ධනකුවේරයෙකු වන එලන් මස්ක්ට අයත් අභ්‍යවකාශගත ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා ජාලය නිසා විශ්වය නිරීක්ෂණය කිරීමට අවහිර සිදුවන බැවින් විශ්වවේද පර්යේෂණ කටයුතු වලට බාධා ඇතිව තිබෙන බව නෙදර්ලන්ත පර්යේෂකයෝ පවසන බව බීබීසී පුවත් වාර්තා කරයි. ලොවපුරා අධිවෙගයෙන් අන්තර්ජාලසේවා සැපයීම සඳහා ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය විසින් ගුවන්ගත කර ඇති නව පරපුරක චන්ද්‍රිකා දහස් ගණනක් නිසා විශ්වවේද පර්යේෂණ කටයුතු වලට යොදාගන්නා රේඩියෝ දුරේක්ෂ භාවිතය අවහිර වීමේ ප්‍රවණතාවක් පවතින බව Netherlands Institute for Radio Astronomy (ASTRON).

මෙසම්බන්ධයෙන් සටාර්ලින්ක් ඉන්ටර්නෙට් සේවය හිමි එලන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ අදහස විමසු විට පිළිතුරක් නොලැබුණු බව බීබීසී පුවත් සෙවය වාර්තා කරයි. සාමාන්‍ය අනතර්ජාල සේවාවන් මෙන් සිව්ගුණයක වෙගයෙන් ස්ටාර්ලින් ඉන්ටර්නෙට් සේවයට අනතර්ජාලය සැපයිය හැකි වන අතර දුර බැහැර ප්‍රදේශවලටද බාධාවකින් තොරව අන්තර්ජාලය සැපයිය හැකිය. ස්ටාර්ලින්ක් සේවය ඔස්සේ අන්තර්ජාලය ලබා ගැනීමට ඇමෙරිකානු ඩොලර් 400 -600 දක්වා මූලික ගෙවීමක් සහ අනුතුරුව ඩොලර් 100 කට ආසන්න මාසික ගාස්තුවක් ද ගෙවිය යුතුය.

එහෙත් මෙම චන්ද්‍රිකා ජාලයට වැඩිවැඩියෙන් චන්ද්‍රිකා එක්වන තරමට එමගින් නිකුත්වන විමෝචන මට්ටම ඉහළයාම නිසා අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමට අපට ඇති හැකියාව අඩුවෙන බව ASTRON ආයතනයේ මහාචාර්ය ඡෙසිකා ඩෙම්සේ පවසයි. මෙ නව පරපුරේ චන්ද්‍රිකාවල බැටරිවලින් සිදුකරන විමෝචන දූෂණය කළින් චන්ද්‍රිකාවල තිබුණ දූෂණ මටට්ම මෙන් 32 ගුණයකින් වැඩි බව ද ඇය පවසයි. එය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් පණවා ඇති විමෝචන සීමාවන් විශාල වසයෙන් ඉක්මවා යයි.

පොළවට කිලෝමීටර 550ක් ඉහළින් කක්ෂගතව අති ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය මේ වන විට චන්ද්‍රිකා 6402කින් සමන්විතයි. එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සමාගමට අතිරේකව ඒ හා තරඟකාරීව OneWeb සමාගම හඳුන්වාදී ඇති අන්තර්ජාල සේවයට අයත් වන්නේ චන්ද්‍රිකා දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි. මේ අතර ඇමසන් සමාගමද චන්ද්‍රිකා 3000කින් සමන්විත අභ්‍යවකාශ අන්තර්ජාල සෙවයක් දියත් කිරීමට සූදානමින් සිටී.

පෞද්ග්ලික අංශයේ ආයෝජන මෙවැනි චන්ද්‍රිකා පාදක කටයුතු සඳහා යෙදවීමේදී එම සේවාවල තිබිය යුතු විමෝචනය සීමා කිරීම වැනි තාක්ෂණික අවශ්‍යතා නිසි ලෙස නියාමනය කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) දැනට වඩා ප්‍රගාමීව කටයුතු කළ යුතුය. හුදෙක් ලාභය ප්‍රමුඛ කොට පෞද්ගලික අංශය විසින් කරන මෙවැනි ව්‍යාපෘති නිසා විශ්වය පිලිබඳ අපේ අවබෝධය වර්ධනය කරන පර්යේෂණ කටයුතු වලට අවහිර සිදු නොවිය යුතුය.

මේ පිළබඳ මූලාශ්‍රය  published in the scientific journal Astronomy and Astrophysics.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending