ග්‍රීන්ලන්තයේ ඛනිජ සම්පත් සතුව දැවැන්ත ආර්ථික විභවයක් පවතින නමුත්, ඒවා ලබා ගැනීම පහසු කාර්යයක් නොවේ.
ග්‍රීන්ලන්තය කෙරෙහි පවතින ආකර්ෂණයට එක් හේතුවක් වන්නේ එම භූමියේ පවතින විශාලත්වය සහ එහි ඇති විවිධ භූ විද්‍යාත්මක ලක්ෂණයි. එහි පවතින පැරණි පාෂාණ වසර බිලියන හතරක් හෝ ඊට වඩා පැරණි අතීතයකට දිව යයි. ගිනිකඳු ක්‍රියාකාරකම් හේතුවෙන් විපරීත වූ පාෂාණ (Metamorphic rocks) දකුණු ග්‍රීන්ලන්තයේ ලෝහමය ලෝපස් සාන්ද්‍රණය වීමට හේතු වී ඇති අතර, උතුරු ප්‍රදේශයේ පවතින අවසාදිත පාෂාණ (Sedimentary rocks) ඊයම් සහ සින්ක් වලින් පොහොසත් ය.
“ග්‍රීන්ලන්තය වැනි මෙතරම් සංකීර්ණ භූ විද්‍යාත්මක ඉතිහාසයක් ඇති, තවමත් නිසි ලෙස ගවේෂණය නොකළ විශාල භූමියක ආවර්තිතා වගුවේ ඇති මූලද්‍රව්‍යවලින් අඩක් පමණ සොයාගත හැකියි,” යනුවෙන් ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ආර්ථික භූ විද්‍යාඥයෙකු වන දියෝගෝ රෝසා පවසයි.
නමුත් ග්‍රීන්ලන්තයේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් කිලෝමීටර් තුනකට වඩා ඝන විය හැකි අයිස් තට්ටුවකට යට වී පවතී. එසේම ග්‍රීන්ලන්තය යනු ප්‍රායෝගිකව වැඩ කිරීමට ඉතා දුෂ්කර ස්ථානයකි.
බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ ප්‍රධාන භූ විද්‍යාඥ කැත්‍රින් ගුඩ්ඉනෆ් පවසන පරිදි, “ග්‍රීන්ලන්තයේ දේශගුණය, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලදී විශාල අභියෝග එල්ල කළ හැකියි.” කැණීම් සඳහා අවශ්‍ය උපකරණ, පිරිස් බලය, සැපයුම් ජාලය (Logistics), අපනයන ධාරිතාව සහ ඉන්ධන පරිභෝජනය යන මේ සියල්ල බාධක වන අතර, අවසානයේදී මේ හේතුවෙන් පිරිවැය ඉහළ යාම, ලාභදායීතාවය අඩුවීම සහ අවදානම ඉහළ යාම සිදු විය හැකි බව ඇය පෙන්වා දෙයි.
යටිතල පහසුකම් පිළිබඳ ගැටලු
ග්‍රීන්ලන්තයේ බොහෝ ප්‍රදේශවල මාර්ග, දුම්රිය මාර්ග හෝ විදුලිය නොමැත. ග්‍රීන්ලන්තයෙන් 80%ක් ආවරණය කරන අයිස් තට්ටුව යට ඇති ඛනිජ ලබා ගැනීමට උත්සාහ කිරීම ආකර්ෂණීය නොවන්නේ, අවශ්‍ය සියලු සැපයුම් හෙලිකොප්ටර් මගින් ගොඩබිමට ගෙන ඒමට සිදු වීමත්, පාෂාණ ස්ථරයට ඉහළින් කිලෝමීටර් ගණනාවක අයිස් තට්ටුවක් පැවතීමත් නිසාය.
