
තාප තරංග භයානක ලෙස උණුසුම් විය හැක, විශේෂයෙන් ආර්ද්‍රතාව ඇති විට. gjohnstonphoto/iStock/Getty Images Plus
මිනිසුන්ට ජීවත් වීමට නොහැකි තරමට පෘථිවිය උණුසුම් වෙමින් තිබේද? අධික උණුසුම සහ දේශගුණික විපර්යාසවල කාර්යභාරය විද්‍යාඥයෙක් පැහැදිලි කරයි
කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ වායුගෝලීය විද්‍යා මහාචාර්ය, දේශගුණ විද්‍යාඥ, Scott Denning විසිනි
බොහෝ රටවල් මෑතදී අතිශය උණුසුම් කාලගුණයක් දැක ගන්නට ලැබුණු, නමුත් ලෝකයේ ජනාවාස වූ ප්‍රදේශවල, විශේෂයෙන් සාපේක්ෂ වියළි දේශගුණයක් තුළ “මිනිසුන්ට ජීවත් වීමට නොහැකි තරම් උණුසුම්වීමක්” කිසි විටෙකත් සිදු නොවනු ඇත.
වියළි ස්ථානවල පිටත උණුසුම් වන විට, අපගේ සමෙන් ජලය සහ තාපය දහඩිය ලෙස වාෂ්ප කිරීමෙන් බොහෝ විට අපගේ සිරුරු සිසිල් කළ හැක .
කෙසේ වෙතත්, ඉඳහිට අනතුරුදායක ලෙස උණුසුම් හා ආර්ද්‍රවන ස්ථාන, විශේෂයෙන්ම උණුසුම් කාන්තාර උණුසුම් සාගරයට යාබදව පිහිටා ඇති ස්ථානවල තිබේ. වාතය තෙතමනය සහිත වූ විට, දහඩිය ඉක්මනින් වාෂ්ප නොවේ, එබැවින් දහඩිය දැමීමෙන් වඩාත් වියළි පරිසරවල දී කෙරෙන ආකාරයට අපව සිසිල්කිරීම සිදු නොවේ. .
මැදපෙරදිග, පකිස්ථානය සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ගිම්හානය තාප තරංග මුහුදෙන් පිටතට හමා එන තෙත් වාතය සමඟ ඒකාබද්ධ විය හැකී අතර මෙය සංයෝජනය ඇත්තෙන්ම මාරාන්තික විය හැකිය. මිලියන සිය ගණනක් ජනතාව එම කලාපවල ජීවත් වෙති. ඉන් බොහෝ දෙනෙකුට ගෘහස්ථ වායු සමීකරණ සඳහා ප්‍රවේශයක් නොමැත

2024 මැයි මාසයේදී ඉන්දියාවේ දිල්ලියේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 120 (සෙල්සියස් අංශක 49) ට වඩා ඉහළ ගිය විට, ළමයි තුෂර ඉසින ට්‍රක් රථ හඹා යති. Arun Sankar/AFP via Getty Images
මෙම අවදානම පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස මා වැනි විද්‍යාඥයන් භාවිතා කරන්නේ “තෙත් බල්බ උෂ්ණත්වමානය”කි(“wet bulb thermometer” ). තෙත් බල්බ උෂ්ණත්වමානයක් තෙත් රෙදි මතට අවට වාතය පිඹීමෙන් ජලය වාෂ්ප වීමට ඉඩ සලසයි. තෙත් බල්බ උෂ්ණත්වය 95 F (35 C) ට වැඩි නම්, සහ පහළ මට්ටමේ දී පවා, ප්රමාණවත් තාපය පිටකර ගැනීමට මිනිස් සිරුරට ඉඩ සලසා දිය නොහැකි වනු ඇත. ඒ ආකාරයට ඒකාබද්ධ තාපයට හා ආර්ද්රතාවයට දිගු කලක් නිරාවරණය වීම මාරාන්තික විය හැක.

