
Mare Tranquillitatis හි චන්ද්‍ර ආවාටය චිත්‍ර දිල්පියෙකුට පෙණෙන හැටි. Photograph: Nasa
සඳ මත ඇති භූගත ගුහාව අනාගත චන්ද්‍ර ගවේෂකයන් සඳහා සුදුසු කඳවුරක් විය හැකිය
සඳ මතුපිට සිට ප්‍රවේශ විය හැකි ගුහාවක් සඳහා සාක්ෂි පර්යේෂකයෝ සොයා ගනිති – එය සඳ මතුපිට කටුක පරිසරයේ දී ගවේෂකයන් ආරක්ෂිත ස්ථානයක් බවට පත් විය හැකිය
පර්යේෂකයන් විසින් සඳෙහි මතුපිට සිට ප්‍රවේශ විය හැකි සැලකිය යුතු භූගත ගුහාවක් පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති අතර, එම ස්ථානය අනාගත ගවේෂකයන් සඳහා චන්ද්‍රයා මත කඳවුරක් තැනීමට ප්‍රධාන ස්ථානයක් බවට පත් විය හැකියි.
අඩසියවසකට පමණ පෙර ඇපලෝ 11 ගගනගාමීන් වන Neil Armstrong සහ Buzz Aldrinප්‍රථම වරට සඳ මත පා තැබූ ඉපැරණි ලාවා තැන්න වන Mare Tranquillitatis (නිසල මුහුද) හි විවෘත ආවාටයකින් ගුහාව වෙත ළඟා විය හැකි බව පෙනේ.
නාසා හි, සඳ පෙරික්සුම් ඕබිටර් යානය (Lunar Reconnaissance Orbiter – LRO) මගින් රැස් කරන ලද රේඩාර් දත්ත විශ්ලේෂණයෙන් හෙළි වූයේ සඳෙහි ඇති ගැඹුරුම ආවාටය වන Mare Tranquillitatis ආවාටය, මීටර් 45 ක් පළල සහ මීටර් 80 ක් පමණ දිග, ටෙනිස් පිට්ටනි 14 කට සමාන ප්‍රදේශයක් වෙතට පැතිරෙන බවයි. ගුහාව සඳ මතුපිට සිට මීටර් 150 ක් පමණ යටින් පිහිටා ඇත.
ඉතාලියේ Trento විශ්ව විද්‍යාලයේ Lorenzo Bruzzone පවසන්නේ මෙම ගුහාව “සමහර විට හිස් ලාවා නලයක්” විය හැකි බවත්, එවැනි පිහිටීමක් “දරුණු චන්ද්‍ර පරිසරයට එරෙහිව ස්වභාවික නවාතැනක්” බවට පත්විය හැකි බැවින් එය අනාගත චන්ද්‍ර ගවේෂකයන්ට වාසස්ථාන ලෙස යොදා ගැනීමේ හැකියාව ඇති බවත්ය.
චන්ද්‍ර ඕබිටර් යානා මගින් ප්‍රථම වරට සඳ මත වලවල් දුටුවේ මීට දශකයකට පමණ පෙරය. බොහෝ ඒවා ගිනිකඳු ක්‍රියාවලීන් හරහා සෑදෙන ලාවා නල, යෝධ භූගත උමං වැනි භූගත ගුහාවලට සම්බන්ධ වන “ආළෝක කවුළු”(“skylights”) වැනි යැයි සැලකේ.
අභ්‍යන්තරයේ උෂ්ණත්වය සාපේක්ෂව ස්ථායී වන අතර ස්වභාවිකවම හානිකර කොස්මික් කිරණ, සූර්ය විකිරණ සහ ක්ෂුද්‍ර උල්කාපාත වලින් ගගනගාමීන් ආරක්ෂා වන නිසා එවැනි ගුහා සඳ මත කඳවුරක් හෝ හදිසි චන්ද්‍ර නවාතැනක් සඳහා පදනම සෑදිය හැකිය.

බොහෝ චන්ද්‍ර වලවල් ලාවා නල, ගිනිකඳු ක්‍රියාවලීන් හරහා සෑදෙන යෝධ භූගත උමං වැනි භූගත ගුහාවලට සම්බන්ධ වන බව සැලකේ. Photograph: NASA
නිසල මුහුදේ වළේ පතුලෙහි, මීටර් 10ක් පමණ පළල ගල් පර්වත විසිරී ඇති බව LRO වෙතින් කලින් ලබා ගත් පෙර ඡායාරූපවලින් පෙනී ගියේය. එහෙත් එම වළ අවුරා තිබුණේද නැතහොත් වහලය කඩා වැටී ඇති ලාවා නලයක් වැනි භූගත ගුහාවකට ඇතුල් වීමේ ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී ද යන්න පැහැදිලි නැත.
