භයානක චක්‍රය බිඳ දැමීමට සාමාන්‍ය පුද්ගලයින්ට උපකාර කළ හැකි ක්‍රම කිහිපයක් ඇති බව පර්යේෂණ කිහිපයක් පෙන්වා දෙයි.
උණුසුම් පුවත්වල ක්ෂණික බලපෑමෙන් පසුව ඇතිවන අවස්ථාවේ දී, මුලින් පළ වූ වාර්තා බොහෝ විට වැරදි, අසම්පූර්ණ හෝ නිරවද්‍ය නොවන බව මතක තබා ගැනීම වැදගත්ය . වේගයෙන් වර්ධනය වන ප්‍රවෘත්ති සිදුවීම් අතරතුර දේවල් නැවත පළ කිරීමට ඉක්මන් වෙනවා වෙනුවට, සබැඳි අන්තර්ගතය ක්ෂණිකව නැවත ට්වීට් කිරීම, නැවත පළ කිරීම හෝ වෙනත් ආකාරයකින් විස්තාරණය කිරීමෙන් වැළකීම වඩාත් සුදුසුය. . බහුවිධ විශ්වසනීය මූලාශ්‍ර මගින් තොරතුරු තහවුරු කර ඇති විට, (දේශපාලන වර්ණාවලිය හරහා තහවුරු කර ඇති විට වඩාත් ප්‍රශස්තයි), එය විශ්වාස කිරීමට සහ බෙදා හදා ගැනීමට තරම් ආරක්ෂිත වේ.

බොහෝ තරඟකාරී තොරතුරු මධ්‍යයේ නිවැරදි දේ සොයා ගැනීම දුෂ්කර විය හැකිය. mikkelwilliam/E+ via Getty Images
දිගුකාලීනව, ජාතියක් සහ සමාජයක් ලෙස, තාක්‍ෂණය සහ මානව ප්‍රවණතා අන්තර්ක්‍රියා කරන ආකාරය තවදුරටත් අවබෝධ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. පාසල් දරුවන්ට මාධ්ය සාක්ෂරතාව සහ විවේචනාත්මක චින්තනය ගැන වැඩි විස්තර ඉගැන්වීම, තරඟකාරී තොරතුරු වලින් පිරුණු සංකීර්ණ ලෝකයක ප්‍රබන්ධ වලින් සැබෑ කරුණු වෙන් කර ගැනීමට අනාගත පුරවැසියන් සූදානම් කිරීමට උපකාරී වේ.
තවත් විභව ප්‍රවේශයක් වන්නේ පාසල් පන්ති කාමර තුළ, ප්‍රජාචාරය සහ ඉතිහාස පාඩම් ප්‍රගුණ කිරීමෙන් අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැකි ආකාරය සහ – අපි සියලු දෙනාටම බලාපොරොත්තු වන පරිදි — අතීත වැරදි නැවත නොකිරීමට සිසුන්ට හැකියාව ලබා දීමයි.
සමාජ මාධ්‍ය සමාගම් ද විභව විසඳුමේ කොටසකි. මෑත වසරවලදී, අන්තර්ගතය නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් යොදවා තිබූ කණ්ඩායම් විසුරුවා හැර ඔවුන්ගේ වේදිකාවල ඇති තොරතුරු කෙරෙහි පරිශීලකයින්ගේ විශ්වාසය වැඩි කිරීමට ක්‍රියා කර ඇත. මෙම සමාගම්වලට අවශ්‍ය නම් වැරදි තොරතුරු, වැරදි තොරතුරු සහ කුමන්ත්‍රණ න්‍යායන් සඳහා ඔවුන්ගේ වේදිකාවන් ක්‍රියාකාරීව සොයා බැලීමට නිදහස ඇති බව මෑත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පැහැදිලි කරයි. කෙසේවෙතත්, සමාගම් සහ මතභේදාත්මක, නමුත් තාක්ෂණික වශයෙන් නීත්‍යානුකූල ලෙස සැලකිය හැකි, අන්තර්ජාල අන්තර්ගතයන් ඔවුන්ගේ වේදිකාවෙන් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරණ X හිමිකරු Elon Musk ඇතුළුව ඊණියා “නිදහස් කථන නිරපේක්ෂවාදීන්” මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය.