එසේ වුවද, මෙම බාධක ගවේෂණ කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා පමුණුවා නැත. මෙම දූපතේ රන් පතලක් සහ ෆයිබර්ග්ලාස් (Fiberglass) හා සායම් නිෂ්පාදනයට ගන්නා ‘ඇනොර්තොසයිට්’ (Anorthosite) නිපදවන ස්ථානයක් පවතී. එම පතලේ නිෂ්පාදන අපනයනය කරන්නේ වසරේ ජල මාර්ග අයිස් නොවී පවතින කාල සීමාවේදී මුහුදු මාර්ගය (Fjord) හරහාය. විශේෂයෙන්ම, මාර්ග, වරාය සහ අනෙකුත් යටිතල පහසුකම් සහිත අයිස් රහිත ප්‍රදේශයක් වන දකුණු ග්‍රීන්ලන්තයේ පවතින ‘දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය’ (Rare earth elements) පිළිබඳව කැණීම් සමාගම් වැඩි උනන්දුවක් දක්වයි.
තාක්ෂණය සහ ආයෝජන අවදානම
ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විශේෂයෙන්ම අර්ධ සන්නායක චිප් (Semiconductor chips) නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය සඳහා තාක්ෂණික සමාගම්වලින් විශාල ඉල්ලුමක් පවතී. නමුත් රන් හෝ තඹ හා සසඳන විට මෙම වෙළඳපොළ තවමත් කුඩා සහ සංකීර්ණ බැවින් ආයෝජනය කිරීම අවදානම් සහගත බව රෝසා පවසයි. “ඉතා වේගයෙන් දියුණු වන තාක්ෂණික පරිණාමය සහ දශක ගණනාවක් ගත වන කැණීම් ව්‍යාපෘතියක් අතර නොගැලපීමක් පවතිනවා,” ඔහු පෙන්වා දෙයි.
වෙනත් වචනවලින් කිවහොත්, වසර 10-20ක ගවේෂණයකින් සහ බලපත්‍ර ලබා ගැනීමෙන් පසු, තාක්ෂණික සමාගම් මෙම මූලද්‍රව්‍ය අවශ්‍ය නොවන නව ක්‍රම සොයාගෙන තිබුණහොත් කැණීම් සමාගම් අමාරුවේ වැටෙනු ඇත.
එසේම තවත් සංකීර්ණතාවයක් වන්නේ, ලෝකයේ අනෙකුත් ස්ථානවල කාබනේට් හෝ පොස්පේට් ඛනිජ ලෙස හමුවන මෙම මූලද්‍රව්‍ය ග්‍රීන්ලන්තයේදී ‘සිලිකේට්’ (Silicates) තුළ පවතී. මේ නිසා ඒවා වෙන් කර ගැනීමට අලුත්, විශේෂිත සැකසුම් ශිල්ප ක්‍රම දියුණු කිරීමට සිදු වනු ඇත.
පාරිසරික සහ දේශපාලනික අභියෝග
ග්‍රීන්ලන්තයේ කැණීම් බලපත්‍ර ලබා දීමේදී මහජන අදහස් විමසීමක් සහ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සිදු කෙරේ. ඊයම් සහ සින්ක් බහුල ඊසානදිග ප්‍රදේශයේ කැණීම් කිරීමේදී සල්ෆයිඩ් ඛනිජ ඔක්සිකරණය වීම නිසා ජල මාර්ග දූෂණය වීමේ අවදානමක් පවතී.
දකුණු ග්‍රීන්ලන්තයේ කැණීම් කටයුතු වලදී යුරේනියම් සහ තෝරියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය සම්බන්ධ ගැටලු මතු වී ඇත. නිදසුනක් ලෙස, ‘Energy Transition Minerals’ සමාගම සහ රජය අතර යුරේනියම් සීමා කිරීම් සම්බන්ධයෙන් නීතිමය ආරවුලක් පවතී. විකිරණවලට මිනිසුන් නිරාවරණය වීමේ බිය නිසා දකුණු දිග ප්‍රදේශයේ ‘Kvanefjeld’ පතල සංවර්ධනය කිරීම තාවකාලිකව නතර වී ඇත.
“ඔබට මෙම ප්‍රමිතීන්ට අනුකූලව වැඩ කිරීමට සිදු වෙනවා. මෙම ප්‍රමිතීන් ලෝකයේ ඉහළම කාර්මික ප්‍රමිතීන්ට සමානයි,” යැයි ජොන්ගන්සන් පවසයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න