යමෙකු ඔබට කිති කවන විට ඔබ සැහැල්ලුවෙන් සිටීමට සමත් වුවහොත්, එය ඔබට කිසිසේත්ම බලපාන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එසේ සැහැල්ලුවෙන් සිටීම අපහසුය. මන්ද, කිති කැවීම අප බොහෝ දෙනෙකු තුළ ආතතියක් ඇති කරයි. ශාරීරික ස්පර්ශය නිසා ඇතිවන අපහසුතාව, තමන්ට පාලනයක් නොමැති වීම, සහ එයින් කිති කැවේවිද නැතහොත් වේදනාවක් දැනේවිද යන බිය වැනි හැඟීම් ඊට හේතු වේ. කෙසේ වෙතත්, සමහර අයට කිති නැත – ඒ කිසියම් හේතුවක් නිසා ආතතියට පත් නොවන පුද්ගලයන් ය.
ඔබ ඔබටම කිති කවා ගැනීමට උත්සාහ කරන විට, එම අවස්ථාවේ සම්පූර්ණ පාලනය ඇත්තේ ඔබ අතේය. ඒනිසා ආතතියට පත්වීමට ඔබට අවශ්‍යතාවයක් නොමැති අතර, එබැවින් කිසිදු ප්‍රතික්‍රියාවක් ද ඇති නොවේ. මීළඟ වතාවේ යමෙකු ඔබට කිති කවන විට, ඔබ දෑස් පියාගෙන, සන්සුන්ව හුස්ම ගෙන සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කළහොත් ඔබටත් මේ හා සමාන ප්‍රතිඵලයක් දැකගත හැකිවනු ඇත.
කිතිකවන විට සිනහව ඇතිවන්නේ ඔබ තුළ හටගන්නා සුළු කලබලකාරී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙය ‘සුදුස්සාගේ පැවැත්ම’ (survival of the fittest) පිළිබඳ න්‍යායන්ට නොගැලපෙන්නට පුළුවන, මන්දයත් කලබල වීමෙන් ඔබ වඩාත් අවදානමට ලක්වන බැවිනි. නමුත් බොහෝ අවස්ථාවලදී මෙන්ම, ස්වභාවධර්මය ද අනිවාර්යයෙන්ම තර්කානුකූල නොවේ.
සිගර්ඩ් හර්මන්සන් Why Don’t Penguin’s Feet Freeze කෘතියෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න