වැසි වැස්සත් ෑව්වත්, සමහර ස්ථාන බයිසිකල් සහ පදිකයින් සඳහා වඩා හොඳ බව නගර 11,587 ක දත්ත පෙන්වා දෙයි.

(තිත් ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ ඇවිදීම සහ පාපැදි පැදීම සඳහා හොඳම රටවල් 15 හි නගර හරහා පයින් සහ බයිසිකලයෙන් ගමන් කළ මුළු කිලෝමීටර ප්‍රතිශතයයි. එක් එක් රට තුළ මධ්‍යස්ථ අගය (median), මධ්‍ය අගය (mean), 25 සහ 75 වන ප්‍රතිශතයන් සහ වඩාත් දුරස්ථ අගයන් සහිත නගර සඳහා තිත් පෙන්වා ඇත.)
(Eve Lu; මූලාශ්‍රය: ඇඩම් මිලඩ් බෝල් ඇතුළු පිරිස විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමියේ ක්‍රියාදාමයන්හි (PNAS), වෙළුම 122; 2025 ජුනි 9 (දත්ත) පළ කළ “ඇවිදීම සහ පාපැදි යටිතල පහසුකම්වලින් ලැබෙන ගෝලීය සෞඛ්‍ය සහ දේශගුණික ප්‍රතිලාභ”.)
සමහර නගරවල පාපැදි පදින්නන් සහ පදිකයින් යුනිකෝන් සතුන් මෙන් (unicorn – මිථ්‍යා අශ්වයෙක්) දුර්ලභ ය. එහෙත් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව ලොව ඉහළම පාපැදි නගරය වන නෙදර්ලන්තයේ ‘වැගනින්ගන්’ (Wageningen) වැනි වෙනත් නගරවල, ඔවුන් වදයක සිටින මී මැස්සන් මෙන් බහුල ය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමියේ ක්‍රියාදාමයන්හි (Proceedings of the National Academy of Sciences USA) ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේ කතුවරුන්, රටවල් 121 ක නගර 11,587 ක ඇවිදීමේ සහ පාපැදි පැදීමේ අනුපාත තීරණය කිරීම සඳහා Google දත්ත භාවිතා කළහ. මෙය පෙර පැවති ඕනෑම පර්යේෂණයකට වඩා ඉතා විශාල නියැදි ප්‍රමාණයකි. පුදුමයට කරුණක් නොවන පරිදි, පාපැදි පදින්නන් සහ පදිකයින් විශාල ප්‍රමාණයක් සිටින නගර බයිසිකල් මංතීරුවලින් පිරී ඇති බව ඔවුහු සොයා ගත්හ.
ඉහළ ඉන්ධන මිල ගණන් ජාතික ඇවිදීමේ සහ පාපැදි පැදීමේ අනුපාතයන් අර්ථවත් ලෙස ඉහළ නංවන බව ද කතුවරුන් සොයා ගත්හ. “ඔබට කැරට් සහ කෝටු (carrots and sticks – දිරිගැන්වීම් සහ දඬුවම්) අවශ්‍යයි,” යැයි අධ්‍යයනයට සම්බන්ධ නොවූ රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික නාගරික ප්‍රවාහන පර්යේෂක ජෝන් පුචර් පවසයි. “ඔබට පාපැදි පැදීම සහ ඇවිදීම සඳහා දිරිගැන්වීම්. මෝටර් රථ භාවිතය අධෛර්යමත් කිරීම් අවශ්‍ය වේ.”
නගරවල බෑවුම් සහිත භූමි ප්‍රදේශ පාපැදි පැදීම අධෛර්යමත් කළ හැකිය. නමුත් දේශගුණය – තුහින වැටෙන ශීත කාලය, දැවෙන ගිම්හානය සහ අධික වර්ෂාපතනය පවා – ඉහළ ඇවිදීමේ සහ බයිසිකල් පැදීමේ අනුපාතවලට ප්‍රධාන බාධාවක් නොවන බව අධ්‍යයනයෙන් පෙන්නුම් කළේය. ඇත්ත වශයෙන්ම, ලෝකයේ වඩාත්ම බයිසිකල් හිතකාමී නගර සමහරක් සුළං සහ වැසි සහිත ඒවා බව පුචර් පවසයි.
ඇවිදීම යනු තේරීමකට වඩා අවශ්‍යතාවයක් විය හැකිය. හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම් පර්යේෂිකාවක වන සහ මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ කැරොල් ටර්ලි වොල්ගාරිස්, හයිටි වැනි රටවල ඉහළ ඇවිදීමේ අනුපාතයන්ට දරිද්‍රතාවය හේතු වන බව සැක කරයි. එසේම අඩු ආදායම්ලාභී පවුල්වලට මෝටර් රථ හිමිකම ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලබා දෙන බව ඇය සඳහන් කරයි.
එසේ වුවද, මෝටර් රථ රහිත ජීවන රටාවකට පුළුල් වරප්‍රසාද ඇත. සෑම නගරයකම කෝපන්හේගන්හි මෙන් බයිසිකල් ජාලයක් තිබුනේ නම්, පුද්ගලික වාහන විමෝචනය සියයට 6 කින් පහත වැටෙනු ඇති බවත්, හෘද රෝග අවම වීම වැනි කරුණු හේතුවෙන් වාර්ෂික සෞඛ්‍ය ප්‍රතිලාභ ඩොලර් බිලියන 435 ක් වනු ඇති බවත් අධ්‍යයනයේ කතුවරුන් ගණන් බලා ඇත.
අධ්‍යයනයේ කතුවරුන්ට අනුව, කෝපන්හේගන් හැරුණු විට අනෙකුත් “සාර්ථක කතා” අතරට ජපානයේ ඔසාකා ඇතුළත් වේ. එහි පටු වීදිවල සෙමින් ගමන් කරන මෝටර් රථ, පදිකයින් සහ බයිසිකල්කරුවන් සමඟ සහජීවනයෙන් පවතී. එසේම කෙන්යාවේ නයිරෝබි, එහි ප්‍රවාහන අයවැයෙන් අවම වශයෙන් සියයට 20 ක් මෝටර් රථ නොවන ගමන් සඳහා වෙන් කරයි.
නෙදර්ලන්තයේ ගමන්වලින් සියයට 28 ක් පාපැදි මගින් සිදුවන අතර, ඊට ප්‍රතිවිරුද්ධව පසුගිය දශකය තුළ එක්සත් ජනපදයේ පාපැදි මගින් ගමන් කර ඇත්තේ ගමන්වලින් සියයට 1 ක් පමණි. “ලන්දේසි ජනතාව ජානමය වශයෙන් පාපැදි පැදීමට නැඹුරු වී ඇති බවක් මින් අදහස් නොවේ; බොහෝ ලන්දේසි නගරවල පාපැදි පැදීම සඳහා සැබවින්ම හොඳ යටිතල පහසුකම් තිබීම ඊට හේතුවයි,” යැයි අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ සහ ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම්කරු ඇඩම් මිලඩ්-බෝල් පවසයි. “තමන්ගේ දරුවන්ගේ පාසලට හෝ වෙළඳසැලට හෝ වැඩට පයින් හෝ බයිසිකලයෙන් යාම ඉක්මන් සහ ආරක්ෂිත නම්, ඇමරිකානුවන් ද වෙනත් ඕනෑම කෙනෙකු මෙන් එය කරනු ඇත.”
Scientific American ජෙසී ග්‍රීන්ස්පෑන් විසිනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න