තහවුරු නොකළ කුමන්ත්‍රණ න්‍යායන් හෝ අතථ්‍ය තොරතුරුවලට හඬක් නොදී වෛෂයිකව මහජනතාව දැනුවත් කිරීමේ වගකීම සාම්ප්‍රදායික මාධ්‍ය සංවිධාන දරයි. ප්‍රශස්තව, ප්‍රවෘත්ති වැඩසටහන් සඳහා ආරාධනා කරනු ලබන සුදුසුකම් ලත් අමුත්තන් විසින් සමපේක්ෂනය වෙනුවට ප්‍රයෝජනවත් කරුණු සහ දැනුවත් මතය මහජන කතිකාවට එක් කරනු ලබනු ඇත. සිය රාජකාරිය බරපතල ආකාරයෙන් සළකන ප්‍රවෘත්ති ධාරකයින් “අහන්නන් වාලේ ප්‍රශ්න ඇසීම” හෝ බොහෝ විට අන්තර්ජාලයෙන් ලබා ගත් අන්ත න්‍යායන් ප්‍රවෘත්ති චක්‍රය වෙත ගෙන යාමේ ක්‍රම ලෙස “ඊනියා දෙපැත්ත ආවරණය කිරීම” යන වාචාල තාක්‍ෂණය යොදා ගනීම(ප්‍රවෘත්ති චක්‍රයට ඇතුළු වූ පසු ඒවා ප්‍රකර්ෂණයක් සහ විස්තාරණය ලබා ගනී) මග හරිනු ඇත.
ඉටු කළ හැකි කාර්යභාරයක් මහජනතාවටත් ඇත
කුමන්ත්‍රණ න්‍යායන් සහ පුද්ගලික ප්‍රහාර සාමාන්‍ය උපාය මාර්ග ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන නිලධාරීන් තෝරා පත් කර ගැනීම සහ දේශපාලන පක්ෂවලට සහාය දැක්වීම කෙරෙහි වගකිවයුතු පුරවැසියන්ට අවධානය යොමු කළ හැකිය. මාධ්‍ය ඉදිරියේ ඔවුන් මවන ප්‍රතිරූපය සහ ඔවුනට සමාජ මාධ්‍ය අනුගාමිකයින්ගේ කොපමණ සංඛ්‍යාව සිටීද යන්න නොව, ප්‍රතිපත්තිමය සම්ප්‍රසාධනය කෙරෙහි අවධානය යොමු කරන දේශපාලනඥයන්ට ඔවුන් සළකන බව ඡන්දදායකයින්ට පැහැදිලි කළ හැකිය.
එසේ කිරීම, කාලයාගේ ඇවෑමෙන්, නූතන අන්තර්ජාල දේශපාලන ආඛ්‍යානවල සංදර්ශනය සාමාන්‍යයෙන් සමාජ අසමගිය වැපිරීමෙන් සහ රජයට ක්‍රියා කිරීමේ හැකියාව පහත හෙලීමෙන් ඔබ්බට කිසිදු ප්‍රයෝජනවත් අරමුණක් ඉටු නොකරන බවටත්, එපමණක් නොව, දේශපාලන ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට තුඩු දිය හැකිය බවටත් පණිවිඩය ලබා දිය හැකිය.
පැහදිලිවම, මේවා ක්ෂණික පිළියම් නොවන බව තේරුම් ගත හැකිය. මෙම උත්සාහයන් බොහොමයක් ඉටු කිරීමට කාලය — සමහරවිට වසර ගණනාවක් පවා ගත වනු ඇත තවද, ඒවා ඉටු කිරීමට මුදල් සහ ධෛර්යය ද අවශ්‍ය වනු ඇත.
එතෙක්, සමහර විට ඇමරිකානුවන්ට ස්වර්ණමය රීතිය නැවත සලකිල්ලට ගත හැකිය – එනම්, ඔවුන් අපට කළ යුතු දේ අන් අයට කිරීම. ප්‍රවෘත්ති චක්‍රයේ කරුණු අවධාරණය කිරීම, පොදු අවකාශයේ අවංකකම සහ අපගේ පාසල්වල උගන්වන මාධ්‍ය සාක්ෂරතාව ආරම්භයකට යෝග්‍ය ස්ථාන ලෙස පෙනේ.
The Conversation(July 16th, 2024) හී පළවන Social media and political violence – how to break the cycle යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න