1995 දී පළමු වන Cop සමුළුව පැවැත්වූ දා සිට මේ දක්වා වායුගෝලයේ කාබන් මට්ටම කොටස් මිලියනයකට (ppm) කොටස් 360.67 සිට 426.68 දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මුතියේ පළමු “පාර්ශවකරුවන්ගේ සමුළුව” (Cop) 1995 දී බර්ලිනයේ රැස්වූ විට, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය දළ වශයෙන් මිලියනයකට කොටස් (ppm) 360.67 ක් පමණ විය. පෘථිවිය අධික ලෙස රත් වීමෙන් බේරා ගැනීම සඳහා හරිතාගාර වායු අඩු කළ යුතු ආකාරය පිළිබඳව එකල ජර්මානු චාන්සලර් හෙල්මුට් කෝල් (Helmut Kohl) ඉතා හැඟීම්බර කතාවක් කළේය. එකල එතරම් ප්‍රසිද්ධියක් නොතිබූ නැගෙනහිර ජර්මානු කාන්තාවක් වූ, පරිසර ඇමති ඇන්ජෙලා මර්කල් (Angela Merkel) මෙම සමුළුවේ මුලසුන හෙබවූවාය. ඇය විනය පවත්වා ගැනීම අතින් අතිශය දක්ෂ වූවාය. ඇයට දීප්තිමත් අනාගතයක් ඇති බව එක්සත් රාජධානියේ මාධ්‍යවේදීන් එදින නිගමනය කළහ.
සමුළුවෙන් පසුව වහාම, “ගෝලීය උණුසුම: ශිෂ්ටාචාරයට නොනැසී පැවතිය හැකිද?” (Global Warming: Can Civilization Survive?) නමින් දේශගුණික විපර්යාස පිළිබඳ පොතක් ලිවීමට මට පැවරිණි. එය හොඳින් අලෙවි වූ අතර එම විෂය යටතේ මා ලියූ පොත් කිහිපයකින් පළමුවැන්න විය.
කියෝතෝ, පැරිස් සහ වසර 30ක් පුරා පැවති වාර්ෂික Cop සමුළු චාරිත්‍රය දෙස බලන විට පෙනී යන්නේ, එදා කෝල් කළ කතාවම, සමහර විට වචනයෙන් වචනයට පාහේ, අගමැතිවරුන්, ජනාධිපතිවරුන් සහ ක්‍රියාකාරීන් විසින් වසරක් පාසා පුනරුච්චාරණය කර ඇති බවයි.
මා මේ ලිපිය ලියන මොහොතේ, දිනපතා වාර්තා වන වායුගෝලීය කාබන් මට්ටම මිලියනයකට කොටස් 426.68 දක්වා ළඟා වී ඇත. එය විද්‍යාඥයින් විසින් “ආරක්ෂිතයි” කියනු ලබන සීමාව වන 350 ට වඩා බොහෝ ඉහළ අගයකි. ඔවුන්ට අනුව, පෘථිවිය ගමන් කරමින් සිටින්නේ විනාශය කරා ය. මේ මුළු කාලය පුරාම ප්‍රවෘත්ති කතුවරුන් මට පැවසුවේ ඕනෑවට වඩා අශුභවාදී නොවන ලෙසයි; “අපි යම් ශුභවාදී බලාපොරොත්තුවක් තබා ගනිමු” යන්න ඔවුන්ගේ අදහස විය.
මෙය මගේ අවසාන තීරුවයි. මා සිතන්නේ කරුණු විසින්ම සත්‍යය තහවුරු කරන බවයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න