2023 දී දරුණු තාප තරංගයක් අතරතුර, පහළ මිසිසිපි මිටියාවතෙහි තෙත් බල්බ උෂ්ණත්වයන් ඉතා ඉහළ මට්ටමකට ගියත් මාරාන්තික මට්ටම් කරා ළඟා නොවීය. ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු උෂ්ණත්වය 2024 මැයි මාසයේ දින කිහිපයක් ෆැරන්හයිට් අංශක 120 ට වඩා වැඩි (සෙල්සියස් 49) වූ අතර තෙත් බල්බ උෂ්ණත්වය ආසන්න විය. උණුසුම් හා තෙතමනය සහිත කාලගුණය තුළ මිනිස්සු කිහිපදෙනෙක්ම මර්ණයට පත්වූහ. මොවුන් තාප ස්ථාරය(heat stroke) හේතුවෙන් මැරෙන්නට ඇතැයි සැකකෙරේ. එවැනි තත්වයන් තුළ, සෑම කෙනෙකුම පූර්වාරක්ෂාව සලසා ගත යුතුය.
එය දේශගුණික විපර්යාස ද?
බලාගාරයක ගල් අඟුරු වේවා නැතහොත් වාහනයක පෙට්‍රල් වේවා මිනිසුන් කාබන් දහනය කරන විට, එය කාබන් ඩයොක්සයිඩ් (CO2) නිර්මාණය කරයි. මෙම අදෘශ්‍යමාන වායුව වායුගෝලයේ ගොඩනැගෙන අතර සූර්යයාගේ උණුසුම හසු කරගෙන පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ රඳවා ගනී.
එහි ප්‍රතිඵලය තමයි, අප “දේශගුණික විපර්යාස” යන්නෙන් අදහස් කරන දේ!
සෑම ගල් අඟුරු, තෙල් හෝ ගෑස් ස්වල්පයක් පුළුස්සන සෑම විටම උෂ්ණත්වයට තව ස්වල්පයක් එකතු වෙයි. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ අනතුරුදායක ලෙස උණුසුම් හා තෙතමනය සහිත කාලගුණය තවත් ස්ථාන කරා පැතිර යාමට පටන් ගැනේ.
ලුසියානා සහ ටෙක්සාස් හි එක්සත් ජනපද ගල්ෆ් වෙරළ තීරයේ ප්‍රදේශ වගේම, ගොවිබිම් මත ජලය ඉසීම හේතුවෙන් වායුගෝලයට තෙතමනය එක් කරන නිරිතදිග කාන්තාරයේ දැඩි ලෙස වාරි ජලය සපයන ප්‍රදේශ ගිම්හානයේදී, භයානක උණුසුම් හා තෙත් තත්ත්වයන් වැඩි වීමේ අවදානමක් පවතී.
දේශගුණික විපර්යාස සහ හරිතාගාර ආචරණයේ කාර්යභාරය
දේශගුණික විපර්යාස උණුසුම්, දහඩිය සහිත කාලගුණයක් නිර්මාණය කරනවාට වඩා බොහෝ බරපතල ගැටලු ඇති කරයි.
උණුසුම් වාතය වැඩිපුර ජලය වාෂ්ප කරයි, එබැවින් සමහර ප්‍රදේශවල භෝග, වනාන්තර සහ භූ දර්ශන වියළී යයි. එය ලැව් ගිනි හටගැනීමේ වැඩි අවදානමක් උදාකරයි. උනුසුම් වන සෑම සෙල්සියස් අංශකයක්ම බටහිර එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවල ලැව්ගින්න හය ගුණයකින් වැඩි වීමට වීමට හේතු විය හැක,
එපමණක් නොව, උනුසුම් වීම සාගර ජලය ප්‍රසාරණය කරයි. ඉන් වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවිය හැක. මුහුදු මට්ටම ඉහළ යාම නිසා 2100 වන විට බිලියන 2 ක තරම් විශාල පිරිසක් අවතැන් වීමේ තර්ජනයට ලක් කරයි .
මෙම සියලු බලපෑම්වලින් අදහස් වන්නේ දේශගුණික විපර්යාස ගෝලීය ආර්ථිකයට තර්ජනයක් වන බවයි. එක් ඇස්තමේන්තුවක් දක්වන අන්දමට ගල් අඟුරු, තෙල් සහ ගෑස් දිගටම දහනය කිරීමෙන් ශතවර්ෂය අවසානය වන විට ගෝලීය ආදායම 25% කින් පමණ අඩු කරයි.
හොඳ ආරංචියක් සහ නරක ආරංචියක්
අනාගතයේදී සිදුවිය හැකිදේශගුණික විපර්යාස පිළිබඳ නරක ආරංචි සහ ශුභාරංචිය යන දෙකම තිබේ.
නරක ආරංචිය නම් අපි කාබන් දහනය කරන තාක් කල් උණුසුම්වීම දිගින් දිගටම, තව තවත් සිදු වනු ඇත.
ශුභාරංචිය නම්, නවීන ජීවිතයේ නිෂ්පාදන සහ සේවාවන් බල ගැන්වීම පිණිස කාබන් දහනය වෙනුවට අපට සූර්ය හා සුළං බලය වැනි පිරිසිදු බලශක්තිය ආදේශ කරන්න හැකි වීමයි.

ෆොසිල ඉන්ධන අවශ්‍යතාවයකින් තොරව සුළං බලාගාර විශාල විදුලි ප්‍රමාණයක් නිපදවයි. Tim Platt/DigitalVision via Getty Images
පිරිසිදු බලශක්ති විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය වසර 15 තුළ විශාල දියුණුවක් ලබා ඇත; එමෙන්ම, වැඩි හානියක් සිදු වීමට පෙර දේශගුණික විපර්යාස නතර කිරීමට පෘථිවියේ සෑම රටකම පාහේ දැන් එකඟ වී තිබේ.
අපේ මුතුන් මිත්තන් නිවසින් පිටත මල පහ කිරීමේ සිට ගෘහස්ථ ජලනල පද්ධති සහිත වැසිකිළි වෙතට මාරු වීමෙන් වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා ගත්තා සේම, අපි අපේ ලෝකය ජීවත් වීමට නුසුදුසු තත්ත්වයට පත් කිරීම, ගල් අඟුරු, තෙල් සහ ගෑස් වලින් මිදී පිරිසිදු බලශක්තියට මාරු වීමෙන් වළක්වා ගනිමු.
The Conversation හී පල වූ Is Earth really getting too hot for people to survive? A scientist explains extreme heat and the role of climate change යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න