LRO දත්ත සහ පරිගණක විඩම්බන භාවිතා කරමින් සිරස් අතට හෝ උඩුකුරුව තිබෙන බිත්තිවලින් මායිම්ව ඇති මීටර් 100ක් පළල වළ, බෑවුම් සහිත තට්ටුවකට සහ බටහිර දෙසට මීටර් දස ගණනක් විහිදෙන ගුහාවකට මඟ පෙන්වන ආකාරය Nature Astronomy සඟරාවට වාර්තාවක් සපයමින් විද්‍යාඥයෝ විස්තර කරති.
පර්යේෂකයන් එවැනි ගුහා තුළ ඇති පාෂාණ අධ්‍යයනය කිරීමට උනන්දු වන්නේ ඒවා චන්ද්‍රයාගේ සැදුම සහ ගිනිකඳු ඉතිහාසය පිළිබඳ ඉඟි ලබා ගැනීමට ඉඩ ඇති බැවිනි. තවද, දිගුකාලීන චන්ද්‍ර මෙහෙයුම් සහ ජනපදකරණය සඳහා අත්‍යවශ්‍ය සම්පතක් වන ජල අයිස් ද ඒවායේ අඩංගු විය හැකි යයි Bruzzone පවසයි.
අවම වශයෙන් සඳ මත වලවල් 200 ක් පමණ දැක ගැනීමට ලැබේ. ලාවා ක්ෂේත්‍රවල දක්නට ලැබෙන ඉන් බොහොමයක් ඒවා, ගුහා පිරි භූගත ලාවා නල වෙත පිවිසුම් මං විය හැකිය. “ගුහා වල ප්‍රධාන වාසිය නම්, සංකීර්ණ ඉදිකිරීම් ක්‍රියාකාරකම් අවශ්‍ය වන්නේ නැතිව, (සඳ මත) මානව ගවේෂණ කඳවුරක් ප්‍රධාන ව්‍යුහාත්මක කොටස් ලබා දීමයි” යනුවෙන් අධ්‍යයනයේ පළමු කතුවරයා වන Leonardo Carrer පවසයි.
මිනිසුන් නැවත සඳට පැමිණීම සඳහා සූදානම්වීමේදී, ගුහාවල ව්‍යුහාත්මක ස්ථාවරත්වය තක්සේරු කරන්නේ කෙසේද සහ ඒවායේ බිත්ති සහ සිවිලිම් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අභ්‍යවකාශ ඒජන්සි දැනටමත් කල්පනා කරමින් සිටී. වාසස්ථානවලට චලනය හෝ භූ කම්පන ක්‍රියාකාරකම් ගැන අනතුරු ඇඟවීමට නිරීක්ෂණ පද්ධති අවශ්‍ය විය හැකි අතර ගගනගාමීන්ට ඔවුන්ගේ ගුහාවේ කොටස් කඩා වැටුණහොත් යාම පිණිස වෙනම ප්‍රදේශ තිබිය යුතුයි.

වගවිභාවයක් නැතිව වෙනස්වන “චන්ද්‍ර මතුපිට දිවා රාත්‍රී උෂ්ණත්ව විචලනයන්ගෙන් මිනිසුන් සහ යටිතල ව්‍යුහයන් ආරක්ෂා කිරීමටත්, සඳ මතු පිටට එන අධික ශක්ති විකිරණය වැලැක්වීමටත්, ගල් ලෙන්වල ඝන සිවිලිම ඉතා යෝග්‍ය වන බැවින්, අනාගතයේ කාර්ය මණ්ඩල සහිතව කඳවුරු පිහිටුවීම සඳහා චන්ද්‍ර ගුහා පද්ධති ඉතා හොඳ ස්ථාන ලෙස යෝජනා කර ඇත.” යනුවෙන් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පෘථිවි විද්‍යාව පිළිබඳ මහාචාර්ය Katherine Joy පවසයි, “කෙසේ වෙතත්, මෙම වළවල් වල ඇතුල්වීම්වලට පහළින් ඇති භූගත ව්යුහයන් ගැන අපි දැනට දන්නේ ඉතා අල්ප වශයෙනි.”
ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන රොබට් වැග්නර් පෙන්වා දෙන්නේ ගුහා වෙත ප්‍රවේශය විශාලතම අභියෝගයක් වනු ඇති බවයි. “එම වළට ඇතුළු වී පතුළට බැසීමට මීටර් 125 ක් පහලට යාම අවශ්‍ය වනවා. වලෙහි ගැට්ට හෙවත් දාරය ලිහිල් සුන්බුන් සහිත බෑවුමක් වන අතර එහිදී ඕනෑම චලනයක් පහළ සිටින ඕනෑම කෙනෙකු මතට ට එම සුන්බුන් සුළු කඩාවැටීමක් සිදු වනු ඇත,” ඔහු කියා සිටියි, “වලට බැසීමට සහ උඩට ඒමට නිසැකවම හැකි නමුත් එයට සැලකිය යුතු යටිතල පහසුකම් අවශ්‍ය වනු ඇත.”
The Guardian(15th July – Modified 16th July, 2024) හී පළ වූ Underground cave found on moon could be ideal base for explorers යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න